Thursday, September 5, 2013

Sex and Film hall boxes

ලිංගිකත්වය - අමතක කරන්න එපා

            හුඟක් ලියන්න හිතාගෙන හිටියත්... ගොඩක් ලියන්න වෙලාවක් නැති කාලයක් ආවේ. දැන් කොළඹට වහිනවා. මේ වැස්ස අස්සෙ මෙඟ යාළුවෝ තුන්දෙනෙක් අලූත් වැඩ තුනක් පටන් අරන්. තේජිත, නිපූ, සෞම්‍ය ඒ අයට සුබ පතන ගමන් ඔළුවෙ තියෙන අවුල ලෙහා ගන්න  ඕන වුණා.

               පහුගිය දවස්වල මං අවුරුදු දෙකහමාරකට කළිං කරපු  ‘චඛ්බුං උදපාදි’ කෙටි චිත‍්‍රපටයට බොහොම හොඳ ප‍්‍රතිචාර ක්ෂේත‍්‍රයෙ ඉන්න නවක සහ ප‍්‍රවීන අයගෙන් ලැබුණා.  ඒක මාව තවත් නිර්මාණවලට තල්ලූ කරන කාරණයක් වුණා.

                   ඔළුවෙ අවුල තියෙන්නෙ මේ නිර්මාණ ගැන නෙවෙයි. මොන වගේ වටාපිටාවක්ද අපි ඉන්නෙ කියන එක  මතයි. ‘යං පත්තරේ’ ‘බෝක්ස්’ෆිල්ම් හෝල්වලින් අයින් කරන්න යන එක ගැන හොඳ ලිපියක් තිබුණා. ඒකෙ තිබ්බ කරුණු  වර්තමාන පාලකයන්ට බොහොම වටිනවා. මොකද ඉස්සරහදි ලොකු පීඩනයක් ආපු ගමන් අපිට ස්ත‍්‍රී ¥ෂණ, ස්ත‍්‍රී අපයෝජන ගොඩක් දකින්න පුළුවන් වෙයි. මේක තමයි ස්වභාවය. මට මතකයි මගේ මාමා මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරළ අසූ ගණන්වලදි මුල් කාලෙදී ලංකාවෙ තරුණ කැරුල්ලක් මතුවෙන බවට සමාජ විද්‍යාත්මක පදනමකින් ප‍්‍රකාශ කළා.  මේ සඳහා  පර්යේෂණ වාර්තාවක් ඔහු එළිදැක්වූවා. නමුත් පැවැති පාලන අධිකාරිය මේ  වාර්තාව පිච්චුවා. මොකද අනාගතේ නපුරු සිහින ගැන දැනගන්න තියා හිතන්නවත්  ඒ පාලන තන්ත‍්‍රය මැලිවුණා. දැනුත් ඒ වගේම වැඩක් තමයි වෙන්නෙ.
වික්ටෝරියානු බෞද්ධ සංස්කෘතියක් අස්සෙ අපි  කෘතිම සදාචාරයක් පෙන්නුම් කරන්නෙ. අපි පන්සිල් ගන්න බෞද්ධයෝ. ඒත් අපේ එහා පැත්තෙ ඉන්න එකාට බොක්ක ඇරලා ඉරිසියා කරනවා. අපි අනුන්ට උපදෙස් දිදී තමන්ම වරදෙ බැඳෙන ජාතියක් කෙල්ලෙක්ගෙ ‘බ‍්‍රා එකක පටියක්  දැක්කහම ‘චූන්’ වෙන ජාතියක් කොට ඇඳුමක් ඇන්දහම ඒ කෙල්ලව ¥ෂණය කරන්න හදන ජාතියක්. කොටින්ම බස් එකේ යන අවුරුදු 12 ගැහැනු ළමයටත් අවුරුදු 65 කාන්තාවටත් ජැක් ගහන ජාතියක්. නමුත් පන්සල් ගිහින් බුදුන් වැඳලා ප‍්‍රාර්ථනා ගොඩක් කරන ජාතියක්. අපි සුද්දගෙ වික්ටෝරියානු සංස්කෘතිය අපේ ආගමට, ජාතියට එකතු කරගෙන සුද්දන්ගෙ සංස්කෘතිය ගරහනවා. නමුත් අපි කොයිම වෙලාවකවත් සුද්දන්ගෙ සමාජ, මනෝවිද්‍යාත්මක ක‍්‍රමවේදයන් විශ්ලේෂණය කරන්නෙ නැහැ.

   
 හොඳටම පන්සල් යන එකා තමන්ගෙ ඇෙඟ් හැපෙන කෙනාට කුණුහරුපෙන් බණිනවා. හොඳටම තම ප‍්‍රතිරූපය පාලනය කරගන්න කෙනා යටිකූට්ටු වැඩ ඔක්කොම කරලා අනෙකාව බිම දාන්නයි කල්පනාව. එතකොට කෝ අපේ සදාචාරය? ඒ වගේම ගොඩාක් පොර ටෝක්ස් දෙන ගොඩාක් අය තමන්ගෙ ශක්‍යතාවයවත්, තමන්ගේ දුර්වලතාවයක්වත් හරියට දන්නෙ නැහැ. මේ වෙනකොට අපි අතර ප‍්‍රතිරූප නැහැ පුරාජේරු කාරයෝ විතරයි ඉන්නෙ. තමන්ට වඩා අනෙකා ඉදිරියට යද්දී සෑම විටම අනෙකා අනෙකා බවට පත්කරගෙන පහරදෙනවා. ඒත් ඒ පහර දෙන්න යන කාලය, මානසික ශ‍්‍රමය තමන්ගෙ වැඩකට යොදාගත්තනම් කොයිතරම් හොඳද? මේ වගේ පරපීඩක මානසිකත්වයෙන් ඉන්න ජනතාවගෙ ‘ලිංගික නිදහස අහිමිවෙනවා කියන්නෙ රබර් බෝලෙ වතුර යටට කරලා තද කරනවා වගේ වැඩක්.


පරිස්සම් විය යුත්තේ ජනතාවයි. මොකද අපි අපේ ඇතුළෙම දැවෙන ලිංගික ආශාවන් බලහත්කාරයෙන් මැඩගන්නා තරමට ඒවා පිටතට එන  සැහැසි බව වැඩිවෙනවා. කොල්ලෙක්ට, කෙල්ලෙක්ට අතක් අල්ලගෙන පාරක යන්න බැරි දවසකුත් ඉස්සරහට එනබව  අමතක කරන්න එපා.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. kasun samarakoon :) මෙ blog එක ගැන නම් කියන්න වචන නෑ මට .. එ තරම්ම සමජයට යමක් හිතන්න යොදා ගන්න පුලුවන් දෙයක් ... ලංකාවෙ අඩුවෙන්ම අවධානයට කල් වෙලා තියන පැතිකඩක් ගැන විවුර්ථව කරුණු දකිවිමනම් වටිනවා ....... මමත් මගෙ අදහස කියන්න කැමති .. ඇත්තටම් ලංකාවෙ දැන් තියන සංස්කෘතියනම් හරිම විකාරයක් කියලා මට පෙන්නෙ .. පොඩ්ඩක් හිතන්න අපෙ රටෙ කාන්තාවකට වඩා ඇමරිකාව වගෙ බටහිර රටක කාන්තාවකට කොච්චර නිදහසෙ ජිවත් වෙන්න පුලුවන්ද කියල .. උදහරනයකට මෙහෙ ඔනම වෙලවාක තනිමය පොදු පරක උනත් යන්න පුලුවන් තත්වයක් නෑ කන්තාවකට ලංකාවෙ විවිද ප්‍රදෙශ වලින් දකින්න ලැබෙන සිදුවිම් වලින් එ බව තහවුරු වෙනවා .... අපෙ මිනිස්සු මහ ලොකු සන්ංස්කෘතියක් ගැන කයිවාරු ගහනවා එ උනාට කරන තරමක් පිලිකුල් සහගත වැඩ කරන්න ලංකාව වගෙ සස්කෘතියක් තියන රටවල් තමයි .. ඉන්දියාව ගත්තොත් ඉදෙශික කන්තාවකට වත් නිදහසෙ ජිවත් වෙන්න සුදුසු පරිසරයක් නෑ ... ලන්කාවත් එහෙම තමයි දැන් දැන් එ තත්වයෙ වැඩි වීමක් දකින්න ලැබෙනවා .... මෙක ඇත්තටම මිනිස්සුගෙ වැරැද්දක් කියන්න බෑ .. පවතින සමාජ ක්‍රමයෙයි වැරද්ද .. පොඩි කාලෙ ඉන්දන් අපෙ රටෙ ගැනු ලමයෙක් හදන්නෙ කොහොමද සමජයට යවන්නෙ නැතුව ගේ තුලම සිර කරගෙන වගෙ .. එත් අඩු වයසින් ගැබ් ගැනිම් වර්ථාවෙන්නෙත් ඒ වගෙ සමාජයන් තුලින් තමයි .. අයි එ මිනිස් ජිවිතයට මේ සන්ස්කෘතියෙන් වාරණ නිකුත් කරනව වැඩි .. මිනිස්සුත් ගොන්නු වගෙ සංස්කෘතියෙ වැරදි තැන් හදගන්නෙ නෑ ,,, හනමිටි අදහස්ම දරනවා ..... කොලබ තියන සන්ස්කෘතිය තව විදිහක් එත් එක බටහිර් රටවල් වල තියන සන්ස්කෘතිය එක්ක සමාන කරන්න බෑ , එය තුල තියෙන්නෙත් වැරඩි අවබොධයෙන් යුතු බවක් .... ලන්කවේ අදටත් ගොඩාක් මිනිස්සු ගත්තොත් කෙල්ලො හිතන්නෙ sex කියන්නෙ තමන්ගෙ ජිවිතෙ විනාශ කරල දන එකට කියලා , කොල්ලො මොන මොන කුනුහර්ප හිතනවද මන් දන්නෙ නැහෑ ,, එත් ඒක කණගාටුවට කරුණක් ....... ඇත්තම කිවුවොත් මෙහෙ මිනිස්සුන්ට කිසිම දෙයක් ගැන අවබෝධයක් නෑ ,,,, ලංකාවෙ අය ජිවිතෙ කියලා හිතාගෙන ඉන්නෙ විවාහ විමට , විවාහ වෙල දරුවන් හදලා පවුල් ජිවිතයක් ගත කරන එකට එතනින් එහ ජිවිතයක් මෙහෙ මිනිස්සු දකින්නෙත් නැ .. දකින්න උත්සහා කරන්නෙ නෑ , අතිතයෙ ඉන්දම්ම එක එහෙමයි ... ඇත්තමට සුද්දො ගත්තොත් අපිට එයාලා දිහා බලල ජිවිතෙට සමජෙට ගන්න පුලුවන් තැන් ගොඩඩක් තියනව ... සුද්දො කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට වඩ 100 දහස් ගුනයක් හොද මිනිසුන් පිරිසක් .. ගති ගුන අතිනුත් හැම දෙකිම්ම ..... වෙන මුකුත් ඔන නෑ අදරය වගෙ මතෘකාවක් ගත්තොත් ලන්කාවෙ මිනිස්සු අදරෙ කියලා හිතගෙන ඉන්නෙ sex වලට ත් එයාලට sex ගැනවත් නිවැරදි වබොධයක් නෑ ... හරිම වැරදි අදහස් එ ගැන තියෙන්නෙත් ... එත් ඇත්තම කිවුවොත් සුද්දො කියන්නෙ පරම පිවිතුරු ප්‍රෙමය මොකක්ද කියල හදුනන පිරිසක් .. අවංක අදරයෙ යථා ස්වභාවය තෙරෙන පිරිසක් ... ජිවිතය ගැන සියුම්ව හිතන සියුම් වු හැගිම් සහිත පිරිසක් ....... මෙහෙ අය චිත්‍රපටි බලලා එ මිනිස්සු ගැනත් බලන්නේ හරිම අමුතු විදිහකට ,,, සුද්දො ආදරය වෙනුවෙන් ඔනම කැපකිරිමක් කරනව බුද්දිමත්ව , නමුත් මෙහෙ අය sex වෙනුවෙන් ඔන දෙයක් කැප කරයි හරිම මෝඩ විදිහට ......

    අනෙ මන්ද මට මෙ රටෙ මිනිස්සුන්ව තෙරුම් ගන්න අමාරුයි
    :D
    මන් මේ කියන දෙවල් රටින් රටට වෙනස් වෙනවා ..... නමුත් සමන්යෙන් ගොඩක් බටහිර රටවල් ගැන පැහැදිමකින් කටයුතූ කරන්න පුලුවන් .... මෙ යන විදිහට ගියොත් අපෙ රටත් අපායක් වෙයි ... එ තත්වයෙන් ගොඩ න්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වලිනුයි අරම්භය හදගන්න ඔන ....

    ReplyDelete