Tuesday, February 12, 2013


පුරාවෘත්ත සිනමාවේ වයිලර් පුරාවෘත්තය

ජර්මනිය අධිරාජ්‍යයක්ව පැවති සමයේදී ස්විස් ජාතික පියකුට සහ ජර්මන් ජාතික මවකට දාව ‘විල්හෙල්ම් වෙයිලර්’ 1902 ජූලි පළමුවැනිදා උපත ලැබීය. මෙම යුදෙව් ජාතික දරුවා අනාගතයේදී ලොව සුපතළ අධ්‍යක්ෂවරයෙක් බවට පත්වනු ඇතැයි කිසිවෙක් එම සමයේ විශ්වාස කරන්නට නැත.‘විල්හෙල්ම් වෙයිලර්’ පසු කාලයේදී ‘විලියම් වයිලර්’ යන නමින් වෙනස් වූවේය. ඒ වඩාත් පහසුවට සහ යුදෙව් ජාතියට ඒ වනවිට පැනනැගී තිබූ දැඩි ව්‍යසනකාරී පාරිසරික පසුබිම හේතුවෙනි. වයිලර්ගේ විශිෂ්ට සිනමා කෘතියක් වශයෙන් සැලකෙන 1959 බිහිවූ ‘බෙන් හර්’ (ඊැබ ්‍යමර* සිනමාපටය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වෙද්දී ඔහු වේදිකාවේදී මෙසේ පැවසීය. ‘ක‍්‍රිස්තියානි ආගම පිළිබඳ මෙතරම් කාරණා සහිත සිනමාපටයක් යුදෙව් ජාතිකයෙක් වශයෙන් මට නිර්මාණය කිරීමට සිදුවීම පුදුම සහගත සිදුවීමක්’ විලියම් වයිලර් එලෙස ප‍්‍රකාශ කළේ බරපතළ දේශපාලනික කාරණාවක්ද පසක් කරමිනි. ඒ යුදෙව් ජාතිකයන්ට දෙවැනි ලෝක යුද්ධයේදී සිදුවූ අසාධාරණයට හඬක් වෙමිනි.


                                                           විලියම් වයිලර් හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කා සම්මානයෙන් තෙවරක්ම පිදුම් ලබන අතර ප‍්‍රංශ කාන්ස් සිනමා සම්මාන උළෙලේදී ‘පාල්ම් ඞී  ඕර්’ සම්මානයටද පාත‍්‍ර විය. නමුත් ඔහුගේ මෙම වාර්තාවට වඩා තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ ඔහුගේ සිනමාපටවල රංගනයෙන් දායක වූ නළු නිළියන් තිස්වරක් ඔස්කා සම්මානය උදෙසා නාමයෝජනා වීමයි. එම තිස්වරෙන් දහහතර වරක්ම නළු නිළියන් සම්මානයට පාත‍්‍රවීම සුවිශේෂී කාරණාවක් විය. එයින් විලියම් වයිලර්ගේ සිනමා නිර්මාණ තුළ නළු නිළියන් හැසිරවීමේ දක්ෂතාව මනාව පැහැදිලි වෙයි. විලියම් වයිලර් තම මිතුරු විලී වයිල්ඩර් මෙන්ම සිනමාවේ ආධිපත්‍යය අධ්‍යක්ෂවරයා සතු වගකීමක් බවට මනාව පෙන්වපු අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ප‍්‍රචලිත වරක් ඔහු ‘ජ සබෙල්’ සිනමාපටය වෙනුවෙන් හෙන්රි ෆොන්ඩා එක දර්ශනයක් උදෙසා 40 වරක් එකම දර්ශනයේ රූගත කිරීම්වලට භාජනය කළේය. ඒ සෑම අවස්ථාවකදීම ‘හෙන්රි ෆොන්ඩා’ විලියම් වයිලර්ගෙන් තම අඩුපාඩුව පිළිබඳ විමසා සිටියත් වයිලර්ගේ සරල පිළිතුර වූයේ ‘එය ගන්න දෙයක් නැහැ’ යනුයි. මීට අමතරව විලියම් වයිලර්ට සිනමාවේදී ‘නයින්ටි ටේක් වයිලර්’  නාමය පටබැඳුණේ ඔහු දර්ශනයක් තමන්ට අවශ්‍ය කරනා තෘප්තියට පැමිණෙන තුරු රූගත කිරීම් සිදු කරන නිසාය.

                                        වයිලර්ගේ හොඳම සිනමා කෘති වශයෙන් ‘බෙන් හර්’ ‘ද බෙස්ට් ඉයර්ස් ඔෆ් අවර් ලයිව්ස්’, ‘මිසිස් මිනිවර්’ (ඵරිග ඵසබසඩැර-1942* ‘ෆනී ගර්ල්’  ද හේරස්’  ‘ද ලෙටර්’ ‘ද වෙස්ටර්නර්’ ‘වදරින් හයිට්ස්’ ‘ජ සබෙල්’ ‘හෙල්ස් හීරෝස්’  හඳුන්වා දිය හැකිය.
විසිවැනි සියවසේ දෙවැනි දශකයේ නිහඬ සිනමාවෙන් තම සිනමා ආගමනය සනිටුහන් කරනා විලියම් වයිලර් කතානාද සිනමාවේද තම නම සටහන් කර ගැනීමට සමත් වන්නේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් තම දක්ෂතා පෙන්වීම හේතුවෙනි.
විලියම් වයිලර් සිනමාවට පිවිසෙන්නේ ඉතා පහසු මාවතක් ඔස්සේ නොවෙයි. අතිදක්ෂ කතානාද අධ්‍යක්ෂකවරයා බවට පත්වීම ඔහු මුහුණ දුන් සිදුවීම්ද ඉතා බලපෑමක් එල්ල කළේය. යුදෙව් පවුලක උපත ලැබූ විලියම් වයිලර් කුඩා කල සිටම මුරණ්ඩු චරිතයක් විය. ඔහු පාසල් ගණනාවක අධ්‍යාපනය හැදෑරුවේ ඇතැම් පාසල්වලින් වයිලර්ව නෙරපීම හේතුකොටගෙනය. ඔවුන්ගේ මව කුඩා කල සිටම වේදිකා නාට්‍ය, ඔපෙරා සහ චිත‍්‍රපට නැරඹීම සඳහා වයිලර්ව රැුගෙන යන ලදී. මෙසේ රැුගෙන ගොස් කලා මාධ්‍ය පිළිබඳ කුඩා කල සිටම උනන්දුවක් මතුවීම හරහා පසු කලෙක ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත්වන්නේය. නමුත් ඔහු ඇමෙරිකාවට පැමිණෙන්නේ කම්කරුවෙක් වශයෙන් සේවය කිරීමටය. ඒ, තරුණ වියට පිවිසි විලියම් වයිලර් කුමන හෝ රැුකියාවක නිරත කරවීමේ අරමුණෙන් ඔහුගේ මව ගන්නා තීරණය හේතු
කොටගෙනය. ඒ අනුව නැවක නැගී ඇමෙරිකාව බලා එන ‘වයිලර්’ නැවේ ගාස්තුව ගෙවන්නේ මාසික වේතනයෙනි. ඔහුට යුනිවර්සල් චිත‍්‍රාගාරයේ පණිවුඩකරුවෙක් වශයෙන් ක‍්‍රියාකිරීමට සිදුවන්නේ මෙම කාලවකවානුවේදීය. නිතර නිතර යුනිවර්සල් චිත‍්‍රාගාරයට ගමන් කිරීම නිසා සිනමාව පිළිබඳ ඇල්ම වයිලර් තුළ වඩාත් ඉහළ ගියේය. මේ නිසා ඔහු තම රැුකියාව අතහැර දමා හොලිවුඞ් පුරවරයට පැමිණීමට තීරණය කරයි. එය එම කාලවකවානුවේදී ඔහු ගන්නා දරදඬු මුරණ්ඩු තීරණයක් වශයෙන් පෙනුණත් ඔහුගේ ජයග‍්‍රාහී මාවත විවෘත වන්නේ ඒ හරහාය.

                                               1923දී ඔහු දෙවැනි සංස්කරණ ශිල්පියෙක් වශයෙන් හොලිවුඩයේ කටයුතු කරයි. නමුත් ඔහුට එම රැුකියාව අහිමි වන අතර 1925දී තෙවැනි සහය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සිනමාපට කිහිපයකටම දායක වෙයි. මෙසේ අපහසුවෙන් සිනමාව ජයගන්නා විලී වයිලර් 1928දී තම ප‍්‍රථම නිර්මාණය වූ ‘එනිබොඩි හියර් සීන් කෙලී?’ අධ්‍යක්ෂණය කරයි. එය හොලිවුඞ් පුරවරයේ එතෙක් කාලයකට අඩුම වයසේ පසු වූ අධ්‍යක්ෂවරයෙක් කළ නිර්මාණයක් ලෙස වාර්තා පොතට එකතු වෙයි. මෙසේ ආරම්භ කරන වයිලර්ගේ සිනමා ගමන 1981දී ඔහු මිය යන වර්ෂය දක්වා නොකඩවා ගලා ගියේය. මිය යනවිට විලියම් වයිලර් සිනමා කෘති 71ක් අධ්‍යක්ෂණය කර තිබූ අතර ඔහු පුරාවෘත්ත සහිත කතන්දර විශාල පිරිවැයක් දරා නිර්මාණය කිරීමට සමත් දක්ෂතම අධ්‍යක්ෂවරයා බවට අදටත් සැලකෙයි.

No comments:

Post a Comment