Tuesday, February 5, 2013

මායාවෙන් රූපය මැවු ෆෙලිනි

මායාවෙන් රූපය මැවු ෆෙලිනි  

විසිවැනි සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨතම අධ්‍යක්ෂවරයා වශයෙන් බොහෝ විචාරකයන් සලකන්නේ ෆෙඞ්රිකෝ ෆෙලිනිය. ෆෙලිනිිගේ ආභාසය අදටත් හොලිවුඞ් සිනමාවේ දක්නට ලැබේ. ඉන්ගාර් බර්ග්මාන්, ඬේවිඞ් ලින්ච්, වූඩි ඇලන්, පෙඞ්රෝ අල්මදෝරා මෙන්ම ටිම්බර්ටන් මාර්ටින් සාකෝසි, ඬේවිඞ් ක්‍රොනෙන්බර්ග් වැනි මෑත කාලීන අධ්‍යක්ෂවරුන්ට ෆෙඞ්රිකෝ ෆෙලිනිිගේ සිනමා සංඥාර්ථවේදය මහත් බලපෑමක් ඇතිකර ඇත. අදට පවා බොහෝ විචාරකයන් පවසන්නේ විසිවැනි සියවසේ වඩාත් බලපෑම් සහගත අධ්‍යක්ෂවරයා ෆෙලිනිි බවයි. මයිකල් ඇන්ජිලෝ ඇන්ටෝනි, රොබර්ටෝ රොසලිනි, සර්ජියෝ ලියෝනි වැනි ලෝක ප‍්‍රකට සිනමාකරුවන් බිහිවූ ඉතාලිය ෆෙලිනිිගේ උපන් බිම විය.ෆෙලිනිිගේ ජීවිත කතාව අධ්‍යක්ෂවරයෙක් වීමට බලාපොරොත්තු වන  ඕනෑම අයකුට මනා අත්දැකීම් සම්භාරයක් ලබාදෙයි.
1920 ජනවාරි 20 වැනිදා ෆෙලිනිි උපත ලබන්නේ රිමිනි නගරයේ මධ්‍යම පාන්තික පවුලකය. ඔහුගේ පියා නගරයෙන් නගරයට ගොස් වෙළෙඳාමේ යෙදෙන්නෙක් ලෙස කටයුතු සිදු කළේය. නමුත් ඔහුගේ මව තම උත්පත්තියෙන්ම ධනවත් පවුලක තැනැත්තියක් වූවාය. නමුත් ෆෙලිනිිගේ පියාවූ උර්බනෝ ෆෙලිනි සමග රහසේ පැනයාමට සිදුවීම නිසා ඇය සිය ධනය අතහැර පලා ගියාය.

                      ෆෙඞ්රිකෝ ෆෙලිනිි කුඩාකල සිටම කලාවට මහත් අභිරුචියක් දැක්වීය. පාසල් යන වයසේ දක්ෂ ශිෂ්‍යයෙක් වූ ෆෙලිනිි ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම චිත‍්‍ර ඇඳීමට යොමුවිය. වයස අවුරුදු හයක කාලයේ සිටම සිනමාවට ඔහු ආශා කළ අතර ‘ග‍්‍රෑන්ඞ් ගුයිග්නොල්’  නම් සර්කස් කණ්ඩායම සමග සමීප සබඳතාවක් ඇති කර ගත්තේය. මෙම සබඳතාව ඔහුගේ ජීවිතය වෙනස් කළ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. ඒ කෙසේද යත් නව ඉතාලියානු සිනමාවේදීන්ගෙන් මායාව හා යථාර්ථය එකට කළවම් කරමින් අතිප‍්‍රබල රූපරාමු තිරයට ගෙන ඒමට ෆෙලිනිි සමත් වීමයි. මේ අතර ෆෙලිනිි නව යෞවන වියේ සිටියදී මුසොලොනි ඉතාලියේ අදිරාජයා බවට පත්විය. මෙම සමයේ ෆෙලිනිි ෆැසිස්ට්වාදී තරුණ කණ්ඩායමක සාමාජිකත්වය ලබාගත්තේය. මනෝ ලෝකයක නිරතුරුව ජීවත්වූ ෆෙලිනිිට අවශ්‍ය වූයේ තම මනස තුළ නිර්මාණය වන ප‍්‍රස්තුත පේ‍්‍රක්ෂකයන් හෝ පාඨකයන් හමුවේ ප‍්‍රතිනිර්මාණය කිරීමයි. තම පවුලෙන් වෙන්වී ඉගෙනීමට යැයි කියමින් මුදල් වියදම් කරමින් සිටි ෆෙලිනිි 1937දී ඩොමොස් බොනිනි  නම් චිත‍්‍රශිල්පියා සමග සිතුවම් අලෙවි කරනා සාප්පුවක් විවෘත කළේය. එම කාලයේදී ඉතාලි රේඩියෝවට කුඩා විකට දෙබස් සහ කතා රචනා කරනා රචකයෙක් වශයෙන් ෆෙලිනිි කටයුතු කළේය. මෙයින් ඔහුට සතිපතා යම් මුදලක් ලැබීය. මේ අතර නීතිය හැදෑරීම සඳහා ඔහු 1939දී රෝම විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. නමුත් ඔහුගේ චරිතාපදානය රචනා කළ හොලිස් ඇල්පර්ට් සඳහන් කරන්නේ ෆෙලිනිි නීති විද්‍යාලයේ පන්තිවලට එක දවසක් හෝ සහභාගිවූ බවට සාක්ෂි නොමැති බවයි.

                                            1939 සිට 1942 කාලවකවානුව තුළ ඔහු ස්ථිර වැටුපකට රචකයෙක් වශයෙන් ‘Marc' Aurelio’ නම් සඟරාවක සේවය කළේය.1942න් පසු එකල ඉතාලියේ සිටි දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වූ රොබ්රිටෝ රොසලෙනිගේ  තිරකතා රචකයා වශයෙන් ක‍්‍රියාකිරීම ආරම්භ කළේය. ෆෙඞ්රිකෝ ෆෙලිනිි සහ සර්ජියෝ අමිඩි එකතුව රචනා කළ ‘රෝම්,  ඕපන් සිටි’  සිනමාපටය ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම තිරපිටපත සඳහා යෝජනා විය. මෙම තිර රචනයත් සමග ෆෙලිනිි ඉතාලි නව යථාර්ථවාදී සිනමාවේ ප‍්‍රමුඛ කසකරුවෙක් බවට පත් විය. නමුත් පසුකාලීන ඔහු වඩාත් මායා යථාර්ථවාදී රීතියක් අනුගමනය කළ බව බහුතර විචාරක මතයයි. මුල්කාලීනව ෆෙඞ්රික් ෆෙලිනිි සිනමා නිර්මාණ සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළේය. 1950දී ඔහු වැරයිටි ලයිට්ස්  නම් සිනමා කෘතිය නිෂ්පාදනය කළේය. 1950දී ඔහු තිර රචනා කළ ‘පයිසා’  ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම තිරපිටපතට නාම යෝජනා විය. 1953 වර්ෂයේ ඔහු නිපද වූ ‘අයි විටලෝනි’ වැනීස් සිනමා සම්මාන උළෙලේ ‘සිල්වර් ලයන්’  සම්මානය දිනා ගත්තේය. මේ සමග ජාත්‍යන්තර සිනමා ලෝකය ෆෙලිනිි ඉදිරියේ විවෘත විය.

                                                           ඒ සමග නව යථාර්ථවාදී රීතිය අතික‍්‍රමණය කරමින් තම වෙනස සටහන් කිරීමට ලා ස්ට‍්‍රාඩා  හරහා ඔහුට හැකි විය. එහි ඇන්තනී කුයින්ගේ රංගනය විශේෂයෙන් කැපී පෙනුණි. 1950 - 1959 අතරතුර ෆෙලිනිිගේ සිනමාවේදී වර්ධනයක් දක්නට ලැබුණා සේම යථාර්ථවාදී රීතිය වැළඳ ගනිමින් ඉවත් කිරීමද සිදු විය. 1961 පසු ආරම්භ වන්නේ මායා යථාර්ථවාදී රීතියක් අනුව ඔහු ගොඩ නංවන ලද සිනමාපටවල බිහිවීමයි. මනෝවිද්‍යාවට වැඩි උනන්දුවත් ෆෙලිනිි තුළ මේ සමයේ ඇති විය. ඒ සමග කාර්ල් යුන්ග්ගේ මනෝ විශ්ලේෂණ වැඩි වශයෙන් කියවීමට ඔහු පුරුදු විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ලෝක සිනමාවට අනූපමේය සිනමා කෘති රැුසක් බිහිවීමයි. 8 1/2 (1963), ජූලියට් ඔෆ් ද ස්පිරිට්ස් , සැටියිරිකොන් , කැසනෝවා  සහ ‘සිටි ඔෆ් වුවමන්’  ඒ අතරින් සුවිශේෂී විය.

                                                          නමුත් ඔහුගේ සාර්ථකත්වයට මූලාරම්භය වැටෙන්නේ ‘ඛ් ෘදකජැ ඪසඒ ’ සිනමාපටය සමගය.ෆෙලිනිිගේ විශේෂත්වයක් වූයේ ඔහු කාන්තා චරිත ඉතාම සුවිශේෂී රොමෑන්ටික් ආකෘතියකින් ඉදිරිපත් කිරීමයි. එමෙන්ම සිහින සමග යථාර්ථය සංකලනය කර ඉදිරිපත් කිරීමට ඔහු තුළ සහජ දක්ෂතාවක් විය. මේ නිසාම තිර රචනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් දොළොස් වරක් ඔස්කාර් සම්මානයට නාම යෝජනා වූ අතර පස් වරක් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය. ඔස්කාර් සම්මාන වැඩිම ගණනක් දිනාගත් විදෙස් සිනමාපට අධ්‍යක්ෂවරයා වශයෙන් ෆෙඞ්රික් ෆෙලිනිි වාර්තා පොතට එකතු වී ඇත.ෆෙලිනිි ඇති කළ මායා යථාර්ථවාදය යථාර්ථය සමග මුසු කිරීමේ ආභාසය අදටත් සිනමා ලෝකයේ දක්නට ලැබේ. මේ නිසාම ෆෙලිනිි ලෝක පූජිත අධ්‍යක්ෂවරයෙක් බවට නිතැතින්ම පත් විය.

No comments:

Post a Comment