Monday, November 26, 2012

A Common Man

A Common Man - Chandran Rutnam movie



ෂෝ බිස්නස් (Show Business) යන වදන සිනමාවට එක් වී ඇත්තේ හේතු දෙකක් මතය. ඒ පේ‍්‍රක්ෂකයාට Show හෙවත් දර්ශනය යන්නත් Business යන්න නිෂ්පාදකයන් හා බැ`දුණු අර්ථයකින් හැ`දින්වීමත්ය. මේ සාධක දෙකෙන් තොරව සිනමාව කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යා නොහැකිය. අද වනවිට ලාංකේය සිනමා කර්මාන්තය තුළ කර්මාන්තමය ලක්ෂණවලට වඩා පිළිබිඹු වන්නේ අධ්‍යක්ෂවරුන්ගේ සම්මාන හඹායෑමේ හැකියාවයි. මෙම හැකියාව මත ශ‍්‍රව්‍ය දෘශ්‍ය කලාවක් වශයෙන් සිනමාවට අත්වන්නේ ඛේදනීය ඉරණමකි. අප සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් හ`ඩ නගන්නේ වාණිජමය සිනමාවක් නොමැති රටකය. කර්මාන්තයක් වශයෙන් මෙරට සිනමාව ජයගැනීමට නම් ඒ සඳහා තාක්ෂණික ඥානය මෙන්ම සමාජය පිළිබ`ද මනා පරිචයක් ලබාගත යුතුය. මෙම තත්ත්වය තේරුම් නොගන්නා බහුතර අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකයන්ව අමාරුවේ දමමින් තම අභිප‍්‍රායන් සාර්ථක කර ගැනීමට මාන බලන්නේය. සිනමාව තුළ පවතින්නා වූ කලාත්මක මාහැ`ගි ස්වභාවයන් තේරුම් ගෙන ඒ සමග කටයුතු කරන්නේ නම් ලාංකේය සිනමා තලය පමණක් නොව ජාත්‍යන්තර සිනමාවද ජයගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එවන් උත්සහයන් කිහිපයක්ම පසුගිය සමය පුරා අසන්නට ලැබුණි. උදාර පල්ලියගුරු දකුණු ඉන්දීය සිනමා සමාගමක් සමග එකතුවී ‘සුපර් සික්ස්’
සිනමාපටය නිර්මාණය කිරීමත්, සම්මානනීය සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර බෙංගාලි සිනමා සමාගමක් සමග ‘මෂ්රූම්’ සිනමාපටය නිර්මාණය කිරීමත් විශේෂයෙන් ස`දහන් කළ යුතුය. නමුත් මෙම අවස්ථා දෙකෙහිම අප රට නිසිපරිදි ලෝකයේ අවධානයට පාත‍්‍ර වූයේ දැයි සැක සහිතය.

මේ සන්දර්භය තුළ වසර 28ක සිනමා අත්දැකීම් සහිත අධ්‍යක්ෂවරයෙක් වන චන්ද්‍රන් රත්නම් සිය ප‍්‍රථම ජාත්‍යන්තර සිනමා නිර්මාණයට අත ගසන්නේය. "A Common Man" (අ කොමන් මෑන්) යනුවෙන් නම් කරන එය ලෝක සිනමා කතිකාව තුළ වර්ග කිරීමකට ලක් කරන්නේ ත‍්‍රාසජනක සිනමාපටයක් වශයෙනි. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම සිනමා නිර්මාණය ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් මත රඳා පැවතීමයි. නමුත් එය ඔබත් මමත් අත්විඳි වසර තිහක යුද්ධය තුළ ත‍්‍රස්තවාදීන් ක‍්‍රියාත්මක කළ සිදුවීම්වලට කිසිසේත් අදාළ නොවන ලෙස සකසන ලද්දක් වෙයි. ‘අ කොමන් මෑන්’ තුළ අන්තර්ගත වන්නේ සමාජ, දේශපාලනික සංස්ථාව තුළ අසරණ භාවයට පත් සාමාන්‍ය පුරවැසියකු තම අරමුණක් සාක්ෂාත් කර ගැනීම උදෙසා ඉතා සූක්ෂ්ම අන්දමින් සැලසුම් සකස් කරනා ආකාරයයි. ‘අ කොමන් මෑන්’ යන නමෙහි තේරුම නම් ‘සාමාන්‍ය පුරවැසියා’ යන්නය. මෙම සාමාන්‍ය පුරවැසියාට මුහුණදීමට සිදුවන සමාජ බලපෑම් මත ඔහුට සිදුවන්නේ ඊට එරෙහිව සටන් වැදීමටය. ඒ ස`දහා මෙම පුද්ගලයා තෝරා ගනු ලබන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රමවේදයකි. සමාජ, ආර්ථික, දේශපාලනික මර්මස්ථානයක් වන කොළඹ නගරය තුළ බෝම්බ පහක් විවිධ ස්ථානවල සැ`ගවීමට මෙම සාමාන්‍ය පුද්ගලයා ක‍්‍රියා කරයි. මෙසේ බෝම්බ පහක් ස්ථානගත කරන සාමාන්‍ය පුරවැසියා ඊළ`ගට සිදු කරන්නේ පොලීසිය මේ පිළිබ`ද දැනුවත් කිරීමයි. ඔහුට අවශ්‍ය කරන්නේ තම ඉල්ලීමක් දිනා ගැනීමටය. එනම් සිරගත වී සිටිනා දේශපාලන සැකකරුවන්
පස් දෙනෙක් නිදහස් කර ගැනීමටය. ඔහු පොලීසිය අමතන අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු විශාල පිරිසක් මෙම සාමාන්‍ය පුරවැසියා සොයමින් විශාල මෙහෙයුමක් දියත් කරති. සාමාන්‍ය පුරවැසියා
තම කරුණු සනාථ කරනුවස් පොලිස් මූලස්ථානයේ බෝම්බයක් තබා එය ඔප්පු කරයි. සිනමා කෘතිය දිවයන්නේ පොලීසිය සාමාන්‍ය පුරවැසියා අත්අඩංගුවට ගැනීමට දරනා උත්සහයත් ඔහු ඔවුන්ගෙන් බේරීමට ක‍්‍රියා කරනා ආකාරයත් අතරතුර බෝම්බවලට සිදුවන ක‍්‍රියාකාරකම් පිළිබ`ද වන තොරතුරු සමගය. මෙය ත‍්‍රාසජනක සිනමාපටයක් වශයෙන් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා
උපරිම උත්සහයක් දරා ඇත.‘අ කොමන් මෑන්’ කෘතිය ස`දහා කතාව පාදක කරගෙන ඇත්තේ 2008 වර්ෂයේ තිරගත වූ ‘අ වෙන්ඞ්ස්ඬේ’ (A Wendsday)  නම් හින්දි සිනමා කෘතියෙනි. එම සිනමා කෘතිය නැරඹීමෙන් පසු චන්ද්‍රන් රත්නම් මහතාට එම සිනමාපටය ආශ‍්‍රය කරගනිමින් නිර්මාණයක් කිරීමේ ආශාවක් මතුවිය. ඒ අනුව චන්ද්‍රන් රත්නම් ඉන්දියාවේ යූටීවී ෆිල්ම්ස්  ආයතනය සමග සාකච්ඡුා කර ඇති අතර ඔහු ‘අ වෙන්ඞ්ස්ඬේ’ සිනමා තිරපිටපතෙහි අයිතිය ලබාගෙන තිබේ. එසේ තිරපිටපතෙහි අයිතිය ලබාගත්තත් චන්ද්‍රන් රත්නම් හට එම පිටපත එලෙසින්ම සිනමාවට ගැනීමට අවශ්‍ය වූයේ නැත. ඔහුට කතාන්දරය වෙනස් කර සිනමා නිර්මාණයට නවමු මානයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතුවිය. මීට හේතු වූයේ ‘අ වෙන්ඞ්ස්ඬේ’ සිනමා කෘතිය නීන්රාජ් පාණ්ඬේ විසින් බොලිවුඞ් සිනමාවට නිර්මාණය කිරීමයි. නමුත් එය ජාත්‍යන්තර මට්ටමේ සිනමා කෘතියක් බවට පත් කිරීම ස`දහා අවශ්‍ය හැඩතල මතුකර ගැනීමට චන්ද්‍රන් රත්නම් කාලයක් ගත්තේය. මේ අතර මනෝහන් නානායක්කාර මහතා නිෂ්පාදකවරයෙක්
වශයෙනුත් නළුවෙක් වශයෙනුත් ‘අ කොමන් මෑන්’ ස`දහා සහභාගි වීමේ කැමැත්ත පළකර සිටියේය. ඒ අනුව ඔහු වසර දෙකක පමණ කාලයක් තිර පිටපත සැකසීමේ කාර්යයේ නිරත විය. ඒ කතාව ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරය පාදක කර ගනිමින් රූගත කිරීමේ අරමුණ චන්ද්‍රන් රත්නම් සතුවිය.

ඬේවිඞ් ලීන් සිය විශිෂ්ටතම සිනමා නිර්මාණයක් වූ ‘ද බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ රූගත කරන ලද්දේ 1956දී ශ‍්‍රී ලංකාවේදීයි. මෙරටදී රූගත කරන ලද ‘ද බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ සිනමාපටය ස`දහා එවකට දහසය හැවිරිදිව සිටි චන්ද්‍රන් රත්නම් සිය දායකත්වය ලබා දුන්නේය. ඒ අනුව හොලිවුඞ් ශෛලියේ සිනමා නිර්මාණයක් මෙරටදී රූගත කිරීම ස`දහා පවතින ඉඩකඩක් ඒ තුළින් මෙරටට ලැබිය හැකි ජාත්‍යන්තර අවධානයත් පිළිබ`ද චන්ද්‍රන් රත්නම් හට මනා වැටහීමක් විය. මේ කරුණු සියල්ල කැටි කරගනිමින් ඔහු ‘අ කොමන් මෑන්’ රචනා කර අවසන් කළේය. මනෝහන් නානායක්කාර නිෂ්පාදන පිරිවැය දැරීමට භාර ගත්තත් පෙර නිෂ්පාදන සමයේදී ඔහුට හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් නළුවෙක් වශයෙන් තම දායකත්වය ලබාදීමට නොහැකි විය. ඒ අනුව තම සිනමා නිර්මාණය ස`දහා වෙනත් නළුවෙක් යොදා ගැනීමට චන්ද්‍රන් රත්නම්ට සිදුවිය.




‘මනෝහන් රෝගාතුර වුණාට පසුව වෙනත් නළුවෙක් සෙවීමේ අවශ්‍යතාවය මතුවුණා. මනෝහන් මගෙන් ඇහුවා, කවුද ඔය චරිතයටම වඩාත් ගැළපෙන නළුවා උඹේ ඔළුවට එන’ කියලා මම ඒ වෙලාවේ කිව්වා ‘බෙන්? කිංග්ස්ලි කියලා’

සිය සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට සුපිරි හොලිවුඞ් නළු බෙන් කිංග්ස්ලි තෝරා ගැනීමට හේතුව චන්ද්‍රන් රත්නම් පැවසුවේ මහත් උද්යෝගයෙනි.

‘අපි එම කතාබහ කරපු දවසෙම ඔහුගේ නියෝජිතයා වෙත තිරපිටපත යැව්වා. බෙන් කිංග්ස්ලි කියන්නේ අතිදක්ෂයෙක්. මම වගේ පොඩි මිනිහෙක්ගේ සිනමා නිර්මාණයකට ඒ වගේ ලොව සුපතළ නළුවෙක් එයිද කියන කාරණය පිළිබඳ සැකයක් මා තුළ තිබුණා. නමුත් තිරපිටපත යවපු දිනට පසු දිනම බෙන් කිංග්ස්ලි ලොස්ඇන්ජලීස්වල මගේ නිවසට කතා කළා. ඔහු මගේ ජීවිතේ අමතක නොවන ප‍්‍රකාශයක් එම දුරකතන ඇමතුමේදී පැවසුවා. ඔහු කිව්වා ‘රත්නම්, මම ඔයාගේ තිරපිටපත කියෙව්වා. එහි එකදු වචනයක් හෝ වෙනස් නොකර චිත‍්‍රපටයෙහි චරිත නිරූපණය කිරීමට මම සූදානම්’

කියලා. ඔහු වගේ අත්දැකීම් සම්භාරයක් සහිත විශිෂ්ට නළුවෙක් මගේ තිරපිටපතට එවන් ඇගයීමක් ලබාදීම අතිශය සතුටක්. එම අවස්ථාවේදී මගේ නෙතට ක`දුළු ආවා’ ‘අ කොමන් මෑන්’ ස`දහා බෙන් කිංග්ස්ලි යොදා ගත්තත් ඔහු මාටින් සෝර්සර්ගේ
හියුගෝ (Hugo) සිනමා නිර්මාණයේම චරිත නිරූපණයට යාමට සැලසුම් සකස්කර තිබුණි. 1960 වර්ෂයේ සිට හොලිවුඞ් සිනමා වට සම්බන්ධ වූ බෙන්
කිංග්ස්ලි 1982 වර්ෂයේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නේ ගාන්ධි (Ghandhi) සිනමා නිර්මාණයේ විශිෂ්ට චරිත නිරූපණය හේතුවෙනි. ඔහු ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) ස්ක‍්‍රීන් ඇක්ටර්ස් ගිල්ඞ් (Screen Actors Awards) සම්මාන උළෙලෙහි සම්මානයට පාත‍්‍ර විය. එමෙන්ම ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ෂින්ඩර්ස් ලිස්ට්’  සහ මාර්ටින් සෝර්සර් අධ්‍යක්ෂණය කළ හියුගෝ , ෂටර් අයිලන්ඞ්  සිනමා නිර්මාණයන්හි කැපී පෙනෙන චරිත නිරූපණය කළේය. බෙන් කිංග්ස්ලිගේ පහසුව උදෙසා ඔහුගේ චරිතයට අදාළ රූගත කිරීම් දින 14ක් තුළ සැලසුම් කිරීමට ‘අ කොමන් මෑන්’ සිනමා නිර්මාණයේ නිෂ්පාදන කණ්ඩායමට සිදුවිය. දින 12ක් ඇතුළත බෙන් කිංග්ස්ලිගේ චරිතයේ රූගත කිරීම් අවසන් කිරීමේ හැකියාව ලැබුණි. මීට පෙර ශ‍්‍රී ලංකාවේදී රූගත කෙරුණු හොලිවුඞ් සිනමාපටයන්හි රංගනයට බෙන් කිංග්ස්ලි සහභාගි වී ඇත. ‘අ කොමන් මෑන්’ රූගත කිරීමෙන් අනතුරුව ඔහු සිනමා නිර්මාණයේ කාර්යභාරය පිළිබ`ද මෙසේ අදහස් දැක්වීය.

‘2011 වර්ෂය කියන්නේ මට වැඩ අධිකව යෙදී තිබුණු වසරක්. නමුත් රත්නම් මහතා කතා කරලා කිව්වහම මේ චිත‍්‍රපටයේ රඟපාන්න එන්න කියලා මම කිව්වා දවස් 14ක කාලයක් තියෙනවා කියලා. රත්නම් මහතාගේ සිනමාපටයෙන් පසු මාර්ටින් සෝර්සර්ගේ ‘හියුගෝ’හි රූගත කිරීම්වලට දායකවෙන්න තිබුණා. නමුත් ‘අ කොමන් මෑන්’ හි මාස දෙකක පමණ රූගත කිරීම් සති දෙකකට ආසන්න කාලයකදී ඉතා සාර්ථකව නිම කළා. මෙහි පිටපත ඉතාමත් හොඳට ලියලා තියෙනවා. චරිත ගොඩනැගෙන ආකාරයට එය සංවිධාන ගතකරලා තියෙනවා. අපිට  ඕනෙ මේ වගේ හොඳ පිටපත්. සාර්ථක සිනමා නිර්මාණ බිහිවෙන්නෙ හොඳ පිටපත් තිබුණොත් පමණයි. සිනමාපටය රූගත කිරීමේදී මම දැක්ක සුවිශේෂීම සිදුවීම තමයි නිෂ්පාදන කණ්ඩායම අධ්‍යක්ෂවරයාගේ අරමුණ පැහැදිලිව දැන සිටීම. ඇතැම් අධ්‍යක්ෂවරුන්
කැමරා අධ්‍යක්ෂවරයාට හෝ ශබ්ද පටිගත කරන්නාට තමන්ගේ අවශ්‍යතාව කියන්නේ නැහැ. සිනමා කෘතිය රූගත කිරීමේදී මට ආරක්ෂාවක් වගේම වඩාත් සුවපහසු හැ`ගීමක් ආවා. ඊට හේතුව වුණේ සිනමා තිර රචනයේදී පවසා තිබුණ දෑ ඒ අයුරින්ම රූගත කිරීමට හැකිවීම. එය ඉතාම සුවිශේෂී අත්දැකීමක්. කතාව තුළ අන්තර්ගත වන්නේ සාමාන්‍ය පුද්ගලයකු තමන්ගේ අත්දැකීම් ඔස්සේ අසාමාන්‍ය ක‍්‍රියා කිරීමට පෙළඹීම. සමාජ, දේශපාලන යන්ත‍්‍රණය පිළිබ`ද ඔහුගේ අවිශ්වාසය මතයි මෙහි ක‍්‍රියාපිළිවෙත දිවයන්නේ. රූගත කිරීම් අවසානයේදී මට දැනුණ දෙයක් තමයි ඉතා හොඳ චරිත නිරූපණයක් සිදු කළ බව’

ප‍්‍රථම වරට මෙරට සිනමා නිර්මාණයකට දායකවීමට පැමිණි බෙන් ක්‍රොස් තම රූගත කිරීමේ අත්දැකීම් මෙසේ විස්තර කළේය.

‘මෙහි තිරපිටපත ලැබුණහම මම බාගයක් දුරට කියවලා හිතුවා දැන් ඉතින් කතාවෙ ඉතුරු හරිය දන්නවා කියලා. නමුත් තවදුරටත් කියවගෙන යනකොට කතාව සහමුලින්ම කණපිට හැරිලයි තියෙන්නෙ. එය අතිශයින්ම සොඳුරු අයුරින් රචනා කරලා තිබුණා. චරිත හසුරුවා තිබුණ අන්දම පුදුමාකාරයි. ඒ වගේම ශ‍්‍රීමත් බෙන් කිංග්ස්ලි මෙහි ප‍්‍රධාන චරිතෙ රඟපානවා කිව්වහම මට අනිවාර්යයෙන්ම සහභාගීවීමට අවශ්‍ය වුණා. ඔහුට පුදුමාකාර අත්දැකීම් සම්භාරයක් තියෙන්නෙ. කතාව අනුව මෙහි සිදුවීම් ගලාගෙන යන්නෙ පැය දොළහක කාලවකවානුවක් තුළයි. චරිත ප‍්‍රතික‍්‍රියා කරන ආකාරයේ සුවිශේෂීත්වය මත කතාව ඉදිරියට ගලාගෙන යනවා. මෙය හොඳ අනුවර්තනයක්. ශ‍්‍රී ලංකාව තුළ මගේ පළමු රූගත කිරීම. එය ඉතා ආස්වාදජනක කාර්යයක් බවට පත්වුණා’

‘අ කොමන් මෑන්’ 2011 වර්ෂයේදී දින 48ක කාලයක් රූගත කිරීම් කර අවසන් කළේය. එහි පසු නිෂ්පාදන කටයුතුද මේ වනවිට අවසන් කර ඇත. ඒ අනුව ලබන වසරේ ‘ද කොමන් මෑන්’ සිනමා නිර්මාණය ලොව පුරා ප‍්‍රදර්ශනයවීමට නියමිතය. ඬේවිඞ් ලීන් සමග ‘ද බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ හිත් ස්ටීවන් ස්පිල්බර්ග් සමග ‘ඉන්දියානා ජෝන්ස් ඇන්ඞ් ද ටෙම්පල් ඔන් ඩූම්’ , කෙවින් කොනාර්’ සමග ‘මදර් තෙරේසා’  හීත් තම දායකත්වය සැපයූ චන්ද්‍රන් රත්නම් හොලිවුඞ් සිනමාවේ ක‍්‍රමවේදයන් පිළිබඳ පෘථුල දැනුමක් ඇති ලාංකේය අධ්‍යක්ෂවරුන් අතලොස්සෙන් කෙනෙකි. මෙවර ඔහු අතගසා ඇත්තේ හොලිවුඞ් නළුවන් යොදාගනිමින් ජාත්‍යන්තර සිනමාපටයක් නිර්මාණය කිරීමටය. මෙහි පූර්ව ප‍්‍රචාරක පට නැරඹූ විචාරකයන් පවසා ඇත්තේ ‘අ කොමන් මෑන්’ අතිසාර්ථකව ලොව පුරා ප‍්‍රදර්ශනය වනු ඇති බවයි. මේ පුංචි දිවයිනෙන් ලෝකයා වෙත දායාද වන ‘අ කොමන් මෑන්’ ලබන වසරේදී අප කාටත් නැරඹීමට හැකිවනු ඇත.
http://www.youtube.com/watch?v=wde45w_mIhM

No comments:

Post a Comment