Saturday, September 13, 2014

නිර්මාණකරණය මැනීම සහ විදග්දබාවයේ සීමාව ?? Criticism

නිර්මාණකරණය මැනීම සහ විදග්දබාවයේ සීමාව ??

 මෙම සාහිත්‍ය මාසයේ නොයෙකුත් කථිකාවන් තැන තැන ඇතිවනවා . මෙවන් කථිකාවක් අද(2014/09/13) දින ජයවර්ධනපුර සරසවියේදී පැවතියේ සාහිත්‍යවේදීන් සහ විචාරකයින් පිරිසකගේ මූලිකත්වයෙන්.මෙහිදී අපූරු කතන්දර කිහිපයක් කියවී තිබුණා.මෙවර රාජ්‍ය සාහිත්‍ය  උළෙලේ හොදම පද්‍ය සංග්‍රහයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ හැටේ වත්තේ මග්දලේනා පොත ඉතාමත් දැඩිව  විචාරයට ලක් වුණා. එහිදී මෙරට මේ මොහොතේ සිටිනා දක්ෂතම සාහිත්‍යධරයා වන ගුණදාස අමරසේකරයන් පවසා සිටියේ වර්තමාන සම්මාන උළෙලවල් වල කවි සදහා සම්මාන දීම නතර කලයුතු බවය්. එමෙන්ම මෙම කතිකාවේදී රත්නසිරි අරංගල මහතා ඉතාමත් හැගීම්බරව පවසා සිටියේ මෙවර කවිපොත් සදහා සම්මාන දීම කිසිදු යහපත් ආකාරයකින් සිදු නොවී ඇති බවය්.එමෙන්ම රත්නශ්‍රි විජේසිංහ මහතා පවසා සිටියේ කවිය මේ වනවිට දුර්වල වී ඇති බවය්. ජයන්ත අමරසිංහ මහතා පැවසුවේ 80 සහ 90 දශකවලින් පසුව කවි ලියවී නොමැති බවය්.

                           මොවුන් මෙම කථිකාවට සම්බන්ද  කෘතීන් දෙක වූයේ රුවන් බන්දුජිවගේ "මීළග මීවිත" සහ සෞම්‍යගේ "හැටේ වත්තේ මග්දලේනා" යන කෘති දෙකය්. සෞම්යත් මාත් එකගවන පොදු කාරණාවක් වන්නේ අපේ යුගයේ හොදම කවියා රුවන් බන්දුජීව බවය්. නමුත් මගේ මතය අනුව රුවන්ගේ "මීළග මිවිතට" වඩා සෞම්‍යගේ "හැටේ වත්තේ මග්දලේනා" සමාජ ආර්ථික සන්දර්බයන්ගෙන් සුපෝෂිත බවය්. මෙය විද්වතුන් රැසක් විසින් පවසන ලද්දක් වන්නේය. නමුත් පෞද්ගලිකව සෞම්‍යගේ කවි වලට වඩා මන් කැමති රුවන්ගේ අලංකාර කවි කියවිමටය්. එය මහගමසේකරයන් නිසා ඇතිවූ නොස්ටල්ජික් තත්වයක් විය හැකිය. ඒත් මෙවර සෞම්‍යගේ කවි පොත වර්තමාන සමාජයේ අපි දකිනා නිතර කවි ලියවෙනා කාරනා අරබයා වෙනස්ම ආරකින්  ලියවී  ඇත. එය ඔහුටම අනන්‍ය ක්‍රමයකිනි. නමුත් අනෙකුත් කවීන්ගෙන් ඔහු මතුව පෙනුණේ අවංක කම නිසා බව මගේ හැගිමය්. රුවන් යනුද අපේ පරපුරේ දක්ෂ මෙන්ම නිහතමනීම කවියා බව දන්නා කරුණකි. රුවන්ට විද්‍යෝදය සහ ගොඩගේ සම්මාන උළෙලේ හොදම කවියාට හිමි සම්මානය දිනාගත්විට එය ඔහුට හිමිවිය යුතු බවට මට දැනුණේ දක්ෂතාවය නිසාය. කෙසේ වෙතත් රාජ්‍ය සම්මානය සෞම්‍යට හිමිවූ මොහොතේ රුවන් කටපුරා සෞම්‍යට සුබ පැතුවේ සොහොයුරු බැදීමෙනි .
                                                                                                               කෙසේ වෙතත් මේ වනවිට කවියන් විසින්ම මෙම පොත් දෙකම විවේචනය කරනා තත්වයක් පෙන්නුම් කරය් .සෞම්‍යගේ පොත මුද්‍රණය කීරීමට පෙර එහි පෙරවදන ලියාගැනීම සදහා ප්‍රවීණ සාහිත්‍යධර අරියවංශ රණවීරයන්ට ගෙන ගියවිට පවසා සිටියේ දැන් මේ වගේ දෙයකට ලියන්නට  කල්පනා කලයුතු බවය්. කෙසේ වෙතත් එම පොතට මෙවර සම්මානය හිමිවීම දෛවයේ සරදමක් බදුය. වසර 15ක පරිශ්‍රමයකින් අනතුරුව සෞම්‍යට සම්මානය හිමි වුයේ ඔහුගේ දක්ෂතාවය නිසා මිස පිනට නොවේ. අමරසේකරයන් පිළිබද මට වඩා හොදට සාහිත්‍යයේ නිරතවූවන් දන්නා කාරණයක් වන්නේ ඔහු තමන්ගේ මතයන් කාලයෙන් කාලයට වෙනස් කරන බවය්. එමෙන්ම මෙසේ පලු අරින මෙම විදග්ධ සාහිත්‍යවේදීන් මතක තබා ගත යුත්තේ සාහිත්‍ය කාගේවත් බූදලයක් නොවන බවය්. එමෙන්ම සාහිත්‍යයේ සිමා මායිම් කාටනම් දැමිය හැකිද. එය අනාගත පාටකයින් ,රසිකයින් තීරණය කරණු  ඇත. මහා වෘක්ෂ එකවර බිහිවන්නේ නැත. පැලයක් ගසක් වන බව දැනගත යුතුය. මාටින් වික්‍රමසිංහ "ගම්පෙරළිය " ලියන්නේ "ලීලා" ඇතුලු සරල නවකතා ලිවීමෙන් අනතුරුවය. ඉතිං ඔබ විවේචනය කරන්නේ අදට සාපේක්ෂව සහ අතීතකාමයෙන් යුතුවය. අවසානයේ මං සෞම්‍ය කියූ දෙයක් ලියමි. "මචං මං කවදාවත් කවි ලිව්වේ සම්මාන ගන්න නෙවෙය්..මන් හිතුවේ රුවන්ට (රුවන් බන්දුජීව) ලබෙය් කියලා,මොකද මගේ පොතේ විකල්ප කවි තියෙන්නේ,මේ සම්මානේ මන් කවදාවත් හිතපු දෙයක් නෙවෙය්"

No comments:

Post a Comment