Friday, December 6, 2013

Short Films in sri lanka

ලාන්කීය කෙටි චිත්‍රපටයේ හෙට දවස


                  විමුක්ති ජයසුන්දර සිනමා උළෙලේදී ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත‍්‍රපටය වූ 'Light in the Yellow Breathing Space'  (ලයිට් ඉන් ද යෙලෝ බි‍්‍රතින් ස්පේස්* නැරඹීමේ හැකියාව ලැබුණි. දකුණු කොරියානු නිෂ්පාදනයක් වූ එම කෙටි චිත‍්‍රපටය තුළ විමුක්ති ජයසුන්දර නම් ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවාගේ වෙනස්ම මානයක් බලාගැනීමට හැකි විය. තම සිතැඟි පරිදි අඩුබ`ඩු දිගහැර ඔහු කෙටි චිත‍්‍රපටයට හැඩයක් ලබාදී තිබුණේ ෆැන්ටසිය සමග යථාර්ථය බද්ධ කරමිනි. නමුත් ‘සුළඟ එනු පිණිසයි’, ‘ඡුත‍්‍රක්’, ‘අහසින් වැටුණා’ නිර්මාණය කළ විමුක්තිගේ දුර රූප සිනමා කෝණවල දිගු දර්ශනවලින් එය ඉවත්ව තිබුණේ නැත. ලෝකයේ අවසන් ඩයිනෝසරයා අනෙකකු නැති සාංකාවකින් ජීවත්වෙද්දී අජිත් කුමාරසිරිගේ ‘ඩයිනෝසරයා’ ගීතයට ඌ නැටීමම සිනමාත්මකව සිදුකළ විප්ලවයක් බවට පත්වෙයි. විමුක්ති ජයසුන්දර නම් කෑන්ස් සිනමා සම්මාන උළෙලේ Palm D'Or සම්මානය දිනාගත් අධ්‍යක්‍ෂවරයාට නිර්මාණශීලීව තම සම්මත සම්ප‍්‍රදායයෙන් පිට සිනමාත්මක එළැඹුමකට අවතීර්ණ වීමේ හැකියාව ලැබුණේ ‘කෙටි චිත‍්‍රපට’ මාධ්‍යයේ පවතින සුවිශේෂීත්වය නිසාය. කෙටි චිත‍්‍රපට වෙනමම ෂානරයක් බවට පත්ව ඇති අවස්ථාවක ඒ හරහා ඵල නෙළාගැනීමට තරුණ නිර්මාණකරුවෝ රැුසක් පෙළ ගැසී සිටිති. ඒ සඳහා විමුක්තිගේ 'Light in the Yellow Breathing Space'  කදිම නිදර්ශනයක් මෙන්ම පඨිතයක් බවට පත්වන්නේය. කෙටි චිත‍්‍රපටය නම් මාධ්‍ය තුළ විවිධ සීමා සොයායමින් සම්ප‍්‍රදායන් අතික‍්‍රමණය කරමින් සිනමා නිර්මාණ බිහිවන අයුරු අපි දැක ඇත්තෙමු. මේ වනවිට මෙම මාධ්‍යයේ කරණම් ගසමින් සිටිනා කෙටි සිනමාපට අධ්‍යක්‍ෂවරුන් දෙදහසකට අධික පිරිසක් නිවැරැුදි දිශානතියක් (තමන් සිතනා* සොයමින් පවතින කාලවකවානුවක් වෙයි. විසි එක්වැනි සියවසේ පේ‍්‍රක්ෂක අවධානයට යොමුවන වඩාත්ම සාර්ථක කලාවක් බවට කෙටි චිත‍්‍රපටය පත්ව ඇත්තේ තාක්ෂණයේ ශක්‍යතාව හේතුවෙනි. ජංගම දුරකතනයක පවා ගබඩාගත කරගෙන නැරඹීමේ පහසුව ඇති නිසා කෙටි සිනමාපට අතින් අතට යන කලාංගයක් බවට අද පත්ව ඇත. එය මීට පෙර පොත්පත්වලට සහ සංගීත කැසට්පට/ තැටිවලට පමණක් සීමාවූ මේ තත්ත්වය මෙම මාධ්‍යයට හිමිවීමකි. කෙටි චිත‍්‍රපට කලාව පිළිබඳ අදහස් දක්වන හොලිවුඞ් අධ්‍යක්‍ෂ ‘ටිම් බර්ටන්’ පවසන්නේ, දිගු සිනමාපටයක් කිරීමේ අපේක්ෂාවෙන් කෙටි චිත‍්‍රපට කරනවා වෙනුවට තම ප‍්‍රකාශන මාධ්‍ය වශයෙන්ම කෙටි චිත‍්‍රපට කිරීම හරහා කෙටි - සිනමාපට ෂොනරය පෝෂණය වන බවයි. මේ තත්්ත්වය අපට වඩාත් පැහැදිලිව වෙනත් රටවල් දෙස බලනවිට දක්නට ලැබෙයි. විශේෂයෙන් සිනමා කර්මාන්තයක් නොමැති රටවල කෙටි චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන්ට තම නිර්මාණ එළිදැක්වීමේ අවකාශය ලැබී ඇත. අප‍්‍රිකාවේ බොහෝ රටවල මේ තත්ත්වය දක්නට ලැබෙයි. නයිජීරියාව, ඝයනාව, මොරොක්කෝව යන රටවල සිනමා සංස්කෘතීන් පවතින්නේ අවම මට්ටමකිනි. මේ නිසා මෙම රටවල සිනමාකරුවන් කෙටි චිත‍්‍රපට තම මාධ්‍ය ලෙස භාවිත කරයි. ඒ අනුව අද වනවිට විකල්ප ධාරාවකටත් වඩා වෙනමම කලාංගයක් බවට කෙටි චිත‍්‍රපටය පත්ව ඇත. ලෝකයේ සිනමාව ඇරඹි මුල් කාලයේදී දිගු සිනමාපට බිහි නොවූ අතර කෙටි දර්ශන වාර කිහිපයක් පමණක් සහිත නිර්මාණ ඉදිරිපත් කළේය. ජෝර්ජ් මෙලියස් වැන්නවුන් මෙන්ම ඞී. ඩබ්ලිව්. ග‍්‍රිෆිත් පවා කෙටි චිත‍්‍රපට නිර්මාණය කර ඇත. ඒ ඔවුන්ට සිනමාවට සම්බන්ධ වීමට පාලමක් සකසා ගැනීමටය. නමුත් අද වනවිට මෙම මාධ්‍යයේ භාවිතය සහ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. මේ තත්ත්වයට පත්වීම කෙරෙහි ලෝක සිනමාවේ දක්ෂයන්ගේ දායකත්වය ලැබීමද හේතුවක් විය. රෝමන් පොලොන්ස්කි, ක‍්‍රිස්ටෝපර් නෝලන්, ටිම් බර්ටන් වැනි අද සිනමාවේ පතාක යෝධයන් මෙන්ම චාලි චැප්ලින්, බස්ටර් කේටන් වැනි සිනමාවේ අතීත දක්ෂයන්ද කෙටි චිත‍්‍රපට පළමුව තම මාධ්‍ය බවට පත්කර ගත්තේය. නමුත් ඔවුන් දිගු සිනමාපට අධ්‍යක්‍ෂණය කිරීමත් සමග කෙටි සිනමා කලාවට සමුදී ඇත. නමුත් වර්තමාන සිනමාවේ දක්ෂතම සිනමාකරුවෙක් වන ඬේවිඞ් ලින්ච් දිගු සිනමාපට නිර්මාණය කරන අතරතුරදී කෙටි සිනමාපට නිර්මාණය කිරීමේ කාර්යයෙහි අඛණ්ඩව නිරත වී ඇත. ආසියානු රටවල පවත්නා ක‍්‍රමවේදය තුළ මෙම මාධ්‍ය සඳහා තරුණ තරුණියන් බොහෝ පිරිසක් යොමුවීම දක්නට ලැබෙයි. සිංගප්පූරුවේ මිනිත්තු තිහකට නොවැඩි සිනමාපට සඳහා දැඩි ඉල්ලූමක් මතුව තිබේ. මේවා බොහොමයක් සිංගප්පූරුවේ සමාජ, දේශපාලනික පසුබිම් නිරූපණය කරන ඒවාය. කෙටි චිත‍්‍රපට කලාව දිගු චිත‍්‍රපට කලාවෙන් පිටතට පැමිණ ඇති අතර සිංගප්පූරු පේ‍්‍රක්ෂකයන්ගේ අවධානය දැඩිව යොමුව ඇත. මේ තත්ත්වය පසුගිය දශකයේදී ඉන්දියාව තුළ මෙන්ම දකුණු කොරියාව තුළත් වර්ධනය විය. දකුණු කොරියාව යනු ලෝක සිනමාවට විශිෂ්ට කෘති ලබාදුන් රටකි. එහි ඇති චිත‍්‍රපට පාසල් හරහා නවක අධ්‍යක්‍ෂවරුන්ට වඩාත් සමාජයීය අවශ්‍යතා සහිත කතා තේමා රැුගත් කෙටි චිත‍්‍රපට නිෂ්පාදනය සඳහා අනුබල ලබා දෙන්නේය. දකුණු කොරියාවේ පමණක් නොව ඉන් එපිට වෙනත් රටවල සිටිනා කෙටි චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් වෙත මුල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන්නේ මෙම තත්ත්වය ගෝලීය වශයෙන් ප‍්‍රවර්ධනය කිරීමටය. වරක් ස්ටීවන් ස්පිල්බර්ග් ඊශ‍්‍රාලය සහ පලස්තීන ගැටුම් සම්බන්ධ කෙටි චිත‍්‍රපට නිර්මාණ කිරීමට නවක අධ්‍යක්‍ෂවරුන් රැුසකට නිෂ්පාදකයකු වශයෙන් කටයුතු කළේය. එමෙන්ම මේ වනවිට ඉන්දියාව තුළ කෙටි චිත‍්‍රපටය සඳහා වෙනම කතිකාවක් නිර්මාණය වෙමින් පවතියි. මෙහි පුරෝගාමියා වන්නේ අධ්‍යක්‍ෂ අනුරාග් කාශ්‍යප්ය. ඔහු දිගු සිනමාපට අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කටයුතු කළත් කෙටි චිත‍්‍රපට රැුසක නිෂ්පාදකයකු ලෙස ක‍්‍රියාකර ඇත. ‘මිනිස්සු හිතන්නෙ දිගු සිනමාපට හදන්න අමාරුයි කියලා. ඒත් මං එහෙම හිතන්නෙ නැහැ. වඩාත් අපහසු මාධ්‍ය කෙටි චිත‍්‍රපටයි. කෙටි චිත‍්‍රපටය හරහා දිගු සිනමාපට කවදාවත් ඉස්මතු නොකරනා කතා තේමා තිරයට ගෙන ඒමේ හැකියාව ලැබෙනවා. මෙම මාධ්‍ය හරහා තරුණ නිදහස් නිර්මාණකරුවන්ට විශේෂ ඉඩකඩක් ලැබෙනවා’ යැයි අනුරාග් පවසයි. නමුත් මෙම තත්ත්වය තවමත් අප රට තුළ මතු වී නැත. කෙටි සිනමාව විකල්ප ධාරාවකටත් වඩා එය වෙනමම මාධ්‍යයක් ලෙස සැලකිය යුතු වෙයි. එමෙන්ම අප දකින ඒකාකාරී තේමා රැුගත් කෙටි චිත‍්‍රපට වෙනුවට වෙනස් සමාජ, දේශපාලනික මෙන්ම භූගෝලීය සාධක ඇතුළත් කෙටි සිනමාවක් බිහිවිය යුතුය. ඒ අනුව ඒ හරහා සිනමාවද නිතැතින්ම වර්ධනය වනු ඇත.




No comments:

Post a Comment