Thursday, July 17, 2014

"ගැටලූව වන්නේ ඔබ ආගම යන්න අර්ථකථනය කරගන්නා ආකාරයයි" - මයිකල් හැනෙකේ   

        
                   කෑන්ස් සිනමා සම්මාන උළෙල ආරම්භ වූයේ 1947 වර්ෂයේදීය. එතෙක් මෙතෙක් කාලය තුළ කෑන්ස් සිනමා උළෙලේ ඉහළම සම්මානය වන ‘පාල්ම් ඩි  ඕර්’  දෙවරක් දිනාගැනීමට හැකිවූ අධ්‍යක්‍ෂවරුන් සිටින්නේ හත්දෙනකු පමණි. එම ලැයිස්තුවට එක්වූ අලූත්ම සාමාජිකයා වන්නේ ඔස්ටි‍්‍රයන් ජාතික අධ්‍යක්‍ෂවරයකු වන මයිකල් හැනෙකේය. ඔහුට කෑන්ස් උළෙලට පෙර එහි සම්මාන අලූත්යමක් නොවේ. මීට පෙර තෙවතාවක්ම ඔහු මෙම උළෙලේ සම්මානයට පාත‍්‍ර විය. මෙවර 2012 කෑන්ස් සිනමා සම්මාන උළෙලේ පාල්ම් ඩි’ ඕර් සම්මානය හැනෙකේ අධ්‍යක්‍ෂණය කරන ලද ‘ලව්’ චිත‍්‍රපටය දිනාගන්නා ලදී. මයිකල් හැනෙකේ 2001දී නිර්මාණය කරන ලද ‘ද පියානෝ ටීචර්’ ලෝකයේ විශිෂ්ටතම සිනමා කෘතීන් සියය අතරට ඇතුළත්ව ඇත්තේ එහි ඇති සිනමාරූපී පොහොසත්භාවය හේතුවෙනි. එම සිනමා කෘතිය 2001 කෑන්ස් සිනමා සම්මාන උළෙලේ‘ගොන්ප‍්‍රි’ සම්මානයට පාත‍්‍ර විය. 2005 වර්ෂයේ හැනෙකේ නිර්මාණය කරන ලද ‘කැචේ’  සඳහා කෑන්ස් සම්මානය උළෙලේ හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිවිය. ඔහු විසින් 2009 වර්ෂයේ නිර්මාණය කළ ‘ද වයිට් රිබන්’: චිත‍්‍රපටය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ‘හොඳම විදෙස් භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ 2009 කෑන්ස් සිනමා සම්මාන උළෙලේ ‘පාල්ම් ඩි’ ඕර්’ සම්මානයට පාත‍්‍ර විය. ඒ අනුව ඔස්ටි‍්‍රයානු ජාතික මයිකල් හැනෙකේ මෙවරද සම්මානයට පාත‍්‍රවීමත් සමග ඔහු ලෝක ප‍්‍රවීණ සිනමාකරුවන් විසිදෙනා අතරට එක්ව ඇත. මයිකල් හැනෙකේ සතුව පවතින්නේ ඝට්ටනවාදී සිනමාරූපී ආඛ්‍යානයකි. ඔහු වර්තමාන බහු තාක්‍ෂණික සමාජය සහ මෙම සමාජ රටාව තුළ පවතින පුද්ගල සබඳතා අර්බුද සිනමාව තුළ ප‍්‍රතිරූපණය කරන්නේ ඔහුටම අනන්‍ය ක‍්‍රමවේදයකිනි. විචාරකයන් මයිකල් හැනෙකේගේ රූපරාමු  හඳුන්වන්නේ වඩාත් ඍජු ප‍්‍රකාශනශීලී සිනමා කලාවක් වශයෙනුයි. මයිකල් හැනෙකේ සමග කෑන්ස් සිනමා සම්මාන උළෙලට පෙර කරන ලද සාකච්ඡුාවක පරිවර්තනයක් පහත පළවෙයි.

Q.  ඔබේ සිනමා කෘති කෑන්ස් උළෙලේ නිතරම සම්මානයට පාත‍්‍ර වෙනවා. ‘ලව්’ චිත‍්‍රපටය තවම බොහෝ
දෙනෙක් නරඹා නැහැ. නමුත් ‘ද වයිට් රිබන්’ චිත‍්‍රපටය පේ‍්‍රක්‍ෂක විචාරක සම්මානයට පාත‍්‍ර වුණා. අපි කතා
කළොත් මෙම චිත‍්‍රපටය සඳහා කළමනා එකතුකරගත් ආකාරය පිළිබඳව?

A. මම මේ තිරකතාව ලියන්න පටන් ගත්තේ අවුරුදු දහයකට කලින්. නමුත් ඒක විචිත‍්‍ර සිද්ධිය තමයි තිරරචනාව ලිවීමටත් අවුරුදු 10ටත් කලින් හිතට ඔබ හිතන්න අවුරුදු විස්සක ක‍්‍රියාවලියක් එක තිරරචනයක්
වෙනුවෙන් වැය වෙනවා කියන්නේ ඒ තුළ බොහෝ වෙනසක් දරන්න සිදුවුණු බවයි. මේකෙ කතාංගය
ලබාගන්න මට පුළුවන් වුණේ පළමු ලෝක යුද්ධ සමයෙදි. ඒ කාලෙ උතුරු ජර්මනියෙ පල්ලියක හිටපු
ළමා ගායන කණ්ඩායමක සිදුවීමක් මාව කම්පනයට පත්කළා. ඒ අනුව එම කතාන්දරය පිටුපස මගේ මනස
නිරතුරුව වැඩකරන්න ගත්තා. විශේෂයෙන් පවුලක් තුළ මවුපිය-දරු සම්බන්ධතාව මතුකරන්න මට අවශ්‍ය
වුණා. ඒ නිසා තමයි මම ඒ ආශ‍්‍රිතව බොහෝ සමීක්‍ෂණ කටයුතු සිදුකළේ. මොකද කතාවක් ඔළුවට ආව පලියට
එය ලිවීමේ සූදානමක් හෝ අවශ්‍යතාවක් මා තුළ නැහැ.

Q.  ඔබ ‘ද වයිට් රිබන්’ රූගත කරන්නේ ඔස්ටි‍්‍රයාවට ආසන්න ජර්මන් ප‍්‍රදේශයක. ඇයි එම ප‍්‍රදේශය තෝරා
ගත්තේ?

A.ජර්මනිය මම දකින්නේ ආගමානුකූල රටක් වශයෙනුයි. එය දෙකට බෙදිලා තිබුණත්, ජර්මනියේ ඒ ගතික බව තිබෙනවා. මට සැබෑවටම ඒක සිනමා කෘතිය තුළට ගැනීමට අවශ්‍ය වුණා. ජර්මනියේ උතුරු කොටස ප්‍රොතෙස්තන්ත‍්‍ර නිකාය අනුවත් දකුණු කොටස කතෝලික ලෙසත් ආගමානුකූලව වෙන්වෙලා තියෙනවා.
මම චිත‍්‍රපටයට යොදාගත් බොහෝ දෙනෙක් උතුරු ජර්මනියේ ප්‍රොතෙස්තන්ත‍්‍ර පිරිස්. එහිදී එම දහම සමග
සමාජයේ පවතින ආවෘත සහ ගතික බව මට හොඳට අත්විඳින්න ලැබුණා. ඒක නව අත්දැකීමක්.

Q.  මෙම චිත‍්‍රපටය ආගම පදනම්ව ගොඩනැගුනු එකක්?

A. ඇත්තටම ඒක සංකීර්ණ තේමාවක් මත ගොඩනගපු එකක්. හැබැයි මගේ පෞද්ගලික අදහස නම් මෙම
චිත‍්‍රපටය පේ‍්‍රක්‍ෂකයන් වරදවා වටහා ගන්නවා යන්නයි. ඔවුන් සිතයි ආගම පිළිබඳ අප භාෂණයක් ලෙස  මෙහෙම ගත්තොත් ‘ශුභාරංචිය’ කියන්නේ ඉතාම මනහර මෙන්ම අතිපූජනීය දෙයක්, නමුත් කුරුස යුද්ධය කියන්නෙ එහෙම සෞන්දර්යවාදී හෝ අහිංසක ප‍්‍රයත්නයක් නෙවෙයි. නමුත් ඒ දෙකම ආගමට පූර්ණ  සම්බන්ධතාවක් පවතිනවා. ඉතින් අපි කතා කරන්නේ පල්ලිය සහ ඇයි පල්ලිය පවතින්නේ යන්නයි.
මම හිතන්නේ ආගම කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ අඛණ්ඩ සබඳතාවක්, හැබැයි ගැටලූව වන්නේ ඔබ
ආගම යන්න අර්ථකථනය කරගන්නා ආකාරයයි. අපේ ජීවනෝපායන් මනාව සකසා ගැනීමට පරමාදර්ශ
අවශ්‍ය වනවා. පරමාදර්ශ නොමැතිව ජීවත් වෙන්න බැහැ. නමුත් යම් අදහසක් දෘෂ්ටිවාදයක් දක්වා ව්‍යාප්තවීම ඉතාම භයානක තත්ත්වයක්. දෘෂ්ටිවාදයක් ගොඩනැගුනහම වෙන්නෙ ඒ හේතුවෙන් ඔබට සතුරන්
පිරිසක් බිහිවෙනවා. සතුරන් බිහිවීමත් සමග ඔවුන් හැසිරීමේ ක‍්‍රමෝපායන් සෙවීමට පටන් ගන්නවා.
ඓතිහාසික සාධක පිළිබඳ ඔබ යම් අධ්‍යයනයක් කළහොත් ලෝකයේ සිදුවූ විශාලතම සංහාරයන්ට
හේතුවී ඇත්තේ කුමන හෝ ආගමක් බවට සොයාගන්න පුළුවන්. ඔබ පල්ලියක් සැකසුවහොත් එයට ලබ්ධිකයන් පැමිණීම අනිවාර්යයෙන් සිදුවන්නක්. නමුත් ඔබ යම් දෘෂ්ටිවාදයක් නිර්මාණය කළහොත් එය භයානකයි. අපි මෙහෙම හිතුවොත් කොමියුනිස්ට්වාදය ඉතා හොඳ සංකල්පයක්. නමුත් මිලියන ගාණක් ජනතාව කොමියුනිස්ට්වාදය නිසාම මරණයට පත්වුණා.

Q. සමහර අධ්‍යක්‍ෂවරුන් ඉන්නවා, ඔවුන් තමන් නිර්මාණය කරන සිනමාපටය පේ‍්‍රක්‍ෂකයා නැරඹුවා හෝ
නැති වුණත්, ඒවා තිරගත කරනවා. ඔවුන් කියන්නේ තම ආත්ම තෘප්තියට නිර්මාණ කරන බවත්, පේ‍්‍රක්‍ෂකයා
පිළිබඳ සංවේදීතාවයක් ඔවුන් තුළ නොමැති බවත්ය. ඔබ අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් මේ තත්ත්වය දකින්නේ
කොහොමද?

A. පේ‍්‍රක්‍ෂකයා පිළිබඳ සිතන්නේ නැති අධ්‍යක්‍ෂවරයෙක් සිටිනවා නම් මා ඔහුව විශ්වාස කරන්නේ නැහැ. මා
අහන්න කැමැතියි එහෙම නම් ඇයි සිනමා කෘතියක් නිර්මාණය කරන්නෙ කියලා. මම හිතන්නේ සෑම
නිර්මාණකරුවෙක්ම ප‍්‍රතිග‍්‍රාහකයෙක් පිළිබඳ හිතන බවයි. ඔහු සෑමවිටම පේ‍්‍රක්‍ෂකයන් පිළිබඳ විමසිල්ලෙන්
පසුවන්නෙක්.  ඕනෑම හොඳ අධ්‍යක්‍ෂවරයෙක් හෝ කතා රචකයකු තම පේ‍්‍රක්‍ෂකයන් හෝ පාඨකයන් පිළිබඳ
කල්පනා කරනවා. එහෙම නෙවෙයි කියලා යම් අයෙක් පවසනවා නම් එක්කෝ ඔහු බොරුකාරයෙක් වෙන්න
 ඕනෙ, එහෙම නැත්නම් කුහකයෙක් වෙන්න  ඕනෙ.

Q.  ඔබේ නිර්මාණ තුළ බොහෝ ගැටලූවලට පිළිතුරු ලබාදෙන්නේ නැහැ. ඔබේ සිනමාවේදී පේ‍්‍රක්‍ෂකයාට
නොතේරෙන ස්ථාන රැුසක් ඉතුරු කරනවා?

A. ඔව්. ඔබ හරි. මොකද මම සිනමාවට නගන්නේ සැබෑ ජීවිත. සැබෑ ජීවිතයේදී කුමන සිදුවීම, කුමන
ආකාරයකින් සිදුවෙනවාද යන්න අපිට සිතාගත නොහැකියි. අපි නොදන්න බොහෝ දේ ජීවිතය තුළ
පවතිනවා. මම කරන්නෙ පේ‍්‍රක්‍ෂකයාට සිනමා කෘතිය නරඹා ඔවුන්ගේම අර්ථකථනයක් ලබාදීමට අවකාශය
විවර කිරීමයි. ඔබට සැබෑ ජීවිතයේදී බොරුකාරයින් හඳුනාගත නොහැකියි. ඒ වගේමයි සිනමා කෘතිය තුළත්
එම තත්ත්වය පැවතිය යුතුයි.

Q. ඔබේ නිර්මාණවල රූපවාහිනී ජවනිකා ඇතුළත් කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. ඔබ සිනමා
කරුවෙක් වශයෙන් රූපවාහිනියේ බලපෑම කොහොමද දකින්නේ?

A. ඇත්ත වශයෙන්ම වෙනීන් වීඩියෝ සහ ෆනී ගේම්ස්’ චිත‍්‍රපටවල මම රූපවාහිනී දර්ශන ඇතුළත් කළා. එයින් මම පවසන්න උත්සහ කළේ රූපවාහිනිය කියන මාධ්‍ය සමාජ ව්‍යාපෘතිය තුළ ස්ථානගතවී ඇති ආකාරයයි. සමහර අවස්ථාවලදී රූපවාහිනී දර්ශන හෝ ඒ තුළ පවතින දේ තවත් නිර්මාණ සඳහා ඉඩ ප‍්‍රස්තාව සකසා දෙනවා. උදාහරණයක් වශයෙන් අපරාධයක් හෝ විශාල ව්‍යසනයක් පිළිබඳ තොරතුරක් වෙන්න පුළුවන්. අද වනවිට යථාර්ථය කියනදේ දියවෙමින් පවතිනවා. ඒ වනවිට මාධ්‍ය සකසන යථාර්ථය පථය බවට පත්වෙනවා. එවිට සාමාන්‍ය ජනතාවට නියම යථාර්ථය කුමක්ද සහ එයට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න පවා තේරුම් ගත නොහැකිවීමක් දක්නට ලැබෙනවා.

Q. ‘ද පියානෝ ටීචර්’ සිනමාකෘතියේ දැක්වෙන පරිදි පවුල පිළිබඳ දකින්නද ඔබ කැමැති?

A. මම පවුල දකින්නේ විශාල ව්‍යසනයක විෂබීජ පතුරුවන කුඩා ප‍්‍රමාණයේ ෙසෙල වශයෙනුයි. මොකද
 ඕනෑම අවස්ථාවක  ඕනෑම සමාජ ගැටලූවක මූලිකත්වය ගන්නේ පවුලයි. අපි මෙහෙම හිතුවොත් පවුලක  ඕනෑම අයෙක් හට විෂබීජ පැතිරෙන්න පුළුවන්. මොකද ගෘහ මූලිකයා සිතනා දේ තමයි අනෙක් පිරිස වෙත බෝවන්නේ. ‘ද පියානෝ ටීචර්’ සිනමා කෘතියේ සිටිනා චරිත සමබර චරිත නෙවෙයි. ඉතින් අප තේරුම් ගන්න  ඕන දේ තමයි පවුල කියන සංකල්පය ආරක්ෂා කර ගැනීම.

Q.  ඔබගේ අදහස කුමක්ද ඉරාකයේ සිසුන් යුද්ධය සම්බන්ධව. එය ඔබට වස්තු විෂය වුණේ නැතිද?

A. මම දන්න කරුණක් තමයි යුරෝපයේත්, ඇමෙරිකාවේත් ජනතාවගෙන් සියයට 80කට කිසිදු ආකාරයක යුද්ධයක් අවශ්‍ය වුණේ නැහැ. යුද්ධය කියන්නේ ප‍්‍රශ්නයක් විසඳන මෝඩම ක‍්‍රමයයි. නමුත් මගේ නිර්මාණවලට සමහරවිට ඉරාක යුද්ධය පාදක වෙන්න පුළුවන්.