Monday, February 25, 2013

රූප සංඥාර්ථයේ විශිෂ්ටයා 

ස්ටැන්ලි කුබ්රික්                                          

    මානව පරිණාමයට පෙර වානරයෝ එක්රොක්වී නොදත් දෑ පිළිබඳ විමසිලිමත් වූහ. පෘථිවිය මත වෙනත් ජීවීන් විශේෂයක් පැමිණ පිහිටු වූ විශාල ගල් පුවරුවක් අසලට රැුස්වූ වානරයෝ එකිනෙකා පරයමින් කෑගසන්නටත් උනුන් හා දබර කරන්නටත් වන්හ. මේ අතර එක් වානරයකුගේ අත අස්ථියක හැඩය ගත් මස් කට්ටක් වන අතර එය මෙම වානරයන් අතර සටනේ උග‍්‍රම අවස්ථාවේ ඉහළ අහසට විසි වෙයි. නීල අහසේ මස් කට්ට ඉහළට ඇදෙද්දී ක්ෂණික ෙඡ්දනයක් ඔස්සේ මස් කට්ට පිහිටි පරිමාණයටම එහි හැඩයට සමානව තිරයේ දිස්වන්නේ අභ්‍යවකාශයේ රඳවා තිබෙනා චන්ද්‍රිකාවකි. මෙය සිනමා ඉතිහාසයේ ඇති විශිෂ්ටතම සංස්කරණයකි. අදටත් ස්ටැන්ලි කුබ්රික් නම් යුදෙව් ජාතික සිනමාකරුවා ‘2001: අ ස්පේස් ඔඩිසි’ (1968) හි මැවූ මෙම රූපරාමු පෙළ සිනමා වංශාවලියේ ගෞරවාදරයට මෙන්ම ඇගැයීමටද නිරන්තරයෙන් ලක්වන්නේ එහි පවතින විශිෂ්ටත්වය නිසාය.
                                                                 වරෙක ස්ටීවන් ස්පිල්බර්ග්, ස්ටැන්ලි කුබ්රික් පිළිබඳ පැවසුවේ ඔහු (ස්ටැන්ලි කුබ්රික්) තමන්ගේ පරම්පරාවේ විශාල විප්ලවයක් සිදුකළ සුවිශේෂිතම අධ්‍යක්‍ෂවරයා බවයි.

                                             නමුත් පුදුමයකට මෙන් මෙම අසහාය සිනමාකරුවාට අධ්‍යක්‍ෂණයට හෝ තිර රචනයට එකදු ඔස්කා සම්මානයක්වත් ලැබුණේ නැත. ඔහුට ලැබුණු එකම ඔස්කා සම්මානය වූයේ ‘2001: අ ස්පේස් ඔඩිසි’ වෙනුවෙන් හොඳම දෘශ්‍ය ප‍්‍රයෝග සඳහා ලබාදෙන සම්මානයයි. විචාරකයන් පවසන පරිදි ‘2001: අ ස්පේස් ඔඩිසි’ යනු  ඕරිසන් වෙල්ස් ‘සිටිසන් කේන්’ නිෂ්පාදනයට කළ පසු බිහිවූ විශිෂ්ටතම සිනමා නිර්මාණය බවයි. මෙම සිනමාපටය හරහා සිනමාවේ නිම් වළලූ පුළුල් වූ අතර නව සංස්කරණ ක‍්‍රම ශිල්ප මෙන්ම සංගීතය යොදාගන්නා ආකාරයේද වෙනසක් ඇතිවිය.ස්ටැන්ලි කුබ්රික් උපත ලබන්නේ 1928 ජූලි 26 වැනිදායි. ඔහුගේ පවුල යුදෙව් ජාතිකයන් වූ අතර ඔහුගේ කුඩා කල ගතවන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය. නමුත් පසු කලෙක සාර්ථක සිනමා අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කුබ්රික් ලන්ඩනය තම වාසස්ථානය සඳහා තෝරාගන්නේ ඇමෙරිකාවේ හොලිවුඞ් පුරවරය වඩාත් කාර්යබහුල මෙන්ම සිනමාකරුවකුට ජීවත්වීමට නුසුදුසුම ස්ථානය වශයෙන් කුබ්රික් හඳුන්වන නිසයි.

                                                            කුබ්රික් කුඩා කල සිටම පොතපතට මහත් රුචිකත්වයක් දැක්වූ අතර පාසල තුළදී පවා ඔහුව ‘පොත් ගුල්ලෙක්’ වශයෙන් හඳුන්වන ලදී. ඔහුගේ පියා කුඩා කාලයේදීම කුබ්රික්ට ‘චෙස්’ ක‍්‍රීඩා කිරීම ඉගැන්වූයේය. කුබ්රික් පසු කලක පැවසුවේ චෙස් ක‍්‍රීඩාවේ යෙදීම හරහා ඉවසීම සහ විනය මනාව පුරුදු වන බවයි.කුබ්රික්ගේ පියා ඔහුට කැමරාවක් අරන් දෙන්නේ ඔහු කුඩා කාලයේදීමය. මෙයින් ඔහුව කැමරාකරුවෙක් වීමට පොළඹවාලන ලදී. එමෙන්ම කලක් සංගීත කණ්ඩායමක ඩ‍්‍රම්ස් වාදකයකු වශයෙන් කටයුතු කිරීමටද කුබ්රික් උත්සහ කළේය. ඔහු ජෑස් සංගීතයට බෙහෙවින් ඇලූම් කළේය. කෙසේ වෙතත් ඔහුට පාසල් අධ්‍යාපනයේදී ලබාගත හැකිවූයේ සාමාන්‍ය මට්ටමේ සාමාර්ථයක් පමණි. මේ හරහා ඔහුට විශ්වවිද්‍යාලයට යාමට තිබූ වරම අහිමි විය. නමුත් පසු කලක නිව්යෝර්ක් සිටි කොලේජ්හි රාත‍්‍රී අධ්‍යාපනය ලබා උපාධිය සම්පූර්ණ කිරීමට ඔහු සමත් විය. මේ අතර නිදහස් ඡුායාරූප ශිල්පියකු වශයෙන් කටයුතු කරමින් කුබ්රික් තමන්ගේ ආදායම සරිකර ගත්තේය. වයස අවුරුදු 17දී ඔහුට ‘ලූක්’ :ඛදදන* සඟරාවේ ඡුායාරූප ශිල්පියකු වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව උදාවිය. මේ අතර කුබ්රික් දිගින් දිගටම සිනමාපට නරඹමින් තම සිනමා සිහිනයදිගේ පියනගන්නට විය. ඒ අනුව 1951 වර්ෂයේදී ඔහු ප‍්‍රථම කෙටි චිත‍්‍රපටය ‘ද මාර්ච් ඔෆ් ටයිම්’  නිර්මාණය කළේය. ඉන් අනතුරුව ‘ඬේ ඔෆ් ද ෆ්ලයිට්’, ‘ෆ්ලයිං පඞ්රා’, ‘ද සීෆර්රර්ස්’ යන කෙටි සිනමාපට නිර්මාණය කළේය. මේ කාලයේදී තම ඡුායාරූප රැුකියාවට සමුදුන් කුබ්රික් සිනමාකරුවෙක් ලෙස ඉස්මතුවීමට උත්සහ කළේය. ඒ අනුව ඔහු තමා විසින්ම කැමරා කර, අධ්‍යක්‍ෂණය කර, සංස්කරණය කරන ලද සිනමාපට දෙකක් නිර්මාණය කළේය. ඒවා වන්නේ ‘ෆියර් ඇන්ඞ් ඩිසයර්’, ‘කිලර්ස් කිස්’ යන සිනමාපටයි. 1951 නිෂ්පාදනය කළ ‘ෆියර් ඇන්ඞ් ඩිසයර්’ ආර්ථික වශයෙන් ලාභ ඉපැයීමට සමත් නොවුණත් ‘ෆියර් ඇන්ඞ් ඩිසයර්’ ලාභ ලැබීමට සමත් විය.
                                                                             කුබ්රික්ගේ සිනමා ගමනේ හැරවුම් ලක්‍ෂ්‍යය වශයෙන් ගතහැක්කේ ‘ස්පාර්ටකස්’ (1960) නිර්මාණය කිරීමයි. කර්ක් ඩග්ලස් නිෂ්පාදනය කළ ‘ස්පාර්ටකස්’ සඳහා නළු නිළියන් පමණක් 10,000ක් පමණ සහභාගි වූහ. මේ නිසා කුබ්රික් හට දුර රූප ගැනීම සඳහා මිලිමීටර් 70 සුපර් ටෙක්නිරාමා තාක්‍ෂණය යොදා ගැනීමට සිදුවිය. මෙය ඔස්කා සම්මාන හයකට නිර්දේශ වූ අතර ඉන් හතරක්ම දිනාගත්තේය. මෙම සිනමාපටයේ සාර්ථකත්වය මත ඔහුට කීර්තිය මෙන්ම නිෂ්පාදකයන්ද ගලාගෙන එන්නට විය. නමුත් තම නිර්මාණ ඉතාමත් සැලසුම් සහගතව සිදුකරනා කුබ්රික් ඊළඟ නිර්මාණය ලෙස ‘ලොලිටා’ (1962) බිහි කළේය. මෙහි කතාන්දරයේ පවතින රාගික ස්වරූප බැහැර කර කතාව තුළට හාස්‍යය හා උපහාසය මනාව එක්කිරීමට කුබ්රික් කටයුතු කළේය. අනතුරුව කුබ්රික් අතින් නිමැවූ විශිෂ්ටතම නිර්මාණයක් වූයේ ‘ඩොක්ටර් ස්ටේ‍්‍රන්ජ් ලව්’  ය. මෙය එම සමයේ සීතල යුද්ධය ආරම්භ කිරීමත් සමග ඇමෙරිකානු ජනතාව තුළ පැනනැගුණු න්‍යෂ්ටික බෝම්බ පිළිබඳ බිය පාදක කරමින් නිර්මාණය කළ උපහාසාත්මක සිනමා සිතුවමක් විය. ඉන් අනතුරුව ඔහු නිර්මාණ ගණනාවකත් විශ්ව සිනමා කෘති අතර හොඳම සිනමාපට 10 අතරට ගැනෙනා ‘2001: අ ස්පේස් ඔඩිසි - 1968’ නිර්මාණය කරන්නේ ආතර් සී. ක්ලාක් සමග එකතුවය. මෙය සිනමාවේ රූපමය ශක්‍යතාවයේ ඉහළම නිරූපනයක් වශයෙන් විචාරකයන් සලකයි. ඉන් අනතුරුව කුබ්රික්ගේ සිනමා කෘති අතුරින් ඉදිරියෙන්ම තිබෙන්නේ ‘අ ක්ලොක්වර්ක් ඔරේන්ජ්’, ‘ෆුල් මෙටල් ජැකට්’, ‘අයිස් වයිඞ් ෂට්’ ( 1999) යන සිනමා කෘතියි. 1999 ස්ටැන්ලි කුබ්රික් මියයන්නේ ඔහු වඩාත් දක්‍ෂතම රූපමය සංඥාර්ථයක් සහිත අධ්‍යක්‍ෂවරයෙක් බවට සපථ කරමිනි. අද ලොව විශිෂ්ට අධ්‍යක්‍ෂවරු ලෙස වැජඹෙන බොහෝ දෙනකුට ස්ටැන්ලි කුබ්රික්ගේ ආභාසය ලැබී තිබීමෙන් පැහැදිලි වන්නේ සිනමාවට කුබ්රික් දැක්වූ අනුපමේය දක්‍ෂතාවයි.

No comments:

Post a Comment