Sunday, November 18, 2012

Amir Khan interview

මට දේශපාලනඥයකුු වෙන්න බැහැ - අමීර් ඛාන්

අමීර් ඛාන් යනු බොලිවුඞ් සිනමාවේ අභියෝගාත්මක චරිතයකි. ඒ ඔහු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්. නිෂ්පාදකයෙක් වශයෙන් කටයුතු කරන නිසා නොවේ. ඔහු සමාජ සේවකයෙක් වශයෙන් මෙන්ම දේශපාලන ක‍්‍රියාධරයෙක් වශයෙන්ද කටයුතු කරන නිසාය. අමීර් බොලිවුඩයට පිවිසෙන්නේ 1984 වර්ෂයේදී ‘හෝලි’ චිත‍්‍රපටයේ රඟපෑමෙනි. ‘ක්වයාමත් සේ ක්වයාමත්’, ‘දිල්’, ‘මන්ගල් පාන්ඬේ’, ‘රන්ග් දෙ බසන්ති’, ‘ගජිනි’, ‘ත‍්‍රී ඉඩියට්ස්’ වැනි සිනමා නිර්මාණ තුළින් අමීර් ඛාන් තම රංගන දක්ෂතාව මනාව ඔප්පු කළේය. ‘ලගාන්’ චිත‍්‍රපටයේ නිෂ්පාදකයා වශයෙන් කටයුතු කරන අමීර් ‘තාරේ සමීන් පර්’ සිනමාපටයේ සමඅධ්‍යක්ෂවරයෙක්ද වෙයි. නමුත් සිනමාවට ඇති ඔහුගේ සම්බන්ධයට වඩා අද වනවිට අමීර්ගේ සමාජ දේශපාලන දැක්ම ප‍්‍රබල වී ඇත. ඔහු මීට පෙරද ඉන්දියාවේ සමාජ සංශෝධන ප‍්‍රවාහයන් රැුසකට සහභාගි විය. නර්මදා නදිගේ ‘සර්දාර් සංරෝවර් වේල්ල’ ඉදි කිරීමට එරෙහිව සටනේ ක‍්‍රියාකාරියකු ලෙස ඔහු සහභාගි විය. එමෙන්ම අන්නා හසාරේගේ වැඩපිළිවෙළටද අමීර් තම සහය ලබා දුන්නේය.
මේ නිසා ඇතැම් අවස්ථාවලදී අමීර්ගේ සිනමා නිර්මාණ ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්ත තුළ තහනම් කළේය. 2012 මැයි 06 වැනිදා සිට විශේෂඥ සමීක්ෂණ කණ්ඩායමක් සමග එක්ව ‘සත්යමෙව් ජයත්’ (satyamev jayet)රූපවාහිනි වැඩසටහන ආරම්භ කෙරුණි. එම වැඩසටහනෙහි තේරුම ‘සත්‍ය ජය ගනී’ යන්නයි. මෙය හින්දි, පංජාබ් ඇතුළු භාෂා අටකින් ඉන්දියාවේ විකාශය විය. කොටස් 14කින් යුත් මෙම වැඩසටහන ඉන්දීය කුල ක‍්‍රමය, ළමා අපචාර, වෛද්‍යවරුන්ගේ නීත්‍යනුකූල නොවන බෙහෙත් දීම් වැනි ප‍්‍රබල සමාජ ගැටලූ රැුසක් කතාවට භාජනය කළේය. මෙම වැඩසටහන ඉන්දියාව පුරා අතිශය ජනප‍්‍රිය වූ අතර දේශපාලන වේදිකාවලද කතාබහට ලක් විය. අමීර් ඛාන් සමග සත්යමෙව් ජයත් පිළිබ`ද කළ සංවාදයක් පහත දැක්වෙයි.


 Q. ‘සත්යමෙව් ජයත්’ මේ වනවිට ඉන්දියාව පුරා අතිශය ජනප‍්‍රිය වෙලා තිබෙනවා. පේ‍්‍රක්ෂකයෝ ඔබගේ වැඩසටහනට විශාල ආදරයක් දක්වනවා. මෙය අපේක්ෂා කළ දෙයක්ද?

A. මේ ප‍්‍රතිචාර ලැබීම නාටකීය ක‍්‍රමවේදයක් වශයෙනුයි මම දකින්නේ. අපි හිතුවාටත් වඩා මෙම වැඩසටහන ජනප‍්‍රියත්වයට පත් වීම නිසා ඇති වූ තත්ත්වයක්. කාෂ්මීරයේ සිට කන්‍යාකුමාරි දක්වා කෝටි සංඛ්‍යාත ජනයා සත්යමෙව් ජයත් කියන සංකල්පය හරහා එක්ව සිටිනවා. අපි කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ ග‍්‍රාමීය සහ නාගරික ජනතාව මෙම වැඩසටහන නරඹන බවයි. ජනතාව මෙම වැඩසටහන හැ`ගීම් ඔස්සේ නැරඹීම හරි අපූරු දෙයක්. මෙම වැඩසටහන ඔස්සේ ජනතාව එය වැළඳ ගන්නා ආකාරය එයට ප‍්‍රතික‍්‍රියා දක්වන ආකාරය හරිම පුදුමාකාරයි.

Q. මෙම වැඩසටහන හරහා සමාජ සංශෝධකයෙක්ගේ කාර්යභාරය ඔබ ඉටු කරනවා. ‘සත්යමෙව් ජයත්’ වැඩසටහනට පසු ඔබ වැඩසටහනට ඔබ්බෙන් යම් සමාජ කාර්යයක් ඉෂ්ට කිරීමට පෙරමුණ ගන්නවාද? එසේත් නැත්නම් මෙම ජනප‍්‍රියත්වය සමග දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තු වනවාද?

A. දේශපාලනය පිළිබ`ද මගේ කිසි උනන්දුවක් නැහැ. මට කොහොමවත් දේශපාලකයකුගේ භූමිකාව ර`ගපාන්න බැහැ. මම ඉන්නා ක්ෂේත‍්‍රය ඔස්සේ සමාජය උදෙසා කළ හැකි බොහෝ දෑ පවතිනවා. ඒ ඔස්සේ කටයුතු කිරීම තමයි මගේ අරමුණ වන්නේ. ඉතින් දේශපාලන මඩගොහොරුවට පා නොතබා අවශ්‍ය පරිදි සමාජ සේවා කටයුතු කරන්නයි බලාපොරොත්තු වන්නේ.

Q. මෙය තවත් එක් වැඩසටහනක් බවට පත් වෙයිද? මොකද සමාජ යථාර්ථයන් පිළිබ`ද බොහෝ වැඩසටහන්වලින් කතා කළත් ඉන් එහාට එම සංසිද්ධීන් රැුගෙන යන්නේ නැහැ. ඔබ වැඩසටහනේ යම් වැඩපිළිවෙළක් පවතිනවාද මෙම ගැටලූවලට පිළිතුරු ලබාදෙන?

A. මම විශ්වාස කරන දෙයක් තමයි තොරතුරු සහ දැනුම සමාජගත කිරීම තුළින් සමාජයේ හැසිරීම වෙනස් වන බව. එය අපි මීට පෙර කිහිප වරක්ම අත්විඳලා තියෙනවා. මීට පෙර අප කරපු ‘තාරේ සමීන් පර්’ ගත්තොත් එයින් අපි තොරතුරු සහ දැනුම කියන දෙකම ජනතාවට ලබාදුන්නා. ඩයිලෙක්සියා  කියන රෝගී තත්ත්වය පවතින බවට ජනතාවට ඒත්තු ගන්වන්න අපිට ඒ ම`ගින් හැකියාව ලැබුණා. ඉන් අනතුරුව මෙම රෝගී තත්ත්වය පිළිබ`ද සොයා බලන්න ජනතාව වැඩි වැඩියෙන් පෙළඹුණා.
අපි මෙහිදී උත්සහ කළේ පේ‍්‍රක්ෂකයන් දැනුවත් කිරීම හරහා සමාජ ප‍්‍රගතිශීලීත්වය ඇති කරන්නයි. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් පවතිනවා. එනම් අපි මේ වැඩසටහන මඟින් මහා විප්ලවයක් කරන්න උත්සහ කරන්නේ නැහැ. නමුත් අපි ප‍්‍රශ්න කරනවා මහා පරිමාණයෙන් මුදල් වියදම් කර විවාහ උත්සව ගැනීම පිළිබ`ද, ළමා අපචාර සහ අපයෝජන පිළිබ`ද. මෙයින් අපි උත්සහ කරන්නේ තනි තනි පුද්ගලයන් වශයෙන් මෙවන් සමාජ අපචාර හෝ අන් අයට හිංසා වන දෑ කිරීමෙන් වළක්වා ගැනීමයි. අපි පුද්ගලයන්ට කියන්නේ නැහැ ඔබ ගිහිං අසල්වැසියා ප‍්‍රශ්න කළ යුතුයි කියලා. අපි කියන්නේ තමන් එම වරදින් අත්මිදිය යුතුයි කියලා. එවිට සමාජය තුළ තවත් එක් පුද්ගලයෙක් වරදකින් අත්මිදෙයි. මෙලෙස එකිනෙකා තමන් කරනා කාර්යයන් සාධාරණව ඉටු කළහොත් වඩාත් සාධාරණ සමාජයක් බිහි කරන්න හේතුවක් වේවි.

Q. ඔබ සමාජ සේවකයෙක් හෝ සමාජ විශ්ලේෂකයෙක් වශයෙන් කටයුතු කරද්දී තරුවක් ලෙස ඔබට තිබූ ආකර්ෂණය අහිමි වෙනවා. ඒ අනුව ඔබ විශාල අභියෝගයක් ලබාගන්නවා. ඒ තරුවක් විදිහට තියෙන ජනප‍්‍රියත්වය අහිමි කරගෙන මෙම වැඩසටහන මෙහෙය වීම. මේ පිළිබ`ද මොකද හිතෙන්නේ?


A. මම ඒක දකින්නේ මෙහෙමයි, මෙම වැඩසටහන හරහා ඉන්දියාවේ අතිවිශාල ප‍්‍රදේශයක සැරිසරන්න මට හැකි වුණා. ඒ තුළින් විවිධ සංස්කෘතීන් තුළ වාසය කරන ජනතාවත් සමග සාකච්ඡුා කරන්න මට වාසනාව උදා වුණා. ඔවුන්ගේ ගැටලූ පිළිබ`ද සාකච්ඡුා කිරීමට පැමිණියා කිව්වහම ඉතාම ළෙංගතුකමින් මාව පිළිගත්තා. ඔවුන්ගේ ආදරය නිසාම සමාජ ගැටලූ පිළිබ`ද තවත් ගැඹුරින් කතා කරන්න මට අවශ්‍ය වුණා. මෙම සමාජ චාරිකාව හරහා පෞද්ගලිකව මගේ දැනුම දියුණු කරගන්න බොහෝ කාරණා හේතු වුණා.

Q.ඉන්දියාව තුළ රාජ්‍ය නොවන සංවිධාන රැුසක් සමාජ ප‍්‍රගමනය උදෙසා කටයුතු කරනවා. නමුත් අපිට විශාල ප‍්‍රගතියක් පේන්නේ නැහැ. මේ පිළිබ`ද මොකද හිතෙන්නේ?

A. අපි අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල්ව කටයුතු කරන්නේ නැහැ. නමුත් ඔවුන් කරනා යහපත් ක‍්‍රියාවන් අනුමත කරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානත් අපිට සහය ලබාදෙනවා. අපේ වැඩසටහන්වලට පාදක වන සමාජ ගැටලූ ලබා ගන්නේ දීර්ඝ කාලීන සමාජ සමීක්ෂණවලින් අනතුරුවයි. සමහර සමීක්ෂණ අවුරුදු 20, 30 තරම් දීර්ඝ කාලයක් තුළ සිදු කරන ලද ඒවායි. ඒ නිසා එම සමීක්ෂණ ඉතාම සුවිශේෂියි. ඔවුන්ගේ සමීක්ෂණ අපගේ වැඩසටහනේ මූලික පදනම බවට පත් වෙනවා. එම කරුණු උපයෝගී කරගෙන වසර විසි පහකට ආසන්න කාලයක් බොලිවුඩය තුළ මා උපයා ගත් දේ ජනතාව අතරට රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ලබාදීමටයි කටයුතු කරන්නේ.

Q. සුපිරි තරුවක් ගැඹුරු සමාජ ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන්නේ ජනමාධ්‍ය ම`ගින් කෙරෙන හෙළිදරව් කිරීම් නොමැති නිසාද?

A. එහෙම ජනමාධ්‍යයට චෝදනා කරන්න බැහැ. ඔවුන් සුවිශේෂී මෙහෙවරක් සිදු කරනවා. පසුගිය වසර විස්සක තිහක කාලය තුළදී ජනමාධ්‍යවේදීන් ඉතා භාරධුර එමෙන්ම ජාතියට වටිනා හෙළිකිරීම් සිදු කර තිබෙනවා. අපේ අරමුණ නව න්‍යාය පත‍්‍රයක් හ`දුන්වාදීම හෝ අතිශය දුර්ලභ කතන්දරයක් රූපවාහිනි මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීම නෙවෙයි. අපි කරන්නේ පවතින සමාජ ගැටලූ යම් වේදිකාවකට ගෙන ඒමයි. ඒ තුළින් සමාජ අවධානය ලබාගැනීමයි. සාමාන්‍යයෙන් පුවත්පත් කියවන්නේ සමාජයේ එක්තරා කොටසක් පමණයි. අපි මෙහෙම හිතමු. ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවිවන පුවත්පත පවා සංසරණය වන්නේ ලක්ෂ 50ක පමණ ජනතාවක් අතරයි. නමුත් රූපවාහිනි මාධ්‍ය කෝටි 80කට වඩා පිරිසක් නරඹනවා. ඒ කියන්නේ ඉන්දියාවෙන් තුනෙන් දෙකක්. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් සමාජයට විශාල බලපෑමක් ‘සත්යමෙව් ජයත්’ හරහා කරන බව.

Q. වැඩසටහන් ඇතැම් කොටස් පිළිබඳ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල නිර්දය ලෙස විවේචන එල්ල කර තිබෙනවා. විශේෂයෙන් කුල ක‍්‍රමය ගැන කෙරුණ වැඩසටහන පිළිබ`ද සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කෙරුණ වැඩසටහන. මේ පිළිබ`ද ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

 A.ඕකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. වෛද්‍යවරු පිළිබඳ කතිකාවේදී මම එකදු වෛද්‍යවරයෙක්ටවත් බැන්නේ නැහැ. මම කිව්වේ නියමිත ක‍්‍රමවේදයන්ට අනුව බෙහෙත් වර්ග නිකුත් නොකරනවා නම් රෝගීන් අමාරුවේ දමනවා නම් එවන් හොර වෛද්‍යවරුන් හෙළා දැකිය යුතුයි කියලා. ඉතින්  ඕනෑම නීත්‍යනුකූල වෛද්‍යවරයෙක් මෙම කාරණයට එක`ග වේවි. මොකද හොර වෛද්‍යවරුන් ඉන්දියාවට බරක් වෙලා තියෙන්නේ. හැබැයි මෙතැනදී එක දෙයක් පැහැදිලිවම කිව යුතුවනවා. ඒ තමයි අපි ප‍්‍රශ්නයක් පිළිබ`ද සාකච්ඡුාවට බ`දුන් කරන්නේ එය බහුතර සමාජයට ගැටලූවක් වී ඇති නිසා. නමුත් සුළුතරයක් ඉන්න පුළුවන් එම ගැටලූව නිසා ප‍්‍රතිලාභ ලබන.

Q.මීට පෙරත් ඔබ සමාජ සේවා වැඩකටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා අපි දැක්කා. අන්නා හසාරේගේ ලෝක් පාල් පනතට එරෙහි ක‍්‍රියාවලියට ඔබත් සහභාගි වුණා?

A. මීට පෙර බොහෝ ජන අරගලවලට, උද්ඝෝෂණවලට මම සහභාගි වුණා. නමුත් අන්නා හසාර්ගේ වැඩපිළිවෙළ තමයි එයින් සුවිශේෂී. බොහෝවිට එම සමාජ සංශෝධන ක‍්‍රියාවලිවලදී ඍජුව නොවුණත් මගේ දායකත්වය ලබාදී තිබෙනවා.

Q. ‘සත්යමෙව් ජයත්’ ආරම්භ කරන විට අරමුණ කර ගත් දේ දැන් ඉෂ්ට වී තිබෙනවාද? අපිට මෙම ආන්දෝලනාත්මක වැඩසටහනේ දෙවැනි අදියර දකින්නට ලැබෙන්නේ කවදාද?

A. ඇත්තටම අරමුණු බොහොමයක් සාර්ථක වී තිබෙනවා. අපි නොසිතූ ලෙස බොහෝ සමාජ ක‍්‍රියාකාරීන් දේශපාලකයන් අපගේ වැඩසටහනේ අන්තර්ගත කරුණු දෙස වඩාත් ධනාත්මකව ප‍්‍රතිචාර දැක්වීමට පටන් ගෙන තිබෙනවා. එය ඉතාමත් හොඳ කරුණක්. උදාහරණයක් විදිහට සමහර වැඩසටහන් ස`දහා ලක්ෂ දෙකකට අධික දුරකතන ඇමතුම් ලැබුණා. එය විශිෂ්ට කරුණක්. ඔබ ඇසූ අනෙක් ප‍්‍රශ්නය මෙම වැඩසටහනේ දෙවැනි අදියර කවදාද එන්නෙ කියන එකට මං ළඟ මේ මොහොතේ පිළිතුරක් නැහැ. මෙවැනි ගැඹුරු සමාජ ප‍්‍රශ්න ගැන කතා කරන වැඩසටහනක් සැලසුම් කරන්න නිරවුල් මනසක් තියෙන්න  ඕනේ. මම දැන් ‘ඩූම් 3’ (ෘයදදප - 3* චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා. අනතුරුව රාජු හිරානිගේ ‘පීක්යා’ (ඡුැැන්හ* රූගත කරනවා. මෙම චිත‍්‍රපට මගේ සිනමා දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන. එම ව්‍යාපෘති දෙක අවසන් වූවාම ඊළ`ග ‘සත්යමෙව් ජයත්’ ඔබට දැකගන්න පුළුවන් වේවි.

No comments:

Post a Comment