Friday, November 16, 2012

Agatha Chritie

පළමුවෙන් ලිවීම ඇරැඹීම වේදනාකාරී අත්දැකීමක්

- ඇගතා ක‍්‍රිස්ටි


ඇගතා කි‍්‍රස්ටි 1890 සැප්තැම්බර් 15 වැනිදා බි‍්‍රතාන්‍යයේ උපත ලද කතා රචිකාවියකි. ඇය වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ, රචනා කරන ලද රහස් පරීක්ෂක කතා හේතුකොට ගෙනයි. ඇය විසින් නවකතා හැටහයක්, කතා සංග‍්‍රහ දාහතරක් රචනා කර ඇති අතර වේදිකා නාට්‍ය ගණනාවක්ද රචනා කිරීමට සමත් වූවාය. මේරි වෙස්ට්මැකට්  යන අන්වර්ථ නාමයෙන් ඇය කතා කිහිපයක් රචනා කර තිබේ. ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලෝකයේ වැඩිම පොත් ප‍්‍රමාණයක් අලෙවි වන නවකතා රචිකාවිය වන්නේද ඇයයි. අලෙවි වන ඇයගේ කතා පොත් බිලියන හතරක් ලොව පුරා අලෙවි වී ඇත. ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද ඇගතා ක‍්‍රිස්ටිගේ පොත් භාෂා 103කට පරිවර්තනය කර ඇත. ඇය විසින් රචිත ‘ද මවුනස්ට‍්‍රැප්’ වේදිකා නාට්‍ය ලෝක නාට්‍ය වංශ කතාවේ වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. ඒ 1952 නොවැම්බර් 25 වැනිදා සිට මේ දක්වා දර්ශන වාර 24,600කට අධික ප‍්‍රමාණයක් වේදිකාගත කිරීමයි. ඇය විසින් රචනා කරන ලද ප‍්‍රථම නවකතාව වන්නේ 1928දී රචනා කරන ලද ‘ද පාසින් ඔෆ් මිස්ටර් කුයින්’  ඇයගේ ප‍්‍රථම නවකතාව ඇතුළු පොත් රැුසක් සිනමාවට හා ටෙලිනාට්‍ය වශයෙන් නිර්මාණය කිරීම විශේෂත්වයකි. 1970 දශකයේදී ඇගතා ක‍්‍රිස්ටි සමග කළ සම්මුඛ සාකච්ඡුාවකි.

Q.ඔබ නිර්මාණය කරන ලද නවකතා බොහොමයක් සාමාන්‍ය නවකතා ලෙස විචාරකයන් දකින රහස් පරීක්ෂක කතාද?

A.ඇත්තටම ඔව්. නමුත් ඒවා සියල්ල මම සිතා බලා හරියටම මේ මේ දේ සිදුවිය යුතුයි කියලා හිතලා නැහැ. මොකද නවකතාවක් ලිවීමේදී එහි ගලායාම පිළිබඳ දිගින්දිගටම සිතුවොත් එය ලියන මට පවා රසවත් වෙන්නේ නැහැ. මිනිස්සු විවිධ රසයන්ට කැමැතියි. මොකද එක්කෙනකුගෙන් තවත් කෙනෙකු සෑමවිටම වෙනස් වෙනවා. මේ හේතුව නිසා සෑම නවකතාවකදීම අලූත්ම දෙයක් ලිවීමටයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් විදියට මගේ බොහෝ කතාවල එන චරිතයක් වන මිස් මාර්පල් (ඵසිි ඵ්රචකැ* චරිතය දක්වන්න පුළුවන්. ඒක මම නිර්මාණය කරන්නේ එම සමයේදී මම හිටපු මානසිකත්වය මතයි. වෙන හේතුවක් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් හිතනවා, මමත් මිස් මාර්පල් වගේ හිතන කෙනෙක් කියලා. නමුත් එහෙම නෙවෙයි. ඒක මම නිර්මාණය කරපු එක් චරිතයක් විතරයි. මමවත් දන්නේ නැහැ මිස් මාර්පල් ඇයි ඉතාම මතභේදාකාරීව හැසිරෙන්නේ කියලා.

Q. ඔබට කියන්න පුළුවන්ද අදහසක් කොළේකට ඇවිත් නවකතාවක් බවට පත්වෙන්නේ කොහොමද කියලා?

A.අදහස් කියන ඒවා සැලසුම් කරලා ඔළුවට එන්නේ නැහැ. ඒවා පහළ වෙන්නේ ඉබේමයි. මම ඔපෙරා එකකට සවන්දීගෙන ඉන්නකොට පාරේ ඇවිදීමෙන් යනකොට සමහර වෙලාවට නිවසේ වැඩ කටයුත්තක නිරත වෙද්දී අදහසක් එන්න පුළුවන් ඔබට හොඳ එක අදහසක් ආවහම ඒවටා කතාවක් ගොඩනැගිය යුතු වනවා. එහෙම නැත්නම් ඔබට එම අදහසින් වැඩක් නැති වෙනවා. එම කතාන්දරය ගොඩනැගීම ආරම්භ කිරීමත් සමග එකින්එක ඒවාට ගොඩනැගීම ඉබේටම සිදුවෙනවා. නමුත් ඊට පස්සේ ඉතාම අප‍්‍රසන්න කාර්යය එළඹෙනවා. ඒ තමයි ඔබගේ හිස තුළ නිර්මාණය ඒ සියල්ල ලිවීම ආරම්භ කිරිම එලෙස ආරම්භ කරන පළමු අත්දැකීම වේදනාකාරීයි. මොකද සිතැඟි පරිදිම වචන කොළයක සටහන් වෙන්නේ නැති නිසා. ඔබ පරිකල්පනයෙන් කරන සියල්ල ඉතාම චමත්කාරජනකයි.

Q. අපි දන්නවා සමහර රචකයන් අපරාධ පිළිබඳ තොරතුරු පුවත්පත්වලින් පොලිස් වාර්තාවලින් ලබාගන්නවා?

A.මට අනුන්ගේ කතාවකින් ජීවය ලබන්න බැහැ. මොකද මම කැමැතියි මගේ ඔළුවට එන එක අදහසකින් සෑමවිටම නිර්මාණයක් කරන්න. ඊට හේතුව පාඨකයා දන්න දෙයක් කතාවකට අරන් යළි කියනවාට වඩා අලූත්ම දෙයක් අතට පත්කළාම එය ආදරයෙන් වැළඳගන්නවා.

Q.ඔබගේ පරිශීලනයට ලක්වෙන්නෙත් අපරාධ පිළිබඳ පොත් පමණක්ද?

A.එය තත්ත්වයන් මත තීරණය වන දෙයක්. මට ආසයි කියන හැමදෙයක්ම මම කියවනවා. මොකද මගේ චින්තනය පුළුල්වන සෑම දෙයක් පිළිබඳ අවධානය යොමු කිරීමේ පුරුද්දක් පවතිනවා. මේ වෙනකොට ගමනාගමනයේ යෙදෙද්දී සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරමට නිර්මාණය වන කුඩා පොත් කියවන්න පුරුදුවෙලා තියෙනවා. නමුත් විවේකය ලැබෙන සෑම විටකම අනෙකුත් සියලූම පොත්පත් කියවනවා. ඒ වගේම මම කැමැත්තෙන් කියවනවා. ආධ්‍යාපනික පරිකල්පන කතාන්දර. අද වෙනකොට ඒවායෙහි ගුණාත්මකභාවය අඩුවෙලා තියෙනවා. නමුත් මීට දශක දෙක තුනකට පෙර පළවුණු එවැනි නවකතාවල ජීවිතාවබෝධයට බොහෝ කරුණු ඇතුළත්. කුඩා කාලයේදී මට මතකයි රහස් පරීක්ෂක කතා රහසින් කියෙව්වා. ඒවා තුළ ඇති ගුප්ත බවට මම ආශා කළා. නමුත් යම් නවකතාවක් තුළ ප‍්‍රචණ්ඩත්වය  ඕනෑවටත් වඩා ඇතුළත් නම් ඒවා කියවීම ජුගුප්සාජනක ක‍්‍රියාවලියක් බවට පත්වෙනවා. ඒවගේම මගේ පරිකල්පන ශක්තිය දියුණු වන තවත් කලාංගයක් වන්නේ වේදිකාවයි. චිත‍්‍රපටවලටත් රූපවාහිනියටත් වඩා වේදිකාවේ සජීවී බව මාව පෝෂණය කරනවා ඒ වගේම බෙන්ගර්ගේ ඔපෙරාවලට සවන්දීමෙන් ලොකු ආස්වාදයක් ලබනවා. මේ කාලය වනවිට බීට්ල්ස් සංගීත කණ්ඩායම ප‍්‍රචලිත වී තිබෙනවා. ඔවුන් නව පරම්පරාවක විලාසිතාවක් වශයෙන් ක‍්‍රියාත්මක වෙනවා. තාක්ෂණයේ වෙන්වීමත් සමග කලාවට ලැබෙන ප‍්‍රසිද්ධිය වැඩිවෙලා. උදාහරණයක් විදියට මම ප‍්‍රථම නවකතාව ලියූ කාල වකවානුවට වඩා අදවන විට මුද්‍රිත හා
විද්‍යුත් මාධ්‍ය ඉදිරියට ඇවිත් තියෙන්නේ. අද වෙනකොට නව දේ සමීක්ෂණය කරලා නැටුමට, සංගීතයට වගේම, මුද්‍රිත මාධ්‍යයන්ට ගෙන ඒම සුවිශේෂියි.

Q. ඔබේ නවකතා පාඨකයන් මිලියන ගණනකගේ අතට පත්වෙලා තියෙනවා. ප‍්‍රථම නවකතාව රචනයේදී මෙතරම් ජනප‍්‍රියත්වයක් අපේක්ෂා කළාද?

A.ඇත්තටම අවශ්‍ය කළේ ජනප‍්‍රිය නොවී සිටිමටයි. මොකද ජනප‍්‍රියත්වය හිසරදයක් බවට පත්වෙනවා. මනුෂ්‍ය ජීවියකු වශයෙන් වගකීම්වලට ඇලී සිටීම එක තත්ත්වයක්. නමුත් ඔබ ඉතාම අපහසුවෙන් යමක් කරන්නෙ ජනප‍්‍රියත්වය බලාගෙනනම් ඔබ එම විෂයට වඩා හුදු ආකර්ෂණයට මඟ පාදාගන්නා ලෝලියකු පමණක් වෙනවා. මම හැමවෙලාවේම කල්පනා කරන දෙයක් තමයි උප්පත්තිය පිළිබඳ. මොකද උපතේදී බොහෝ ගැටලූ ඔබ වෙත එන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ කාලවකවානුවේදි බි‍්‍රතාන්‍යයේ නොඉපදී මධ්‍ය යුගයේදී ඉපදුණා නම් මට සිද්ධවෙන්නේ වෙනම පෞරුෂයක් වශයෙන් ජීවත්වෙන්නයි. එවිට ඇතැම්විට මට මේ තියෙන කිසිම හැකියාවක් නොලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ජනප‍්‍රියත්වය කියන දේ පැත්තකින් තියලා තමන්ට හැකි දේ පමණක් කිරීම ආත්ම තෘප්තියට හේතුවන බවයි.

Q. මේ කාලය වනවිට පුවත්පත්වල නවකතා පිළිබඳ විශාල දැන්වීම් ප‍්‍රමාණයක් පළවෙනවා. අපි දන්නා කරුණක් තමයි ඔබගේ නවකතා අලෙවිය සිදුවුණේ ප‍්‍රචාරණය හේතුකොට ගෙන නොවන බව?

A.ඔබ අහන්නේ ආන්දෝලනාත්මක ප‍්‍රශ්නයක්. මොකද මේ වෙනකොට ඇමෙරිකාවේ නවකතාකරුවන් සහ මගේ නිර්මාණ අතර යම් සංවාදයක් ඇතිවී තිබෙනවා. මොකද මගේ නවකතා නිරායාසයෙන් අලෙවි වුණේ. නමුත් ඇමෙරිකානු නවකතාකරුවන්ට සිය පොත් අලෙවි කිරීමට විශාල තරගයක් කරන්න වෙලා. අද ඇමෙරිකානු පුවත්පත් අති විශාල කර්මාන්තයක් බවට පත්වෙලා. ඉතින් නවකතාකරුවන් පවා පත්තර මඟින් පාලනය කරනවා. මටත් අවස්ථා කිහිපයකදීම ඇමෙරිකානු පත්තර කිහිපයකින් කතා කළා. ඔවුන් සමග එකතුවෙලා නිර්මාණ කටයුතු කරන්න. නමුත් පත්තරයකට කොටුවීම තුළ මගේ නිර්මාණ කලාව පහළට ඇදවැටීමක් සිදුවනවා.

Q.අපි දකිනවා ඔබගේ නවකතා පැතිර යන භූගෝලීය පසුබිම් විශාල වශයෙන් වෙනස් වෙනවා. එම චරිත භූගෝලීය සාධක අබිබවා හැසිරෙනවා. ඒ වගේම ඔබ ඇතැම්විට පෞරාණික ගෘහ නිර්මාණ ඓතිහාසික සාධක නවකතාව තුළට ගෙනෙනවා.

A.එය පහසු කාර්යයක් නෙවෙයි. මොකද බි‍්‍රතාන්‍යයේ ඉඳගෙන වෙනත් රටක භූගෝලීය සහ ඓතිහාසික සාධක පවසන්න හොඳ අධ්‍යාපනයක් තියෙන්න  ඕනේ. ඒ පිළිබඳ උනන්දුවක් පවතින්න  ඕනෙ. මම මෙම කාරණාව ජයගන්න පතපොත භාවිත කරනවා වගේම, හැකි සෑමවිටම වෙනත් රටවල්වලට සංචාරය කරන්න අමතක කරන්නේ නැහැ. මොකද කොයිතරම් ඔබ වෙනත් රටවල් පිළිබඳ කියෙව්වත් එම රටට ගිහින් අත්විඳින දේ තමයි සැබෑ සත්‍යවන්නේ. එම වටාපිටාව තමයි ඇතැම්විට නව කතාංගයකට තේමාවක් ලබා දෙන්නෙත්. මම කුඩා කාලයේ සිට ආශා කළා ඓතිහාසික ස්ථාන නරඹන්න. ඒ නිසා ඉතිහාසයත් එක්ක බද්ධවෙලා වැඩ කරන්න දැන් පුරුදුවෙලයි ඉන්නේ.

Q.හර්කියුල් පොයිරොට්  සහ මිසිස් මාර්පල්ගේ චරිත ඔබගේ නවකතා රැුසක ඇතුළත්. මෙම චරිත දෙක ඉවත්කරන්න හිතිලා නැද්ද?

A.හර්කියුල් පොයිරොට්ගේ චරිතය වසර ගණනාවකට කලින් නැතිකරන්න මට උවමනා කළා. නමුත් ඔළුවේ යම් අදහසක් තියාගෙන කතාවක් රචනා කරන්න පටන්ගත්තට එහි සැකැස්ම සකස් වෙන්නේ වෙනත් විදිහකටයි. ඉතින් මේ වෙනකම් ඒ චරිතෙ ඉවත් කරන්න පුළුවන් වුණේ නැහැ. මිස් මාර්පල්ගේ චරිතය තමයි ඊළඟට කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ.


No comments:

Post a Comment