Monday, February 25, 2013

රූප සංඥාර්ථයේ විශිෂ්ටයා 

ස්ටැන්ලි කුබ්රික්                                          

    මානව පරිණාමයට පෙර වානරයෝ එක්රොක්වී නොදත් දෑ පිළිබඳ විමසිලිමත් වූහ. පෘථිවිය මත වෙනත් ජීවීන් විශේෂයක් පැමිණ පිහිටු වූ විශාල ගල් පුවරුවක් අසලට රැුස්වූ වානරයෝ එකිනෙකා පරයමින් කෑගසන්නටත් උනුන් හා දබර කරන්නටත් වන්හ. මේ අතර එක් වානරයකුගේ අත අස්ථියක හැඩය ගත් මස් කට්ටක් වන අතර එය මෙම වානරයන් අතර සටනේ උග‍්‍රම අවස්ථාවේ ඉහළ අහසට විසි වෙයි. නීල අහසේ මස් කට්ට ඉහළට ඇදෙද්දී ක්ෂණික ෙඡ්දනයක් ඔස්සේ මස් කට්ට පිහිටි පරිමාණයටම එහි හැඩයට සමානව තිරයේ දිස්වන්නේ අභ්‍යවකාශයේ රඳවා තිබෙනා චන්ද්‍රිකාවකි. මෙය සිනමා ඉතිහාසයේ ඇති විශිෂ්ටතම සංස්කරණයකි. අදටත් ස්ටැන්ලි කුබ්රික් නම් යුදෙව් ජාතික සිනමාකරුවා ‘2001: අ ස්පේස් ඔඩිසි’ (1968) හි මැවූ මෙම රූපරාමු පෙළ සිනමා වංශාවලියේ ගෞරවාදරයට මෙන්ම ඇගැයීමටද නිරන්තරයෙන් ලක්වන්නේ එහි පවතින විශිෂ්ටත්වය නිසාය.
                                                                 වරෙක ස්ටීවන් ස්පිල්බර්ග්, ස්ටැන්ලි කුබ්රික් පිළිබඳ පැවසුවේ ඔහු (ස්ටැන්ලි කුබ්රික්) තමන්ගේ පරම්පරාවේ විශාල විප්ලවයක් සිදුකළ සුවිශේෂිතම අධ්‍යක්‍ෂවරයා බවයි.

                                             නමුත් පුදුමයකට මෙන් මෙම අසහාය සිනමාකරුවාට අධ්‍යක්‍ෂණයට හෝ තිර රචනයට එකදු ඔස්කා සම්මානයක්වත් ලැබුණේ නැත. ඔහුට ලැබුණු එකම ඔස්කා සම්මානය වූයේ ‘2001: අ ස්පේස් ඔඩිසි’ වෙනුවෙන් හොඳම දෘශ්‍ය ප‍්‍රයෝග සඳහා ලබාදෙන සම්මානයයි. විචාරකයන් පවසන පරිදි ‘2001: අ ස්පේස් ඔඩිසි’ යනු  ඕරිසන් වෙල්ස් ‘සිටිසන් කේන්’ නිෂ්පාදනයට කළ පසු බිහිවූ විශිෂ්ටතම සිනමා නිර්මාණය බවයි. මෙම සිනමාපටය හරහා සිනමාවේ නිම් වළලූ පුළුල් වූ අතර නව සංස්කරණ ක‍්‍රම ශිල්ප මෙන්ම සංගීතය යොදාගන්නා ආකාරයේද වෙනසක් ඇතිවිය.ස්ටැන්ලි කුබ්රික් උපත ලබන්නේ 1928 ජූලි 26 වැනිදායි. ඔහුගේ පවුල යුදෙව් ජාතිකයන් වූ අතර ඔහුගේ කුඩා කල ගතවන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය. නමුත් පසු කලෙක සාර්ථක සිනමා අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කුබ්රික් ලන්ඩනය තම වාසස්ථානය සඳහා තෝරාගන්නේ ඇමෙරිකාවේ හොලිවුඞ් පුරවරය වඩාත් කාර්යබහුල මෙන්ම සිනමාකරුවකුට ජීවත්වීමට නුසුදුසුම ස්ථානය වශයෙන් කුබ්රික් හඳුන්වන නිසයි.

                                                            කුබ්රික් කුඩා කල සිටම පොතපතට මහත් රුචිකත්වයක් දැක්වූ අතර පාසල තුළදී පවා ඔහුව ‘පොත් ගුල්ලෙක්’ වශයෙන් හඳුන්වන ලදී. ඔහුගේ පියා කුඩා කාලයේදීම කුබ්රික්ට ‘චෙස්’ ක‍්‍රීඩා කිරීම ඉගැන්වූයේය. කුබ්රික් පසු කලක පැවසුවේ චෙස් ක‍්‍රීඩාවේ යෙදීම හරහා ඉවසීම සහ විනය මනාව පුරුදු වන බවයි.කුබ්රික්ගේ පියා ඔහුට කැමරාවක් අරන් දෙන්නේ ඔහු කුඩා කාලයේදීමය. මෙයින් ඔහුව කැමරාකරුවෙක් වීමට පොළඹවාලන ලදී. එමෙන්ම කලක් සංගීත කණ්ඩායමක ඩ‍්‍රම්ස් වාදකයකු වශයෙන් කටයුතු කිරීමටද කුබ්රික් උත්සහ කළේය. ඔහු ජෑස් සංගීතයට බෙහෙවින් ඇලූම් කළේය. කෙසේ වෙතත් ඔහුට පාසල් අධ්‍යාපනයේදී ලබාගත හැකිවූයේ සාමාන්‍ය මට්ටමේ සාමාර්ථයක් පමණි. මේ හරහා ඔහුට විශ්වවිද්‍යාලයට යාමට තිබූ වරම අහිමි විය. නමුත් පසු කලක නිව්යෝර්ක් සිටි කොලේජ්හි රාත‍්‍රී අධ්‍යාපනය ලබා උපාධිය සම්පූර්ණ කිරීමට ඔහු සමත් විය. මේ අතර නිදහස් ඡුායාරූප ශිල්පියකු වශයෙන් කටයුතු කරමින් කුබ්රික් තමන්ගේ ආදායම සරිකර ගත්තේය. වයස අවුරුදු 17දී ඔහුට ‘ලූක්’ :ඛදදන* සඟරාවේ ඡුායාරූප ශිල්පියකු වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව උදාවිය. මේ අතර කුබ්රික් දිගින් දිගටම සිනමාපට නරඹමින් තම සිනමා සිහිනයදිගේ පියනගන්නට විය. ඒ අනුව 1951 වර්ෂයේදී ඔහු ප‍්‍රථම කෙටි චිත‍්‍රපටය ‘ද මාර්ච් ඔෆ් ටයිම්’  නිර්මාණය කළේය. ඉන් අනතුරුව ‘ඬේ ඔෆ් ද ෆ්ලයිට්’, ‘ෆ්ලයිං පඞ්රා’, ‘ද සීෆර්රර්ස්’ යන කෙටි සිනමාපට නිර්මාණය කළේය. මේ කාලයේදී තම ඡුායාරූප රැුකියාවට සමුදුන් කුබ්රික් සිනමාකරුවෙක් ලෙස ඉස්මතුවීමට උත්සහ කළේය. ඒ අනුව ඔහු තමා විසින්ම කැමරා කර, අධ්‍යක්‍ෂණය කර, සංස්කරණය කරන ලද සිනමාපට දෙකක් නිර්මාණය කළේය. ඒවා වන්නේ ‘ෆියර් ඇන්ඞ් ඩිසයර්’, ‘කිලර්ස් කිස්’ යන සිනමාපටයි. 1951 නිෂ්පාදනය කළ ‘ෆියර් ඇන්ඞ් ඩිසයර්’ ආර්ථික වශයෙන් ලාභ ඉපැයීමට සමත් නොවුණත් ‘ෆියර් ඇන්ඞ් ඩිසයර්’ ලාභ ලැබීමට සමත් විය.
                                                                             කුබ්රික්ගේ සිනමා ගමනේ හැරවුම් ලක්‍ෂ්‍යය වශයෙන් ගතහැක්කේ ‘ස්පාර්ටකස්’ (1960) නිර්මාණය කිරීමයි. කර්ක් ඩග්ලස් නිෂ්පාදනය කළ ‘ස්පාර්ටකස්’ සඳහා නළු නිළියන් පමණක් 10,000ක් පමණ සහභාගි වූහ. මේ නිසා කුබ්රික් හට දුර රූප ගැනීම සඳහා මිලිමීටර් 70 සුපර් ටෙක්නිරාමා තාක්‍ෂණය යොදා ගැනීමට සිදුවිය. මෙය ඔස්කා සම්මාන හයකට නිර්දේශ වූ අතර ඉන් හතරක්ම දිනාගත්තේය. මෙම සිනමාපටයේ සාර්ථකත්වය මත ඔහුට කීර්තිය මෙන්ම නිෂ්පාදකයන්ද ගලාගෙන එන්නට විය. නමුත් තම නිර්මාණ ඉතාමත් සැලසුම් සහගතව සිදුකරනා කුබ්රික් ඊළඟ නිර්මාණය ලෙස ‘ලොලිටා’ (1962) බිහි කළේය. මෙහි කතාන්දරයේ පවතින රාගික ස්වරූප බැහැර කර කතාව තුළට හාස්‍යය හා උපහාසය මනාව එක්කිරීමට කුබ්රික් කටයුතු කළේය. අනතුරුව කුබ්රික් අතින් නිමැවූ විශිෂ්ටතම නිර්මාණයක් වූයේ ‘ඩොක්ටර් ස්ටේ‍්‍රන්ජ් ලව්’  ය. මෙය එම සමයේ සීතල යුද්ධය ආරම්භ කිරීමත් සමග ඇමෙරිකානු ජනතාව තුළ පැනනැගුණු න්‍යෂ්ටික බෝම්බ පිළිබඳ බිය පාදක කරමින් නිර්මාණය කළ උපහාසාත්මක සිනමා සිතුවමක් විය. ඉන් අනතුරුව ඔහු නිර්මාණ ගණනාවකත් විශ්ව සිනමා කෘති අතර හොඳම සිනමාපට 10 අතරට ගැනෙනා ‘2001: අ ස්පේස් ඔඩිසි - 1968’ නිර්මාණය කරන්නේ ආතර් සී. ක්ලාක් සමග එකතුවය. මෙය සිනමාවේ රූපමය ශක්‍යතාවයේ ඉහළම නිරූපනයක් වශයෙන් විචාරකයන් සලකයි. ඉන් අනතුරුව කුබ්රික්ගේ සිනමා කෘති අතුරින් ඉදිරියෙන්ම තිබෙන්නේ ‘අ ක්ලොක්වර්ක් ඔරේන්ජ්’, ‘ෆුල් මෙටල් ජැකට්’, ‘අයිස් වයිඞ් ෂට්’ ( 1999) යන සිනමා කෘතියි. 1999 ස්ටැන්ලි කුබ්රික් මියයන්නේ ඔහු වඩාත් දක්‍ෂතම රූපමය සංඥාර්ථයක් සහිත අධ්‍යක්‍ෂවරයෙක් බවට සපථ කරමිනි. අද ලොව විශිෂ්ට අධ්‍යක්‍ෂවරු ලෙස වැජඹෙන බොහෝ දෙනකුට ස්ටැන්ලි කුබ්රික්ගේ ආභාසය ලැබී තිබීමෙන් පැහැදිලි වන්නේ සිනමාවට කුබ්රික් දැක්වූ අනුපමේය දක්‍ෂතාවයි.

හොලිවුඩයේ සැබෑ යුද විරුවා

සිනමාවේ නිහඬ යුගයේදීත් අනතුරුව හඬ සිනමාවට පැමිණි කාල වකවානුවේදීත් තම සිනමා නිර්මාණ හරහා පේ‍්‍රක්ෂකයන් ඇදබැඳගත් අධ්‍යක්ෂවරයෙක් ලෙස ෆ‍්‍රෑන්ක් රසල් කප්රා හඳුන්වා දිය හැකිය. ඔහු හොලිවුඩයේ මුල් යුගයේදී හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මාන තුනකින් පිදුම් ලැබුවේය. ඒ කප්රාගේ තිබූ දක්ෂ අධ්‍යක්ෂණ ක‍්‍රමවේද හේතුවෙනුයි. ඔහු බොහෝ අවස්ථාවලදී සිනමා රීතීන් අභබිබවා යමින් වේදිකා නාට්‍ය ශෛලයකින් නළු නිළියන් හැසිරවූ බවට විචාරකයන් මත පළකරයි. ඒ කෙසේ වෙතත් ‘ඉට් හැපන්ඞ් වන් නයිට්’  ‘මිස්ටර් ඞීඞ්ස් ගෝස් ටු ටවුන්’ ‘ලොස්ට් හොරයිසන්’ ‘යූ කාන්ට් ටේක් ඉට් විත් යූ’  ‘මිස්ටර් ස්මිත් ගෝස් ටු වොෂින්ටන්’  ‘මීට් ජෝන්ස් ඩෝයි’  ‘ආර්සනික් ඇන්ඞ්  ඕල්ඞ් ලේස්’ ‘ඉට්ස් අ වන්ඩර්ෆුල් ලයිෆ්’සහ ‘ස්ටේට් ඔෆ් ද යූනියන්’ යන සිනමා කෘති අදටත් විශිෂ්ට නිර්මාණ බවට සැලකෙයි.
                                                            ෆ‍්‍රෑන්ක් රසල් කප්රා ඉපදුණේ සිසිලියේදීය. නමුත් ඔවුන් ඇමෙරිකාවට සංක‍්‍රමණයවීමත් සමග කප්රාගේ ජීවිතය ඇමෙරිකාව තුළ ගෙවී යයි. ඔහුගේ පවුලේ දරුවන් සත්දෙනෙක් සිටි අතර බාලයා වූයේ කප්රායි. වයස අවුරුදු හයේදී බෝට්ටුවක ඇන්ජිම අසල දින දහතුනක අපහසු ගමනකින් අනතුරුව ඔහු ඇතුළු පවුලේ සියලූදෙනා ඇමෙරිකාවට පැමිණෙයි.කප්රාගේ පියා පලතුරු එකතු කරන්නෙක් වශයෙන් කටයුතු කරන අතර එය පවුලේ ආදායමට ප‍්‍රමාණවත් වන්නේ නැත. මේ හේතුවෙන් කප්රා ඇතුළු පවුලේ අනෙකුත් අයටද නොයෙක් රාජකාරීවල නිරත වීමට සිදුවෙයි.මේ නිසා කප්රා තම වයස අවුරුදු 17ක් පමණ වනතුරු කුඩා කුඩා රැුකියාවල් කළේය. පත්තර බෙදාහරින්නෙකු සහ නිවෙස්වල සුළු සුළු වැඩකටයුතු කිරීමට ඔහු පෙළඹෙයි. අනතුරුව ඔහු තම උසස් අධ්‍යාපනය සඳහා ‘කැලිෆෝනියා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි’
 තෘතීයික අධ්‍යාපන ආයතනයට ඇතුළත් වෙයි.
                                         මේ අතර පවුලේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ කප්රා තම රසායන ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමට කටයුතු කළේය. ඔහු තම උපාධිය සම්පූර්ණ කළත් වර්ෂයක් පමණ යන තුරු කිසිදු රැුකියාවක් සොයා ගැනීමට නොහැකි විය.
                                             මේ කාලය වන විට ඔහුගේ පවුලේ සියලූදෙනා රැුකියාලාභීන් බවට පත්ව තිබීම හරහා කප්රා වෙත එල්ල වූ පීඩනය වැඩි විය. මේ නිසා වේටර්වරයෙක්, ගොවිපළ සහයකයෙක්, ජෝකර් කී‍්‍රඩා කරන්නෙක්, දේශීයව ඛනිජ තෙල් අලෙවි කරන්නෙක්, සිනමාපටවල අතිරේක නළුවෙක් වශයෙන් කටයුතු කළේය. මෙම කාලයේදී ඇමෙරිකානු දාර්ශනිකයෙක් වූ ‘එල්බර්ට් හබ්බර්ඞ්’  ගේ කෘති අලෙවි කිරීමට කටයුතු කළේය. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ සමයක් විය. කප්රා ‘මැනුවෙල් ආර්ට් හයි ස්කූල්’  නම් පාසලට සම්බන්ධ වන්නේ 1915දීය. මෙහිදී කප්රාගේ දක්ෂතා හඳුනාගන්නා එම පාසලේ ප‍්‍රධානී වෝල්ටර් මොන්ටගියු කප්රාට කෙටි - නිහඬ සිනමාපටයක් තැනීම උදෙසා ඩොලර් 75ක් ආධාර කරයි. ඒ අනුව කප්රා දින දෙකකදී තම මිතුරු කැමරාකරුවකුගේද සහය ඇතිව නවක නළු නිළියන් යොදා ගනිමින් සිනමාපටයක් නිර්මාණය කරන අතර එයට යහපත් ප‍්‍රතිචාර ලැබෙයි. මේ සමග කප්රාට තම සිනමා දිවියේ දොරටු එකින් එක විවෘත වීම ඇරඹෙයි.
1927 වර්ෂයේදී ඔහු ප‍්‍රථම වෘත්තාන්ත සිනමාපටය වූ ‘ෆො ද ලව් ඔෆ් මයික්’  1927දී නිර්මාණය කරයි. එහි තේමාව දිව යන්නේ ඇමෙරිකානු පාතාලයේ ආධිපත්‍යය දරනා ජර්මන්, යුදෙව් සහ අයර්ලන්ත ජාතික පාතාල නායකයන් තිදෙනෙක් වටායි.
මේ සමග හොලිවුඞ් පුරයේ දක්ෂ අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කප්රාට පැසසුම් හිමිවෙයි. අනතුරුව වර්තමානයේ ‘කොලම්බියන් පික්චර්ස්’ ලෙස හඳුන්වන ආයතනය ‘හෙන්රි කොහෙන්’ සමග දීර්ඝකාලීනව කටයුතු කිරීම ආරම්භ කරයි. ඒ අනුව 1927දී ‘ජෑස් සින්ගර්’ 1929දී ‘ද යන්ගර් ජෙනරේෂන්’ ඇතුළු සිනමාපට රැුසක් අතිසාර්ථකව තිරගත වෙයි. 1934 වර්ෂයේදී තිරගත වන ‘ඉට් හැපන් වන් නයිට්’ එම වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ ප‍්‍රධාන සම්මාන පහම දිනාගැනීමත් සමග කප්රාගේ අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් හොලිවුඩයේ පැවති බලතල වැඩිවෙයි. එවකට එක් සිනමාපටයක වැඩිම ගෙවීම ලබන අධ්‍යක්‍ෂවරයා වශයෙන් ඇමෙරිකන් ඩොලර් 25,000ක ගෙවීමක් ලැබීමට ඔහු සමත් වෙයි.
                                     කෙසේ වෙතත් මෙතරම් සාර්ථක වන අධ්‍යක්‍ෂවරයෙක් දෙවැනි ලෝක යුද සමයේ යුද හමුදාවට එක් වන්නේ තමා රිදී තිරයේ මැවූ වීරයන් සේම වීරත්වයකින් ඇමෙරිකාව වෙනුවෙන් යුද්ධය සඳහා පෙනී සිටීමටය. මෙසේ ඇමෙරිකන් හමුදාවට එක්වූ කප්රා අදට පවා විශිෂ්ට යුද වාර්තා කරන සිනමාපට ලෙස සැලකෙන ‘වයි වී ෆයිට්’ 1942 - 1944 වාර්තා සිනමාපට හත නිර්මාණය කරයි. මෙම සිනමාපට අතරින් ‘පර්ලූඞ් ටු වෝර්’  1942 ඔස්කාර් ඇකඩමි සම්මානයට පාත‍්‍ර වන්නේ හොඳම වාර්තා චිත‍්‍රපටය වෙනුවෙනි. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව කප්රා සිනමාවට යළි එක්වුවත් ඔහු පුද්ගල චරිතවලට වඩා ආගමික මතවාදයක් ඉදිරියට දරපු උත්සහය නිසා පෙර තරම් සාර්ථකත්වයක් ලැබීමට නොහැකි වෙයි. 1991 සැප්තැම්බර් මස තුන්වැනිදා කප්රා මිය ගියත් ඔහු ආරම්භ කළ අධ්‍යක්‍ෂණයේ වෙනස අදටත් හොලිවුඩයේ ඉහළින්ම පවතියි.


Tuesday, February 12, 2013


පුරාවෘත්ත සිනමාවේ වයිලර් පුරාවෘත්තය

ජර්මනිය අධිරාජ්‍යයක්ව පැවති සමයේදී ස්විස් ජාතික පියකුට සහ ජර්මන් ජාතික මවකට දාව ‘විල්හෙල්ම් වෙයිලර්’ 1902 ජූලි පළමුවැනිදා උපත ලැබීය. මෙම යුදෙව් ජාතික දරුවා අනාගතයේදී ලොව සුපතළ අධ්‍යක්ෂවරයෙක් බවට පත්වනු ඇතැයි කිසිවෙක් එම සමයේ විශ්වාස කරන්නට නැත.‘විල්හෙල්ම් වෙයිලර්’ පසු කාලයේදී ‘විලියම් වයිලර්’ යන නමින් වෙනස් වූවේය. ඒ වඩාත් පහසුවට සහ යුදෙව් ජාතියට ඒ වනවිට පැනනැගී තිබූ දැඩි ව්‍යසනකාරී පාරිසරික පසුබිම හේතුවෙනි. වයිලර්ගේ විශිෂ්ට සිනමා කෘතියක් වශයෙන් සැලකෙන 1959 බිහිවූ ‘බෙන් හර්’ (ඊැබ ්‍යමර* සිනමාපටය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වෙද්දී ඔහු වේදිකාවේදී මෙසේ පැවසීය. ‘ක‍්‍රිස්තියානි ආගම පිළිබඳ මෙතරම් කාරණා සහිත සිනමාපටයක් යුදෙව් ජාතිකයෙක් වශයෙන් මට නිර්මාණය කිරීමට සිදුවීම පුදුම සහගත සිදුවීමක්’ විලියම් වයිලර් එලෙස ප‍්‍රකාශ කළේ බරපතළ දේශපාලනික කාරණාවක්ද පසක් කරමිනි. ඒ යුදෙව් ජාතිකයන්ට දෙවැනි ලෝක යුද්ධයේදී සිදුවූ අසාධාරණයට හඬක් වෙමිනි.


                                                           විලියම් වයිලර් හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කා සම්මානයෙන් තෙවරක්ම පිදුම් ලබන අතර ප‍්‍රංශ කාන්ස් සිනමා සම්මාන උළෙලේදී ‘පාල්ම් ඞී  ඕර්’ සම්මානයටද පාත‍්‍ර විය. නමුත් ඔහුගේ මෙම වාර්තාවට වඩා තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ ඔහුගේ සිනමාපටවල රංගනයෙන් දායක වූ නළු නිළියන් තිස්වරක් ඔස්කා සම්මානය උදෙසා නාමයෝජනා වීමයි. එම තිස්වරෙන් දහහතර වරක්ම නළු නිළියන් සම්මානයට පාත‍්‍රවීම සුවිශේෂී කාරණාවක් විය. එයින් විලියම් වයිලර්ගේ සිනමා නිර්මාණ තුළ නළු නිළියන් හැසිරවීමේ දක්ෂතාව මනාව පැහැදිලි වෙයි. විලියම් වයිලර් තම මිතුරු විලී වයිල්ඩර් මෙන්ම සිනමාවේ ආධිපත්‍යය අධ්‍යක්ෂවරයා සතු වගකීමක් බවට මනාව පෙන්වපු අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ප‍්‍රචලිත වරක් ඔහු ‘ජ සබෙල්’ සිනමාපටය වෙනුවෙන් හෙන්රි ෆොන්ඩා එක දර්ශනයක් උදෙසා 40 වරක් එකම දර්ශනයේ රූගත කිරීම්වලට භාජනය කළේය. ඒ සෑම අවස්ථාවකදීම ‘හෙන්රි ෆොන්ඩා’ විලියම් වයිලර්ගෙන් තම අඩුපාඩුව පිළිබඳ විමසා සිටියත් වයිලර්ගේ සරල පිළිතුර වූයේ ‘එය ගන්න දෙයක් නැහැ’ යනුයි. මීට අමතරව විලියම් වයිලර්ට සිනමාවේදී ‘නයින්ටි ටේක් වයිලර්’  නාමය පටබැඳුණේ ඔහු දර්ශනයක් තමන්ට අවශ්‍ය කරනා තෘප්තියට පැමිණෙන තුරු රූගත කිරීම් සිදු කරන නිසාය.

                                        වයිලර්ගේ හොඳම සිනමා කෘති වශයෙන් ‘බෙන් හර්’ ‘ද බෙස්ට් ඉයර්ස් ඔෆ් අවර් ලයිව්ස්’, ‘මිසිස් මිනිවර්’ (ඵරිග ඵසබසඩැර-1942* ‘ෆනී ගර්ල්’  ද හේරස්’  ‘ද ලෙටර්’ ‘ද වෙස්ටර්නර්’ ‘වදරින් හයිට්ස්’ ‘ජ සබෙල්’ ‘හෙල්ස් හීරෝස්’  හඳුන්වා දිය හැකිය.
විසිවැනි සියවසේ දෙවැනි දශකයේ නිහඬ සිනමාවෙන් තම සිනමා ආගමනය සනිටුහන් කරනා විලියම් වයිලර් කතානාද සිනමාවේද තම නම සටහන් කර ගැනීමට සමත් වන්නේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් තම දක්ෂතා පෙන්වීම හේතුවෙනි.
විලියම් වයිලර් සිනමාවට පිවිසෙන්නේ ඉතා පහසු මාවතක් ඔස්සේ නොවෙයි. අතිදක්ෂ කතානාද අධ්‍යක්ෂකවරයා බවට පත්වීම ඔහු මුහුණ දුන් සිදුවීම්ද ඉතා බලපෑමක් එල්ල කළේය. යුදෙව් පවුලක උපත ලැබූ විලියම් වයිලර් කුඩා කල සිටම මුරණ්ඩු චරිතයක් විය. ඔහු පාසල් ගණනාවක අධ්‍යාපනය හැදෑරුවේ ඇතැම් පාසල්වලින් වයිලර්ව නෙරපීම හේතුකොටගෙනය. ඔවුන්ගේ මව කුඩා කල සිටම වේදිකා නාට්‍ය, ඔපෙරා සහ චිත‍්‍රපට නැරඹීම සඳහා වයිලර්ව රැුගෙන යන ලදී. මෙසේ රැුගෙන ගොස් කලා මාධ්‍ය පිළිබඳ කුඩා කල සිටම උනන්දුවක් මතුවීම හරහා පසු කලෙක ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත්වන්නේය. නමුත් ඔහු ඇමෙරිකාවට පැමිණෙන්නේ කම්කරුවෙක් වශයෙන් සේවය කිරීමටය. ඒ, තරුණ වියට පිවිසි විලියම් වයිලර් කුමන හෝ රැුකියාවක නිරත කරවීමේ අරමුණෙන් ඔහුගේ මව ගන්නා තීරණය හේතු
කොටගෙනය. ඒ අනුව නැවක නැගී ඇමෙරිකාව බලා එන ‘වයිලර්’ නැවේ ගාස්තුව ගෙවන්නේ මාසික වේතනයෙනි. ඔහුට යුනිවර්සල් චිත‍්‍රාගාරයේ පණිවුඩකරුවෙක් වශයෙන් ක‍්‍රියාකිරීමට සිදුවන්නේ මෙම කාලවකවානුවේදීය. නිතර නිතර යුනිවර්සල් චිත‍්‍රාගාරයට ගමන් කිරීම නිසා සිනමාව පිළිබඳ ඇල්ම වයිලර් තුළ වඩාත් ඉහළ ගියේය. මේ නිසා ඔහු තම රැුකියාව අතහැර දමා හොලිවුඞ් පුරවරයට පැමිණීමට තීරණය කරයි. එය එම කාලවකවානුවේදී ඔහු ගන්නා දරදඬු මුරණ්ඩු තීරණයක් වශයෙන් පෙනුණත් ඔහුගේ ජයග‍්‍රාහී මාවත විවෘත වන්නේ ඒ හරහාය.

                                               1923දී ඔහු දෙවැනි සංස්කරණ ශිල්පියෙක් වශයෙන් හොලිවුඩයේ කටයුතු කරයි. නමුත් ඔහුට එම රැුකියාව අහිමි වන අතර 1925දී තෙවැනි සහය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සිනමාපට කිහිපයකටම දායක වෙයි. මෙසේ අපහසුවෙන් සිනමාව ජයගන්නා විලී වයිලර් 1928දී තම ප‍්‍රථම නිර්මාණය වූ ‘එනිබොඩි හියර් සීන් කෙලී?’ අධ්‍යක්ෂණය කරයි. එය හොලිවුඞ් පුරවරයේ එතෙක් කාලයකට අඩුම වයසේ පසු වූ අධ්‍යක්ෂවරයෙක් කළ නිර්මාණයක් ලෙස වාර්තා පොතට එකතු වෙයි. මෙසේ ආරම්භ කරන වයිලර්ගේ සිනමා ගමන 1981දී ඔහු මිය යන වර්ෂය දක්වා නොකඩවා ගලා ගියේය. මිය යනවිට විලියම් වයිලර් සිනමා කෘති 71ක් අධ්‍යක්ෂණය කර තිබූ අතර ඔහු පුරාවෘත්ත සහිත කතන්දර විශාල පිරිවැයක් දරා නිර්මාණය කිරීමට සමත් දක්ෂතම අධ්‍යක්ෂවරයා බවට අදටත් සැලකෙයි.

Tuesday, February 5, 2013

මායාවෙන් රූපය මැවු ෆෙලිනි

මායාවෙන් රූපය මැවු ෆෙලිනි  

විසිවැනි සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨතම අධ්‍යක්ෂවරයා වශයෙන් බොහෝ විචාරකයන් සලකන්නේ ෆෙඞ්රිකෝ ෆෙලිනිය. ෆෙලිනිිගේ ආභාසය අදටත් හොලිවුඞ් සිනමාවේ දක්නට ලැබේ. ඉන්ගාර් බර්ග්මාන්, ඬේවිඞ් ලින්ච්, වූඩි ඇලන්, පෙඞ්රෝ අල්මදෝරා මෙන්ම ටිම්බර්ටන් මාර්ටින් සාකෝසි, ඬේවිඞ් ක්‍රොනෙන්බර්ග් වැනි මෑත කාලීන අධ්‍යක්ෂවරුන්ට ෆෙඞ්රිකෝ ෆෙලිනිිගේ සිනමා සංඥාර්ථවේදය මහත් බලපෑමක් ඇතිකර ඇත. අදට පවා බොහෝ විචාරකයන් පවසන්නේ විසිවැනි සියවසේ වඩාත් බලපෑම් සහගත අධ්‍යක්ෂවරයා ෆෙලිනිි බවයි. මයිකල් ඇන්ජිලෝ ඇන්ටෝනි, රොබර්ටෝ රොසලිනි, සර්ජියෝ ලියෝනි වැනි ලෝක ප‍්‍රකට සිනමාකරුවන් බිහිවූ ඉතාලිය ෆෙලිනිිගේ උපන් බිම විය.ෆෙලිනිිගේ ජීවිත කතාව අධ්‍යක්ෂවරයෙක් වීමට බලාපොරොත්තු වන  ඕනෑම අයකුට මනා අත්දැකීම් සම්භාරයක් ලබාදෙයි.
1920 ජනවාරි 20 වැනිදා ෆෙලිනිි උපත ලබන්නේ රිමිනි නගරයේ මධ්‍යම පාන්තික පවුලකය. ඔහුගේ පියා නගරයෙන් නගරයට ගොස් වෙළෙඳාමේ යෙදෙන්නෙක් ලෙස කටයුතු සිදු කළේය. නමුත් ඔහුගේ මව තම උත්පත්තියෙන්ම ධනවත් පවුලක තැනැත්තියක් වූවාය. නමුත් ෆෙලිනිිගේ පියාවූ උර්බනෝ ෆෙලිනි සමග රහසේ පැනයාමට සිදුවීම නිසා ඇය සිය ධනය අතහැර පලා ගියාය.

                      ෆෙඞ්රිකෝ ෆෙලිනිි කුඩාකල සිටම කලාවට මහත් අභිරුචියක් දැක්වීය. පාසල් යන වයසේ දක්ෂ ශිෂ්‍යයෙක් වූ ෆෙලිනිි ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම චිත‍්‍ර ඇඳීමට යොමුවිය. වයස අවුරුදු හයක කාලයේ සිටම සිනමාවට ඔහු ආශා කළ අතර ‘ග‍්‍රෑන්ඞ් ගුයිග්නොල්’  නම් සර්කස් කණ්ඩායම සමග සමීප සබඳතාවක් ඇති කර ගත්තේය. මෙම සබඳතාව ඔහුගේ ජීවිතය වෙනස් කළ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. ඒ කෙසේද යත් නව ඉතාලියානු සිනමාවේදීන්ගෙන් මායාව හා යථාර්ථය එකට කළවම් කරමින් අතිප‍්‍රබල රූපරාමු තිරයට ගෙන ඒමට ෆෙලිනිි සමත් වීමයි. මේ අතර ෆෙලිනිි නව යෞවන වියේ සිටියදී මුසොලොනි ඉතාලියේ අදිරාජයා බවට පත්විය. මෙම සමයේ ෆෙලිනිි ෆැසිස්ට්වාදී තරුණ කණ්ඩායමක සාමාජිකත්වය ලබාගත්තේය. මනෝ ලෝකයක නිරතුරුව ජීවත්වූ ෆෙලිනිිට අවශ්‍ය වූයේ තම මනස තුළ නිර්මාණය වන ප‍්‍රස්තුත පේ‍්‍රක්ෂකයන් හෝ පාඨකයන් හමුවේ ප‍්‍රතිනිර්මාණය කිරීමයි. තම පවුලෙන් වෙන්වී ඉගෙනීමට යැයි කියමින් මුදල් වියදම් කරමින් සිටි ෆෙලිනිි 1937දී ඩොමොස් බොනිනි  නම් චිත‍්‍රශිල්පියා සමග සිතුවම් අලෙවි කරනා සාප්පුවක් විවෘත කළේය. එම කාලයේදී ඉතාලි රේඩියෝවට කුඩා විකට දෙබස් සහ කතා රචනා කරනා රචකයෙක් වශයෙන් ෆෙලිනිි කටයුතු කළේය. මෙයින් ඔහුට සතිපතා යම් මුදලක් ලැබීය. මේ අතර නීතිය හැදෑරීම සඳහා ඔහු 1939දී රෝම විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. නමුත් ඔහුගේ චරිතාපදානය රචනා කළ හොලිස් ඇල්පර්ට් සඳහන් කරන්නේ ෆෙලිනිි නීති විද්‍යාලයේ පන්තිවලට එක දවසක් හෝ සහභාගිවූ බවට සාක්ෂි නොමැති බවයි.

                                            1939 සිට 1942 කාලවකවානුව තුළ ඔහු ස්ථිර වැටුපකට රචකයෙක් වශයෙන් ‘Marc' Aurelio’ නම් සඟරාවක සේවය කළේය.1942න් පසු එකල ඉතාලියේ සිටි දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වූ රොබ්රිටෝ රොසලෙනිගේ  තිරකතා රචකයා වශයෙන් ක‍්‍රියාකිරීම ආරම්භ කළේය. ෆෙඞ්රිකෝ ෆෙලිනිි සහ සර්ජියෝ අමිඩි එකතුව රචනා කළ ‘රෝම්,  ඕපන් සිටි’  සිනමාපටය ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම තිරපිටපත සඳහා යෝජනා විය. මෙම තිර රචනයත් සමග ෆෙලිනිි ඉතාලි නව යථාර්ථවාදී සිනමාවේ ප‍්‍රමුඛ කසකරුවෙක් බවට පත් විය. නමුත් පසුකාලීන ඔහු වඩාත් මායා යථාර්ථවාදී රීතියක් අනුගමනය කළ බව බහුතර විචාරක මතයයි. මුල්කාලීනව ෆෙඞ්රික් ෆෙලිනිි සිනමා නිර්මාණ සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළේය. 1950දී ඔහු වැරයිටි ලයිට්ස්  නම් සිනමා කෘතිය නිෂ්පාදනය කළේය. 1950දී ඔහු තිර රචනා කළ ‘පයිසා’  ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම තිරපිටපතට නාම යෝජනා විය. 1953 වර්ෂයේ ඔහු නිපද වූ ‘අයි විටලෝනි’ වැනීස් සිනමා සම්මාන උළෙලේ ‘සිල්වර් ලයන්’  සම්මානය දිනා ගත්තේය. මේ සමග ජාත්‍යන්තර සිනමා ලෝකය ෆෙලිනිි ඉදිරියේ විවෘත විය.

                                                           ඒ සමග නව යථාර්ථවාදී රීතිය අතික‍්‍රමණය කරමින් තම වෙනස සටහන් කිරීමට ලා ස්ට‍්‍රාඩා  හරහා ඔහුට හැකි විය. එහි ඇන්තනී කුයින්ගේ රංගනය විශේෂයෙන් කැපී පෙනුණි. 1950 - 1959 අතරතුර ෆෙලිනිිගේ සිනමාවේදී වර්ධනයක් දක්නට ලැබුණා සේම යථාර්ථවාදී රීතිය වැළඳ ගනිමින් ඉවත් කිරීමද සිදු විය. 1961 පසු ආරම්භ වන්නේ මායා යථාර්ථවාදී රීතියක් අනුව ඔහු ගොඩ නංවන ලද සිනමාපටවල බිහිවීමයි. මනෝවිද්‍යාවට වැඩි උනන්දුවත් ෆෙලිනිි තුළ මේ සමයේ ඇති විය. ඒ සමග කාර්ල් යුන්ග්ගේ මනෝ විශ්ලේෂණ වැඩි වශයෙන් කියවීමට ඔහු පුරුදු විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ලෝක සිනමාවට අනූපමේය සිනමා කෘති රැුසක් බිහිවීමයි. 8 1/2 (1963), ජූලියට් ඔෆ් ද ස්පිරිට්ස් , සැටියිරිකොන් , කැසනෝවා  සහ ‘සිටි ඔෆ් වුවමන්’  ඒ අතරින් සුවිශේෂී විය.

                                                          නමුත් ඔහුගේ සාර්ථකත්වයට මූලාරම්භය වැටෙන්නේ ‘ඛ් ෘදකජැ ඪසඒ ’ සිනමාපටය සමගය.ෆෙලිනිිගේ විශේෂත්වයක් වූයේ ඔහු කාන්තා චරිත ඉතාම සුවිශේෂී රොමෑන්ටික් ආකෘතියකින් ඉදිරිපත් කිරීමයි. එමෙන්ම සිහින සමග යථාර්ථය සංකලනය කර ඉදිරිපත් කිරීමට ඔහු තුළ සහජ දක්ෂතාවක් විය. මේ නිසාම තිර රචනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් දොළොස් වරක් ඔස්කාර් සම්මානයට නාම යෝජනා වූ අතර පස් වරක් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය. ඔස්කාර් සම්මාන වැඩිම ගණනක් දිනාගත් විදෙස් සිනමාපට අධ්‍යක්ෂවරයා වශයෙන් ෆෙඞ්රික් ෆෙලිනිි වාර්තා පොතට එකතු වී ඇත.ෆෙලිනිි ඇති කළ මායා යථාර්ථවාදය යථාර්ථය සමග මුසු කිරීමේ ආභාසය අදටත් සිනමා ලෝකයේ දක්නට ලැබේ. මේ නිසාම ෆෙලිනිි ලෝක පූජිත අධ්‍යක්ෂවරයෙක් බවට නිතැතින්ම පත් විය.