Wednesday, December 5, 2012

Twilight Breaking Dawn 2

 හොලිවුඩයේ‘තරු එළිය’නිවා දැමූ වගයි..


නුබ ගැබ සිප ගැනීමට නැගී සිටිනා රූස්ස වෘක්ෂයන් අතරින් වේගයෙන් ඇදෙනා දෙදෙනෙකි. අනෙකාගේ වේගයට නොදෙවැනි ලෙස චණ්ඩ මාරුත දෙකක් පරිදි ඔවුනොවුන්ගේ හැකියාවන් පෙන්වමින් ඉදිරියට මොවුහු ඇදෙති. දිය ඇලි, වනවදුළු සිසාරා ගමන් කරනා මොවුන් දෙදෙනා තම මහන්සිය සංසිඳුවා ගන්නේ වනචාරීන් කළ පරිද්දෙන් සතකු දඩයම් කර ගනිමිනි. දඩයම් කරනා සතාගේ රුධිරය පානය කරමින් තම විඩාව සංසි`දුවා ගන්නා මෙම යුවළ විටෙක පේ‍්‍රමාලිංගනයෙහි වැතිරෙන්නේ ඔවුනොවුන්ගේ
හැ`ගීම් සමග ඒකාබද්ධ වෙමිනි. ආදරයේ උත්තරීතර බවත් විවාහයේ පරමානන්ද ප‍්‍රීතියත් මෙම වැම්පයර් යුවළෙහි විවාහය අර්ථකථනය කරනා බව මනාව වැටහෙන්නේය.

 බෙලා සහ එඞ්වඞ්ගේ දිගු ආදර අන්දරය තුළ ඔවුන්ගේ ජීවිතවලට මුහුණදීමට සිදුවන අපමණ ගැහැටයන්ගේ අවසානය සමග ‘ද ට්වලයිට් සාගා:බ්‍රේකින් ඩොවුන් පාර්ට් - 2’  ලොව පුරා තිරගත වීම නොවැම්බර් 16 වැනිදා ආරම්භ කළේය.

‘ට්වයිලයිට්’ කතාන්දරයේ අවසානය ‘බ්‍රේකින් ඩොවුන්’ දෙවැනි කොටස සමග අවසන් වන්නේය. ඒ සමග විසිඑක්වැනි සියවසේ මුල් දශකයේ ආරම්භ වූ ‘සාගා’ හෙවත් දිගු කාල වකවානුවකදී දිවයන වීරත්වයෙන් ගහන වූ ත‍්‍රාසජනක ක‍්‍රියාවලියක අවසානය සටහන් කරන්නේය. ‘ට්වයිලයිට්’ සිනමා කෘති මාලාව මෑත කාලීනව ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ සිනමා කෘති ලෙස සැලකීම
නිවැරැුදිය. බොහෝ විචාරකයන් පවසන්නේ ‘හැරී පොටර්’ සිනමා කෘතීන් ළමුන් පාදක කරගනිමින් නිර්මාණය කළත් ‘ට්වයිලයිට්’ සිනමා නිර්මාණ  ඕනෑම අයකුට රසවිඳිය හැකි අයුරින් නිර්මාණය කර ඇති බවයි.

‘ට්වයිලයිට්’ කතාන්දරය බිහිවන්නේ ස්ටෙෆනි මේයර් නම් නවකතාකාරියගේ හිස තුළයි. ඇයට වැම්පයරයකු සහ මිනිසෙක් අතර ඇති වන සබඳතාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මත කතාන්දරයක් ගොඩනැගීමට අවශ්‍ය වෙයි. මෙම කරුණු සම්බන්ධව දීර්ඝ කාලීනව පර්යේෂණයක නිරත වන ඇය පළමු කෘතිය ‘ට්වලයිට්’ යනුවෙන් නම් කරයි. එම කෘතියට ලැබුණු ප‍්‍රතිචාර මත තවත් කෘති හතරක් ලිවීම ඇය ආරම්භ කළාය. ඒ අනුව ‘නිව් මූන්’ ‘එක්ලිප්ස්’  සහ බ්‍රේකින් ඩොවුන් නමින් තවත් කෘතීන් තුනක් රචනා කරයි. මෙම කෘතීන්ද සිනමා නිර්මාණයන් ස`දහා යොදා ගත් අතර කතාන්දරයේ අවසානය වන ‘බ්‍රේකින් ඩොවුන්’ කතුවරිය රචනා කරන්නේ 2008 වර්ෂයේදීය. ‘ට්වයිලයිට්’ ජීවමානව ප‍්‍රදර්ශනය වීම පිළිබ`ද ‘ස්ටෙෆනි මේයර්’ මෙසේ පවසා ඇත.

‘මෙම කෘති මාලාව මුලින් ලියද්දී මට අදහසක් තිබුණේ නැහැ, කතා මාලාවක් ලියන්න. ලිවීම කියන්නේ කියවීම වගේම මම ආශා කරපු දෙයක්. එම ආශාව සමගයි නවකතාකාරියක් වශයෙන් බිහි වෙන්නේ. සිනමාපට බවට මගේ කෘති පත්වෙද්දී ඒ තුළ පැවති විස්මිත බවින් මාත් ඇලලිලා ගියා. විනෝදාංශයක් වශයෙන් ආරම්භ කළ දෙය සමාජයේ රැුල්ලක් බවට පත්වීම හොඳ දෙයක්. බෙලා සහ එඞ්වර්ඞ් කියන චරිත මගේ සිත තුළ නිර්මාණය වුණාට පසු ඒ වටා ඇති ලෝකය පිළිබඳ සෙවීමට අවශ්‍ය වුණා. ඒක හරියටම ‘ට්වයිලයිට්’ කතාවේ ‘බෙලා’ ,‘එඞ්වඞ්’ පිළිබඳ තොරතුරු හොයන්න ගන්න උත්සහයම වගේ දෙයක් වුණා. මෙම කතාංග සඳහා මම පැරැුණි පොතපතේ ආභාසය ලබා ගත්තා. ‘ට්වයිලයිට්’ කෘතිය ගත්තොත් එය ‘බ‍්‍රයිඞ් ඇන්ඞ් ප්‍රෙජුඞ්ස්’ වගේ, නිව්මූන් කෘතියට ‘රෝමියෝ සහ ජුලියට්’ හි ආභාසය ලැබිලා තියෙනවා. ‘එක්ලිප්ස්’ සඳහා ‘වදරින් හයිට්ස්’ කෘතියේ බලපෑමක් ‘බ්‍රේකින් ඩොවුන් සඳහා ‘මැට්‍රෝනයිට් ස්ටී‍්‍රට්’ කෘතියේත් ආභාසය ලැබුණා’






ස්ටෙෆනි මේයර් තම කෘති සිනමාපට සඳහා ලබාදීමට මුලදී අකැමැත්ත පළකර ඇත. ඊට හේතුව වූයේ එම කෘතියේ පවතින කරුණු සිනමා පටයෙන් නිසි පරිදි ගම්‍යමාන නොවේ යැයි ඇය තුළ පැවති බියයි. නමුත් සමිට් එන්ටර්ටේට්මන්ට්හි දැඩි ඉල්ලීම මත ඇය තම කෘති ලබාදුන්නාය. ස්ටෙෆනි මේයර්ගේ ‘ට්වයිලයිට්’ කෘති මාලාව පිටපත් මිලියන 116ක් අලෙවි වී ඇත. මේ තත්ත්වය යටතේ සිනමා කෘති නිර්මාණය කළහොත් අතිසාර්ථක වන බව සමිට් එන්ටර්ටේට්මන්ට් ආයතනය දැන සිටියේය. ඒ අනුව කතාමාලාවේ පළමු වැන්න කැතරීන් හාර්ඞ්වික්ගේ අධ්‍යක්ෂණයෙන් 2008 වර්ෂයේදී නිර්මාණය විය. සිනමා පටය කෘතියෙහි නමින්ම නම් කළේය. මෙම සිනමා පටය රූගත කරනා කාලයේදී අවස්ථා තුනක ස්ටෙෆනි මේයර් දර්ශන තලයට පැමිණ ඇත. ඇය සිය කෘතීන් මනාව සිනමාරූපීව නිර්මාණය වෙනවාදැයි දැන ගැනීමට යුහුසුලූ වූවාය. ‘ට්වයිලයිට්’ සිනමා පටයේ සාර්ථකත්වය මත නිව් මූන් සහ ‘එක්ලිප්ස්’ සිනමාපට එකම කාලවකවානුවේදී රූගත කිරීමට සමිට් එන්ටර්ටේට්මන්ට් ආයතනය තීරණය කළේය. ඒ අනුව ක‍්‍රිස්වෙයිට්ස් ‘නිව් මූන්’ අධ්‍යක්ෂණය කළ අතර ඬේවිඞ් ස්ලේඞ් ‘එක්ලිප්ස්’ අධ්‍යක්ෂණය කළේය. ‘ට්වයිලයිට්’ කතාන්දරයේ අවසාන සිනමාපට දෙක අධ්‍යක්ෂණය කරන්නේ බිල් කොන්ඩන්ය. බිල් කොන්ඩන් තම ‘ඞී‍්‍රම් ගර්ල්ස්’ කෘතිය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනාගත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් විය. මේ නිසා ‘ට්වයිලයිට්’ කතා මාලාවේ අවසානය පේ‍්‍රක්ෂකයාගේ උත්ප‍්‍රාසය ඔප් නැංවීමේ භාරධුර කාර්ය බිල්ට පැවරුණි.

බ්‍රේකින් ඩොවුන් දෙවැනි කොටස දිවයන්නේ වැම්පයරයකු වන එඞ්වඞ්ගේත් මිනිස් දුවක් ලෙස ඉපදී වැම්පයරයකු බවට පත්වූ බෙලාගේත් විවාහයත් ඔවුන්ට ලැබුණු දරුවා පිළිබඳත්ය. මෙහිදී මෙම වැම්පයර් යුවළගේ දරුවා රෙනෙස්මී ඝාතනය කිරීමේ පරමාර්ථය සහිතව ‘වොල්ටුරි’ ඇතුළු වැම්පයර් කණ්ඩායම බෙලා හා එඞ්වඞ් ඇතුළු වැම්පයර් කණ්ඩායමට පහරදීමට පැමිණෙයි. මෙහිදී බෙලාගේ දිගු කාලීන මිතුරා වූ ජෙකොබ් නම් වෘක මිනිසා ඇතුළු කණ්්ඩායමේ සහය හිමිවෙයි. මෙම කතාන්දරය තුළ ගෝත‍්‍රිකවාදී ගැටුමකින් තම වර්ගයා බේරාගැනීමට සටන් වදින පිරිසකගේ අවසානය පිළිබඳ කතාව දිගහැරෙයි.
කෙසේ වුවත් මෑතකදී තිරගත වීම ඇරඹි බ්‍රේකින් ඩොවුන් දෙවැනි කොටස සම්බන්ධව විචාරකයන්ගේ අදහස වන්නේ එය පරිපූර්ණ සිනමා නිර්මාණයක් නොවන බවයි. හැරිපොටර් සිනමා මාලාව ක‍්‍රමිකව වර්ධනය වෙමින් දුෂ්ටත්වය පරාජය කිරීම සමග උච්ඡුස්ථානයට පත්වීමට හැකිවූවත් ට්වයිලයිට් කතාමාලාව එවන් විශිෂ්ට තත්ත්වයකට පත්නොවූ බවට චෝදනා එල්ල වෙයි. විශේෂයෙන් බෙලාගේ චරිතය බ්‍රේකින් ඩොවුන් දෙවැනි කොටසෙහි වඩාත් සරල සහ රොමෑන්ටික්කරණය තුළ කතාවේ විශ්වසනීයත්වයට හානි සිදුව ඇත. එමෙන්ම අවසාන සිනමා කෘතියෙහි විශාල චරිත ප‍්‍රමාණයක් එකවර හඳුන්වාදීම හරහා පේ‍්‍රක්ෂකයා අන්දමන්ද වන ස්වභාවයක්ද දක්නට ලැබෙයි. කෙසේ වෙතත් ‘ට්වයිලයිට්’ සිනමා කෘති පෙළ කතා මාලාවක් වශයෙන් ලොව පුරා සුවහසක් පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය දිනාගැනීමට

Monday, November 26, 2012

A Common Man

A Common Man - Chandran Rutnam movie



ෂෝ බිස්නස් (Show Business) යන වදන සිනමාවට එක් වී ඇත්තේ හේතු දෙකක් මතය. ඒ පේ‍්‍රක්ෂකයාට Show හෙවත් දර්ශනය යන්නත් Business යන්න නිෂ්පාදකයන් හා බැ`දුණු අර්ථයකින් හැ`දින්වීමත්ය. මේ සාධක දෙකෙන් තොරව සිනමාව කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යා නොහැකිය. අද වනවිට ලාංකේය සිනමා කර්මාන්තය තුළ කර්මාන්තමය ලක්ෂණවලට වඩා පිළිබිඹු වන්නේ අධ්‍යක්ෂවරුන්ගේ සම්මාන හඹායෑමේ හැකියාවයි. මෙම හැකියාව මත ශ‍්‍රව්‍ය දෘශ්‍ය කලාවක් වශයෙන් සිනමාවට අත්වන්නේ ඛේදනීය ඉරණමකි. අප සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් හ`ඩ නගන්නේ වාණිජමය සිනමාවක් නොමැති රටකය. කර්මාන්තයක් වශයෙන් මෙරට සිනමාව ජයගැනීමට නම් ඒ සඳහා තාක්ෂණික ඥානය මෙන්ම සමාජය පිළිබ`ද මනා පරිචයක් ලබාගත යුතුය. මෙම තත්ත්වය තේරුම් නොගන්නා බහුතර අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකයන්ව අමාරුවේ දමමින් තම අභිප‍්‍රායන් සාර්ථක කර ගැනීමට මාන බලන්නේය. සිනමාව තුළ පවතින්නා වූ කලාත්මක මාහැ`ගි ස්වභාවයන් තේරුම් ගෙන ඒ සමග කටයුතු කරන්නේ නම් ලාංකේය සිනමා තලය පමණක් නොව ජාත්‍යන්තර සිනමාවද ජයගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එවන් උත්සහයන් කිහිපයක්ම පසුගිය සමය පුරා අසන්නට ලැබුණි. උදාර පල්ලියගුරු දකුණු ඉන්දීය සිනමා සමාගමක් සමග එකතුවී ‘සුපර් සික්ස්’
සිනමාපටය නිර්මාණය කිරීමත්, සම්මානනීය සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර බෙංගාලි සිනමා සමාගමක් සමග ‘මෂ්රූම්’ සිනමාපටය නිර්මාණය කිරීමත් විශේෂයෙන් ස`දහන් කළ යුතුය. නමුත් මෙම අවස්ථා දෙකෙහිම අප රට නිසිපරිදි ලෝකයේ අවධානයට පාත‍්‍ර වූයේ දැයි සැක සහිතය.

මේ සන්දර්භය තුළ වසර 28ක සිනමා අත්දැකීම් සහිත අධ්‍යක්ෂවරයෙක් වන චන්ද්‍රන් රත්නම් සිය ප‍්‍රථම ජාත්‍යන්තර සිනමා නිර්මාණයට අත ගසන්නේය. "A Common Man" (අ කොමන් මෑන්) යනුවෙන් නම් කරන එය ලෝක සිනමා කතිකාව තුළ වර්ග කිරීමකට ලක් කරන්නේ ත‍්‍රාසජනක සිනමාපටයක් වශයෙනි. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම සිනමා නිර්මාණය ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් මත රඳා පැවතීමයි. නමුත් එය ඔබත් මමත් අත්විඳි වසර තිහක යුද්ධය තුළ ත‍්‍රස්තවාදීන් ක‍්‍රියාත්මක කළ සිදුවීම්වලට කිසිසේත් අදාළ නොවන ලෙස සකසන ලද්දක් වෙයි. ‘අ කොමන් මෑන්’ තුළ අන්තර්ගත වන්නේ සමාජ, දේශපාලනික සංස්ථාව තුළ අසරණ භාවයට පත් සාමාන්‍ය පුරවැසියකු තම අරමුණක් සාක්ෂාත් කර ගැනීම උදෙසා ඉතා සූක්ෂ්ම අන්දමින් සැලසුම් සකස් කරනා ආකාරයයි. ‘අ කොමන් මෑන්’ යන නමෙහි තේරුම නම් ‘සාමාන්‍ය පුරවැසියා’ යන්නය. මෙම සාමාන්‍ය පුරවැසියාට මුහුණදීමට සිදුවන සමාජ බලපෑම් මත ඔහුට සිදුවන්නේ ඊට එරෙහිව සටන් වැදීමටය. ඒ ස`දහා මෙම පුද්ගලයා තෝරා ගනු ලබන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රමවේදයකි. සමාජ, ආර්ථික, දේශපාලනික මර්මස්ථානයක් වන කොළඹ නගරය තුළ බෝම්බ පහක් විවිධ ස්ථානවල සැ`ගවීමට මෙම සාමාන්‍ය පුද්ගලයා ක‍්‍රියා කරයි. මෙසේ බෝම්බ පහක් ස්ථානගත කරන සාමාන්‍ය පුරවැසියා ඊළ`ගට සිදු කරන්නේ පොලීසිය මේ පිළිබ`ද දැනුවත් කිරීමයි. ඔහුට අවශ්‍ය කරන්නේ තම ඉල්ලීමක් දිනා ගැනීමටය. එනම් සිරගත වී සිටිනා දේශපාලන සැකකරුවන්
පස් දෙනෙක් නිදහස් කර ගැනීමටය. ඔහු පොලීසිය අමතන අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු විශාල පිරිසක් මෙම සාමාන්‍ය පුරවැසියා සොයමින් විශාල මෙහෙයුමක් දියත් කරති. සාමාන්‍ය පුරවැසියා
තම කරුණු සනාථ කරනුවස් පොලිස් මූලස්ථානයේ බෝම්බයක් තබා එය ඔප්පු කරයි. සිනමා කෘතිය දිවයන්නේ පොලීසිය සාමාන්‍ය පුරවැසියා අත්අඩංගුවට ගැනීමට දරනා උත්සහයත් ඔහු ඔවුන්ගෙන් බේරීමට ක‍්‍රියා කරනා ආකාරයත් අතරතුර බෝම්බවලට සිදුවන ක‍්‍රියාකාරකම් පිළිබ`ද වන තොරතුරු සමගය. මෙය ත‍්‍රාසජනක සිනමාපටයක් වශයෙන් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා
උපරිම උත්සහයක් දරා ඇත.‘අ කොමන් මෑන්’ කෘතිය ස`දහා කතාව පාදක කරගෙන ඇත්තේ 2008 වර්ෂයේ තිරගත වූ ‘අ වෙන්ඞ්ස්ඬේ’ (A Wendsday)  නම් හින්දි සිනමා කෘතියෙනි. එම සිනමා කෘතිය නැරඹීමෙන් පසු චන්ද්‍රන් රත්නම් මහතාට එම සිනමාපටය ආශ‍්‍රය කරගනිමින් නිර්මාණයක් කිරීමේ ආශාවක් මතුවිය. ඒ අනුව චන්ද්‍රන් රත්නම් ඉන්දියාවේ යූටීවී ෆිල්ම්ස්  ආයතනය සමග සාකච්ඡුා කර ඇති අතර ඔහු ‘අ වෙන්ඞ්ස්ඬේ’ සිනමා තිරපිටපතෙහි අයිතිය ලබාගෙන තිබේ. එසේ තිරපිටපතෙහි අයිතිය ලබාගත්තත් චන්ද්‍රන් රත්නම් හට එම පිටපත එලෙසින්ම සිනමාවට ගැනීමට අවශ්‍ය වූයේ නැත. ඔහුට කතාන්දරය වෙනස් කර සිනමා නිර්මාණයට නවමු මානයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතුවිය. මීට හේතු වූයේ ‘අ වෙන්ඞ්ස්ඬේ’ සිනමා කෘතිය නීන්රාජ් පාණ්ඬේ විසින් බොලිවුඞ් සිනමාවට නිර්මාණය කිරීමයි. නමුත් එය ජාත්‍යන්තර මට්ටමේ සිනමා කෘතියක් බවට පත් කිරීම ස`දහා අවශ්‍ය හැඩතල මතුකර ගැනීමට චන්ද්‍රන් රත්නම් කාලයක් ගත්තේය. මේ අතර මනෝහන් නානායක්කාර මහතා නිෂ්පාදකවරයෙක්
වශයෙනුත් නළුවෙක් වශයෙනුත් ‘අ කොමන් මෑන්’ ස`දහා සහභාගි වීමේ කැමැත්ත පළකර සිටියේය. ඒ අනුව ඔහු වසර දෙකක පමණ කාලයක් තිර පිටපත සැකසීමේ කාර්යයේ නිරත විය. ඒ කතාව ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරය පාදක කර ගනිමින් රූගත කිරීමේ අරමුණ චන්ද්‍රන් රත්නම් සතුවිය.

ඬේවිඞ් ලීන් සිය විශිෂ්ටතම සිනමා නිර්මාණයක් වූ ‘ද බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ රූගත කරන ලද්දේ 1956දී ශ‍්‍රී ලංකාවේදීයි. මෙරටදී රූගත කරන ලද ‘ද බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ සිනමාපටය ස`දහා එවකට දහසය හැවිරිදිව සිටි චන්ද්‍රන් රත්නම් සිය දායකත්වය ලබා දුන්නේය. ඒ අනුව හොලිවුඞ් ශෛලියේ සිනමා නිර්මාණයක් මෙරටදී රූගත කිරීම ස`දහා පවතින ඉඩකඩක් ඒ තුළින් මෙරටට ලැබිය හැකි ජාත්‍යන්තර අවධානයත් පිළිබ`ද චන්ද්‍රන් රත්නම් හට මනා වැටහීමක් විය. මේ කරුණු සියල්ල කැටි කරගනිමින් ඔහු ‘අ කොමන් මෑන්’ රචනා කර අවසන් කළේය. මනෝහන් නානායක්කාර නිෂ්පාදන පිරිවැය දැරීමට භාර ගත්තත් පෙර නිෂ්පාදන සමයේදී ඔහුට හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් නළුවෙක් වශයෙන් තම දායකත්වය ලබාදීමට නොහැකි විය. ඒ අනුව තම සිනමා නිර්මාණය ස`දහා වෙනත් නළුවෙක් යොදා ගැනීමට චන්ද්‍රන් රත්නම්ට සිදුවිය.




‘මනෝහන් රෝගාතුර වුණාට පසුව වෙනත් නළුවෙක් සෙවීමේ අවශ්‍යතාවය මතුවුණා. මනෝහන් මගෙන් ඇහුවා, කවුද ඔය චරිතයටම වඩාත් ගැළපෙන නළුවා උඹේ ඔළුවට එන’ කියලා මම ඒ වෙලාවේ කිව්වා ‘බෙන්? කිංග්ස්ලි කියලා’

සිය සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට සුපිරි හොලිවුඞ් නළු බෙන් කිංග්ස්ලි තෝරා ගැනීමට හේතුව චන්ද්‍රන් රත්නම් පැවසුවේ මහත් උද්යෝගයෙනි.

‘අපි එම කතාබහ කරපු දවසෙම ඔහුගේ නියෝජිතයා වෙත තිරපිටපත යැව්වා. බෙන් කිංග්ස්ලි කියන්නේ අතිදක්ෂයෙක්. මම වගේ පොඩි මිනිහෙක්ගේ සිනමා නිර්මාණයකට ඒ වගේ ලොව සුපතළ නළුවෙක් එයිද කියන කාරණය පිළිබඳ සැකයක් මා තුළ තිබුණා. නමුත් තිරපිටපත යවපු දිනට පසු දිනම බෙන් කිංග්ස්ලි ලොස්ඇන්ජලීස්වල මගේ නිවසට කතා කළා. ඔහු මගේ ජීවිතේ අමතක නොවන ප‍්‍රකාශයක් එම දුරකතන ඇමතුමේදී පැවසුවා. ඔහු කිව්වා ‘රත්නම්, මම ඔයාගේ තිරපිටපත කියෙව්වා. එහි එකදු වචනයක් හෝ වෙනස් නොකර චිත‍්‍රපටයෙහි චරිත නිරූපණය කිරීමට මම සූදානම්’

කියලා. ඔහු වගේ අත්දැකීම් සම්භාරයක් සහිත විශිෂ්ට නළුවෙක් මගේ තිරපිටපතට එවන් ඇගයීමක් ලබාදීම අතිශය සතුටක්. එම අවස්ථාවේදී මගේ නෙතට ක`දුළු ආවා’ ‘අ කොමන් මෑන්’ ස`දහා බෙන් කිංග්ස්ලි යොදා ගත්තත් ඔහු මාටින් සෝර්සර්ගේ
හියුගෝ (Hugo) සිනමා නිර්මාණයේම චරිත නිරූපණයට යාමට සැලසුම් සකස්කර තිබුණි. 1960 වර්ෂයේ සිට හොලිවුඞ් සිනමා වට සම්බන්ධ වූ බෙන්
කිංග්ස්ලි 1982 වර්ෂයේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නේ ගාන්ධි (Ghandhi) සිනමා නිර්මාණයේ විශිෂ්ට චරිත නිරූපණය හේතුවෙනි. ඔහු ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) ස්ක‍්‍රීන් ඇක්ටර්ස් ගිල්ඞ් (Screen Actors Awards) සම්මාන උළෙලෙහි සම්මානයට පාත‍්‍ර විය. එමෙන්ම ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ෂින්ඩර්ස් ලිස්ට්’  සහ මාර්ටින් සෝර්සර් අධ්‍යක්ෂණය කළ හියුගෝ , ෂටර් අයිලන්ඞ්  සිනමා නිර්මාණයන්හි කැපී පෙනෙන චරිත නිරූපණය කළේය. බෙන් කිංග්ස්ලිගේ පහසුව උදෙසා ඔහුගේ චරිතයට අදාළ රූගත කිරීම් දින 14ක් තුළ සැලසුම් කිරීමට ‘අ කොමන් මෑන්’ සිනමා නිර්මාණයේ නිෂ්පාදන කණ්ඩායමට සිදුවිය. දින 12ක් ඇතුළත බෙන් කිංග්ස්ලිගේ චරිතයේ රූගත කිරීම් අවසන් කිරීමේ හැකියාව ලැබුණි. මීට පෙර ශ‍්‍රී ලංකාවේදී රූගත කෙරුණු හොලිවුඞ් සිනමාපටයන්හි රංගනයට බෙන් කිංග්ස්ලි සහභාගි වී ඇත. ‘අ කොමන් මෑන්’ රූගත කිරීමෙන් අනතුරුව ඔහු සිනමා නිර්මාණයේ කාර්යභාරය පිළිබ`ද මෙසේ අදහස් දැක්වීය.

‘2011 වර්ෂය කියන්නේ මට වැඩ අධිකව යෙදී තිබුණු වසරක්. නමුත් රත්නම් මහතා කතා කරලා කිව්වහම මේ චිත‍්‍රපටයේ රඟපාන්න එන්න කියලා මම කිව්වා දවස් 14ක කාලයක් තියෙනවා කියලා. රත්නම් මහතාගේ සිනමාපටයෙන් පසු මාර්ටින් සෝර්සර්ගේ ‘හියුගෝ’හි රූගත කිරීම්වලට දායකවෙන්න තිබුණා. නමුත් ‘අ කොමන් මෑන්’ හි මාස දෙකක පමණ රූගත කිරීම් සති දෙකකට ආසන්න කාලයකදී ඉතා සාර්ථකව නිම කළා. මෙහි පිටපත ඉතාමත් හොඳට ලියලා තියෙනවා. චරිත ගොඩනැගෙන ආකාරයට එය සංවිධාන ගතකරලා තියෙනවා. අපිට  ඕනෙ මේ වගේ හොඳ පිටපත්. සාර්ථක සිනමා නිර්මාණ බිහිවෙන්නෙ හොඳ පිටපත් තිබුණොත් පමණයි. සිනමාපටය රූගත කිරීමේදී මම දැක්ක සුවිශේෂීම සිදුවීම තමයි නිෂ්පාදන කණ්ඩායම අධ්‍යක්ෂවරයාගේ අරමුණ පැහැදිලිව දැන සිටීම. ඇතැම් අධ්‍යක්ෂවරුන්
කැමරා අධ්‍යක්ෂවරයාට හෝ ශබ්ද පටිගත කරන්නාට තමන්ගේ අවශ්‍යතාව කියන්නේ නැහැ. සිනමා කෘතිය රූගත කිරීමේදී මට ආරක්ෂාවක් වගේම වඩාත් සුවපහසු හැ`ගීමක් ආවා. ඊට හේතුව වුණේ සිනමා තිර රචනයේදී පවසා තිබුණ දෑ ඒ අයුරින්ම රූගත කිරීමට හැකිවීම. එය ඉතාම සුවිශේෂී අත්දැකීමක්. කතාව තුළ අන්තර්ගත වන්නේ සාමාන්‍ය පුද්ගලයකු තමන්ගේ අත්දැකීම් ඔස්සේ අසාමාන්‍ය ක‍්‍රියා කිරීමට පෙළඹීම. සමාජ, දේශපාලන යන්ත‍්‍රණය පිළිබ`ද ඔහුගේ අවිශ්වාසය මතයි මෙහි ක‍්‍රියාපිළිවෙත දිවයන්නේ. රූගත කිරීම් අවසානයේදී මට දැනුණ දෙයක් තමයි ඉතා හොඳ චරිත නිරූපණයක් සිදු කළ බව’

ප‍්‍රථම වරට මෙරට සිනමා නිර්මාණයකට දායකවීමට පැමිණි බෙන් ක්‍රොස් තම රූගත කිරීමේ අත්දැකීම් මෙසේ විස්තර කළේය.

‘මෙහි තිරපිටපත ලැබුණහම මම බාගයක් දුරට කියවලා හිතුවා දැන් ඉතින් කතාවෙ ඉතුරු හරිය දන්නවා කියලා. නමුත් තවදුරටත් කියවගෙන යනකොට කතාව සහමුලින්ම කණපිට හැරිලයි තියෙන්නෙ. එය අතිශයින්ම සොඳුරු අයුරින් රචනා කරලා තිබුණා. චරිත හසුරුවා තිබුණ අන්දම පුදුමාකාරයි. ඒ වගේම ශ‍්‍රීමත් බෙන් කිංග්ස්ලි මෙහි ප‍්‍රධාන චරිතෙ රඟපානවා කිව්වහම මට අනිවාර්යයෙන්ම සහභාගීවීමට අවශ්‍ය වුණා. ඔහුට පුදුමාකාර අත්දැකීම් සම්භාරයක් තියෙන්නෙ. කතාව අනුව මෙහි සිදුවීම් ගලාගෙන යන්නෙ පැය දොළහක කාලවකවානුවක් තුළයි. චරිත ප‍්‍රතික‍්‍රියා කරන ආකාරයේ සුවිශේෂීත්වය මත කතාව ඉදිරියට ගලාගෙන යනවා. මෙය හොඳ අනුවර්තනයක්. ශ‍්‍රී ලංකාව තුළ මගේ පළමු රූගත කිරීම. එය ඉතා ආස්වාදජනක කාර්යයක් බවට පත්වුණා’

‘අ කොමන් මෑන්’ 2011 වර්ෂයේදී දින 48ක කාලයක් රූගත කිරීම් කර අවසන් කළේය. එහි පසු නිෂ්පාදන කටයුතුද මේ වනවිට අවසන් කර ඇත. ඒ අනුව ලබන වසරේ ‘ද කොමන් මෑන්’ සිනමා නිර්මාණය ලොව පුරා ප‍්‍රදර්ශනයවීමට නියමිතය. ඬේවිඞ් ලීන් සමග ‘ද බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ හිත් ස්ටීවන් ස්පිල්බර්ග් සමග ‘ඉන්දියානා ජෝන්ස් ඇන්ඞ් ද ටෙම්පල් ඔන් ඩූම්’ , කෙවින් කොනාර්’ සමග ‘මදර් තෙරේසා’  හීත් තම දායකත්වය සැපයූ චන්ද්‍රන් රත්නම් හොලිවුඞ් සිනමාවේ ක‍්‍රමවේදයන් පිළිබඳ පෘථුල දැනුමක් ඇති ලාංකේය අධ්‍යක්ෂවරුන් අතලොස්සෙන් කෙනෙකි. මෙවර ඔහු අතගසා ඇත්තේ හොලිවුඞ් නළුවන් යොදාගනිමින් ජාත්‍යන්තර සිනමාපටයක් නිර්මාණය කිරීමටය. මෙහි පූර්ව ප‍්‍රචාරක පට නැරඹූ විචාරකයන් පවසා ඇත්තේ ‘අ කොමන් මෑන්’ අතිසාර්ථකව ලොව පුරා ප‍්‍රදර්ශනය වනු ඇති බවයි. මේ පුංචි දිවයිනෙන් ලෝකයා වෙත දායාද වන ‘අ කොමන් මෑන්’ ලබන වසරේදී අප කාටත් නැරඹීමට හැකිවනු ඇත.
http://www.youtube.com/watch?v=wde45w_mIhM

Wednesday, November 21, 2012

J.K.Rolling interview

නවකතාවක් රචනා කරනවා කියන්නෙ ඉතා අපහසු ක‍්‍රියාවලියක්

 
මම වෙනඇය අප හ`දුන්වන්නේ ‘හැරී පොටර්’  කෘති මාලාවේ කතුවරිය වශයෙනුයි. ජේ.කේ. රෝලින්ගේ 
‘හැරී පොටර්’ කෘති මාලාව සාර්ථක වූවාට පසු ඇය රචනා කළ කෘතියක් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා බි‍්‍රතාන්‍යයේදී එළි දැක්වුණා. එය ‘ද කැෂුවල් වේකන්සි’ යන්නයි. මෙවර ජේ.කේ. රෝලින් සිය ස්ථාවරය වෙනස් කරගෙන තිබෙනවා. ‘හැරී පොටර්’ කෘති ලොව පුරා මිලියන 400කට අධික ප‍්‍රමාණයක් අලෙවියෙන් පසු ඇය අතගසා ඇත්තේ වැඩිහිටියන්ගේ තේමාවක් රැුගෙන කෘතියක් රචනා කිරීමටයි. මෙම කෘතිය විචාරකයන් විසින් හ`දුන්වා ඇත්තේ ‘ට‍්‍රැජිකොමඩි’ ෂොනරයටයි. කෘතිය නිකුත් වී මසක් ගතවීමටත් ප‍්‍රථම එහි පිටපත් ලක්ෂ පහකට අධික ප‍්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. මේ නිසා මේ වනවිටත් 2012 වර්ෂයේ නිකුත් කළ කෘතිවලින් අතිසාර්ථකවම අලෙවි වන කෘති ලැයිස්තුවේ 15 වැනි තැනට පැමිණීමට ‘ද කැෂුවල් වේකන්සි’ සමත්ව තිබෙනවා. මෙම කෘතියේදී ජේ.කේ රෝලින් මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය, ස්ත‍්‍රී ¥ෂණය ආදී සමාජ කාරණා ගණනාවක් සාකච්ඡුාවට ලක් කරනවා. එමෙන්ම එංගලන්තයේ 19 වැනි සියවසේදී පවුල් පසුබිම් පැවති ආකාරය, සමාජ තත්ත්වය ආදී සාධක ගණනාවක් පිළිබ`ද කතා කිරීමටත් ජේ.කේ. රෝලින් කටයුතු කරනවා. මේ ඇය සිය නවතම කෘතිය වූ ‘ද කැෂුවල් වේකන්සි’ පිළිබ`ද කළ සම්මුඛ සාකච්ඡුාවක්.


Q. මෙම පොත කියවීම ආරම්භ කළත් සමග දැනෙන දෙයක් තමයි ‘හැරී පොටර්’ කෘතිය රචනා කළ කෙනාමද මේ ඉන්නෙ කියන කාරණය. ඔබගේ රචනා ශෛලීන් තුළින් ‘හැරී පොටර්’ රචනා කළ ජේ.කේ. රෝලින් ඉවත්ව ගොස් තිබෙනවා. නමුත් කෘතියේ පළමු පිටු තිහේදී පමණ ඔබට නිසි අරමුණක් පැවති බව දක්නට නොලැබෙනවා?

මං මේක ලිව්වෙ කිසිම දෙයක් ඔප්පු කර පෙන්වන්න නෙවෙයි. එසේම ආවේගශීලීව යමකට අවතීර්ණ වීමෙන් මට ලැබෙන දෙයක් නැහැ. ඒ වගේම මට අවශ්‍යතාව මතු වුණේ මම ලියන දේ දිගටම කරගෙන යන්නයි. වෙනත් කතුවරුන්ට අභියෝගයක් වන්න මට අවශ්‍ය නැහැ. හැබැයි අනෙක් නවකතා රචකයන් මෙන් ෆෝන් බිල් එක ගෙවන්න, නිවාස කුලිය ගෙවන්න ලිවීමේ අවශ්‍යතාවක් මට නැහැ. ඒ ස`දහා මට ‘හැරී පොටර්’ කතා පොත් රචනා කිරීමෙන් ලද ලාභය හො`දටම ප‍්‍රමාණවත් වුණා. නමුත් මට මාවම අභියෝගයක් කර ගන්න අවශ්‍ය වුණා. ඒ නිසයි මේ කෘතියට අත ගහන්න මට හිතුණෙ. ඔබ දන්නවා නවකතාවක් රචනා කරනවා කියන්නෙ ඉතා අපහසු ක‍්‍රියාවලියක්. ඒ ස`දහා ඔබට විශාල අධ්‍යයනයක් සිදු කළ යුතු වෙනවා. නමුත් කිසිම කලබලයක් තිබ්බේ නැහැ. මොකද මම කාලය විශාල වශයෙන් ගත්තා මේ නවකතාව රචනා කිරීම ස`දහා. රචනාව අවසාන කරද්දී විශාල සතුටක් දැනුණා. මොකද ‘හැරී පොටර්’ ලියා අවසානයේදී මට කිරීමට අවශ්‍ය එකම දේ අවසන් කළා කියන හැ`ගීම මතු වුණා. විවිධ පුද්ගලයන් මගෙන් වරින්වර ඇහුවා ඇයි වැඩිහිටි තේමාවක් සහිත නවකතාවක් රචනා කරන්නේ කියලා. මට අවශ්‍ය නැහැ වැඩිහිටියන්ටම සීමාවන දේවල් රචනා කරන්න. මේ නිසා ඉදිරියේදී මං කරන කතාව ළමා කතාවක් බවට පත් වේවි. ඊළ`ග නවකතාව බොහෝ කුඩා දරුවන් උදෙසා රචනා කරන්නේ. ඒ ස`දහා මේ වනවිටත් කටයුතු සම්පාදනය කරගෙන යනවා. ළමයින් වෙනුවෙන් නවකතා රචනා කිරීම සහ ඔවුන් සමග නවකතාවේ අන්තර්ගත කරුණු සාකච්ඡුා කිරීමට මම බෙහෙවින් කැමැතියි.


Q.  ‘ද කැෂුවල් වේකන්සි’ කෘතියේ වැඩිහිටියන්ට පාදක වූ තේමා ගණනාවක් ඇතුළත් වෙනවා. ඒ වගේම ඇතැම් සිදුවීම් කියවද්දි ඒවා ළමයින්ට නුසුදුසු බවක් දකින්න ලැබෙනවා. ඔබේ බහුතරයක් පාඨකයන් ළමයින්. ඔවුන් ඔබේ නවතම කෘතිය කියෙව්වොත් ලබාගන්නේ නරක පූර්වාදර්ශයක් නේද?

අපි මුද්‍රණයේදීම පවසලා තිබෙනවා මෙම කෘතිය දරුවන්ට සුදුසු නැහැ කියලා. එය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. 19 වැනි සියවසේ සිදු වූ සිදුවීම් පාදක කරගෙනයි මම නවකතාව රචනා කරන්නේ. මවුපියන්ට මේ පිළිබ`ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියි. ඒ අනුව ඔවුන්ට දරුවන් ස`දහා මෙය නොගැළපෙන කෘතියක් බව වටහා දෙන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ මෙය බාගත කරගන්න පුළුවන්. නමුත් එය විශාල ගැටලූවක් නොවෙයි. ඒ වගේම මාධ්‍ය ඔස්සේ මම පැහැදිලිව පැවසුවා මෙය වැඩිහිටියන්ගේ තේමා රැුගත් නවකතාවක් බව. ඒ ම`ගින් ඔබට අවකාශය ලැබෙනවා දරුවන්ට මේ පොත ලබාදීමෙන් වැළකී සිටින්න.

Q. ඩිකන්ස්ගේ කෘතිවල ආකාරයේ තොරතුරු ඔබගේ කෘතියෙහි අන්තර්ගත වෙනවා?

ඇත්තටම. ඊට හේතුව වන්නේ මම රචනා කරන වටපිටාව සමග සමහර සිදුවීම් බද්ධවීමයි. මම නවකතාව සඳහා යොදාගත් පරිසරය ඩිකන්ස් රචනා කළ පරිසරයට බෙහෙවින් සමානයි. මේ නිසයි ඔබට මගේ කෘතියෙන් ඩිකන්ස්ව පෙනෙන්නේ. හැබැයි ඩිකන්ස්ගේ අනුකරණයක් වෙන්න මම ආස නැහැ. ඔහු දක්ෂ නවකතාකරුවෙක්. සාමාන්‍යයෙන් යම් දෙයක් සාර්ථක වූ පසු එම දෙය පිළිබඳ සමාජයෙන් බොහෝ මතවාද එල්ල වෙනවා. නවකතාවක් සාර්ථක වූ පසු එම සාර්ථකත්වය පිටුපස වෙනත් අනුකරණවාදී වැඩපිළිවෙළක් පවතින බවට චෝදනා එල්ල වෙනවා. මට ඊළ`ග ‘ඩිකන්ස්’ වීමට අවශ්‍ය නැහැ. මොකද ඔහු අද්විතීය චරිතයක් වෙලා අවසන්. කතුවරයෙක්, සාහිත්‍යකරුවෙක් වශයෙන් ඩිකන්ස්ට අවශ්‍ය ගෞරවය ලබාදී ඔබ ඉදිරියට යාමයි සිදුකළ යුත්තේ.

Q.  නවකතාකාරියක් හැටියට ඔබේ අරමුණ කුමක්ද?

සෑමවිටම වඩාත් යහපත් දෙයක් බිහිකිරීම උදෙසායි මම ක‍්‍රියා කරන්නේ. ඒ වගේම සෑමවිටම යමක් ඉගෙනගෙන එය තුළින් අලූත් යමක් දායාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලිවීමට පෙළඹුණේ යම් කෘතියක් මුද්‍රණය කර එය ප‍්‍රකාශයට පත් කිරීම කෙරෙහි මා තුළ තිබූ නොතිත් ආශාව හේතුවෙනුයි. හැබැයි රචනා කරන අවස්ථාවේදී මං හිතන්නේ නැහැ කා වෙනුවෙන්ද මෙම රචනාව සිදුකරන්නේ කියලා.

Q.  මෙම නවකතාව රචනා කිරීමේදී එයට අත්විය හැකි සාර්ථක හෝ අසාර්ථක බව පිළිබඳ කරුණු සිතුවාද?

එය තීරණය කිරීමට මම නිරතුරුවම පාඨකයන් සමග සාකච්ඡුා කරනවා. විශේෂයෙන්ම පොටර් පොත් පෙළෙහි සාර්ථකත්වයත් සමග අතිවිශාල පාඨකයන් පිරිසක් ඇති වුණා. එය පිස්සුවක් බවට පත් වුණා. නමුත් කෘතිය මුද්‍රණය කර එය පිරිසක් අතරට ගියාට පසු ඇතිවන සංවාදයෙන් තමයි තීරණය කළ හැක්කේ නවකතාව නිවැරැුදිව පාඨකයන් හ`දුනාගෙන තිබෙනවාද, එහි සාර්ථක හෝ අසාර්ථක බව කුමක්ද යන කාරණය.

Q.  අපි දන්නවා ‘හැරී පොටර්’ කතා මාලාව රචනා කිරීමට පෙර ඔබ විශාල සමීක්ෂණයක් සිදු කළා. එම සමීක්ෂණයෙන් අනතුරුවයි ඔබ සාර්ථක නවකතාවලියක් රචනා කරන්නේ. මේ කෘතිය ස`දහාත් එවැනි ක‍්‍රමවේදයක් භාවිත කළාද?

සෑමවිටම මම දැනගත යුතු දේවලට වඩා බොහෝ දේවල් එකතු කර ගැනීම මගේ ක‍්‍රමවේදයයි. මොකද නවකතාව රචනා කරගෙන යාමේදී ඔබට කුමන කරුණු කුමන අවස්ථාවේ අවශ්‍ය වේ දැයි පැවසීමට නොහැකියි. පාඨකයන් දත යුතු ප‍්‍රමාණයට වඩා විශාල ප‍්‍රමාණයක දැනුමක් මා සතුව තබා ගැනීමට අවශ්‍ය වනවා. ඒ නිසා විශාල සමීක්ෂණයක නිරතුුරුවම යෙදීමට කටයුතු කරනවා.

Q. ඔබ ‘ද කැෂුවල් වේකන්සි’ නවකතාව මුද්‍රණයෙන් පිටවීමෙන් පසු බොහෝ නිහ`ඩ වූවා වගේම ඔබ මාධ්‍යයට මුහුණ දුන්නෙත් ඉතාම සීමිතවයි?

මම කෘතියක් පිටවීමෙන් පසු බොහෝ නොඉවසිලිමත් වනවා. මොකද එහි අඩංගු දෑ නිවැරැුදිව සමාජගත වනවාද යන ගැටලූව නිරතුරුව මතුවනවා. හැරී පොටර් කතා මාලාවේ ‘ඩෙත්ලි හැලෝව්ස්’  කෘතිය ඉතිහාසයේ වැඩිම වේගයකින් අලෙවි වූ කෘතියයි. නමුත් එම කෘතිය විකිණී අවසන් වනතුරු මට මහා නොඉවසිල්ලක් දැනුණා. මම දන්නවා මෙම කෘතියට ඇතැම් පුද්ගලයන් අකැමැති වේවි. ඊට හේතුව මෙහි ඇතුළත් වන සිදුවීම්වල කාල වටපිටාවයි. තව ටික කාලයක් යනවිට මට හිතේවි ‘අනේ දෙවියනේ මෙම පොත ලියන්න තවත් අවුරුද්දක් තිබුණා නම්’ කියලා. මෙතරම් සාර්ථකත්වයක් පොටර් කෘතිවලට ලැබුණත් මම හිතනවා ‘අනේ තව කාලයක් තිබුණා නම්’ මට එහි ඇති දේ යළි සකස් කරන්න කියලා.

Q.  ඔබ ‘හැරී පොටර්’ කෘතිය රචනා කිරීම තුළින් ලෝක සාහිත්‍යයට අනුස්මරණීය චරිත ගණනාවක් නිර්මාණය කළා. ඒ අනුව ඔබව යම් දේවත්වයකට දාලා කතා කරන ආකාරයක් විචාරකයන් අතර පවා දක්නට ලැබුණා. එම චරිත අතහැර දමා මෙවැනි තේමාවකට යොමුවීම පිළිබ`ද ඔබේ අදහස මොකක්ද?

මම හැරී පොටර් කෘති ලියා අවසන්. නමුත් එයට සමුදුන්නා කිව්වොත් මම මිනීමරුවෙක් බවට පත්වෙනවා. මම දන්නවා ‘හැරී පොටර්’ කතා මාලාව කෘතීන් හතකින් නවත්වන්නේ නැතිව අට, නවය, දහය යන ආදී වශයෙන් තවත් කෘති ගණනාවක් රචනා කළා නම් සිදුවන්නේ තවත් මුදල් ගලා ඒමයි. ඒවා පාඨකයන් විසිනුත් බොහොම ආදරයෙන් වැළ`දගන්නවාට සැකයක් නැහැ. නමුත් කෘතීන් හතකින් අනතුරුව මට තිබුණ මාතෘකා අවසන් වුණා. ඒ අනුව මම තීරණය කළා ‘හැරී පොටර්’ දැන් ලිව්වා ඇති කියලා. නමුත් යම් කාලයකදී මගේ ඔළුවට අතිශය විස්මයජනක මායාමය අදහස් පහළ වුණොත් නැවත වරක් ‘හැරී පොටර්’ කෘතියක් ලිවීමේ ඉඩකඩ පවතිනවා. නමුත් ඊටත් වඩා වෙනත් ඉතා විශිෂ්ට අදහසක් හිසට ආවොත් එය කෘතියක් බවට පත් කරන්න කටයුතු කරගෙන යනවා.

Monday, November 19, 2012

Yash Chopra - යෂ් චොප්රා

► නම - යෂ් රාජ් චොප්රා
► උපන්දිනය - 1932 සැප්තැම්බර් 27
► මවුපියන් - පියා ගණකාධිකාරිවරයෙක් වූ අතර මව පන්ජාබ් ගෘහණියක් විය.
► ක්ෂේත‍්‍රයට සම්බන්ධ සහෝදරයන් -
බී.ආර්. චොප්රා හා ධරම් චොප්රා
► සිනමාවට සම්බන්ධවීම -
සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස
‘එක් හි රාස්තා- 1956
‘නයා ඩවුර්’- 1957
‘සාධ්නා’- 1958
► ප‍්‍රථම අධ්‍යක්‍ෂණය -
‘ඩූල් කා පූල්’  - 1959
► හොඳම අධ්‍යක්‍ෂණයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මාන ගත් සිනමා කෘති -
‘වක්ත්’ - 1965
අයිටෙෆක්’  - 1969
‘ඩාග්’  - 1973
‘ඞීවාර්’  - 1975
► හොඳම සිනමා කෘතියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ගත් කෘති -
● ‘ඩිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගි’ - 1995
● ‘ඩිල්තො පාගල්හේ’  - 1997
● ‘වීර් සාරා’ - 2004
► වාණිජමය අතින් සාර්ථකම සිනමාපටය -
ඉන්දීය රුපියල් කෝටි 94 ‘වීර් සාරා’
► ගරු සම්මාන - ● පද්ම භූෂණ සම්මානය
● පුසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී 2009 වසරේ සිනමාකරුවා සම්මානය
● ප‍්‍රංශයේ ඉහළම සිවිල් පුරවැසියාට ලබාදෙන ‘ලේජන් ඔෆ් හොනර්’  සම්මානය
● බී.බී.සී. ආසියානු සම්මාන උළෙලේ දෙවරක්ම සම්මාන ලැබීම.
● 2006 පූරන් සිනමා සම්මාන උළෙලේ සිනමාව වෙනුවෙන් ජීවිත කාලයේ එක්වරක් ලබාදෙන සම්මානයට පාත‍්‍ර වීම.
●ලීඞ්ස් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාදීම.
► බිරිඳ - පැමෙලා සින්ග් චොප්රා (1970 සිට)
► දරුවන් - ආදිත්‍ය චොප්රා (1971 මැයි 21)
උදය චොප්රා (1973 ජනවාරි 5)
► මරණය - 2012 ඔක්තෝබර් 21
► මරණය - 2012 ඔක්තෝබර් 21

‘යෂ් චොප්රා ඉන්දීය සිනමාවේ අනන්‍යතාවයි. ඔහුගේ මරණය බොලිවුඞ් සිනමාවට මෙන්ම ඉන්දියාවට ද බලවත් පාඩුවක්’ - ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං

වරෙක ඉතාලියානු අධ්‍යක්‍ෂ ජින්ලූක් ගොඩාර්ඞ් සිනමාව පිළිබඳ පැවසුවේ ලෝකයේ විශිෂ්ටතම බොරුව සිනමාව බවයි. ඔහු එය පැවසුවේ හේතුවක් සහිතවය. එනම් සිනමාව යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කරන්නේ මායාරූපී ලක්‍ෂණ සහිතවය. එවන් මායාමය සිනමාවකට බොලිවුඞ් සිනමාව අතගැසුවේ අද ඊයෙක නොවෙයි. 1914 වර්ෂයේදී බොලිවුඞ් සිනමාවේ පළමු වෘත්තාන්ත සිනමාපටය ‘ඩඩා සහාබ් පල්කේ’ අධ්‍යක්‍ෂණය කළේය. එය ‘රාජා හරිච්චන්දු’ නම් විය. අයි.එස්. ජොහාර් නම් අධ්‍යක්‍ෂවරයා සිය සිනමා කෘතීන් නිර්මාණය කරන්නේ මෙම අවධියේදීය. යෂ් චොප්රා නම් අද්විතීය සිනමාවේදියා බිහිවීමේ පදනම වැටෙන්නේ අයි.එස්. ජොහාර්ගේ මඟ පෙන්වීම යටතේය. හින්දි සිනමාවට එකතුවන යෂ් චොප්රා සිනමා නිර්මාණ විසිදෙකක් අධ්‍යක්‍ෂණය කරන අතර සිනමා කෘති පනස් තුනක් නිෂ්පාදනය කිරීමට දායක වන්නේය. ඔහු අතිවිශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක් වන්නේ දශක පහකට අධික කාලයක් හින්දි සිනමාවේ නොමැකෙන අපූර්ව සෞන්දර්යයන් රැුගත් සිනමා කෘති නිර්මාණය කළ අධ්‍යක්‍ෂවරයකු බවට පත්වීම තුළිනි.

යෂ් චොප්රා උපත ලබන්නේ අද පාකිස්තානයට අයත්වන ලාහෝර්වලදීය. ඒ 1932 සැප්තැම්බර් 27 වැනිදායි. ඔහුගේ පියා ගණකාධිකාරීවරයකු වූ අතර පවුලෙ අටවැන්නා හෙවත් බාලයා වශයෙන් යෂ් චොප්රා උපත ලැබීය. කුඩා කාලයේ සිටම ඔහුට සිනමාව හා සහසම්බන්ධයක් තිබුණේ බී.ආර්. චොප්රා නිසාය. බී.ආර්. චොප්රා යෂ් චොප්රාට වඩා වසර දහඅටකින් වැඩිමහලූ වූ අතර වෘත්තියෙන් සිනමාව පිළිබඳ ලිපි සම්පාදනය කළ මාධ්‍යවේදියෙක් විය. මේ අතර පනහ දශකයේ අග භාගයේදී බී.ආර්. චොප්රා හින්දි සිනමාවට අවතීර්ණවී අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් ක‍්‍රියා කිරීම ආරම්භ කළේය. එවකට විසිපස් වියැති තරුණයකුව සිටි යෂ් චොප්රා ඉංජිනේරුවෙක් වීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය. නමුත් එය අතරමඟදී නතර කළ ඔහු සිය වැඩිමහලූ සොහොයුරාගේ ආරාධනයෙන් 1957 වර්ෂයේදී ‘නායා ඩවුර්’ නම් චිත‍්‍රපටයේ සහය අධ්‍යක්‍ෂවරයා වශයෙන් සිය කටයුතු ආරම්භ කළේය. මේ වනවිට ඉන්දියාව දෙකඩවී තිබූ අතර චොප්රා පවුල ඉන්දියාවේ පන්ජාබ්හි ලූසියානාහි පදිංචියට පැමිණ සිටියේය. මෙම සමය හින්දි සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස විචාරකයන් සලකන්නේ 1940-1960 කාල සීමාවේදී බිහිවූ විශිෂ්ට සිනමා නිර්මාණ හේතුවෙනි. මෙම කාලයේදී සුපිරි තරු සංකල්පය බොලිවුඞ් සිනමාවේ ස්ථාපිත වූ අතර නළු නිළියන් ඔවුනොවුන් පරදවමින් තම දක්‍ෂතා මත වාණිජකරණය වීම ඇරඹී තිබුණි. සිය සොහොයුරුගේ සිනමා නිර්මාණ දෙකක සහය අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ යෂ් චොප්රා හට අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කලඑළිබැසීමට අවස්ථාව උදාවන්නේ සිය සොහොයුරා වන බී.ආර්. චොප්රා නිෂ්පාදනය කරන ‘ඩූල් කා පූල්’ -1959 වර්ෂයේදී අධ්‍යක්‍ෂණය කරමිනි. මෙම සිනමා කෘතියෙහි මාලා සිංහ, රාජේන්ද්‍ර කුමාර් සහ ලීලා චිට්නිස් රංගනයෙන් දායක වූහ. මෙය එකල පැවති චිත‍්‍රපටවලට වඩා වෙනස් සමාජ තේමාවක් රැුගත් කෘතියක් විය.

එම සිනමාපටයේ සාර්ථකත්වය මත තම සිනමා දිවිය පුළුල් කිරීමට යෂ් චොප්රා පියවර ගත්තේය. ඒ අනුව ඔහු 1961 වර්ෂයේදී ‘ධර්මපුත‍්‍ර’  චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ බී.ආර්. චොප්රාගේම නිෂ්පාදනයක් අනුවයි. මෙහි ශෂී කපූර් ප‍්‍රධාන චරිතය නිරූපණය කළේය. එහිදී යෂ් චොප්රා ඉන්දීය ජනරජය බෙදා වෙන්කිරීම පිළිබඳ පුළුල්ව සාකච්ඡුාවට බඳුන් කළේය. මෙය ශෂී කපූර්ගේ ප‍්‍රථම සිනමා කෘතිය විය. යෂ් චොප්රා තරු බිහිකරන අධ්‍යක්‍ෂවරයෙක් බවට හඳුනාගන්නේ මෙම සිනමා නිර්මාණයෙන් අනතුරුවයි. ‘ධර්මපුත‍්‍ර’ සිනමා නිර්මාණය ප‍්‍රදර්ශනය වීම ඇරඹීමත් සමගම ඉන්දියාව පුරා උද්ඝෝෂණ සහ ජනරැුළි සංවිධානය වූයේ එහි පැවති දේශපාලනික පසුබිමට විරෝධතාව පළකරමිනි. මෙම චිත‍්‍රපටය ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේය. චිත‍්‍රපටය සාර්ථකව ආදායම් වාර්තා බිඳදමමින් ප‍්‍රදර්ශනය වූවත් යළිත් දේශපාලන තේමාවක් රැුගත් සිනමා කෘතියක් නොකිරීමට යෂ් චොප්රා තීරණය කළේය.

ඒ අනුව 1965 වර්ෂයේදී ‘වක්ත්’ නිර්මාණය කරන්නේ නළුවන් තිදෙනෙක්, නිළියන් තිදෙනෙක් සහ දුෂ්ටයන් තිදෙනෙක් රංගනය සඳහා දායක කරගනිමිනි. තරු රැුසක් සහභාගි කරගෙන සිනමා නිර්මාණ බිහිකිරීමේ මූලාරම්භය සිදුවූයේ ‘වක්ත්’ හරහායි. එවකට අතිසාර්ථක නළුවෝ වූ සුනිල් දත්, රාජ් කුමාර්, ශෂී කපූර් සහ අතිසාර්ථක නිළියෝ වූ සධානා, ෂර්මිලා තාගෝර් මෙහි චරිත නිරූපණය කළහ. ඉන්දීය සිනමාවට ‘අහිමි වීම සහ සොයාගැනීම’ යන ෂොනරය ආගමනය සිදුවූයේ ‘වක්ත්’ ඔස්සේය. ‘වක්ත්’ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය දිනාගත්තේය.

මෙතෙක් සිය සොහොයුරා සමග සහයෝගයෙන් සිනමා නිර්මාණය කළ ඔහු අනතුරුව තමන්ගේම සමාගමකින් සිනමා කෘති නිපදවීමට තීරණය කළේය. යෂ් චොප්රා සිය විවාහ දිවියට එක්වන්නේද මෙම කාලයේදීයි. ඔහු 1970දී පැමෙලා සිංග් හා විවාහ විය.
1971 අනතුරුව ඔහු සිය නිෂ්පාදන සමාගමෙන් සිනමා කෘති නිපදවීම ආරම්භ කළේය. ඒ අනුව 1973 වර්ෂයේ ‘ඩාග්’ සිනමා කෘතිය ප‍්‍රදර්ශනය කිරීමට යෂ් චොප්රා සමත් වන්නේය. මෙය කල්ට් වර්ගයේ චිත‍්‍රපටයක් වන අතර අමිතාබ් බච්චන් නළුවෙක් වශයෙන් බොලිවුඩයේ ස්ථාවර කිරීමට ‘ඩාග්’ සමත්විය. බිරින්දෑවරු දෙදෙනෙක් සහිත ස්වාමිපුරුෂයකුගේ කතාන්දරයක් ‘ඩාග්’ හරහා දිගහැරුණි. මෙහි තිරපිටපත සලීම් සහ ජාවෙඞ් විසින් රචනා කරන ලදී. යෂ් චොප්රා ‘ඩාග්’ සිනමා කෘතියෙන් අනතුරුව අමිතාබ් යොදා ‘ඞීවාර්’  නිර්මාණය කළේය. යෂ් චොප්රා සහ අමිතාබ් සුසංයෝජනයෙන් සාර්ථක සිනමා නිර්මාණ පිටතට ආවේය. ඒ නිසා අමිතාබ් බච්චන් සුපිරි තරුවක් ලෙස ස්ථානගත විය.

අපි කාටත් මතකයේ රැුඳෙන ගීයක් වූ ‘කබී කබී මෙරි දිල් මෙ’ රැුගත් ‘කබී කබී’  සිනමා කෘතිය යෂ් චොප්රා නිර්මාණය කරන්නේ 1976 වර්ෂයේදීය. මෙය යෂ් චොප්රාගේ සිනමා දිවියේ හැරවුම් ලක්‍ෂ්‍යක් විය. මෙතෙක් සමාජ ගැටලූ පිළිබඳ කල්ට් සිනමා කෘතීන් නිර්මාණය කරමින් සිටි චොප්රා රොමෑන්ටික් සිනමා නිර්මාපකයෙක් වශයෙන් සමාජගත වූයේ ‘කබී කබී’ හරහායි. අනතුරුව 1981දී ‘සිල්සිලා’ නිර්මාණය කරන යෂ් චොප්රාට අසූව දශකයේ මැද භාගයේදී සිය සාර්ථකත්වය දිගටම පවත්වාගෙන යාමට නොහැකි විය. ඔහු 1984 නිර්මාණය කරන ‘මෂූල්’ සහ ‘ෆාස්ලේ’ කෘතීන් වාණිජමය වශයෙන් අසාර්ථක වෙයි.

‘යෂ් චොප්රාගේ අනන්‍යතාව’ සැකසෙන්නේ චාන්ද්නි සිනමා කෘතිය හරහාය. මෙහිදී එතෙක් බොලිවුඞ් සිනමාවේ පැවති නළුවා මූලික කතාන්දරය වෙනස් වන අතර නිළිය(ශ‍්‍රී දේවි) මූලිකත්වයට පැමිණෙයි. එසේම රොමෑන්ටික් සංගීතයෙන් අනූනව සිනමා නිර්මාණය එළිදැක්වීමට යෂ් චොප්රා කටයුතු කරන්නේය. මෙම සිනමා කෘතිය ජාතික සිනමා සම්මාන උළෙලේ ජනප‍්‍රියම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.

අනතුරුව 1991දී යෂ් චොප්රා ‘ලම්හේ’  නිර්මාණය කරන අතර 1993දී ‘ඩර්’  සහ 1997දී ‘දිල්තො පාගල් හේ’  නිර්මාණය කරයි. මෙම සිනමා කෘතීන් තුනම අතිශය ජනප‍්‍රිය වන අතර බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය විය.
යෂ් චොප්රාගේ වඩාත්ම සාර්ථක සිනමා කෘතියක් ලෙස සැලකෙන්නේ 2004 වර්ෂයේදී තිරගත වූ ‘වීර් සාරා’  සිනමා කෘතියයි. ෂාරුක් ඛාන්, ප‍්‍රීති සින්ටා සහ රාණි මුඛර්ජි ප‍්‍රධාන චරිතවලට පණපොවන ‘වීර් සාරා’ විචාරක හා පේ‍්‍රක්‍ෂක පැසසුම්වලට ලක්කරමින් ලොව පුරා ප‍්‍රදර්ශනය වන අතර ඉන්දීය රුපියල් මිලියන 940ක ආදායමක් ලැබීය.

යෂ් චොප්රා මිය යනවිට ඔහුගේ අවසාන සිනමා නිර්මාණය වූ ‘ජබ් තක් හේ ජාන්’හි තිරගත කිරීමේ කටයුතුවල නිරත විය. ‘ජබ් තක් හේ ජාන්’ ෂාරුක් ඛාන්, කත‍්‍රිනා කයිෆ් සහ අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක වන රොමෑන්ටික් සිනමාපටයකි. අවසාන සිනමා කෘතිය ජනතාව වැළඳගන්නා අයුරු බලාගැනීමට යෂ් චොප්රාට නොහැකි වන්නේ ඩෙංගු මාරයාට ඔහු බිලිවීම නිසාය. ඔහු ඔක්තෝබර් 21 වැනිදා සදහටම දෑස් පියාගත්තේය.

අමිතාබ් බච්චන් වසර හතළිස් හතරක් පැරැුණි සිය මිතුරා පිළිබඳ පවසා ඇත්තේ ඔහු බොලිවුඞ් සිනමාවට අත්‍යවශ්‍යම පුද්ගලයෙක් බවයි. බොලිවුඞ් සිනමාවේ දිගම කාලයක් අතිසාර්ථක වූ අධ්‍යක්‍ෂවරයා වශයෙන් යෂ් චොප්රා සැලකෙයි. ඔහුට ෆිල්ම් ෆෙයාර් සම්මාන 11ක් ලැබී ඇති අතර 2005 වසරේ ඉන්දීය සිනමාවට සිදුකළ විශිෂ්ට මෙහෙය වෙනුවෙන් පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. ඊට අමතරව ඉන්දියාව තුළත් ඉන් පිටත් ගෞරව බහුමානයන් රැුසකින් යෂ් චොප්රා පිදුම් ලබා තිබේ. කල්ට් සිනමාකරුවකුගේ සිට රොමෑන්ටික් සිනමාවේ රජු වශයෙන් විරුදාවලියක් ලැබීමට තරම් යෂ් චොප්රාගේ සිනමා නිර්මාණ වින්දනීය විය. රමණීය විය. ඇත්තෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යෂ් චොප්රා යනු අද්විතීය විශිෂ්ටයෙකි. ඔහු තරග කළේ තමන්ගේ වයසින් අඩකටත් අඩු නිර්මාණකරුවන් සමගය. එම සොඳුරු සටනේදී අනෙකුත් තරුණ බොලිවුඞ් නිර්මාණකරුවන් අබිබවා මෙම සොඳුරු සෞන්දර්යවේදියා ජයග‍්‍රහණය කළේය.



BARFI
රන්බීර් කපූර්, ප‍්‍රියංකා චොප්රා නැවතත් රිදී තිරයේදී හමුවෙන්නේ අසාමාන්‍ය සිනමාපටයකින්. ‘බාර්ෆි’ කියන්නෙ ගොළු බිහිරි යෞවනයකු (රන්බීර්) වටාත් ඔටිසම් තත්ත්වයෙන් පෙළුණු තරුණියක් (ප‍්‍රියංකා චෝප්රා) වටාත් ගෙතෙන චිත‍්‍රපටයක්. මොවුන් දෙදෙනාට අමතරව ඉලේනා ඞී කෲස් මෙහි චරිත නිරූපණය කරනවා. බාර්ෆි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්නේ අනුරාග් බාසු. මීට කලින් අනුරාග් අධ්‍යක්‍ෂණය කළ ‘කයිට්ස්’ චිත‍්‍රපටය ආදායම් වාර්තා බිඳහෙළන්න සමත් වුණා. ‘අන්ජානා අන්ජානී’ චිත‍්‍රපටයේ ජනප‍්‍රියත්වයත් සමග රන්බීර්, ප‍්‍රියංකා මේ චිත‍්‍රපටය සඳහාත් යොදාගෙන තිබෙනවා. මර්ෆි බාර්ෆි ජොන්සන් (රන්බීර්) නම් තරුණයා තම ආදරය දිනාගැනීමට සිදුකරනා වීර වික‍්‍රම මෙම සිනමාපටය පුරාම දක්වන්න පුළුවන්. මෙහි කතාව පවසනවාට වඩා එය ඔබ විසින්ම නරඹා විඳිය යුතුයි. ඒ විතරක් නෙවෙයි මේ වනවිට 2013 ඔස්කාර් සම්මාන උළෙල සඳහා ‘බාර්ෆි’ නිර්දේශ වී තිබෙනවා.

STOLEN movie

 STOLEN

ස්ටෝලන් චිත‍්‍රපටයෙහි අන්තර්ගත වන්නේ අපරාධකරුවෙක් තමන්ගේ දියණිය බේරාගැනීමට දරන උත්සහයයි. මෙහිදී වැදගත් කාරණය වන්නේ අපරාධකරුවා තුළ තම දියණිය කෙරෙහි පවතින හෘදයාංගම බැඳීම. මේ බැඳීම මුදල්වලට විතරක් නෙවෙයි තමන්ගේ වෘත්තියටත් වඩා බොහොම ඉහළ තැනකයි තිබෙන්නේ. ස්ටෝලන් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ නිකොලස් කේජ් සහ මලින් අකර්මන්. සිනමා පටය දිග හැරෙන්නේ විල් මොන්ටිගෝමරි (නිකොලස් කේජ්) නම් අපරාධකරුවා ඩොලර් මිලියන දහයක බැංකු මංකොල්ලයකට සිරගත වීමේ සිද්ධියත් එක්කයි. විල් හිරෙන් නිදහස් වුණාට පස්සෙ තමන් අවුරුදු අටකින් නොදැක්ක තමන්ගෙ දියණිය බලන්න යනවා. මේ අතරෙ විල්ගේ පැරැුණි හවුල්කරු වූ ෆ්ලෙවර් (මාර්ක් වැලේ) විල්ගේ දුව පැහැරගෙන සිය කාරයේ ඩිකියේ දමාගෙන රැුගෙන යනවා. දියණිය නිදහස් කරගැනීමට ෆ්ලෙවර් විල්ගෙන් ඩොලර් මිලියන දහයක මුදලක් ඉල්ලනවා. තම දියණිය බේරා ගැනීමේ අරමුණෙන් ෆ්ලෙවර් තවත් බැංකු සොරකමක නිරත ෙ ව න ව ා . විල්ට තම දියණිය බේරා ගැනීමට හැකිවෙයිද? ඔහුව යළිත් පොලීසියට කොටුවෙයිද? කතාව දිව යන්නේ ඉහත කී ආතතීන් දෙක ඔස්සෙයි.

Sunday, November 18, 2012

Amir Khan interview

මට දේශපාලනඥයකුු වෙන්න බැහැ - අමීර් ඛාන්

අමීර් ඛාන් යනු බොලිවුඞ් සිනමාවේ අභියෝගාත්මක චරිතයකි. ඒ ඔහු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්. නිෂ්පාදකයෙක් වශයෙන් කටයුතු කරන නිසා නොවේ. ඔහු සමාජ සේවකයෙක් වශයෙන් මෙන්ම දේශපාලන ක‍්‍රියාධරයෙක් වශයෙන්ද කටයුතු කරන නිසාය. අමීර් බොලිවුඩයට පිවිසෙන්නේ 1984 වර්ෂයේදී ‘හෝලි’ චිත‍්‍රපටයේ රඟපෑමෙනි. ‘ක්වයාමත් සේ ක්වයාමත්’, ‘දිල්’, ‘මන්ගල් පාන්ඬේ’, ‘රන්ග් දෙ බසන්ති’, ‘ගජිනි’, ‘ත‍්‍රී ඉඩියට්ස්’ වැනි සිනමා නිර්මාණ තුළින් අමීර් ඛාන් තම රංගන දක්ෂතාව මනාව ඔප්පු කළේය. ‘ලගාන්’ චිත‍්‍රපටයේ නිෂ්පාදකයා වශයෙන් කටයුතු කරන අමීර් ‘තාරේ සමීන් පර්’ සිනමාපටයේ සමඅධ්‍යක්ෂවරයෙක්ද වෙයි. නමුත් සිනමාවට ඇති ඔහුගේ සම්බන්ධයට වඩා අද වනවිට අමීර්ගේ සමාජ දේශපාලන දැක්ම ප‍්‍රබල වී ඇත. ඔහු මීට පෙරද ඉන්දියාවේ සමාජ සංශෝධන ප‍්‍රවාහයන් රැුසකට සහභාගි විය. නර්මදා නදිගේ ‘සර්දාර් සංරෝවර් වේල්ල’ ඉදි කිරීමට එරෙහිව සටනේ ක‍්‍රියාකාරියකු ලෙස ඔහු සහභාගි විය. එමෙන්ම අන්නා හසාරේගේ වැඩපිළිවෙළටද අමීර් තම සහය ලබා දුන්නේය.
මේ නිසා ඇතැම් අවස්ථාවලදී අමීර්ගේ සිනමා නිර්මාණ ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්ත තුළ තහනම් කළේය. 2012 මැයි 06 වැනිදා සිට විශේෂඥ සමීක්ෂණ කණ්ඩායමක් සමග එක්ව ‘සත්යමෙව් ජයත්’ (satyamev jayet)රූපවාහිනි වැඩසටහන ආරම්භ කෙරුණි. එම වැඩසටහනෙහි තේරුම ‘සත්‍ය ජය ගනී’ යන්නයි. මෙය හින්දි, පංජාබ් ඇතුළු භාෂා අටකින් ඉන්දියාවේ විකාශය විය. කොටස් 14කින් යුත් මෙම වැඩසටහන ඉන්දීය කුල ක‍්‍රමය, ළමා අපචාර, වෛද්‍යවරුන්ගේ නීත්‍යනුකූල නොවන බෙහෙත් දීම් වැනි ප‍්‍රබල සමාජ ගැටලූ රැුසක් කතාවට භාජනය කළේය. මෙම වැඩසටහන ඉන්දියාව පුරා අතිශය ජනප‍්‍රිය වූ අතර දේශපාලන වේදිකාවලද කතාබහට ලක් විය. අමීර් ඛාන් සමග සත්යමෙව් ජයත් පිළිබ`ද කළ සංවාදයක් පහත දැක්වෙයි.


 Q. ‘සත්යමෙව් ජයත්’ මේ වනවිට ඉන්දියාව පුරා අතිශය ජනප‍්‍රිය වෙලා තිබෙනවා. පේ‍්‍රක්ෂකයෝ ඔබගේ වැඩසටහනට විශාල ආදරයක් දක්වනවා. මෙය අපේක්ෂා කළ දෙයක්ද?

A. මේ ප‍්‍රතිචාර ලැබීම නාටකීය ක‍්‍රමවේදයක් වශයෙනුයි මම දකින්නේ. අපි හිතුවාටත් වඩා මෙම වැඩසටහන ජනප‍්‍රියත්වයට පත් වීම නිසා ඇති වූ තත්ත්වයක්. කාෂ්මීරයේ සිට කන්‍යාකුමාරි දක්වා කෝටි සංඛ්‍යාත ජනයා සත්යමෙව් ජයත් කියන සංකල්පය හරහා එක්ව සිටිනවා. අපි කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ ග‍්‍රාමීය සහ නාගරික ජනතාව මෙම වැඩසටහන නරඹන බවයි. ජනතාව මෙම වැඩසටහන හැ`ගීම් ඔස්සේ නැරඹීම හරි අපූරු දෙයක්. මෙම වැඩසටහන ඔස්සේ ජනතාව එය වැළඳ ගන්නා ආකාරය එයට ප‍්‍රතික‍්‍රියා දක්වන ආකාරය හරිම පුදුමාකාරයි.

Q. මෙම වැඩසටහන හරහා සමාජ සංශෝධකයෙක්ගේ කාර්යභාරය ඔබ ඉටු කරනවා. ‘සත්යමෙව් ජයත්’ වැඩසටහනට පසු ඔබ වැඩසටහනට ඔබ්බෙන් යම් සමාජ කාර්යයක් ඉෂ්ට කිරීමට පෙරමුණ ගන්නවාද? එසේත් නැත්නම් මෙම ජනප‍්‍රියත්වය සමග දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තු වනවාද?

A. දේශපාලනය පිළිබ`ද මගේ කිසි උනන්දුවක් නැහැ. මට කොහොමවත් දේශපාලකයකුගේ භූමිකාව ර`ගපාන්න බැහැ. මම ඉන්නා ක්ෂේත‍්‍රය ඔස්සේ සමාජය උදෙසා කළ හැකි බොහෝ දෑ පවතිනවා. ඒ ඔස්සේ කටයුතු කිරීම තමයි මගේ අරමුණ වන්නේ. ඉතින් දේශපාලන මඩගොහොරුවට පා නොතබා අවශ්‍ය පරිදි සමාජ සේවා කටයුතු කරන්නයි බලාපොරොත්තු වන්නේ.

Q. මෙය තවත් එක් වැඩසටහනක් බවට පත් වෙයිද? මොකද සමාජ යථාර්ථයන් පිළිබ`ද බොහෝ වැඩසටහන්වලින් කතා කළත් ඉන් එහාට එම සංසිද්ධීන් රැුගෙන යන්නේ නැහැ. ඔබ වැඩසටහනේ යම් වැඩපිළිවෙළක් පවතිනවාද මෙම ගැටලූවලට පිළිතුරු ලබාදෙන?

A. මම විශ්වාස කරන දෙයක් තමයි තොරතුරු සහ දැනුම සමාජගත කිරීම තුළින් සමාජයේ හැසිරීම වෙනස් වන බව. එය අපි මීට පෙර කිහිප වරක්ම අත්විඳලා තියෙනවා. මීට පෙර අප කරපු ‘තාරේ සමීන් පර්’ ගත්තොත් එයින් අපි තොරතුරු සහ දැනුම කියන දෙකම ජනතාවට ලබාදුන්නා. ඩයිලෙක්සියා  කියන රෝගී තත්ත්වය පවතින බවට ජනතාවට ඒත්තු ගන්වන්න අපිට ඒ ම`ගින් හැකියාව ලැබුණා. ඉන් අනතුරුව මෙම රෝගී තත්ත්වය පිළිබ`ද සොයා බලන්න ජනතාව වැඩි වැඩියෙන් පෙළඹුණා.
අපි මෙහිදී උත්සහ කළේ පේ‍්‍රක්ෂකයන් දැනුවත් කිරීම හරහා සමාජ ප‍්‍රගතිශීලීත්වය ඇති කරන්නයි. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් පවතිනවා. එනම් අපි මේ වැඩසටහන මඟින් මහා විප්ලවයක් කරන්න උත්සහ කරන්නේ නැහැ. නමුත් අපි ප‍්‍රශ්න කරනවා මහා පරිමාණයෙන් මුදල් වියදම් කර විවාහ උත්සව ගැනීම පිළිබ`ද, ළමා අපචාර සහ අපයෝජන පිළිබ`ද. මෙයින් අපි උත්සහ කරන්නේ තනි තනි පුද්ගලයන් වශයෙන් මෙවන් සමාජ අපචාර හෝ අන් අයට හිංසා වන දෑ කිරීමෙන් වළක්වා ගැනීමයි. අපි පුද්ගලයන්ට කියන්නේ නැහැ ඔබ ගිහිං අසල්වැසියා ප‍්‍රශ්න කළ යුතුයි කියලා. අපි කියන්නේ තමන් එම වරදින් අත්මිදිය යුතුයි කියලා. එවිට සමාජය තුළ තවත් එක් පුද්ගලයෙක් වරදකින් අත්මිදෙයි. මෙලෙස එකිනෙකා තමන් කරනා කාර්යයන් සාධාරණව ඉටු කළහොත් වඩාත් සාධාරණ සමාජයක් බිහි කරන්න හේතුවක් වේවි.

Q. ඔබ සමාජ සේවකයෙක් හෝ සමාජ විශ්ලේෂකයෙක් වශයෙන් කටයුතු කරද්දී තරුවක් ලෙස ඔබට තිබූ ආකර්ෂණය අහිමි වෙනවා. ඒ අනුව ඔබ විශාල අභියෝගයක් ලබාගන්නවා. ඒ තරුවක් විදිහට තියෙන ජනප‍්‍රියත්වය අහිමි කරගෙන මෙම වැඩසටහන මෙහෙය වීම. මේ පිළිබ`ද මොකද හිතෙන්නේ?


A. මම ඒක දකින්නේ මෙහෙමයි, මෙම වැඩසටහන හරහා ඉන්දියාවේ අතිවිශාල ප‍්‍රදේශයක සැරිසරන්න මට හැකි වුණා. ඒ තුළින් විවිධ සංස්කෘතීන් තුළ වාසය කරන ජනතාවත් සමග සාකච්ඡුා කරන්න මට වාසනාව උදා වුණා. ඔවුන්ගේ ගැටලූ පිළිබ`ද සාකච්ඡුා කිරීමට පැමිණියා කිව්වහම ඉතාම ළෙංගතුකමින් මාව පිළිගත්තා. ඔවුන්ගේ ආදරය නිසාම සමාජ ගැටලූ පිළිබ`ද තවත් ගැඹුරින් කතා කරන්න මට අවශ්‍ය වුණා. මෙම සමාජ චාරිකාව හරහා පෞද්ගලිකව මගේ දැනුම දියුණු කරගන්න බොහෝ කාරණා හේතු වුණා.

Q.ඉන්දියාව තුළ රාජ්‍ය නොවන සංවිධාන රැුසක් සමාජ ප‍්‍රගමනය උදෙසා කටයුතු කරනවා. නමුත් අපිට විශාල ප‍්‍රගතියක් පේන්නේ නැහැ. මේ පිළිබ`ද මොකද හිතෙන්නේ?

A. අපි අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල්ව කටයුතු කරන්නේ නැහැ. නමුත් ඔවුන් කරනා යහපත් ක‍්‍රියාවන් අනුමත කරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානත් අපිට සහය ලබාදෙනවා. අපේ වැඩසටහන්වලට පාදක වන සමාජ ගැටලූ ලබා ගන්නේ දීර්ඝ කාලීන සමාජ සමීක්ෂණවලින් අනතුරුවයි. සමහර සමීක්ෂණ අවුරුදු 20, 30 තරම් දීර්ඝ කාලයක් තුළ සිදු කරන ලද ඒවායි. ඒ නිසා එම සමීක්ෂණ ඉතාම සුවිශේෂියි. ඔවුන්ගේ සමීක්ෂණ අපගේ වැඩසටහනේ මූලික පදනම බවට පත් වෙනවා. එම කරුණු උපයෝගී කරගෙන වසර විසි පහකට ආසන්න කාලයක් බොලිවුඩය තුළ මා උපයා ගත් දේ ජනතාව අතරට රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ලබාදීමටයි කටයුතු කරන්නේ.

Q. සුපිරි තරුවක් ගැඹුරු සමාජ ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන්නේ ජනමාධ්‍ය ම`ගින් කෙරෙන හෙළිදරව් කිරීම් නොමැති නිසාද?

A. එහෙම ජනමාධ්‍යයට චෝදනා කරන්න බැහැ. ඔවුන් සුවිශේෂී මෙහෙවරක් සිදු කරනවා. පසුගිය වසර විස්සක තිහක කාලය තුළදී ජනමාධ්‍යවේදීන් ඉතා භාරධුර එමෙන්ම ජාතියට වටිනා හෙළිකිරීම් සිදු කර තිබෙනවා. අපේ අරමුණ නව න්‍යාය පත‍්‍රයක් හ`දුන්වාදීම හෝ අතිශය දුර්ලභ කතන්දරයක් රූපවාහිනි මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීම නෙවෙයි. අපි කරන්නේ පවතින සමාජ ගැටලූ යම් වේදිකාවකට ගෙන ඒමයි. ඒ තුළින් සමාජ අවධානය ලබාගැනීමයි. සාමාන්‍යයෙන් පුවත්පත් කියවන්නේ සමාජයේ එක්තරා කොටසක් පමණයි. අපි මෙහෙම හිතමු. ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවිවන පුවත්පත පවා සංසරණය වන්නේ ලක්ෂ 50ක පමණ ජනතාවක් අතරයි. නමුත් රූපවාහිනි මාධ්‍ය කෝටි 80කට වඩා පිරිසක් නරඹනවා. ඒ කියන්නේ ඉන්දියාවෙන් තුනෙන් දෙකක්. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් සමාජයට විශාල බලපෑමක් ‘සත්යමෙව් ජයත්’ හරහා කරන බව.

Q. වැඩසටහන් ඇතැම් කොටස් පිළිබඳ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල නිර්දය ලෙස විවේචන එල්ල කර තිබෙනවා. විශේෂයෙන් කුල ක‍්‍රමය ගැන කෙරුණ වැඩසටහන පිළිබ`ද සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කෙරුණ වැඩසටහන. මේ පිළිබ`ද ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

 A.ඕකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. වෛද්‍යවරු පිළිබඳ කතිකාවේදී මම එකදු වෛද්‍යවරයෙක්ටවත් බැන්නේ නැහැ. මම කිව්වේ නියමිත ක‍්‍රමවේදයන්ට අනුව බෙහෙත් වර්ග නිකුත් නොකරනවා නම් රෝගීන් අමාරුවේ දමනවා නම් එවන් හොර වෛද්‍යවරුන් හෙළා දැකිය යුතුයි කියලා. ඉතින්  ඕනෑම නීත්‍යනුකූල වෛද්‍යවරයෙක් මෙම කාරණයට එක`ග වේවි. මොකද හොර වෛද්‍යවරුන් ඉන්දියාවට බරක් වෙලා තියෙන්නේ. හැබැයි මෙතැනදී එක දෙයක් පැහැදිලිවම කිව යුතුවනවා. ඒ තමයි අපි ප‍්‍රශ්නයක් පිළිබ`ද සාකච්ඡුාවට බ`දුන් කරන්නේ එය බහුතර සමාජයට ගැටලූවක් වී ඇති නිසා. නමුත් සුළුතරයක් ඉන්න පුළුවන් එම ගැටලූව නිසා ප‍්‍රතිලාභ ලබන.

Q.මීට පෙරත් ඔබ සමාජ සේවා වැඩකටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා අපි දැක්කා. අන්නා හසාරේගේ ලෝක් පාල් පනතට එරෙහි ක‍්‍රියාවලියට ඔබත් සහභාගි වුණා?

A. මීට පෙර බොහෝ ජන අරගලවලට, උද්ඝෝෂණවලට මම සහභාගි වුණා. නමුත් අන්නා හසාර්ගේ වැඩපිළිවෙළ තමයි එයින් සුවිශේෂී. බොහෝවිට එම සමාජ සංශෝධන ක‍්‍රියාවලිවලදී ඍජුව නොවුණත් මගේ දායකත්වය ලබාදී තිබෙනවා.

Q. ‘සත්යමෙව් ජයත්’ ආරම්භ කරන විට අරමුණ කර ගත් දේ දැන් ඉෂ්ට වී තිබෙනවාද? අපිට මෙම ආන්දෝලනාත්මක වැඩසටහනේ දෙවැනි අදියර දකින්නට ලැබෙන්නේ කවදාද?

A. ඇත්තටම අරමුණු බොහොමයක් සාර්ථක වී තිබෙනවා. අපි නොසිතූ ලෙස බොහෝ සමාජ ක‍්‍රියාකාරීන් දේශපාලකයන් අපගේ වැඩසටහනේ අන්තර්ගත කරුණු දෙස වඩාත් ධනාත්මකව ප‍්‍රතිචාර දැක්වීමට පටන් ගෙන තිබෙනවා. එය ඉතාමත් හොඳ කරුණක්. උදාහරණයක් විදිහට සමහර වැඩසටහන් ස`දහා ලක්ෂ දෙකකට අධික දුරකතන ඇමතුම් ලැබුණා. එය විශිෂ්ට කරුණක්. ඔබ ඇසූ අනෙක් ප‍්‍රශ්නය මෙම වැඩසටහනේ දෙවැනි අදියර කවදාද එන්නෙ කියන එකට මං ළඟ මේ මොහොතේ පිළිතුරක් නැහැ. මෙවැනි ගැඹුරු සමාජ ප‍්‍රශ්න ගැන කතා කරන වැඩසටහනක් සැලසුම් කරන්න නිරවුල් මනසක් තියෙන්න  ඕනේ. මම දැන් ‘ඩූම් 3’ (ෘයදදප - 3* චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා. අනතුරුව රාජු හිරානිගේ ‘පීක්යා’ (ඡුැැන්හ* රූගත කරනවා. මෙම චිත‍්‍රපට මගේ සිනමා දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන. එම ව්‍යාපෘති දෙක අවසන් වූවාම ඊළ`ග ‘සත්යමෙව් ජයත්’ ඔබට දැකගන්න පුළුවන් වේවි.

Friday, November 16, 2012

Ignazio Silone



විප්ලවවාදී රචකයෙක්මොළයට ඍජුවම පහරදෙනවා

- ඉග්නාග්සියෝ සිලෝනෙ


ඉග්නාග්සියෝ සිලෝනෙ  යනු ලොව පුරා බොහෝ දේශපාලන සංවිධානවල අත්පොතක් බඳු වූ ෆොන්ටමාරා කෘතියේ කර්තෘවරයා වෙයි. ඔහු 1900 මැයි පළමුවැනිදා ඉතාලියේ පෙන්සිනානගරයේදී උපත ලැබීය. 1915 දී ඉතාලියට බලපෑ දරුණු භූමිකම්පාවෙන් ඔහුගේ මව මිය ගිය අතර, ඔහුගේ පියා 1911දී මිය ගියේය. යොවුන් වියේ සිටම දේශපාලනයට ඇල්මක් දැක්වූ සිලෝනෙ ‘තරුණ සමාජවාදී කණ්ඩායම’ නමින් හඳුන්වන ලද ඉතාලියේ සමාජවාදී පක්ෂයේ කොටසක් සමග සම්බන්ධ විය. 1921දී ආරම්භ කරන ලද එම පක්ෂයේ මුල්කාලීන ක‍්‍රියාකාරී සාමාජිකයෙක් බවටද සිලෝනෙ පත්විය. 1927දී ඔහු පක්ෂයේ මෙහෙයුමක් සඳහා සෝවියට් රුසියාවට යන අතර 1930දී ස්විස්ටර්ලන්තයේ පදිංචිවෙයි. 1978 අගෝස්තු 22 වැනිදා සිලෝනෙ මියයන තෙක් ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් ගතවන්නේ ස්විස්ටර්ලන්තයේය.
1930දී ස්විස්ටර්ලන්තයේ පදිංචි වූ මුල් සමයේ සිලෝනෙ ‘ෆොන්ටමාරා’  කෘතිය එළි දක්වන ලදී. අනතුරුව ‘ෆැසිසිසම් - ඉට්ස් ඔරිජින් ඇන්ඞ් ඩිවලොප්මන්ට්’ , ‘බ්‍රේඞ් ඇන්ඞ් වයින්’, ‘ද ස්කූල් ෆො ඩික්ටේටර්ස්’, ‘ද ලිවින් තෝට් ඔෆ් මැසිනි’ , ‘ද සීඞ් බිනීත් ද ස්නෝව්’ , ‘ද ගෝඞ් දැට් ෆේල්ඞ්’ , ‘ඉමර්ජන්සි එක්සිට්’ , ‘ස්ටෝරි ඔෆ් අ හම්බල් ක‍්‍රිස්ටියන්’ ආදි කෘති රැසක් රචනා කරන ලදී.
සිලෝනෙ 1969දී සාහිත්‍ය සඳහා කරන ලද මෙහෙය වෙනුවෙන් ‘ජෙරුසෙලම් සම්මානයෙන්’ පිදුම් ලද අතර, 1971දී ඉතාලියේ සාහිත්‍යය සඳහා පිදෙන ඉහළම සම්මානයක් වන ‘ප‍්‍රික්ස් මොන්ඩියල් සිනෝ ඩෙල් ඩුකා’  සම්මානයෙන් පිදුම් ලැබීය. ලොව පුරා ජනප‍්‍රියවූ ‘හොන්ටමාරා’ කෘතිය 1977දී ‘කාර්ලෝලිසානි’ විසින් සිනමාවට නගනලදී. පහත පළ වන්නේ සිලෝනෙ සමග යුරෝපා වාර්තාකරුවකු ඔහුගේ දේශපාලන හා සාහිත්‍ය දැක්ම පිළිබඳ කෙරුණු සංවාදයක පරිවර්තනයකි.

Q.ඔබ සාහිත්‍යකරුවෙක් වගේම දේශපාලනඥයෙක්. ඔබව දකින්න කැමැති කොහොමද?

A.මම අත්දැකීම් රැුසක් එකතුකරගත් කෙනෙක්. රටවල් තුනක සමාජ සාහිත්‍ය කරුණු හොඳින්ම අධ්‍යනය කරන්න ලැබුණ කෙනෙක්. ඒක  ඕනෑම පුද්ගලයකුට තිබිය යුතුයි. නමුත් ඒ තිබෙනවාට වඩා මට අවස්ථාව හිමිවුණා විශාල වපසරියක විශාල දේශපාලනික භාවිතාවක ජීවත්වෙන්න. ඒක නිසා මගේ සාහිත්‍ය පෝෂණය වුණා. මෙහෙම කිව්වොත්, කොමියුනිස්ට් පක්ෂයේ හිටියට ඒකට අයිති නැති, පල්ලියේ හිටියට පල්ලියට අයිති නැති කොමියුනිස්ට් වාදියෙක් සහ ක‍්‍රිස්තියානි ආගමිකයෙක් කිව්වොත් වඩාත් නිවැරැුදියි.

Q ඔබ කතාන්දර කීමේ කලාව දකින්නේ කොහොමද?

A.මෙහෙමයි මීට අවුරුදු ගණනාවකට පෙර ඔබ ඔය ප‍්‍රශ්නය මගෙන් ඇහුවනම්, මම දෙන පිළිතුරු බොහෝ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඊට හේතුව වෙන්නේ මම අද හොඳ කතාකාරයෙක් වීම නෙවෙයි, මගේ දෘෂ්ටියයි. කතාන්දරයක් කීමේ කලාව ඒ ඒ රචකයාට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට යම්කිසි කෙනෙකු හරිම පිළිවෙළට කතන්දරයක් කියනවා කියලා හිතමු. එතකොට ඒ පුද්ගලයා පැරණි ලේඛනවල ශෛලියට අනුගත කෙනෙක් බවට පත්වෙනවා. මම ලියන විදියට තව කෙනෙක්ට ලියන්න බැහැ. හැබැයි යම්කිසි කාලයක් තියෙනවා අපි ආස කරන සාහිත්‍යකරුවන්, නිර්මාණ ශිල්පීන් අනුකරණය කරන. ඒක මුල්කාලීනව යහපත් දෙයක්. මොකද ඉන්පස්සේ තමයි තමන්ටම කියලා කලාවක් උපදින්න පටන්ගන්නේ. කතන්දරයක් කීම කතුවරයාගේ ඔළුවෙ මැවෙන දෙයක්. ඒක මේ ආකාරයෙන් විය යුතුයැයි කියලා කාටවත් කියන්න බැහැ.

Q.අද වාමාංශික රචකයන් බිහිවෙනවා. නමුත් එම රචකයන් තුළ අස්ථිර බවක් දක්නට ලැබෙනවා. ඔබ කොහොමද දකින්නේ මේ වාමාංශික සාහිත්‍යය?

A.ඔබ ‘වාමාංශිකයි‘ කියලා හඳුන්වපු සාහිත්‍යයට අර්ථ බොහොමයක් පවතිනවා. ‘දකුණ’, ‘වම’, ‘මධ්‍යම’ ඔය කියන වචන අනාගතයට ඉතිරි කරනවානම් මම බොහොම කැමැතියි. ඒකට හේතුව වෙන්නේ  ඕනෑම කෙනකුගේ රචනා තුළ යම් දේශපාලන මතවාදයක් පැවතීමයි. හැබැයි කෙනකුට  ඕනෑම දේශපාලනයක් තම නිර්මාණය තුළට ගෙන එන්න පුළුවන්. එහෙම ගෙනා පමණින් එය දේශපාලනික වන්නේ නැහැ. හැබැයි වාමවාදී රචකයන් රැුසක් හඳුනගන්න පුළුවන්. මේ වෙනකොට ‘ෆැසිස්ට්’ වාදයට එරෙහිව තම නිර්මාණ බිහිකරන බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් තමන්ගේ අත්දැකීම් නිර්භයව ප‍්‍රකාශකරනවා. සැබෑ වාමවාදී රචකයන් බොහෝ රටවල ඉන්නවා. ඔවුන්ගේ ඒකායන අරමුණ ‘රුසියාවේ’ සමාජවාදී ක‍්‍රමය අතිශයෝක්තියෙන් නැඟීම නොවේ. ඔවුන් තම රටවල අතිදුප්පත් ජනතාවගේ සැබෑ ගැටලූ ලෝකයා හමුවට ගෙන එනවා. ගොවියන්ට, කම්කරුවන්ට එකලෙස සලකන රටක් තමන්ගේ රට තුළ නිර්මාණය වනු දැකීම ඔවුන්ගේ අරමුණයි. මම දැකපු බොහෝ වාමවාදී ලේඛකයන් තම අරමුණ තමන්ගේ ජීවිතය හා සහසම්බන්ධව ක‍්‍රියා කරන්නන්, ඔවුන්ගේ ජීවන රටාව තුළද එය දැකිය හැකියි. බොහෝම අල්පේච්ඡු ජීවිතගත කරන්නේ ඒ සැබෑ වාමවාදී ලේඛකයන් කොයිතරම් ප‍්‍රකාශනශීලීද කියනවානම්, ඔවුන් සමාජය වෙනස් වන අයුරු තම මිතුරාටත්, සතුරාටත් නිර්භයව ප‍්‍රකාශ කරනවා. ඇතැම් විට මිතුරාට එම අමිහිරි සත්‍ය ඇසීමේ අවශ්‍යතාවක් නැතිවෙන්න පුළුවන්. නමුත් ඔවුන් නිර්භයයි.

Q. ඔබ ‘සැබෑ වාම ලේඛකයන්’ කියලා පාවිච්චි කළා. ඒ කියන්නේ සැබෑ නොවන වාම ලේඛකයනුත් ඉන්නවා කියන එකයි?

A.ඇත්තටම ඔව්. මොකද ලේඛකයෝ කොට්ඨාසයක් ඉන්නවා ඔවුන්ට ඇත්තටම වුවමනාව මුදල් ඉපැයීම. මේ අරමුණෙන් ඔවුන් කරන්නේ නිර්මාණාත්මක සාහිත්‍යයක් ගොඩනැගීමට වඩා මුදල් ඉපැයීමයි. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. යම්කිසි පක්ෂයකට සම්බන්ධ (වාමාංශික* ලේඛකයෙක් ඉන්නවා. ඔහුට සැබෑවටම අවශ්‍ය යම් මුල්‍ය ප‍්‍රතිපාදනයක් ලබාගැනීමයි. එතැනදී ඒ ලේඛකයා කරන්නේ හොඳ හෝ නරක එම පක්ෂය විසින් සිදු කරනා සියලූම ක‍්‍රියාකාරකම් අනුමත කරමින් තම ලේඛනයේ නිරතවීමයි. මෙහිදී ඔහුට ලැබෙන මුල්‍යමය ප‍්‍රතිපාදනය ගැන පමණයි සැලකිලිමත් වෙන්නේ. ඔවුන් කිසිම විදියකින් විවාදාත්මක සන්දර්භයක් සහිත දෙයක් එළියට දාන්නේ නැහැ. ඊට හේතුව තම පැවැත්ම ආරක්ෂා කරගෙන සිටීම මුඛ්‍ය නිසා. මෙම වාමාංශික පක්ෂ විසින් මේ ලේඛකයන්ව ප‍්‍රසිද්ධියට පත් කරනවා. එසේ ප‍්‍රසිද්ධියට පත්වුණාම ඔවුන්ට හැෙඟනවා තමන් අනෙකුත් සියලූම ලේඛකයන්ට වඩා ඉහළ තලයක ඉන්නේ කියලා. ඒක ඇත්තටම අනුවණකමක්. ඔවුන්ට ජීවිත කාලයේදීම පක්ෂයේ හොඳ හෝ නරක වර්ණනාත්මකව ලියන්න සිදු වෙනවා. විශේෂයෙන්ම මහජනයා ඉදිරියේ තම පෞද්ගලික විවේචනයක් පවා ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකිවෙනවා.

Q. අපි කතා කළා වාමාංශික ලේඛකයන් ගැන. ඔබ විප්ලවවාදී අදහස් රචනාවලට යොදාගන්නා කෙනෙක්. විප්ලවවාදී රචකයකුගේ ස්වභාවය කෙබඳු විය යුතු දැයි ඔබ හිතනවාද?

A.1930 වර්ෂයේදී මම ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වෙලා හිටියා. මේ වනවිට මම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. මගේ මුල්කාලීන කෘති පැසිස්ට්වාදයට එරෙහිවයි රචනා කළේ. මම දකින්නේ විප්ලවවාදී රචකයෙක් කියන්නේ මිනිස්සුන්ගේ මොළයට ඍජුව ප‍්‍රහාර එල්ලකිරීමට සමත් කෙනෙක් ලෙසයි. එම ලේඛකයන්ට මහජනතාවගේ ඔළු වෙනස් කිරිමේ හැකියාව තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන් නිර්භය විය යුතුයි වගේම හුදකලා කිරීමේ අවධානමට මුහුණදීමට සූදානම් විය යුතුයි. ඒකට හේතුව වෙන්නේ  ඕනෑම විප්ලවවාදී ලේඛකයෙක්ව හුදකලා කරලා පහර දෙන්නයි දේශපාලන ව්‍යුහය සැදිලා තියෙන්නේ. මම දන්න ලේඛකයන් ඉන්නවා ඔවුන් දන්නවා බොහෝ තොරතුරු, කරුණු. නමුත්, ඒවා සාහිත්‍ය කෘතියක් හරහා හෝ වෙනයම් ප‍්‍රකාශනයක් හරහා එළියට දාන්න බයයි. ඊට හේතුව ඔවුන් දන්නවා අවසානයේදී මේ සමාජ හා දේශපාලන ක‍්‍රමවේදය ඔබව හුදකලා කරනවා කියලා. මේ නිසා මහත් ධෛර්යයක් තමන් තුළ තිබිය යුතුයි. විප්ලවවාදි රචකයෙක් වෙනවා නම්. මොකද ඔබ ඉන්න රටේ තියෙන්නේ පැසිස්ට්වාදයද, සමාජවාදයද ප‍්‍රජාතන්ත‍්‍රවාදයද කියන කාරණය එතරම් බලාත්මක වන්නේ නැහැ. ඔබෙන් පිටවිය යුත්තේ ඔබ දකින සමාජ අසාධාරණයන්. එවිටයි ඔබ නියම විප්ලවාදියෙක් බවට පත්වන්නේ.

Agatha Chritie

පළමුවෙන් ලිවීම ඇරැඹීම වේදනාකාරී අත්දැකීමක්

- ඇගතා ක‍්‍රිස්ටි


ඇගතා කි‍්‍රස්ටි 1890 සැප්තැම්බර් 15 වැනිදා බි‍්‍රතාන්‍යයේ උපත ලද කතා රචිකාවියකි. ඇය වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ, රචනා කරන ලද රහස් පරීක්ෂක කතා හේතුකොට ගෙනයි. ඇය විසින් නවකතා හැටහයක්, කතා සංග‍්‍රහ දාහතරක් රචනා කර ඇති අතර වේදිකා නාට්‍ය ගණනාවක්ද රචනා කිරීමට සමත් වූවාය. මේරි වෙස්ට්මැකට්  යන අන්වර්ථ නාමයෙන් ඇය කතා කිහිපයක් රචනා කර තිබේ. ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලෝකයේ වැඩිම පොත් ප‍්‍රමාණයක් අලෙවි වන නවකතා රචිකාවිය වන්නේද ඇයයි. අලෙවි වන ඇයගේ කතා පොත් බිලියන හතරක් ලොව පුරා අලෙවි වී ඇත. ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද ඇගතා ක‍්‍රිස්ටිගේ පොත් භාෂා 103කට පරිවර්තනය කර ඇත. ඇය විසින් රචිත ‘ද මවුනස්ට‍්‍රැප්’ වේදිකා නාට්‍ය ලෝක නාට්‍ය වංශ කතාවේ වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. ඒ 1952 නොවැම්බර් 25 වැනිදා සිට මේ දක්වා දර්ශන වාර 24,600කට අධික ප‍්‍රමාණයක් වේදිකාගත කිරීමයි. ඇය විසින් රචනා කරන ලද ප‍්‍රථම නවකතාව වන්නේ 1928දී රචනා කරන ලද ‘ද පාසින් ඔෆ් මිස්ටර් කුයින්’  ඇයගේ ප‍්‍රථම නවකතාව ඇතුළු පොත් රැුසක් සිනමාවට හා ටෙලිනාට්‍ය වශයෙන් නිර්මාණය කිරීම විශේෂත්වයකි. 1970 දශකයේදී ඇගතා ක‍්‍රිස්ටි සමග කළ සම්මුඛ සාකච්ඡුාවකි.

Q.ඔබ නිර්මාණය කරන ලද නවකතා බොහොමයක් සාමාන්‍ය නවකතා ලෙස විචාරකයන් දකින රහස් පරීක්ෂක කතාද?

A.ඇත්තටම ඔව්. නමුත් ඒවා සියල්ල මම සිතා බලා හරියටම මේ මේ දේ සිදුවිය යුතුයි කියලා හිතලා නැහැ. මොකද නවකතාවක් ලිවීමේදී එහි ගලායාම පිළිබඳ දිගින්දිගටම සිතුවොත් එය ලියන මට පවා රසවත් වෙන්නේ නැහැ. මිනිස්සු විවිධ රසයන්ට කැමැතියි. මොකද එක්කෙනකුගෙන් තවත් කෙනෙකු සෑමවිටම වෙනස් වෙනවා. මේ හේතුව නිසා සෑම නවකතාවකදීම අලූත්ම දෙයක් ලිවීමටයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් විදියට මගේ බොහෝ කතාවල එන චරිතයක් වන මිස් මාර්පල් (ඵසිි ඵ්රචකැ* චරිතය දක්වන්න පුළුවන්. ඒක මම නිර්මාණය කරන්නේ එම සමයේදී මම හිටපු මානසිකත්වය මතයි. වෙන හේතුවක් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් හිතනවා, මමත් මිස් මාර්පල් වගේ හිතන කෙනෙක් කියලා. නමුත් එහෙම නෙවෙයි. ඒක මම නිර්මාණය කරපු එක් චරිතයක් විතරයි. මමවත් දන්නේ නැහැ මිස් මාර්පල් ඇයි ඉතාම මතභේදාකාරීව හැසිරෙන්නේ කියලා.

Q. ඔබට කියන්න පුළුවන්ද අදහසක් කොළේකට ඇවිත් නවකතාවක් බවට පත්වෙන්නේ කොහොමද කියලා?

A.අදහස් කියන ඒවා සැලසුම් කරලා ඔළුවට එන්නේ නැහැ. ඒවා පහළ වෙන්නේ ඉබේමයි. මම ඔපෙරා එකකට සවන්දීගෙන ඉන්නකොට පාරේ ඇවිදීමෙන් යනකොට සමහර වෙලාවට නිවසේ වැඩ කටයුත්තක නිරත වෙද්දී අදහසක් එන්න පුළුවන් ඔබට හොඳ එක අදහසක් ආවහම ඒවටා කතාවක් ගොඩනැගිය යුතු වනවා. එහෙම නැත්නම් ඔබට එම අදහසින් වැඩක් නැති වෙනවා. එම කතාන්දරය ගොඩනැගීම ආරම්භ කිරීමත් සමග එකින්එක ඒවාට ගොඩනැගීම ඉබේටම සිදුවෙනවා. නමුත් ඊට පස්සේ ඉතාම අප‍්‍රසන්න කාර්යය එළඹෙනවා. ඒ තමයි ඔබගේ හිස තුළ නිර්මාණය ඒ සියල්ල ලිවීම ආරම්භ කිරිම එලෙස ආරම්භ කරන පළමු අත්දැකීම වේදනාකාරීයි. මොකද සිතැඟි පරිදිම වචන කොළයක සටහන් වෙන්නේ නැති නිසා. ඔබ පරිකල්පනයෙන් කරන සියල්ල ඉතාම චමත්කාරජනකයි.

Q. අපි දන්නවා සමහර රචකයන් අපරාධ පිළිබඳ තොරතුරු පුවත්පත්වලින් පොලිස් වාර්තාවලින් ලබාගන්නවා?

A.මට අනුන්ගේ කතාවකින් ජීවය ලබන්න බැහැ. මොකද මම කැමැතියි මගේ ඔළුවට එන එක අදහසකින් සෑමවිටම නිර්මාණයක් කරන්න. ඊට හේතුව පාඨකයා දන්න දෙයක් කතාවකට අරන් යළි කියනවාට වඩා අලූත්ම දෙයක් අතට පත්කළාම එය ආදරයෙන් වැළඳගන්නවා.

Q.ඔබගේ පරිශීලනයට ලක්වෙන්නෙත් අපරාධ පිළිබඳ පොත් පමණක්ද?

A.එය තත්ත්වයන් මත තීරණය වන දෙයක්. මට ආසයි කියන හැමදෙයක්ම මම කියවනවා. මොකද මගේ චින්තනය පුළුල්වන සෑම දෙයක් පිළිබඳ අවධානය යොමු කිරීමේ පුරුද්දක් පවතිනවා. මේ වෙනකොට ගමනාගමනයේ යෙදෙද්දී සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරමට නිර්මාණය වන කුඩා පොත් කියවන්න පුරුදුවෙලා තියෙනවා. නමුත් විවේකය ලැබෙන සෑම විටකම අනෙකුත් සියලූම පොත්පත් කියවනවා. ඒ වගේම මම කැමැත්තෙන් කියවනවා. ආධ්‍යාපනික පරිකල්පන කතාන්දර. අද වෙනකොට ඒවායෙහි ගුණාත්මකභාවය අඩුවෙලා තියෙනවා. නමුත් මීට දශක දෙක තුනකට පෙර පළවුණු එවැනි නවකතාවල ජීවිතාවබෝධයට බොහෝ කරුණු ඇතුළත්. කුඩා කාලයේදී මට මතකයි රහස් පරීක්ෂක කතා රහසින් කියෙව්වා. ඒවා තුළ ඇති ගුප්ත බවට මම ආශා කළා. නමුත් යම් නවකතාවක් තුළ ප‍්‍රචණ්ඩත්වය  ඕනෑවටත් වඩා ඇතුළත් නම් ඒවා කියවීම ජුගුප්සාජනක ක‍්‍රියාවලියක් බවට පත්වෙනවා. ඒවගේම මගේ පරිකල්පන ශක්තිය දියුණු වන තවත් කලාංගයක් වන්නේ වේදිකාවයි. චිත‍්‍රපටවලටත් රූපවාහිනියටත් වඩා වේදිකාවේ සජීවී බව මාව පෝෂණය කරනවා ඒ වගේම බෙන්ගර්ගේ ඔපෙරාවලට සවන්දීමෙන් ලොකු ආස්වාදයක් ලබනවා. මේ කාලය වනවිට බීට්ල්ස් සංගීත කණ්ඩායම ප‍්‍රචලිත වී තිබෙනවා. ඔවුන් නව පරම්පරාවක විලාසිතාවක් වශයෙන් ක‍්‍රියාත්මක වෙනවා. තාක්ෂණයේ වෙන්වීමත් සමග කලාවට ලැබෙන ප‍්‍රසිද්ධිය වැඩිවෙලා. උදාහරණයක් විදියට මම ප‍්‍රථම නවකතාව ලියූ කාල වකවානුවට වඩා අදවන විට මුද්‍රිත හා
විද්‍යුත් මාධ්‍ය ඉදිරියට ඇවිත් තියෙන්නේ. අද වෙනකොට නව දේ සමීක්ෂණය කරලා නැටුමට, සංගීතයට වගේම, මුද්‍රිත මාධ්‍යයන්ට ගෙන ඒම සුවිශේෂියි.

Q. ඔබේ නවකතා පාඨකයන් මිලියන ගණනකගේ අතට පත්වෙලා තියෙනවා. ප‍්‍රථම නවකතාව රචනයේදී මෙතරම් ජනප‍්‍රියත්වයක් අපේක්ෂා කළාද?

A.ඇත්තටම අවශ්‍ය කළේ ජනප‍්‍රිය නොවී සිටිමටයි. මොකද ජනප‍්‍රියත්වය හිසරදයක් බවට පත්වෙනවා. මනුෂ්‍ය ජීවියකු වශයෙන් වගකීම්වලට ඇලී සිටීම එක තත්ත්වයක්. නමුත් ඔබ ඉතාම අපහසුවෙන් යමක් කරන්නෙ ජනප‍්‍රියත්වය බලාගෙනනම් ඔබ එම විෂයට වඩා හුදු ආකර්ෂණයට මඟ පාදාගන්නා ලෝලියකු පමණක් වෙනවා. මම හැමවෙලාවේම කල්පනා කරන දෙයක් තමයි උප්පත්තිය පිළිබඳ. මොකද උපතේදී බොහෝ ගැටලූ ඔබ වෙත එන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ කාලවකවානුවේදි බි‍්‍රතාන්‍යයේ නොඉපදී මධ්‍ය යුගයේදී ඉපදුණා නම් මට සිද්ධවෙන්නේ වෙනම පෞරුෂයක් වශයෙන් ජීවත්වෙන්නයි. එවිට ඇතැම්විට මට මේ තියෙන කිසිම හැකියාවක් නොලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ජනප‍්‍රියත්වය කියන දේ පැත්තකින් තියලා තමන්ට හැකි දේ පමණක් කිරීම ආත්ම තෘප්තියට හේතුවන බවයි.

Q. මේ කාලය වනවිට පුවත්පත්වල නවකතා පිළිබඳ විශාල දැන්වීම් ප‍්‍රමාණයක් පළවෙනවා. අපි දන්නා කරුණක් තමයි ඔබගේ නවකතා අලෙවිය සිදුවුණේ ප‍්‍රචාරණය හේතුකොට ගෙන නොවන බව?

A.ඔබ අහන්නේ ආන්දෝලනාත්මක ප‍්‍රශ්නයක්. මොකද මේ වෙනකොට ඇමෙරිකාවේ නවකතාකරුවන් සහ මගේ නිර්මාණ අතර යම් සංවාදයක් ඇතිවී තිබෙනවා. මොකද මගේ නවකතා නිරායාසයෙන් අලෙවි වුණේ. නමුත් ඇමෙරිකානු නවකතාකරුවන්ට සිය පොත් අලෙවි කිරීමට විශාල තරගයක් කරන්න වෙලා. අද ඇමෙරිකානු පුවත්පත් අති විශාල කර්මාන්තයක් බවට පත්වෙලා. ඉතින් නවකතාකරුවන් පවා පත්තර මඟින් පාලනය කරනවා. මටත් අවස්ථා කිහිපයකදීම ඇමෙරිකානු පත්තර කිහිපයකින් කතා කළා. ඔවුන් සමග එකතුවෙලා නිර්මාණ කටයුතු කරන්න. නමුත් පත්තරයකට කොටුවීම තුළ මගේ නිර්මාණ කලාව පහළට ඇදවැටීමක් සිදුවනවා.

Q.අපි දකිනවා ඔබගේ නවකතා පැතිර යන භූගෝලීය පසුබිම් විශාල වශයෙන් වෙනස් වෙනවා. එම චරිත භූගෝලීය සාධක අබිබවා හැසිරෙනවා. ඒ වගේම ඔබ ඇතැම්විට පෞරාණික ගෘහ නිර්මාණ ඓතිහාසික සාධක නවකතාව තුළට ගෙනෙනවා.

A.එය පහසු කාර්යයක් නෙවෙයි. මොකද බි‍්‍රතාන්‍යයේ ඉඳගෙන වෙනත් රටක භූගෝලීය සහ ඓතිහාසික සාධක පවසන්න හොඳ අධ්‍යාපනයක් තියෙන්න  ඕනේ. ඒ පිළිබඳ උනන්දුවක් පවතින්න  ඕනෙ. මම මෙම කාරණාව ජයගන්න පතපොත භාවිත කරනවා වගේම, හැකි සෑමවිටම වෙනත් රටවල්වලට සංචාරය කරන්න අමතක කරන්නේ නැහැ. මොකද කොයිතරම් ඔබ වෙනත් රටවල් පිළිබඳ කියෙව්වත් එම රටට ගිහින් අත්විඳින දේ තමයි සැබෑ සත්‍යවන්නේ. එම වටාපිටාව තමයි ඇතැම්විට නව කතාංගයකට තේමාවක් ලබා දෙන්නෙත්. මම කුඩා කාලයේ සිට ආශා කළා ඓතිහාසික ස්ථාන නරඹන්න. ඒ නිසා ඉතිහාසයත් එක්ක බද්ධවෙලා වැඩ කරන්න දැන් පුරුදුවෙලයි ඉන්නේ.

Q.හර්කියුල් පොයිරොට්  සහ මිසිස් මාර්පල්ගේ චරිත ඔබගේ නවකතා රැුසක ඇතුළත්. මෙම චරිත දෙක ඉවත්කරන්න හිතිලා නැද්ද?

A.හර්කියුල් පොයිරොට්ගේ චරිතය වසර ගණනාවකට කලින් නැතිකරන්න මට උවමනා කළා. නමුත් ඔළුවේ යම් අදහසක් තියාගෙන කතාවක් රචනා කරන්න පටන්ගත්තට එහි සැකැස්ම සකස් වෙන්නේ වෙනත් විදිහකටයි. ඉතින් මේ වෙනකම් ඒ චරිතෙ ඉවත් කරන්න පුළුවන් වුණේ නැහැ. මිස් මාර්පල්ගේ චරිතය තමයි ඊළඟට කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ.