Wednesday, November 21, 2012

J.K.Rolling interview

නවකතාවක් රචනා කරනවා කියන්නෙ ඉතා අපහසු ක‍්‍රියාවලියක්

 
මම වෙනඇය අප හ`දුන්වන්නේ ‘හැරී පොටර්’  කෘති මාලාවේ කතුවරිය වශයෙනුයි. ජේ.කේ. රෝලින්ගේ 
‘හැරී පොටර්’ කෘති මාලාව සාර්ථක වූවාට පසු ඇය රචනා කළ කෘතියක් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා බි‍්‍රතාන්‍යයේදී එළි දැක්වුණා. එය ‘ද කැෂුවල් වේකන්සි’ යන්නයි. මෙවර ජේ.කේ. රෝලින් සිය ස්ථාවරය වෙනස් කරගෙන තිබෙනවා. ‘හැරී පොටර්’ කෘති ලොව පුරා මිලියන 400කට අධික ප‍්‍රමාණයක් අලෙවියෙන් පසු ඇය අතගසා ඇත්තේ වැඩිහිටියන්ගේ තේමාවක් රැුගෙන කෘතියක් රචනා කිරීමටයි. මෙම කෘතිය විචාරකයන් විසින් හ`දුන්වා ඇත්තේ ‘ට‍්‍රැජිකොමඩි’ ෂොනරයටයි. කෘතිය නිකුත් වී මසක් ගතවීමටත් ප‍්‍රථම එහි පිටපත් ලක්ෂ පහකට අධික ප‍්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. මේ නිසා මේ වනවිටත් 2012 වර්ෂයේ නිකුත් කළ කෘතිවලින් අතිසාර්ථකවම අලෙවි වන කෘති ලැයිස්තුවේ 15 වැනි තැනට පැමිණීමට ‘ද කැෂුවල් වේකන්සි’ සමත්ව තිබෙනවා. මෙම කෘතියේදී ජේ.කේ රෝලින් මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය, ස්ත‍්‍රී ¥ෂණය ආදී සමාජ කාරණා ගණනාවක් සාකච්ඡුාවට ලක් කරනවා. එමෙන්ම එංගලන්තයේ 19 වැනි සියවසේදී පවුල් පසුබිම් පැවති ආකාරය, සමාජ තත්ත්වය ආදී සාධක ගණනාවක් පිළිබ`ද කතා කිරීමටත් ජේ.කේ. රෝලින් කටයුතු කරනවා. මේ ඇය සිය නවතම කෘතිය වූ ‘ද කැෂුවල් වේකන්සි’ පිළිබ`ද කළ සම්මුඛ සාකච්ඡුාවක්.


Q. මෙම පොත කියවීම ආරම්භ කළත් සමග දැනෙන දෙයක් තමයි ‘හැරී පොටර්’ කෘතිය රචනා කළ කෙනාමද මේ ඉන්නෙ කියන කාරණය. ඔබගේ රචනා ශෛලීන් තුළින් ‘හැරී පොටර්’ රචනා කළ ජේ.කේ. රෝලින් ඉවත්ව ගොස් තිබෙනවා. නමුත් කෘතියේ පළමු පිටු තිහේදී පමණ ඔබට නිසි අරමුණක් පැවති බව දක්නට නොලැබෙනවා?

මං මේක ලිව්වෙ කිසිම දෙයක් ඔප්පු කර පෙන්වන්න නෙවෙයි. එසේම ආවේගශීලීව යමකට අවතීර්ණ වීමෙන් මට ලැබෙන දෙයක් නැහැ. ඒ වගේම මට අවශ්‍යතාව මතු වුණේ මම ලියන දේ දිගටම කරගෙන යන්නයි. වෙනත් කතුවරුන්ට අභියෝගයක් වන්න මට අවශ්‍ය නැහැ. හැබැයි අනෙක් නවකතා රචකයන් මෙන් ෆෝන් බිල් එක ගෙවන්න, නිවාස කුලිය ගෙවන්න ලිවීමේ අවශ්‍යතාවක් මට නැහැ. ඒ ස`දහා මට ‘හැරී පොටර්’ කතා පොත් රචනා කිරීමෙන් ලද ලාභය හො`දටම ප‍්‍රමාණවත් වුණා. නමුත් මට මාවම අභියෝගයක් කර ගන්න අවශ්‍ය වුණා. ඒ නිසයි මේ කෘතියට අත ගහන්න මට හිතුණෙ. ඔබ දන්නවා නවකතාවක් රචනා කරනවා කියන්නෙ ඉතා අපහසු ක‍්‍රියාවලියක්. ඒ ස`දහා ඔබට විශාල අධ්‍යයනයක් සිදු කළ යුතු වෙනවා. නමුත් කිසිම කලබලයක් තිබ්බේ නැහැ. මොකද මම කාලය විශාල වශයෙන් ගත්තා මේ නවකතාව රචනා කිරීම ස`දහා. රචනාව අවසාන කරද්දී විශාල සතුටක් දැනුණා. මොකද ‘හැරී පොටර්’ ලියා අවසානයේදී මට කිරීමට අවශ්‍ය එකම දේ අවසන් කළා කියන හැ`ගීම මතු වුණා. විවිධ පුද්ගලයන් මගෙන් වරින්වර ඇහුවා ඇයි වැඩිහිටි තේමාවක් සහිත නවකතාවක් රචනා කරන්නේ කියලා. මට අවශ්‍ය නැහැ වැඩිහිටියන්ටම සීමාවන දේවල් රචනා කරන්න. මේ නිසා ඉදිරියේදී මං කරන කතාව ළමා කතාවක් බවට පත් වේවි. ඊළ`ග නවකතාව බොහෝ කුඩා දරුවන් උදෙසා රචනා කරන්නේ. ඒ ස`දහා මේ වනවිටත් කටයුතු සම්පාදනය කරගෙන යනවා. ළමයින් වෙනුවෙන් නවකතා රචනා කිරීම සහ ඔවුන් සමග නවකතාවේ අන්තර්ගත කරුණු සාකච්ඡුා කිරීමට මම බෙහෙවින් කැමැතියි.


Q.  ‘ද කැෂුවල් වේකන්සි’ කෘතියේ වැඩිහිටියන්ට පාදක වූ තේමා ගණනාවක් ඇතුළත් වෙනවා. ඒ වගේම ඇතැම් සිදුවීම් කියවද්දි ඒවා ළමයින්ට නුසුදුසු බවක් දකින්න ලැබෙනවා. ඔබේ බහුතරයක් පාඨකයන් ළමයින්. ඔවුන් ඔබේ නවතම කෘතිය කියෙව්වොත් ලබාගන්නේ නරක පූර්වාදර්ශයක් නේද?

අපි මුද්‍රණයේදීම පවසලා තිබෙනවා මෙම කෘතිය දරුවන්ට සුදුසු නැහැ කියලා. එය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. 19 වැනි සියවසේ සිදු වූ සිදුවීම් පාදක කරගෙනයි මම නවකතාව රචනා කරන්නේ. මවුපියන්ට මේ පිළිබ`ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියි. ඒ අනුව ඔවුන්ට දරුවන් ස`දහා මෙය නොගැළපෙන කෘතියක් බව වටහා දෙන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ මෙය බාගත කරගන්න පුළුවන්. නමුත් එය විශාල ගැටලූවක් නොවෙයි. ඒ වගේම මාධ්‍ය ඔස්සේ මම පැහැදිලිව පැවසුවා මෙය වැඩිහිටියන්ගේ තේමා රැුගත් නවකතාවක් බව. ඒ ම`ගින් ඔබට අවකාශය ලැබෙනවා දරුවන්ට මේ පොත ලබාදීමෙන් වැළකී සිටින්න.

Q. ඩිකන්ස්ගේ කෘතිවල ආකාරයේ තොරතුරු ඔබගේ කෘතියෙහි අන්තර්ගත වෙනවා?

ඇත්තටම. ඊට හේතුව වන්නේ මම රචනා කරන වටපිටාව සමග සමහර සිදුවීම් බද්ධවීමයි. මම නවකතාව සඳහා යොදාගත් පරිසරය ඩිකන්ස් රචනා කළ පරිසරයට බෙහෙවින් සමානයි. මේ නිසයි ඔබට මගේ කෘතියෙන් ඩිකන්ස්ව පෙනෙන්නේ. හැබැයි ඩිකන්ස්ගේ අනුකරණයක් වෙන්න මම ආස නැහැ. ඔහු දක්ෂ නවකතාකරුවෙක්. සාමාන්‍යයෙන් යම් දෙයක් සාර්ථක වූ පසු එම දෙය පිළිබඳ සමාජයෙන් බොහෝ මතවාද එල්ල වෙනවා. නවකතාවක් සාර්ථක වූ පසු එම සාර්ථකත්වය පිටුපස වෙනත් අනුකරණවාදී වැඩපිළිවෙළක් පවතින බවට චෝදනා එල්ල වෙනවා. මට ඊළ`ග ‘ඩිකන්ස්’ වීමට අවශ්‍ය නැහැ. මොකද ඔහු අද්විතීය චරිතයක් වෙලා අවසන්. කතුවරයෙක්, සාහිත්‍යකරුවෙක් වශයෙන් ඩිකන්ස්ට අවශ්‍ය ගෞරවය ලබාදී ඔබ ඉදිරියට යාමයි සිදුකළ යුත්තේ.

Q.  නවකතාකාරියක් හැටියට ඔබේ අරමුණ කුමක්ද?

සෑමවිටම වඩාත් යහපත් දෙයක් බිහිකිරීම උදෙසායි මම ක‍්‍රියා කරන්නේ. ඒ වගේම සෑමවිටම යමක් ඉගෙනගෙන එය තුළින් අලූත් යමක් දායාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලිවීමට පෙළඹුණේ යම් කෘතියක් මුද්‍රණය කර එය ප‍්‍රකාශයට පත් කිරීම කෙරෙහි මා තුළ තිබූ නොතිත් ආශාව හේතුවෙනුයි. හැබැයි රචනා කරන අවස්ථාවේදී මං හිතන්නේ නැහැ කා වෙනුවෙන්ද මෙම රචනාව සිදුකරන්නේ කියලා.

Q.  මෙම නවකතාව රචනා කිරීමේදී එයට අත්විය හැකි සාර්ථක හෝ අසාර්ථක බව පිළිබඳ කරුණු සිතුවාද?

එය තීරණය කිරීමට මම නිරතුරුවම පාඨකයන් සමග සාකච්ඡුා කරනවා. විශේෂයෙන්ම පොටර් පොත් පෙළෙහි සාර්ථකත්වයත් සමග අතිවිශාල පාඨකයන් පිරිසක් ඇති වුණා. එය පිස්සුවක් බවට පත් වුණා. නමුත් කෘතිය මුද්‍රණය කර එය පිරිසක් අතරට ගියාට පසු ඇතිවන සංවාදයෙන් තමයි තීරණය කළ හැක්කේ නවකතාව නිවැරැුදිව පාඨකයන් හ`දුනාගෙන තිබෙනවාද, එහි සාර්ථක හෝ අසාර්ථක බව කුමක්ද යන කාරණය.

Q.  අපි දන්නවා ‘හැරී පොටර්’ කතා මාලාව රචනා කිරීමට පෙර ඔබ විශාල සමීක්ෂණයක් සිදු කළා. එම සමීක්ෂණයෙන් අනතුරුවයි ඔබ සාර්ථක නවකතාවලියක් රචනා කරන්නේ. මේ කෘතිය ස`දහාත් එවැනි ක‍්‍රමවේදයක් භාවිත කළාද?

සෑමවිටම මම දැනගත යුතු දේවලට වඩා බොහෝ දේවල් එකතු කර ගැනීම මගේ ක‍්‍රමවේදයයි. මොකද නවකතාව රචනා කරගෙන යාමේදී ඔබට කුමන කරුණු කුමන අවස්ථාවේ අවශ්‍ය වේ දැයි පැවසීමට නොහැකියි. පාඨකයන් දත යුතු ප‍්‍රමාණයට වඩා විශාල ප‍්‍රමාණයක දැනුමක් මා සතුව තබා ගැනීමට අවශ්‍ය වනවා. ඒ නිසා විශාල සමීක්ෂණයක නිරතුුරුවම යෙදීමට කටයුතු කරනවා.

Q. ඔබ ‘ද කැෂුවල් වේකන්සි’ නවකතාව මුද්‍රණයෙන් පිටවීමෙන් පසු බොහෝ නිහ`ඩ වූවා වගේම ඔබ මාධ්‍යයට මුහුණ දුන්නෙත් ඉතාම සීමිතවයි?

මම කෘතියක් පිටවීමෙන් පසු බොහෝ නොඉවසිලිමත් වනවා. මොකද එහි අඩංගු දෑ නිවැරැුදිව සමාජගත වනවාද යන ගැටලූව නිරතුරුව මතුවනවා. හැරී පොටර් කතා මාලාවේ ‘ඩෙත්ලි හැලෝව්ස්’  කෘතිය ඉතිහාසයේ වැඩිම වේගයකින් අලෙවි වූ කෘතියයි. නමුත් එම කෘතිය විකිණී අවසන් වනතුරු මට මහා නොඉවසිල්ලක් දැනුණා. මම දන්නවා මෙම කෘතියට ඇතැම් පුද්ගලයන් අකැමැති වේවි. ඊට හේතුව මෙහි ඇතුළත් වන සිදුවීම්වල කාල වටපිටාවයි. තව ටික කාලයක් යනවිට මට හිතේවි ‘අනේ දෙවියනේ මෙම පොත ලියන්න තවත් අවුරුද්දක් තිබුණා නම්’ කියලා. මෙතරම් සාර්ථකත්වයක් පොටර් කෘතිවලට ලැබුණත් මම හිතනවා ‘අනේ තව කාලයක් තිබුණා නම්’ මට එහි ඇති දේ යළි සකස් කරන්න කියලා.

Q.  ඔබ ‘හැරී පොටර්’ කෘතිය රචනා කිරීම තුළින් ලෝක සාහිත්‍යයට අනුස්මරණීය චරිත ගණනාවක් නිර්මාණය කළා. ඒ අනුව ඔබව යම් දේවත්වයකට දාලා කතා කරන ආකාරයක් විචාරකයන් අතර පවා දක්නට ලැබුණා. එම චරිත අතහැර දමා මෙවැනි තේමාවකට යොමුවීම පිළිබ`ද ඔබේ අදහස මොකක්ද?

මම හැරී පොටර් කෘති ලියා අවසන්. නමුත් එයට සමුදුන්නා කිව්වොත් මම මිනීමරුවෙක් බවට පත්වෙනවා. මම දන්නවා ‘හැරී පොටර්’ කතා මාලාව කෘතීන් හතකින් නවත්වන්නේ නැතිව අට, නවය, දහය යන ආදී වශයෙන් තවත් කෘති ගණනාවක් රචනා කළා නම් සිදුවන්නේ තවත් මුදල් ගලා ඒමයි. ඒවා පාඨකයන් විසිනුත් බොහොම ආදරයෙන් වැළ`දගන්නවාට සැකයක් නැහැ. නමුත් කෘතීන් හතකින් අනතුරුව මට තිබුණ මාතෘකා අවසන් වුණා. ඒ අනුව මම තීරණය කළා ‘හැරී පොටර්’ දැන් ලිව්වා ඇති කියලා. නමුත් යම් කාලයකදී මගේ ඔළුවට අතිශය විස්මයජනක මායාමය අදහස් පහළ වුණොත් නැවත වරක් ‘හැරී පොටර්’ කෘතියක් ලිවීමේ ඉඩකඩ පවතිනවා. නමුත් ඊටත් වඩා වෙනත් ඉතා විශිෂ්ට අදහසක් හිසට ආවොත් එය කෘතියක් බවට පත් කරන්න කටයුතු කරගෙන යනවා.

No comments:

Post a Comment