Wednesday, July 17, 2013

මොන කැමරාවද භාවිත කරන්නේ යන්නට වඩා වැදගත් වෙන්නෙ මොකක්ද අපි කියන්න උත්සහ කරන්නේ කියන එකයි

අරුණ ජයවර්ධන

(Interview with Aruna Jayawardana)


මානව සබඳතාවල උත්තරීතරත්වය මෙන්ම
නිර්ව්‍යාජත්වය මනාව ඉස්මතු කරමින් වියළි කලාපයේ
අපට වැඩිමනක් ඇස නොගැටෙන ප‍්‍රස්තුතයක් පාදක
කරගනිමින් ‘නිකිණි වැස්ස’ සිනමා කෘතිය නිර්මාණය
කර ඇත. අරුණ ජයවර්ධනගේ කුළුඳුල් සිනමා
අධ්‍යක්‍ෂණය වන මෙය පසුගිය හත්වැනිදා සිට
මෙරට සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය ආරම්භ කළේය.
වෛද්‍ය කුසුම්සිරි ද සිල්වාගේ නිෂ්පාදන පිරිවැය
මත නිපදවන ‘නිකිණි වැස්ස’ නදීක ගුරුගේගේ
සංගීතයෙන් හැඩවෙයි. නිකිණි වැස්ස මෙරට තිරගත
කිරීමට ප‍්‍රථම ප‍්‍රංශයේ ‘ආසියානු සිනමා සම්මාන
උළෙලේ’ නෙට්පැක්  සම්මානයෙන්ද පිදුම්
ලැබීය. මීට අමතරව ආසියාතික සිනමාව පිළිබඳ
18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උළෙලේ ඉහළම
සම්මාන දෙකක් දිනාගැනීමට සමත් විය.


Q. අපි දකිනවා තරුණ සිනමා නිර්මාණකරුවන් ඩිජිටල් තාක්ෂණයට ගමන් කර
තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?


තාක්ෂණය මත පදනම්ව සිනමා නිර්මාණ කිරීමේ ගැටලූවක් පවතිනවා. විශේෂයෙන් සිනමාව වැනි මාධ්‍යයක් නිර්මාණාත්මක දෙයක්. මෙහෙමයි,
තාක්ෂණය පැමිණීමත් සමග බොහොම පහසුවක් ඇතිවෙලා තියෙනවා. මෙම තාක්ෂණයෙන් නිර්මාණ කරන්න පහසුයි. ලෝක මට්ටමේ සිනමා
කර්මාන්තය විහිදිලා යන ආකාරය දිහා බැලූවොත් අපිට පැහැදිලිවම පෙනෙනවා තාක්ෂණයේ ඇති වැදගත්කම. මම අවුරුදු ගණනාවක් ටෙලිවිශනයේ
සිටිය නිසා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ වඩාත් සුබවාදීවයි දකින්නෙ. මෙම මාධ්‍යයේදී මොන කැමරාවද භාවිත කරන්නේ යන්නට වඩා වැදගත්
වෙන්නෙ මොකක්ද අපි කියන්න උත්සහ කරන්නේ කියන එකයි. මොකද තාක්ෂණය භාවිතය සමග එම කෘති තුළ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක
තියෙන්න  ඕනෙ. සිනමාව කියන්නෙ විෂයක්. සිනමාවේ භාෂාව මනාව අවබෝධ කරගන්න  ඕන. අපි ඉන්නෙ සිනමා පාසලක්වත් නැති රටක. කැමරාවෙන් දර්ශනයක් රූගත කළාම සිනමා පටයක් වෙන්නෙ නැහැ. ජංගම දුරකතනයකින්
නිර්මාණය කරන කෙටි චිත‍්‍රපටයක වුණත් ගුණාත්මකභාවය තියෙන්න පුළුවන්.

Q. ඔබ රූපවාහිනී මාධ්‍යයේ දීර්ඝකාලීන අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කෙනෙක්.
නිෂ්පාදකවරයෙක් වශයෙන් කාලයක් ක‍්‍රියාකළ කෙනෙක්. සිනමා නිර්මාණයක් කරන්න මෙතරම් දිගු කාලයක් ගත වුණේ ඇයි?


මගෙ ජීවිතේ දීර්ඝකාලීන හීනය බවට පත්වුණේ සිනමා නිර්මාණයක් කරන එක. අපේ රටේ සිනමා කර්මාන්තයේ තියෙන පසුගාමී තත්ත්වය නිසා එය
දිනපතා කල් ගියා. අපි සිනමා නිර්මාණ කරන්නෙ කිසිම පහසුකමක් නැතිව. මං අනිත් අයට වඩා වාසනාවන්තයි. අවුරුදු හයයි මට ගතවුණේ මෙම
සිනමා නිර්මාණය කරන්න.

Q.‘නිකිණි වැස්ස’ නිර්මාණය කළේ සම්මාන උළෙලවල් ඉලක්ක කරගෙන කිව්වොත්?

ඇත්තටම නැහැ. මං විශ්වාස කරන්නෙ නැහැ නිර්මාණකරුවෙක්ට නිශ්චිත සම්මාන උළෙලක සම්මාන ඉලක්ක කරගනිමින් සිනමා නිර්මාණ කරන්න පුළුවන්
කියලා. එහෙම චිත‍්‍රපට කරන්න බැහැ. අපි යම්කිසි සිනමා නිර්මාණයක් කරන්නෙ ලෝක භාෂාව අනුව. ඉතින් අපි හැකි උපරිම ආකාරයෙන් සිනමා නීතිරීති යටතේ සිනමා නිර්මාණ කරනවා. හැබැයි එය නිසි ආකාරයට පිළිපැද්දොත් කුමන හෝ තැනක අපේ නිර්මාණයට ඉඩකඩ ඇති වෙනවා.

Q. අපූරු කතා තේමාවක සිට කතාන්දරයකට ඔබ සිනමා නිර්මාණය ගෙන යනවා. මෙය පේ‍්‍රක්‍ෂකයාත් විචාරකයාත් යන දෙදෙනාම ජයගන්න කළ උපායක්ද?

සිනමාව යථාර්ථයේ ප‍්‍රතිනිර්මාණයක්. මගේ සිනමාපටයේ චරිත කිහිපයක් තියෙනවා. ඔවුනොවුන් ගනුදෙනු කරනවා. යථාර්ථය ප‍්‍රතිනිර්මාණය වෙනවා. මේ තේමාව ලංකාවෙ අපිට හම්බවුණ අලූත් එකක්. මෙහි ප‍්‍රධාන චරිතය කොයිතරම් දුරට රළු බවක් තිබුණත් ඇයත් සාමාන්‍ය ගැහැනියෙක් ලෙස ගැටලූවලට මුහුණදෙනවා. ආදරය, විවාහය, ලිංගිකත්වය යන දේවල් ඇයටත් අවශ්‍ය වෙනවා. මම මෙයින් කියන්න උත්සහ කරන්නෙ බොහෝ දේවල්වලින් අපි ඈතට ගියත් අපේ හිත් තුළ අපිට හුරුපුරුදු සංස්කෘතික දේවල් තියෙනවා යන්නයි.

Q. ඔබ රූප රාමුවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තත් කැමරාවේ තාක්ෂණික භාවිතයට වඩා පෙරබිම, පසුබිම, මැදබිම භාවිත කරනවා?

සමාජයේ ජීවත්වන චරිත කිහිපයක් ගැන තමයි කතාව දිග හැරෙන්නෙ. වියළි කලාපෙ අයගේ ජීවිත තුළ සතුට ගොඩක් අඩුයි. මේ අය බොහොම අමාරුවෙන්
ජීවිතය ගෙන යන්නෙ. ප‍්‍රධාන චරිතය හොඳ ව්‍යාපාරික කාන්තාවක්. එයාගෙත් චරිතෙ කොටසක් අඳුරුයි. ඔවුන් ජීවත් වෙන හැමතැනම අඳුර තියෙනවා. අඳුර
සමගයි මෙම චරිතවල අභ්‍යන්තරය බද්ධවෙලා තියෙන්නෙ. එම ගතිය සෑමවිටම උකහා ගන්න මාත් චන්න දේශප‍්‍රියත් උත්සහ කළා. අපි බොහෝවිට මධ්‍යම රූප රාමුවලට ගියෙ අදාළ චරිතවල හැඟීම් නිසි පරිදි ග‍්‍රහණය කරගන්න. විශාල රූප
රාමු ප‍්‍රමාණයකට වඩා එය ප‍්‍රායෝගික තලයේදී මනාව වැඩකරන බව මම දැනගෙන හිටියා. මෙහි කතා තේමාව සමග උචිතම දෙය වුණේ නළු නිළියන් හැසිරෙන ආකාරයයි.

Q.ඇතැම් අධ්‍යක්‍ෂවරුන් හා තිර රචනා ශිල්පීන් තමන් තිරපිටපත රචනා කරද්දීම චරිත නිරූපණය සඳහා සුදුසු නළු නිළියන් තෝරා ගන්නවා?


ඇත්තටම ප‍්‍රධාන චරිත මෙම තිර පිටපත රචනා කරගෙන යන අතරතුරේදී මගෙත් මනසට ඇවිත් තිබුණෙ. ඒකට අවශ්‍ය රාමුව ඒ වෙනකොටත් සැකසිලා තිබුණෙ. ඉතින් ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නෙ මේ මේ අය කියලා මගේ නිර්ණායකයක්
තිබුණා. ජගත් මනුවරණ සහ සුලෝචනා වීරසිංහ තමයි අවසන් වශයෙන් චරිත සඳහා තෝරාගත්තේ. එම තෝරාගැනීම් බොහොම හොඳ ආකාරයට ගැළපුණා
කියලා තමයි මට හිතෙන්නෙ.

Q.මීට පෙර අපගේ තරුණ සිනමා නිර්මාණකරුවන්ගේ කෘතීන් රැසකට
වියළි කලාපය පාදක වුණා. ඔවුන් වියළි කලාපය නිරූපණය කරන්න අතිශය දුර
රූප දුර රූප  භාවිත කළා. නමුත් ඔබ එලෙස විශාල වශයෙන් දුර රූප භාවිත
කරන්නෙ නැහැ?


පරිසරයත් වැදගත් තමයි. නමුත් ප‍්‍රධාන වශයෙන් වැදගත් චරිත, හැඟීම්
ප‍්‍රකාශ කරන ආකාරය. වියළි කලාපය කියන එක යටින් ගලාගෙන යනවා. මේකෙ
යටිපෙළක් තියෙනවා. යටිපෙළ තමයි පරිසරයත් එක්ක තියෙන ගනුදෙනුව.
ඔවුන්ගේ හැඟීම් ඔවුන් විඳින සහ විඳවන ගතියක් මෙහි අන්තර්ගතයි. අපි ගත්තොත් චාන්දනීගෙ චරිතෙ තිබ්බ තනිවුණ ගතිය, ආබාධිත සොල්දාදුවා සිය
ජීවිතයේ හිස්කම සමග ගෙවන ආකාරය,මේ සියල්ලෙහිම පක‍්‍ර ාශනයක්
තෙි යනවා. මට අවශ්‍ය වෙු ණ ් එමපක‍්‍ර ාශනය චරිත හරහා මත කරනන් ය

Q.බොහෝ නර්ි මාණකරුවන ් සාර්ථක නර්ි මාණයක ් කරනන්කාලයක ් ගත කරනවා. ඔබ කොහොමද ‘නකි ණි ි වැසස් ’ සඳහා සදූ ානම් වෙු ණ?

මේකෙ තරි නාටකය එක දිගට මාස අටක කාලයක ් ලයි නවා. සමහර දර්ශන වෙන වෙනම ලයි නවා. මගෙ  රැුකයිවෙ කාර්ය බහලු තව්යත එකක් උදෙ පානද් ර නැගටි ලා පැය කහි පි යක ් ලයි නවා. මම
පරු ැදු වණු ා එදා ලයි න දර්ශනය එකක් ජීවත ් වෙනන් . එ ් සමග සනි මා නර්ි මාණය කමි‍්‍ර කව මා සමග වැඩණු ා කව්ි වොත් නවි ැරැුදිය.ි