Thursday, September 5, 2013

Sex and Film hall boxes

ලිංගිකත්වය - අමතක කරන්න එපා

            හුඟක් ලියන්න හිතාගෙන හිටියත්... ගොඩක් ලියන්න වෙලාවක් නැති කාලයක් ආවේ. දැන් කොළඹට වහිනවා. මේ වැස්ස අස්සෙ මෙඟ යාළුවෝ තුන්දෙනෙක් අලූත් වැඩ තුනක් පටන් අරන්. තේජිත, නිපූ, සෞම්‍ය ඒ අයට සුබ පතන ගමන් ඔළුවෙ තියෙන අවුල ලෙහා ගන්න  ඕන වුණා.

               පහුගිය දවස්වල මං අවුරුදු දෙකහමාරකට කළිං කරපු  ‘චඛ්බුං උදපාදි’ කෙටි චිත‍්‍රපටයට බොහොම හොඳ ප‍්‍රතිචාර ක්ෂේත‍්‍රයෙ ඉන්න නවක සහ ප‍්‍රවීන අයගෙන් ලැබුණා.  ඒක මාව තවත් නිර්මාණවලට තල්ලූ කරන කාරණයක් වුණා.

                   ඔළුවෙ අවුල තියෙන්නෙ මේ නිර්මාණ ගැන නෙවෙයි. මොන වගේ වටාපිටාවක්ද අපි ඉන්නෙ කියන එක  මතයි. ‘යං පත්තරේ’ ‘බෝක්ස්’ෆිල්ම් හෝල්වලින් අයින් කරන්න යන එක ගැන හොඳ ලිපියක් තිබුණා. ඒකෙ තිබ්බ කරුණු  වර්තමාන පාලකයන්ට බොහොම වටිනවා. මොකද ඉස්සරහදි ලොකු පීඩනයක් ආපු ගමන් අපිට ස්ත‍්‍රී ¥ෂණ, ස්ත‍්‍රී අපයෝජන ගොඩක් දකින්න පුළුවන් වෙයි. මේක තමයි ස්වභාවය. මට මතකයි මගේ මාමා මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරළ අසූ ගණන්වලදි මුල් කාලෙදී ලංකාවෙ තරුණ කැරුල්ලක් මතුවෙන බවට සමාජ විද්‍යාත්මක පදනමකින් ප‍්‍රකාශ කළා.  මේ සඳහා  පර්යේෂණ වාර්තාවක් ඔහු එළිදැක්වූවා. නමුත් පැවැති පාලන අධිකාරිය මේ  වාර්තාව පිච්චුවා. මොකද අනාගතේ නපුරු සිහින ගැන දැනගන්න තියා හිතන්නවත්  ඒ පාලන තන්ත‍්‍රය මැලිවුණා. දැනුත් ඒ වගේම වැඩක් තමයි වෙන්නෙ.
වික්ටෝරියානු බෞද්ධ සංස්කෘතියක් අස්සෙ අපි  කෘතිම සදාචාරයක් පෙන්නුම් කරන්නෙ. අපි පන්සිල් ගන්න බෞද්ධයෝ. ඒත් අපේ එහා පැත්තෙ ඉන්න එකාට බොක්ක ඇරලා ඉරිසියා කරනවා. අපි අනුන්ට උපදෙස් දිදී තමන්ම වරදෙ බැඳෙන ජාතියක් කෙල්ලෙක්ගෙ ‘බ‍්‍රා එකක පටියක්  දැක්කහම ‘චූන්’ වෙන ජාතියක් කොට ඇඳුමක් ඇන්දහම ඒ කෙල්ලව ¥ෂණය කරන්න හදන ජාතියක්. කොටින්ම බස් එකේ යන අවුරුදු 12 ගැහැනු ළමයටත් අවුරුදු 65 කාන්තාවටත් ජැක් ගහන ජාතියක්. නමුත් පන්සල් ගිහින් බුදුන් වැඳලා ප‍්‍රාර්ථනා ගොඩක් කරන ජාතියක්. අපි සුද්දගෙ වික්ටෝරියානු සංස්කෘතිය අපේ ආගමට, ජාතියට එකතු කරගෙන සුද්දන්ගෙ සංස්කෘතිය ගරහනවා. නමුත් අපි කොයිම වෙලාවකවත් සුද්දන්ගෙ සමාජ, මනෝවිද්‍යාත්මක ක‍්‍රමවේදයන් විශ්ලේෂණය කරන්නෙ නැහැ.

   
 හොඳටම පන්සල් යන එකා තමන්ගෙ ඇෙඟ් හැපෙන කෙනාට කුණුහරුපෙන් බණිනවා. හොඳටම තම ප‍්‍රතිරූපය පාලනය කරගන්න කෙනා යටිකූට්ටු වැඩ ඔක්කොම කරලා අනෙකාව බිම දාන්නයි කල්පනාව. එතකොට කෝ අපේ සදාචාරය? ඒ වගේම ගොඩාක් පොර ටෝක්ස් දෙන ගොඩාක් අය තමන්ගෙ ශක්‍යතාවයවත්, තමන්ගේ දුර්වලතාවයක්වත් හරියට දන්නෙ නැහැ. මේ වෙනකොට අපි අතර ප‍්‍රතිරූප නැහැ පුරාජේරු කාරයෝ විතරයි ඉන්නෙ. තමන්ට වඩා අනෙකා ඉදිරියට යද්දී සෑම විටම අනෙකා අනෙකා බවට පත්කරගෙන පහරදෙනවා. ඒත් ඒ පහර දෙන්න යන කාලය, මානසික ශ‍්‍රමය තමන්ගෙ වැඩකට යොදාගත්තනම් කොයිතරම් හොඳද? මේ වගේ පරපීඩක මානසිකත්වයෙන් ඉන්න ජනතාවගෙ ‘ලිංගික නිදහස අහිමිවෙනවා කියන්නෙ රබර් බෝලෙ වතුර යටට කරලා තද කරනවා වගේ වැඩක්.


පරිස්සම් විය යුත්තේ ජනතාවයි. මොකද අපි අපේ ඇතුළෙම දැවෙන ලිංගික ආශාවන් බලහත්කාරයෙන් මැඩගන්නා තරමට ඒවා පිටතට එන  සැහැසි බව වැඩිවෙනවා. කොල්ලෙක්ට, කෙල්ලෙක්ට අතක් අල්ලගෙන පාරක යන්න බැරි දවසකුත් ඉස්සරහට එනබව  අමතක කරන්න එපා.