හොලිවුඩයේ සැබෑ යුද විරුවා

තෘතීයික අධ්‍යාපන ආයතනයට ඇතුළත් වෙයි.
මේ අතර පවුලේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ කප්රා තම රසායන ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමට කටයුතු කළේය. ඔහු තම උපාධිය සම්පූර්ණ කළත් වර්ෂයක් පමණ යන තුරු කිසිදු රැුකියාවක් සොයා ගැනීමට නොහැකි විය.
මේ කාලය වන විට ඔහුගේ පවුලේ සියලූදෙනා රැුකියාලාභීන් බවට පත්ව තිබීම හරහා කප්රා වෙත එල්ල වූ පීඩනය වැඩි විය. මේ නිසා වේටර්වරයෙක්, ගොවිපළ සහයකයෙක්, ජෝකර් කී‍්‍රඩා කරන්නෙක්, දේශීයව ඛනිජ තෙල් අලෙවි කරන්නෙක්, සිනමාපටවල අතිරේක නළුවෙක් වශයෙන් කටයුතු කළේය. මෙම කාලයේදී ඇමෙරිකානු දාර්ශනිකයෙක් වූ ‘එල්බර්ට් හබ්බර්ඞ්’ ගේ කෘති අලෙවි කිරීමට කටයුතු කළේය. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ සමයක් විය. කප්රා ‘මැනුවෙල් ආර්ට් හයි ස්කූල්’ නම් පාසලට සම්බන්ධ වන්නේ 1915දීය. මෙහිදී කප්රාගේ දක්ෂතා හඳුනාගන්නා එම පාසලේ ප‍්‍රධානී වෝල්ටර් මොන්ටගියු කප්රාට කෙටි - නිහඬ සිනමාපටයක් තැනීම උදෙසා ඩොලර් 75ක් ආධාර කරයි. ඒ අනුව කප්රා දින දෙකකදී තම මිතුරු කැමරාකරුවකුගේද සහය ඇතිව නවක නළු නිළියන් යොදා ගනිමින් සිනමාපටයක් නිර්මාණය කරන අතර එයට යහපත් ප‍්‍රතිචාර ලැබෙයි. මේ සමග කප්රාට තම සිනමා දිවියේ දොරටු එකින් එක විවෘත වීම ඇරඹෙයි.
1927 වර්ෂයේදී ඔහු ප‍්‍රථම වෘත්තාන්ත සිනමාපටය වූ ‘ෆො ද ලව් ඔෆ් මයික්’ 1927දී නිර්මාණය කරයි. එහි තේමාව දිව යන්නේ ඇමෙරිකානු පාතාලයේ ආධිපත්‍යය දරනා ජර්මන්, යුදෙව් සහ අයර්ලන්ත ජාතික පාතාල නායකයන් තිදෙනෙක් වටායි.
මේ සමග හොලිවුඞ් පුරයේ දක්ෂ අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කප්රාට පැසසුම් හිමිවෙයි. අනතුරුව වර්තමානයේ ‘කොලම්බියන් පික්චර්ස්’ ලෙස හඳුන්වන ආයතනය ‘හෙන්රි කොහෙන්’ සමග දීර්ඝකාලීනව කටයුතු කිරීම ආරම්භ කරයි. ඒ අනුව 1927දී ‘ජෑස් සින්ගර්’ 1929දී ‘ද යන්ගර් ජෙනරේෂන්’ ඇතුළු සිනමාපට රැුසක් අතිසාර්ථකව තිරගත වෙයි. 1934 වර්ෂයේදී තිරගත වන ‘ඉට් හැපන් වන් නයිට්’ එම වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ ප‍්‍රධාන සම්මාන පහම දිනාගැනීමත් සමග කප්රාගේ අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් හොලිවුඩයේ පැවති බලතල වැඩිවෙයි. එවකට එක් සිනමාපටයක වැඩිම ගෙවීම ලබන අධ්‍යක්‍ෂවරයා වශයෙන් ඇමෙරිකන් ඩොලර් 25,000ක ගෙවීමක් ලැබීමට ඔහු සමත් වෙයි.
කෙසේ වෙතත් මෙතරම් සාර්ථක වන අධ්‍යක්‍ෂවරයෙක් දෙවැනි ලෝක යුද සමයේ යුද හමුදාවට එක් වන්නේ තමා රිදී තිරයේ මැවූ වීරයන් සේම වීරත්වයකින් ඇමෙරිකාව වෙනුවෙන් යුද්ධය සඳහා පෙනී සිටීමටය. මෙසේ ඇමෙරිකන් හමුදාවට එක්වූ කප්රා අදට පවා විශිෂ්ට යුද වාර්තා කරන සිනමාපට ලෙස සැලකෙන ‘වයි වී ෆයිට්’ 1942 - 1944 වාර්තා සිනමාපට හත නිර්මාණය කරයි. මෙම සිනමාපට අතරින් ‘පර්ලූඞ් ටු වෝර්’ 1942 ඔස්කාර් ඇකඩමි සම්මානයට පාත‍්‍ර වන්නේ හොඳම වාර්තා චිත‍්‍රපටය වෙනුවෙනි. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව කප්රා සිනමාවට යළි එක්වුවත් ඔහු පුද්ගල චරිතවලට වඩා ආගමික මතවාදයක් ඉදිරියට දරපු උත්සහය නිසා පෙර තරම් සාර්ථකත්වයක් ලැබීමට නොහැකි වෙයි. 1991 සැප්තැම්බර් මස තුන්වැනිදා කප්රා මිය ගියත් ඔහු ආරම්භ කළ අධ්‍යක්‍ෂණයේ වෙනස අදටත් හොලිවුඩයේ ඉහළින්ම පවතියි.
No comments:
Post a Comment