Tuesday, October 15, 2013

සමනල සන්ද්වනිය - Samanala Sandhawaniya

"පමාවී ඇවිත් උයනේ පිපෙන මල් නෙලාගනු බෑ"- සමනල සන්ද්වනිය


                            සමනල සන්ද්වනිය බලන්න යන්න වෙලාවක් හොයා ගත්තෙ බොහොම අමාරුවෙන්. කොහොමහරි මේක බලන්නම කියලා වතිලා මට කිව්වා.ඒක බලලා කතා කරමු  කිියලා.කොහොමහරි අද හවස(10/14) නුගේගොඩට ගියෙ සමනල සන්ද්වනිය බලන්නම කියලා හිතා ගෙන. වෙලාව ටිකක් වෑඩි නිසා මන් ගියා සරසවියට. ඒකෙ පොත් අස්සෙ තිබිලා සනස්ගල ලියපු ”කව්බෝය් ෆිල්ම් ස්ක‍්‍රිප්ට්” පොත අහම්බෙන් ඈස ගෑටුනා. ඒ පොතේ හරි අපූරු විස්තරයක් තියනව ”ඩාන්සින් ස්ටාර්” චිත‍්‍රපටිය ගෑන.ඒකෙ තිර රචනාව වෙනස් කලේ කොහොමද කියල හරි අපූරුවට ලියල තියනව.ඒ චරිත ගොඩක් මන් දන්න අය. ඒ හින්දම ඒකෙ පිටු ගොඩක් කෙටි වෙලවකින් කියෙව්වා. ඒකෙ තියනව හෑබෑම කලා කරුවෙක්ට තමන්ගෙ නිර්මාන වන්චා කරලා ඒවා වෙනස් කරලා බාල කරනකොට දෑනෙන හෑගීම ඒකෙ හොදට කියලා තිබ්බා.

                       ඒක කියවල චිත‍්‍රපටිය බලන්න වාඩි උනාම ලෝක දෙකක හිර උනා වගේ. කොහොම උනත් කතනයක් එක්ක ආරම්බ කරන චිත‍්‍රපටියක යම් දෙයක් කියන්න හදනව කියන කාරනේ මතු වෙනවා.කෝච්චියක් ඉස්සරහට යන දර්සනයකින් තමය් මේක පටන් ගන්නෙ. ඊට පස්සෙ සින්දුව එක්ක කතාවට එනවා.කතාව මන් කියන්න යන්නෙ නෑහෑ. මේ ෆිල්ම් එක තුල තියන ලොකුම අඩුව වෙන්නෙ කතාවට සිනමාත්මකව සාදාරනයක් ඉෂ්ට නොවීම.විසේසයෙන්ම සන්වේදි වෙන්න ඔනි අවස්තා වලදි කෑමරා බාවිතය අතින් බොහොම පහල මට්ටමකට වෑටෙනවා.සින්දු තුන සිනමා ගත කරලා තියෙන්නෙ රූපවහිනි නලිකාවක සන්ගීත වෑඩසටහනක් කරනව වගේ. මෙගා නාට්ය වලට ගෑලපෙන රූප රාමු මතු වෙලා පේන්නෙ. අනික සන්වේදි අවස්තාවල පිටපත ඉල්ලනව ට‍්‍රෑක් ෂොට් නමුත් ඒක ලබා දීලා නෑ. ඒක මේ හොද කතාව දුර්වල කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම සන්ගීතය බාවිතා කිරීමේදී අවෂ්යම තෑන් කිහිපයකට සන්ගීතය යොදාගෙන නෑ.
      
                                  විශේෂයෙන් යම් කිසි සිද්ධිදාමයක උච්චස්ථානයකට එනකොට ඒක සිනමා කැමරාව හරහා පේ‍්‍රක්ෂකයාට ලබාදෙන්නෙ කොහොමද කියන කාරණාවේදී ජයන්ත පරදිනවා. මොකද ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ හොඳ කතා ගේන කෙනෙක්. නමුත් ඒවා සිනමා භාවිතාව ඇතුළෙදී අවුලක් බවට පත්වෙනවා. අපි මේක දකිනවා ඔහුගේ ‘අග්නිදාහය’ සිනමාපටයෙදීත්, ජයන්ත ගොඩක් දේවල් දකින්න උත්සහ කරන්නෙ අති සමීපරූප, සමීප රූප සහ මධ්‍යම රූප හරහායි. ඒක සාධාරණී කරනය කරන්න පුළුවන් එකම විදිහ මේක සියලූම විද්‍යුත් මාධ්‍ය වෙත කරපු දෙයක් කියලා අත පිහදාගන්න එක. නමුත්  එහෙම කරන්නෙ කොහොමද හොඳ ප්ලොට් එකක් නරක විදිහට තිරයට ආවහම පේ‍්‍රක්ෂකයෙක් විදිහට පුදුම තරහක් දැනෙන්නෙ අධ්‍යක්ෂවරයා එක්ක.  මේ  චිත‍්‍රපටයෙ සින්දු තුනක් තියෙනවා. හැබැයි අර ‘කව්බෝයි’ ස්ක‍්‍රිප්ට් එකේ සන්සස්ගල ලියලා තියෙනවා වගේ සින්දු හයක් එක්ක චිත‍්‍රපටයක් කරන්න සුසාර දිනාල්ට අවශ්‍ය වුණාට ඒ මට්ටමට ජයන්ත වැටිලා නැහැ. නමුත් ජයන්තට තිබුණා මීට වඩා හොඳ දෙයක් කරන්න. උදාහරණයක් විදිහට අපි සින්දු තුන ෂූට් කරලා තියෙන විදිහ ගත්තොත් ඒවා කට් වෙන්නෙ බොහොම කෙටි පරාසයක. සංගීතය තුළින් ධ්වනිතවන  ආතතිය රූප රාමුවෙන් වියැකී යනවා. එතකොට මේ පරස්පරතාවය කොහොමද විසඳෙන්නෙ. චිත‍්‍රපටය ආලෝකකරනයෙන්, ඇඳුම් නිර්මාණයෙන් රංගනයෙන් මේ ගතිය මඟහැර ගන්න හැඳුවත් ඒ හිරවීම දරාගන්න අමාරුයි

              මේක ‘කන්ටි‍්‍රලව්’ (Country Love) එකක් එහෙම නැතිනම් හඹාගෙන යන ආදරයක් තියෙන එකක්. හරියට ඔයැ ඍැ්ාැර වගේ ඒ තත්ත්වය තිබියදීත් මේකෙන් මතුවෙන්නෙ මෙගා නාට්‍යයක ලක්ෂණ. ඒක ජයන්ත චන්ද්‍රසිරි දිගුකාලීනව ටෙලිනාට්‍යවලට හිරවීම සමග සිදුවූ දෙයක්  වෙන්න පුළුවන්. මොකද චිත‍්‍රපටයෙ ප‍්‍රමුඛ  එහෙම නැත්නම් ‘කී’ (Key) සීන් එක තමයි ගායකයා (වගීෂ) මහලූ කාන්තාවට (පුණ්‍යා) ලියුම දෙන අවස්ථා ඒක ‘මාර’ දෙයක් වෙයි කියලා පුල පුලා බලා හිටියෙ. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ගඟට ඉණි කැපුවා වගේ දෙයක් වෙලා තිබ්බෙ. සංගීතමය චිත‍්‍රපටයක. සංගීතය අතහැරීම හරියට වදපු දරුවා පොළව ගැහුවා වගේ. ඒ සීන් එක ඉවරවෙන කොට ජයන්ත චන්ද්‍රසිරි එක්ක තිබ්බ මානුෂීය සම්බන්ධය අවාසන් වෙලා. ඒ වගේමයි අන්තිම සීන් එකත්. ඒ සීන් දෙක ඉල්ලන ආතතිය කැමරාවෙන් අපිට පේන්නෙ නැහැ.
                                            කොහොම වුණත් මේ චිත‍්‍රපටයෙදී Score කරන පිරිසක් ඉන්නවා. ඒ අතරින් අමිල තේනුවර විශේෂයි. අමිලගෙ හෝඩිපොතේ මනමාලි’ ‘අත් අකුරු මල්වඩම’ කියෙව්වට පස්සෙ අමිලට කලියන්නම් බැරි බව මට තේරුණා. නමුත් ඔහු ප‍්‍රශස්ත වශයෙන් ගීත රචකයෙක් විදිහට මතු වෙනවා. ඒ වගේමයි ජයන්ත ලියපු ‘මගේ සිහින මැදුරේ’ ගීතයේ එන

‘පමාවී ඇවිත් උයනේ
පිපෙන මල් නෙලාගනු බෑ
සිහින පද ගැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ’   
     කියන පදමාලාවෙන් චිත‍්‍රපටයෙ මුළු කතාංගයම හකුලා කියනවා.  ඒ වගේම පුබුදු චතුරංග රංගනය ප‍්‍රශස්ත මට්ටමක තිබුණා. ඔහු සහාය චරිතයක් නිරූපණය කළාට කැපී පෙනෙනම චරිත නිරූපණයක් පුබුදුගෙන් මතුවෙන්නෙ. කතාව පුරාම සංගීතය හුයක් ලෙස ගියත් එහි අත්‍යවශ්‍ය අවස්ථෘවලට සංගීතය දාලම නැහැ. හරියට වගීෂ ඉස්කෝලෙ යන කාලෙ කෝච්චි පාර දිගේ ගමන් කරන අවස්ථාවේදී වගේ.
                                ‘සමනල සංධවනිය’ හරියට  ඉබාගාතෙ යන සංගීත කාර්යයෙක් වගේ. ඒක ඇතුළෙ හැබෑම කතාව ඒකයි චිත‍්‍රපටය පුරාම සයිකෝසීය ගැටලූවකට පේ‍්‍රමය හොයන තරුණයෙක්ගෙ කතාන්දරය චිත‍්‍රපටයෙ බාහිර කතන්දරය වෙලා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ. ජයන්තට The Road Home , Malena, The Note Book, The Reader වගේ සිනමාපටවලින් තවත් ඉගෙනගන්න තිබ්බා කියලා. ෂෙලීගෙ වාක්‍යයක් වටා සිනමාව ගියාට ඒ තුළ ආදරය සේදිලා ගිහිං.

                      ඒ වගේමයි රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය. ඒ සංස්කරණය තුළ සංස්කරණය නොවූ ගතියක් දකින්නට තියෙන්නෙ. රවීන්ද්‍ර ගුරුගේට කියන්න  ඕනෙ තාමත් අපේ රසිකයො මෝඩ නැහැ කියලා.  මේ ඔක්කොම අස්සෙ අභවය කතාවකට සංගීතමය ආශ්වාදයක් ලැබිලා. අපේ විඳීම අස්සෙ ඇති පශ්චාත් විඳවීම දැනෙනවා. මේක මට දැනෙන චිත‍්‍රපටයක්. මොකද මගේ ජීවිතෙත්  මගේ නිර්මාණ තුළත් අත්හැරගියපු ආදරයන්ගෙන් පෝෂණය වෙනවා. ඒ පෝෂණය තමයි  ගොඩක්වෙලාවට ගොඩක් අය සාහිත්‍යයට ගේන්නෙ. ඉතින් ශීතල පැත්තක උණුසුම් තරුණ හදවතක බලාපොරොත්තු සහගත ආදරය සහ ඒ ආදරයම තමාගේ ‘දෙය’ සහ ‘අනෙකා’ බවට අවසානයේදී පත්වීම කතාන්දරයක් ලෙස හොඳයි. නමුත් සිනමාත්මකව ඒක ගැටලූවක්. මව අහිමි දරුවෙක් වැඩහිටි ගැහැනියකට පෙම් කිරීම. ඊඩිපස් සංකීර්ණයම නිර්මාණයක්. මොකද ඇය සර්ව ශුභවාදී නිකළැල් චරිතයක් (යථයෙන් පිට) එවන් චරිතයකට ආදරය කරන්න පිරිමි සයිකෝසියාව කැමැතියි. නොඉඳුල් බවට කැමැතියි. නමුත් ඒ නොඉදුල් බව ඉඳුල් බව වෙලාවෙ. ආත්මීය කඩාවැටීම තමයි වගීෂ අන්තිමට කියන්නෙ ‘මං ලියුම දුන්නෙ ආපහු මගේ ජීවිතේ ගන්න‘ කියලා. ඒක තමයි සැබෑ සත්‍ය. මං කැමැතියි චිත‍්‍රපටයෙ අවසන් රූප රාමුවට. වගීෂගේ (Country Love) එක හුදු චරිතයක් වෙලා තනිව ඉන්නවා. ඒ තුළ ගීතය ඉතා හොඳින් ඇහෙනවා. නමුත් රූප  රාමුව නිශ්චල (Still)  කරලා ඒකෙ තදාත්මීය සට්ටනය නැතිකරනවා. කොහොම වුණත් අවසානයේ මටත්
‘මට මගේ නොවන ආදරයක් තිබුණා’       කියලා අවසානයේ මතක්  වුණා.

3 comments: