Monday, August 19, 2013

Chandran Rutnam (චන්ද්‍රන් රත්නම්)

පිදුරු ගොඬේ ඉඳිකට්ටක් හොයනවා වගේ අපිට හොඳ නිර්මාණකරුවන් සොයාගන්න අවස්ථාව සැලසෙනවා

- චන්ද්‍රන් රත්නම් -

 චන්ද්‍රන් රත්නම් යනු දශක තුනක කාලයක සිට මෙරට සිනමා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. දහසය වැනි වියේදී සිනමා කර්මාන්තයට පිවිසෙන රත්නම් හොලිවුඞ් නිෂ්පාදන රැසකට දායක වන්නේ නිෂ්පාදකයෙකු මෙන්ම නිෂ්පාදන කළමනාකරුවෙකුද වශයෙනි. 1984 වර්ෂයේදී ‘ආදර කතාව’ අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ භෞතීස්ම ලබන ඔහු අනතුරුව ‘ජනේලය’(1990),‘පොරොන්දුව’ (1993),‘අලිමංකඩ’(2009*, ‘අ කොමන් මෑන්’ ACommon Man ( 2012) අධ්‍යක්ෂණය කළේය. ඔස්කාර් සම්මානලාභී නළු බෙන් කිංග්ස්ලි රංගනයෙන් දායක වන ‘අ කොමන් මෑන්’ මේ වසරේ අපේ‍්‍රල් මාසයේ ලොව පුරා තිරගත වීම ඇරඹුණි. මෙම සිනමා පටය ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ හොදම චිත‍්‍රපටය,හො`දම අධ්‍යක්ෂණය සහ හො`දම නළුවාට හිමි සම්මානවලින් පිදුම් ලැබුවේය.මෙම සම්මාන උණුසුමත් සම`ග චන්ද්‍රන් රත්නම් ‘අකෝර්ඩින් ටු මැතිව්' (According To Maththew) නම් සිය නවතම සිනමාපටය  අතරතුර අප සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් විය. ශ‍්‍රී ලාංකේය බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් ප‍්‍රධාන චරිත නිරූපණය කරන මෙම සිනමාපටය මෙරටදී රූගත කරන දෙවැනි හොලිවුඞ් - ශ‍්‍රී ලංකා සිනමාපටයයි

Q. හොලිවුඞ් - ශ‍්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරයෙක්ගේ භූමිකාවක සිට ඔබ ලාංකේය සිනමාව දකින්නේ කුමන ආකාරයකින්ද?
මම මේ රටේ සිනමාව පිළිබඳ දරන්නේ වෙනමම මතයක්. මට හැෙඟන ආකාරයට මෙම කාලවකවානුව ස්වර්ණමය යුගයක ආරම්භයයි. එහෙම ප‍්‍රකාශ කරන්න ඉතා වැදගත් හේතුවක් තිබෙනවා. තරුණ සිනමාවේදීන්ට විශේෂ අවස්ථාවක් ලැබී තිබෙනවා තමන්ගේ නිර්මාණාත්මක කාර්යයන්, නිෂ්පාදකවරුන්ට නැත්නම් සිනමා නිර්මාණ සඳහා ආයෝජනය කරන්නන්ට පෙන්වීමට. ඔබට ඔබේ ජංගම දුරකථන මාර්ගයෙන් සිනමාපටයක් රූගත කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහසුවෙන් සොයාගත හැකි කුමනාකාරයේ හෝ කැමරාවකින් ඔබට ඔබේ නිර්මාණය කරන්න පුළුවන්. මම යළි යළිත් මගේ ආරම්භය පිළිබඳ කියන්න කැමැති නැහැ. නමුත් මීට වඩා බොහෝ වෙනස් පසුබිමක සිටයි මම ගමන ආරම්භ කළේ. ඒ කාලේ අත්හදාබැලීම් කරන්න තිබුණු අවකාශ බොහොම අඩුයි. එසේම සෙලියුලොයිඞ්පට මිලෙනුත් අධික වුණා. ඒ නිසාම මම අත්දැකීමෙන් දන්නවා දක්ෂ නිර්මාණකරුවන් රැුසකට තම හැකියාව ප‍්‍රකට කිරීමට අවස්ථාව සැලසුණේ නැහැ. බොහෝ දෙනා මේ නිසා පරිහානියට පත් වුණා. සමහර අය ඉතා අපහසුවෙන් මුදල් සොයාගෙන සිනමා නිර්මාණ සිදුකළා. මම පොහොසත් පවුලකින් මෙම ක්ෂේත‍්‍රයට ආවත් වසර 15ක් ගියා සිනමා කෘතියක් සඳහා මුදල් උපයාගැනීමට මට ගෙදරින් මුදල් ලැබුණේ නැහැ. මොකද ඔවුන් සිතුවා සිනමාවට පිවිසීම නැත්නම් අධ්‍යක්ෂවරයෙක් වීම හොඳ වෘත්තියක් නොවෙයි කියලා. අපි කලාකරුවන්. අපි යමකට ආදරය කරනවද එය අපි කිරීමට පෙළඹෙනවා.

Q.ඔබ මෙම සමය සිනමාවට ස්වර්ණමය යුගයක් යැයි පැවැසුවාට අපි දකින්නේ නැහැ සිනමා ශාලාවල හොඳ සිනමා කෘතීන්. එසේම ඔබ පැවසුවා තාක්ෂණය සමග සිනමාව පෘථුල වෙයි කියලා. නමුත් වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ හැමෝම මෙම කලාත්මක කාර්යයට බැසීම අනතුරුදායක නැද්ද?

ඔව් ඒක ඇත්ත.  ඕනෑම අයෙකුට  ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඔව්, වඳුරෙක්ට වුණත් කැමරාවක් අරන් රූගත කිරීම් කරන්න පුළුවන්. නමුත් එය තිරයක් මත ප‍්‍රක්ෂේපනණය කළවිට පමණයි සිනමා මාධ්‍යයක් වශයෙන් සැලකිය හැක්කේ.

Q.ඔබ දශක පහක පමණ අත්දැකීම් සහිත සිනමාකරුවෙක්. අද ඇතැම් තරුණ සිනමාකරුවන් සිනමාව කියා කුමක් හෝ රූපරාමු ටිකක් සංකලනය කරනවා. එහි ඇති බැ?රුම්ම ගැටලූව නම් ඔවුන් එය ‘කලාව’ යන අර්ථයෙන් සැලකීමයි. මෙය භයානක තත්ත්වයක් නේද?
සියදෙනෙකුට විවිධාකාරයෙන් නිර්මාණ කරන්න පුළුවන්. නමුත් පිදුරු ගොඬේ ඉඳිකට්ටක් හොයනවා වගේ අපිට ඒ අතරින් හොඳ නිර්මාණකරුවන් සොයාගන්න අවස්ථාව සැලසෙනවා. නමුත් මීට දශක ගණනාවකට පෙර අපිට එවන් අවස්ථාවන් පවා තිබුණේ නැහැ. මම දන්නවා සිය ගණන් දෙනා කැමරා සමග සෙල්ලම් කරනවා. ඉන් ඇතැම් අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විහිළුකාරයන්. ඇතැම් කෙනෙක් කොහෙත්ම දක්ෂ නොවෙන්න පුළුවන්. නමුත් එම කාරණාව පේ‍්‍රක්ෂකාගාරය තීරණය කරනවා නම් ගොඩක් හොඳයි. සෑම දිනකම මගේ කන්තෝරුවට දුරකතන ඇමතුම් පහ හයක් එනවා. බොහෝ තරුණ නිර්මාණකරුවන්ට උදව් අවශ්‍යයි කියලා. නමුත් ඊට පෙර ඔවුන් තමන් කළ දේ පෙන්වන්නට  ඕනෙ. බොහෝ දෙනෙක් මා වෙත පැමිණ ඔවුන් කළ කාර්යයන් පෙන්වනවා. මා ඒවායෙහි ගුණදොස් පවසනවා. හැබැයි ඒ අතර කිහිප දෙනෙක් සිටින්නට පුළුවන් සැබෑවටම උදව් අවශ්‍ය කරනා. ඉතින් කැමරාව අතින් ගත් වඳුරන් සියයක් අතරින් හොඳ වඳුරො දෙතුන්දෙනෙක් සොයාගන්න බැරිවෙන එකක් නැහැ.

Q.ඔබ ජාත්‍යන්තරයට සරිලන ආකාරයේ නිර්මාණ සිදුකළාට නිසි පිළිගැනීමක් ලැබී නැහැ?

ඒක ඇත්තටම අභිරහසක් ඇයි එහෙම වෙන්නෙ කියලා. මෙරට තුළ අධ්‍යක්ෂවරයෙක් වශයෙන්වත් මගේ නම කියැවෙන්නේ බොහොම කලාතුරකින්. ඒකට හේතුව මම දන්නෙ නැහැ. නමුත් එය මගේ කනගාටුවට හේතුවක් වෙලා නැහැ. ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් මා සතුයි. මම සිනමාපට කරන්නේ කුඩා පේ‍්‍රක්ෂක පිරිසකට නොවෙයි. ඉතා විශාල පේ‍්‍රක්ෂක සංඛ්‍යාවකටයි. මගේ නෝනට හෝ මගේ සමීපතමයන් කිහිපදෙනකුට නැරඹීමට පමණක් මම සිනමා නිර්මාණ කරන්නේ නැහැ. මුළු ලෝකයම මගේ සිනමා කෘති දැකලා අගය කරන්නයි මට වුවමනා. නමුත් මගේ නිර්මාණ පිළිබඳ අවබෝධයක් ඇති පිරිසක් ඉන්නවා. එය මට සතුටට කරුණක්. මං උත්සහ කරන්නේ දේශීය, විදේශීය පේ‍්‍රක්ෂකාගාරය ග‍්‍රහණය කරගැනීමට මිසක් සම්මාන උළෙලවල් නියෝජනය කිරීම නොවෙයි.

Q.නමුත් ඔබත් සම්මාන උළෙලවලදී සම්මානයට බඳුන් වූ කෙනෙක්?

ඔව්, ඔබ හරි. මාවත් ඇගැයීමට ලක්වෙලා තියෙනවා. නමුත් මම පෞද්ගලිකව දන්නවා සමහර  අධ්‍යක්ෂවරු සිනමා සම්මාන උළෙලවල් කේන්ද්‍ර කරගෙනම නිර්මාණ කරනවා. ඇතැම් අය සිනමා උළෙලවල් 100ක් පමණ නියෝජනය කරනවා. සම්මාන උළෙලවල් සියයක් නියෝජනය කළොත් ඔබට එක සම්මානයක් දිනාගැනීමට අපහසු නැහැ. මට තියෙන වුවමනාව වන්නේ බොහෝ දෙනෙකුට නැරඹිය හැකි සිනමාපට නිර්මාණය කිරීමයි.

Q.ඔබ ඬේවිඞ් ලීන් ආකාරයේ කතාන්දර කියනා සිනමාකරුවෙක්?

සියල්ලටම හේතුකාරක වන්නේ කතාවයි. ඔබගේ තිරපිටපත හොඳනම් එය තිරයේදීත් සාර්ථක වෙනවා. හැබැයි තිරපිටපත දුර්වල නම් එය තිරයට නගන්න බැහැ. ඇත්තටම ඬේවිඞ් ලීන්ගේ කෘති මම අගයනවා. මගේ ගුරුවරු ලෙස සලකන්නේ ඬේවිඞ් ලීන්, සර්ජියෝ ලියෝනි, ස්ටීවන් ස්පිල්බර්ග්, ජෝන් හියුස්ටන්, ක්ලින්ට් ඊස්ට්වුන් වගේ අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂවරුන්. අපි ඔවුන්ගේ ආභාසය ලබන කොට අපේ නිර්මාණ තුළත් එම ආභාසය දක්නට ලැබෙනවා. අපි ඔවුන්ගේ අදහස් සහ තාක්ෂණික භාවිතයන් ගෙන වෙනමම ආකාරයකට අපගේ නිර්මාණකරණයට යොදා ගන්නවා. මම අතිශයින් විශ්වාස කරනවා සිනමා කෘතියක වැදගත්ම දේ කතාව කියලා. ලෝකෙ නරකම කැමරාවලින් හොඳ චිත‍්‍රපට හදන්න පුළුවන්. නමුත් හොඳම කැමරාවලින් හොඳ චිත‍්‍රපටයක් කරන්න බැරිවෙන්න පුළුවන් කතාව නිසා.

Q.වරෙක ස්ටීවන් ස්පිල්බර්ග් පැවසුවා ‘මගේ සිනමා කෘතීන් අධ්‍යයනය කිරීමට පෙර මට පෙර සිටි අධ්‍යක්ෂවරුන්ගේ කෘති අධ්‍යයනය කරන්න’ කියලා. ඒ අනුව පැහැදිලි වන්නේ අධ්‍යක්ෂණය යනු අධ්‍යයනයේ නිරතුරුවම පවතින්නක් බවයි. මෙරට අධ්‍යක්ෂවරුන් දෙස බැලූ විට එවැනි අධ්‍යයනයකින් සිටින බවට ඔබට පෙනෙනවාද?

මට පෙනෙන දෙයක් තමයි ශ‍්‍රී ලාංකේය අධ්‍යක්ෂවරු බොහෝ දෙනා නැගෙනහිර යුරෝපියානු සිනමාව, විකල්ප ධාරාවේ යන සිනමාපට, ඉතාලියානු, ප‍්‍රංශ චිත‍්‍රපට බහුලව අධ්‍යයනය කරනවා. අපි සෑමවිටම දකින දෙයින් උත්තේජනයක් ලබනවා. ඒ අනුවයි නිර්මාණ කාර්යයේ යෙදෙන්නෙත්. මම කුඩාකල සිටම හොලිවුඞ් සිනමාපට බැලීමට පුරුදුව සිටියා. මම කලා ක්ෂේත‍්‍රයේ පුරෝගාමීයෙක් නොවෙයි. යුරෝපයෙන් එන සිනමාපටවල තියෙන දාර්ශනික බව මං වැළඳගන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී දිනකට සිනමාපට තුනක් නරඹනවා. අපි දන්නවා හොලිවුඩයේ පවා හොඳ සිනමාපට දශක දෙක තුනකට පස්සෙ නැවත නිර්මාණය කරනවා. නමුත් මම දැඩි සේ විරුද්ධයි වෙනත් අධ්‍යක්ෂවරයකුගේ දර්ශන සොරාගෙන එනම් එය ඒ ආකාරයෙන්ම රූගත කර ඒ සඳහා ගෞරවය ලබා නොදීමට.

Q. ඔබ හොලිවුඩයට සිනමා නිර්මාණ කරන්නෙක්. ඇයි මෙරට නළු නිළියන් භාවිත කරමින් හොලිවුඞ් නිර්මාණ කරන්න බැරි?

ඒකට මම මෙහෙම පිළිතුරක් දෙන්නම්. අපි ගත්තොත් බ‍්‍රැඞ් පිට් යම් සිනමාපටයක ඉන්නවා කියලා. ඔහුට ලොව පුරා රසික පිළිගැනීමයි, එම චරිතයටම මෙරට නළුවෙක් යොදා සිදුකළහොත් ඔහුට ඇති රසික
පිළිගැනීමයි පරස්පර විරෝධියි. යම් දිනෙක අපේ නළුවකුට එම තත්ත්වය ඇතිවෙයි. නමුත් තවම එවැනි තත්ත්වයක් නැහැ. අඩුම තරමේ අපිට ඩිජිටල් සිනමාවක් පවා නැහැ. මුළු ලෝකෙම ඒ දෙසට යොමු වෙද්දිත් අපි තවම පරණ ක‍්‍රමේට වැඩ කරන්නෙ. අපි ඩිජිටල් දන්නෙ නැති නිසා එම වචනෙට බියවෙලා ඉන්නවා. නමුත් එය තමයි අනාගතය. අපි අපේ කාලය නිරපරාදේ නාස්ති කරනවා විනා ක්ෂේත‍්‍රයේ දියුණුවට කටයුතු කරන්නේ නැහැ.

Q.ඔබ ‘අ කොමන් මෑන්’ අධ්‍යක්ෂණය කළා. අනතුරුව ‘සිද්ධාර්ථ’ සිනමාපටයේ ප‍්‍රධාන කාර්යයක් කළා. දැන් ‘අකෝර්ඩින් ටු මැතිව්’ රූගත කරනවා. කොහොමද දැනෙන්නෙ සිනමාත්මක ගලායාම?

එය කිසිවිටෙකත් ගැටලූවක් නොවෙයි. ඔබ ආස දෙය දිගුකාලීනව කරගෙන යනවිටයි තෘප්තියක් ඇතිවන්නේ. මම සෑමවිටම මගේ ඊළඟ සිනමා කෘතිය පිළිබඳයි සිතන්නේ.

Q. ඔබ වැඩකළ හොලිවුඞ් සහ බොලිවුඞ් නළු නිළියන් සහ අපේ නළු නිළියන් අතර වෙනස කුමක්ද?

අපි ‘ අ කොමන් මෑන්’හි මෙරට නළු නිළියන් හොලිවුඞ් නළු නිළියන් සමග යොදාගත්තා. එය සාර්ථකයි. හැබැයි එකක්, අපේ නළු නිළියන් විනය පිළිබඳ ඉගෙනගත යුතුයි. විනයක් නැති නළු නිළියන් හිටියොත් අධ්‍යක්ෂවරයකු පවා අසරණ වෙනවා. මම සිනමාපටයක් කරද්දී 100%ක් ඒ වෙනුවෙන් කැපවෙනවා. මගේ කැපවීම වගේම නළු නිළියන්ගේ කැපවීමත් ඒ සඳහා අවශ්‍යයි. මොකද මම නිර්මාණය කරන්නේ වෙනත් පුද්ගලයකුගේ මුදල් ලබාගෙන. මම ඔහුට (නිෂ්පාදකයාට) වගකිව යුතුයි. ඉතින් අපේ නළු නිළියන් පළමුව විනය කියන දේ ඉගෙන ගතයුතු වෙනවා.

Besharam

Besharam

‘යේ ජවානි හේ දිවානි’ හි සාර්ථකත්වය යළි රඳවා ගනිමින් රන්බීර් කපූර් පෙනී සිටිනා නවතම සිනමා නිර්මාණය Besharam ලොව පුරා තිරගත වීම ආරම්භ කළා. මෙහි නමේ තේරුම වන්නේ ‘ලැජ්ජා නැති’ කියන අර්ථයයි. මෙහි රන්බීර් කපූර්ට අමතරව පාලාවි ෂර්දා, රිෂී කපූර්, නීතු සිංග් චරිත නිරූපණය කරනවා. Besharam අධ්‍යක්ෂණය කරන්නේ Abhinav Kashyap මෙහි කතාන්දරය දිවයන්නේ Babli (රන්බීර් කපූර්) නම් තරුණයා වටා. ඔහුට කිසිදු ලැජ්ජාවක් නැහැ. තමාට සිතූ සිතූ දෙය කිරීමට ඔහු පෙළඹෙන්නේ තාරුණ්‍යයේ ඇති හිතුවක්කාරකම සමගයි. විශේෂයෙන් ඔහු බොලිවුඞ් සිනමාපට නරඹා ඒවායෙහි ඇති කරුණු තම ජීවිතය තුළට ගන්නවා. එක් අතකින් බලන විට මෙය හින්දි සිනමාවම උපහාසයට ලක්කරන සිනමාපටයක්. Besharam උපහාසාත්මක සිනමාපටයක් ලෙස වර්ග කර තිබෙනවා. මෙම සිනමාපටය හින්දි
සිනමාවට ආදරය කරනා  ඕනෑම වර්ගයේ පේ‍්‍රක්ෂකයකුට නැරඹිය හැකි උපහාසයෙන් පිරි නිර්මාණයක්.

Wednesday, July 17, 2013

මොන කැමරාවද භාවිත කරන්නේ යන්නට වඩා වැදගත් වෙන්නෙ මොකක්ද අපි කියන්න උත්සහ කරන්නේ කියන එකයි

අරුණ ජයවර්ධන

(Interview with Aruna Jayawardana)


මානව සබඳතාවල උත්තරීතරත්වය මෙන්ම
නිර්ව්‍යාජත්වය මනාව ඉස්මතු කරමින් වියළි කලාපයේ
අපට වැඩිමනක් ඇස නොගැටෙන ප‍්‍රස්තුතයක් පාදක
කරගනිමින් ‘නිකිණි වැස්ස’ සිනමා කෘතිය නිර්මාණය
කර ඇත. අරුණ ජයවර්ධනගේ කුළුඳුල් සිනමා
අධ්‍යක්‍ෂණය වන මෙය පසුගිය හත්වැනිදා සිට
මෙරට සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය ආරම්භ කළේය.
වෛද්‍ය කුසුම්සිරි ද සිල්වාගේ නිෂ්පාදන පිරිවැය
මත නිපදවන ‘නිකිණි වැස්ස’ නදීක ගුරුගේගේ
සංගීතයෙන් හැඩවෙයි. නිකිණි වැස්ස මෙරට තිරගත
කිරීමට ප‍්‍රථම ප‍්‍රංශයේ ‘ආසියානු සිනමා සම්මාන
උළෙලේ’ නෙට්පැක්  සම්මානයෙන්ද පිදුම්
ලැබීය. මීට අමතරව ආසියාතික සිනමාව පිළිබඳ
18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උළෙලේ ඉහළම
සම්මාන දෙකක් දිනාගැනීමට සමත් විය.


Q. අපි දකිනවා තරුණ සිනමා නිර්මාණකරුවන් ඩිජිටල් තාක්ෂණයට ගමන් කර
තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?


තාක්ෂණය මත පදනම්ව සිනමා නිර්මාණ කිරීමේ ගැටලූවක් පවතිනවා. විශේෂයෙන් සිනමාව වැනි මාධ්‍යයක් නිර්මාණාත්මක දෙයක්. මෙහෙමයි,
තාක්ෂණය පැමිණීමත් සමග බොහොම පහසුවක් ඇතිවෙලා තියෙනවා. මෙම තාක්ෂණයෙන් නිර්මාණ කරන්න පහසුයි. ලෝක මට්ටමේ සිනමා
කර්මාන්තය විහිදිලා යන ආකාරය දිහා බැලූවොත් අපිට පැහැදිලිවම පෙනෙනවා තාක්ෂණයේ ඇති වැදගත්කම. මම අවුරුදු ගණනාවක් ටෙලිවිශනයේ
සිටිය නිසා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ වඩාත් සුබවාදීවයි දකින්නෙ. මෙම මාධ්‍යයේදී මොන කැමරාවද භාවිත කරන්නේ යන්නට වඩා වැදගත්
වෙන්නෙ මොකක්ද අපි කියන්න උත්සහ කරන්නේ කියන එකයි. මොකද තාක්ෂණය භාවිතය සමග එම කෘති තුළ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක
තියෙන්න  ඕනෙ. සිනමාව කියන්නෙ විෂයක්. සිනමාවේ භාෂාව මනාව අවබෝධ කරගන්න  ඕන. අපි ඉන්නෙ සිනමා පාසලක්වත් නැති රටක. කැමරාවෙන් දර්ශනයක් රූගත කළාම සිනමා පටයක් වෙන්නෙ නැහැ. ජංගම දුරකතනයකින්
නිර්මාණය කරන කෙටි චිත‍්‍රපටයක වුණත් ගුණාත්මකභාවය තියෙන්න පුළුවන්.

Q. ඔබ රූපවාහිනී මාධ්‍යයේ දීර්ඝකාලීන අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කෙනෙක්.
නිෂ්පාදකවරයෙක් වශයෙන් කාලයක් ක‍්‍රියාකළ කෙනෙක්. සිනමා නිර්මාණයක් කරන්න මෙතරම් දිගු කාලයක් ගත වුණේ ඇයි?


මගෙ ජීවිතේ දීර්ඝකාලීන හීනය බවට පත්වුණේ සිනමා නිර්මාණයක් කරන එක. අපේ රටේ සිනමා කර්මාන්තයේ තියෙන පසුගාමී තත්ත්වය නිසා එය
දිනපතා කල් ගියා. අපි සිනමා නිර්මාණ කරන්නෙ කිසිම පහසුකමක් නැතිව. මං අනිත් අයට වඩා වාසනාවන්තයි. අවුරුදු හයයි මට ගතවුණේ මෙම
සිනමා නිර්මාණය කරන්න.

Q.‘නිකිණි වැස්ස’ නිර්මාණය කළේ සම්මාන උළෙලවල් ඉලක්ක කරගෙන කිව්වොත්?

ඇත්තටම නැහැ. මං විශ්වාස කරන්නෙ නැහැ නිර්මාණකරුවෙක්ට නිශ්චිත සම්මාන උළෙලක සම්මාන ඉලක්ක කරගනිමින් සිනමා නිර්මාණ කරන්න පුළුවන්
කියලා. එහෙම චිත‍්‍රපට කරන්න බැහැ. අපි යම්කිසි සිනමා නිර්මාණයක් කරන්නෙ ලෝක භාෂාව අනුව. ඉතින් අපි හැකි උපරිම ආකාරයෙන් සිනමා නීතිරීති යටතේ සිනමා නිර්මාණ කරනවා. හැබැයි එය නිසි ආකාරයට පිළිපැද්දොත් කුමන හෝ තැනක අපේ නිර්මාණයට ඉඩකඩ ඇති වෙනවා.

Q. අපූරු කතා තේමාවක සිට කතාන්දරයකට ඔබ සිනමා නිර්මාණය ගෙන යනවා. මෙය පේ‍්‍රක්‍ෂකයාත් විචාරකයාත් යන දෙදෙනාම ජයගන්න කළ උපායක්ද?

සිනමාව යථාර්ථයේ ප‍්‍රතිනිර්මාණයක්. මගේ සිනමාපටයේ චරිත කිහිපයක් තියෙනවා. ඔවුනොවුන් ගනුදෙනු කරනවා. යථාර්ථය ප‍්‍රතිනිර්මාණය වෙනවා. මේ තේමාව ලංකාවෙ අපිට හම්බවුණ අලූත් එකක්. මෙහි ප‍්‍රධාන චරිතය කොයිතරම් දුරට රළු බවක් තිබුණත් ඇයත් සාමාන්‍ය ගැහැනියෙක් ලෙස ගැටලූවලට මුහුණදෙනවා. ආදරය, විවාහය, ලිංගිකත්වය යන දේවල් ඇයටත් අවශ්‍ය වෙනවා. මම මෙයින් කියන්න උත්සහ කරන්නෙ බොහෝ දේවල්වලින් අපි ඈතට ගියත් අපේ හිත් තුළ අපිට හුරුපුරුදු සංස්කෘතික දේවල් තියෙනවා යන්නයි.

Q. ඔබ රූප රාමුවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තත් කැමරාවේ තාක්ෂණික භාවිතයට වඩා පෙරබිම, පසුබිම, මැදබිම භාවිත කරනවා?

සමාජයේ ජීවත්වන චරිත කිහිපයක් ගැන තමයි කතාව දිග හැරෙන්නෙ. වියළි කලාපෙ අයගේ ජීවිත තුළ සතුට ගොඩක් අඩුයි. මේ අය බොහොම අමාරුවෙන්
ජීවිතය ගෙන යන්නෙ. ප‍්‍රධාන චරිතය හොඳ ව්‍යාපාරික කාන්තාවක්. එයාගෙත් චරිතෙ කොටසක් අඳුරුයි. ඔවුන් ජීවත් වෙන හැමතැනම අඳුර තියෙනවා. අඳුර
සමගයි මෙම චරිතවල අභ්‍යන්තරය බද්ධවෙලා තියෙන්නෙ. එම ගතිය සෑමවිටම උකහා ගන්න මාත් චන්න දේශප‍්‍රියත් උත්සහ කළා. අපි බොහෝවිට මධ්‍යම රූප රාමුවලට ගියෙ අදාළ චරිතවල හැඟීම් නිසි පරිදි ග‍්‍රහණය කරගන්න. විශාල රූප
රාමු ප‍්‍රමාණයකට වඩා එය ප‍්‍රායෝගික තලයේදී මනාව වැඩකරන බව මම දැනගෙන හිටියා. මෙහි කතා තේමාව සමග උචිතම දෙය වුණේ නළු නිළියන් හැසිරෙන ආකාරයයි.

Q.ඇතැම් අධ්‍යක්‍ෂවරුන් හා තිර රචනා ශිල්පීන් තමන් තිරපිටපත රචනා කරද්දීම චරිත නිරූපණය සඳහා සුදුසු නළු නිළියන් තෝරා ගන්නවා?


ඇත්තටම ප‍්‍රධාන චරිත මෙම තිර පිටපත රචනා කරගෙන යන අතරතුරේදී මගෙත් මනසට ඇවිත් තිබුණෙ. ඒකට අවශ්‍ය රාමුව ඒ වෙනකොටත් සැකසිලා තිබුණෙ. ඉතින් ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නෙ මේ මේ අය කියලා මගේ නිර්ණායකයක්
තිබුණා. ජගත් මනුවරණ සහ සුලෝචනා වීරසිංහ තමයි අවසන් වශයෙන් චරිත සඳහා තෝරාගත්තේ. එම තෝරාගැනීම් බොහොම හොඳ ආකාරයට ගැළපුණා
කියලා තමයි මට හිතෙන්නෙ.

Q.මීට පෙර අපගේ තරුණ සිනමා නිර්මාණකරුවන්ගේ කෘතීන් රැසකට
වියළි කලාපය පාදක වුණා. ඔවුන් වියළි කලාපය නිරූපණය කරන්න අතිශය දුර
රූප දුර රූප  භාවිත කළා. නමුත් ඔබ එලෙස විශාල වශයෙන් දුර රූප භාවිත
කරන්නෙ නැහැ?


පරිසරයත් වැදගත් තමයි. නමුත් ප‍්‍රධාන වශයෙන් වැදගත් චරිත, හැඟීම්
ප‍්‍රකාශ කරන ආකාරය. වියළි කලාපය කියන එක යටින් ගලාගෙන යනවා. මේකෙ
යටිපෙළක් තියෙනවා. යටිපෙළ තමයි පරිසරයත් එක්ක තියෙන ගනුදෙනුව.
ඔවුන්ගේ හැඟීම් ඔවුන් විඳින සහ විඳවන ගතියක් මෙහි අන්තර්ගතයි. අපි ගත්තොත් චාන්දනීගෙ චරිතෙ තිබ්බ තනිවුණ ගතිය, ආබාධිත සොල්දාදුවා සිය
ජීවිතයේ හිස්කම සමග ගෙවන ආකාරය,මේ සියල්ලෙහිම පක‍්‍ර ාශනයක්
තෙි යනවා. මට අවශ්‍ය වෙු ණ ් එමපක‍්‍ර ාශනය චරිත හරහා මත කරනන් ය

Q.බොහෝ නර්ි මාණකරුවන ් සාර්ථක නර්ි මාණයක ් කරනන්කාලයක ් ගත කරනවා. ඔබ කොහොමද ‘නකි ණි ි වැසස් ’ සඳහා සදූ ානම් වෙු ණ?

මේකෙ තරි නාටකය එක දිගට මාස අටක කාලයක ් ලයි නවා. සමහර දර්ශන වෙන වෙනම ලයි නවා. මගෙ  රැුකයිවෙ කාර්ය බහලු තව්යත එකක් උදෙ පානද් ර නැගටි ලා පැය කහි පි යක ් ලයි නවා. මම
පරු ැදු වණු ා එදා ලයි න දර්ශනය එකක් ජීවත ් වෙනන් . එ ් සමග සනි මා නර්ි මාණය කමි‍්‍ර කව මා සමග වැඩණු ා කව්ි වොත් නවි ැරැුදිය.ි

Tuesday, May 28, 2013

මගේ පෙම්වතිය
මාව ඉම්බා


වසන්තේ එනවා කියන්නෙ ගහකොළ ආපහු කොළ, කහ පාටවලින් වර්ණවත් වෙන එක. ඒක දියවෙන අයිස්ක‍්‍රීම් එකක් තරම් ආදරයෙන් බේරෙනවා. අපි බේරෙන ජීවිත අස්සේ අපිව ම හොයාගෙන යනවා. කැලැන්ඩරයෙ කොළ ඉවරවේගෙන ගියහම තවත් අවුරුද්දක මහා බලාපොරොත්තු ගොන්නක් ඉස්සරහ හරිම පුංචියට අපි බලාගෙන ඉන්නවා. ඒත් ඒ බලාපොරොත්තු කීයෙන් කීයක් ඉෂ්ට වෙනව ද අවුරුද්දක් අස්සෙදී. මං බොහොම සැහැල්ලූවෙන් හිතන්න ගත්තා. ඒත් එහෙම හිතන්න බැහැ. මොකද මගේ හීන කන්ද කැලැන්ඩරය ඉස්සරහ එහෙමම යි. අවාසනාවන්ත සිදුවීම් හා වාසනාවන්ත සිදුවීම් අතරෙ ජීවිතය දෝලනය වෙනවා. එතකොට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මගේ ප‍්‍රතිරූපය දිහා බලාගෙන ඉන්නවා. ඒ ඉන්නෙ මම නෙවෙයි. වම-දකුණ මාරුවුණ කෙනෙක්. මං ආපහු බිම වාඩිවෙනවා. මොකද ආපහු අද ඉඳන් අලූත් අවුරුද්දක් නිසා. ජයග‍්‍රහණ පස්සෙන් ම පරාජය ආපු ජීවිතයක්. හැමෝගෙ ම ජීවිතවල පවතින කාලකණ්ණි හිස්බව වහගන්න, එක එක දේවල් හොයන අවුරුද්දක්. ඒත් දියවෙන අයිස්ක‍්‍රීම් එක ආශාවෙන් කනව වගේම අස්ථිරතාවට ආදරය කරන්න පුරුදු වෙන්න වෙනවා. මොකද අවදානමක් ගන්න බය ජීවිතය ජීවිතයක් නෙවෙයි කියලයි මට හැමවෙලාවෙ ම හිතෙන්නෙ. මාත් එක්ක දුවන අශ්වයො දිහා වෙලාවකට නැවැතිලා බලන් ඉන්නවා. මං තවමත් විඳවනවා ඒ දැනුම පිළිබඳ හිස්බව තුළ. කෙනෙක් කොච්චර දැනුවත් විය යුතු දැයි කියන නිර්ණායකය මං ගාව නැහැ. නමුත් පළිඟුවක් වගේ හදවතක් කෙනෙක්ට තියෙනවනම් කොයිතරම් හොඳ ද? එහෙම වුණොත් ලෝකෙට කොයිතරම් ලස්සන ආදරවන්තයො බිහිවෙයි ද ? එතකොට ඇත්තට ම අපිට අපි ව හොයාගෙන යන්න පුළුවන් ගමන වේගවත් වෙයි. හැමවෙලාවෙ ම මට මාව අභියෝගයක් වෙන නිසා ඔළුව ඇතුළෙ දහසක් දේවල් වැඩකරන්න පටන් ගන්නවා. ඒවායින් කොයිතරම් සුළු ප‍්‍රමාණයක් ද ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නෙ. වෝල්ට් ඩිස්නි, ස්ටීවන් ස්පිල්බර්ග්, ජේ.කේ. රෝලින් වගේ හීන දකින එක අපිට කරන්න පුළුවන්. නමුත් එයාලා ඒක යථාර්ථයක් කරනවා. ෆැන්ටසිය යථාර්ථයට ගේන්න උම්මත්තක ස්වරූපයක් තිබිය යුතුයි කියලා මං හැමවෙලාවෙ ම හිතනවා. මොකද කාව්‍යොත්මක හැම සුන්දර මිනිසෙක් ළඟම පුදුමාකාර ආදරණීය බවක් තියෙනවා. හරියට අවුරුදු පහේ පොඩි එකෙක් සමනළයන් පස්සෙන් යනවා වගේ. අපි අපේ සියලූම හීන එක පෙට්ටියකට දාලා, වහලා ඒ පෙට්ටිය මත වෙනම ම සැලසුම් ගහනවා. ඒ යථාර්ථය ද මායාව ද කියන එක තේරුම්ගන්න බැරිව. අලූත් වෙන්න හොඳම කාලය ආවත්, ඒ පාට අපිට පේන්නෙ නැතිවෙනවා. ඒකට හේතුව තවමත් අපි දාගෙන ඉන්න කණ්ණාඩි අනුන්ගේ වීම හෝ ඒවා පාටපාට වීම. පියවි ඇසින් දේදුන්නක් දකින්න දුරුතු හීතලේ මම ගෝල්ෆේස් එකේ වාඩි වෙනවා. එහාට මෙහාට යන ගොඩක් ජීවිත අතර මගේ පෙම්වතිය හිරිකඩ අස්සේ තුරුළු වෙලා මගෙ කම්මුල ආදරණීය විදිහට බොහොම උණුසුම් ව ඉඹිනවා. ඈතින් මුළු කොළඹ ම පොඩියට පේන්නෙ. අහසේ පාටපාට සරුංගල් අතරින් මම මට ම සුබඅලූත් අවුරුද්දක් කියා ගන්නවා. ආයෙත් මගේ සිහින ලෝකෙට යන්න.

Monday, May 27, 2013

Aravind Adiga

ඇත්ත ජීවිතය පොතේ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස්

අරවින්ද් අඩිගා යනු ජාත්‍යන්තර සාහිත්‍ය කරළියේ සම්භාවනාවට පත්වූ ඉන්දීය ලේඛකයෙකි. ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ ‘ද වයිට් ටයිගර්’ කෘතිය හරහායි. 2008 වර්ෂයේදී බුකර් සම්මානය දිනාගැනීමට ‘ද වයිට් ටයිගර්’ කෘතිය සමත්විය. බුකර් සම්මානය දිනාගත් හතරවැනි ඉන්දියානුවා බවට ඒ සමග අරවින්ද් අඩිගා පත්විය. ඔහුට පෙර මෙම සම්මානය දිනාගත්තේ සල්මන් රෂ්ඩි, අරුන්දතී රෝයි සහ කිරන් ඬේසායිය. මෙම සම්මානයත් සමග ලේඛකයකු වශයෙන් වඩාත් ස්ථාවර වීමට අරවින්ද් හට හැකිවිය.1974 ඔක්තෝබර් 23 වැනිදා චෙන්නායි නුවරදී උපත ලද අරවින්ද්ගේ ප‍්‍රධාන අභිප‍්‍රාය වූයේ ජනමාධ්‍යවේදියෙක් බවට පත්වීමයි. ‘කැනාරා උසස් පාසලෙන්’ සහ ‘ශාන්ත ඇලෝසියස්’ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තේය. අනතුරුව ඔහු ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදියෙක් බවට පත්විය. මෙහිදී ඔහු ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි ඉහළ පෙළේ ධනවතුන් සමග සම්මුඛ සාකච්ඡුා පවත්වා සාර්ථක ලිපි පෙළක් රචනා කළේය. ඔහුගේ සාහිත්‍ය දැනීම හේතුවෙන් ‘ටයිම්ස්’ සඟරාව ඔහුගේ සේවය ලබාගත්තේය. ඒ අනුව ‘ටයිම්ස්’ සඟරාවේ දකුණු ආසියානු කලාපීය වාර්තාකරු බවට ඔහු පත්විය. වසර තුනක කාලයක් ජනමාධ්‍යවේදියෙක් වශයෙන් ටයිම්ස් සඟරාවට සේවය කළ ඔහු පසුව ඉන් ඉවත්ව නිදහස් ලේඛකයකු බවට පත්විය.2008 වර්ෂයේදී අරවින්ද් කෘති තුනක් රචනා කළේය. ඒ ‘ද වයිට් ටයිගර්’ නවකතාව, ‘බිට්වීන් ද ඇසසිනේෂන්ස්’ යන නවකතාය. තවද ‘ද සුන්තාන්ස් බැටරි’ ල*, ‘ස්මැක්’ ල ‘ලාස්ට් ක‍්‍රිස්ට්මස් ඉන් බන්ද්‍රා’ යන කෙටිකතා සංග‍්‍රහද ඔහු පළකරන ලදී. අනතුරුව 2011 වර්ෂයේදී ‘ලාස්ට් මෑන් ඉන් ටවර්: ෆෝර්ත් එස්ටේට්’ නවකතාවද 2009 වර්ෂයේදී ‘ද එලිෆන්ට්’ යන කෙටිකතා සංග‍්‍රහයද ලියා පළ කළේය.ඉන්දියාවෙන් පිට සාර්ථකත්වයට පත්වූ නවකතාකරුවන් කිහිපදෙනා අතරට අරවින්ද් අඩිගා අද වනවිට පත්ව ඇත. පහත පළවන්නේ ඔහු සමග කෙරුණු සංවාදයකි.

Q.ඔබ ජනමාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරලා, නවකතා රචකයෙක් බවට පත්වෙනවා. එම කටයුත්ත අතපසු වුණාද?

A.මම ‘ද වයිට් ටයිගර්’ නවකතාව ලියන්න පටන් ගත්තෙ 2005 වර්ෂයේදීයි. පොත එම වර්ෂයේ ලියා පළකරන්න මට හිතුණත් එය අසම්පූර්ණයි කියලා වරින්වර හිතුණා. ඒ නිසා නවකතාව සම්පූර්ණ කරලා පැත්තකින් තිබ්බා. නවකතාවක් කවදාවත් ලියන්නෙ නැහැ කියන මතයට මම ආවා. අවුරුදු ගාණකට පස්සෙ 2006 වර්ෂයේදී මම දිගු කාලයකට පස්සේ නැවත ඉන්දියාවට ආවහම යළිත් ‘ද වයිට් ටයිගර්’ කෘතිය ලියන්න පටන් ගත්තා. මේ සැරේ මම කළේ කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි. කතාව මුල ඉඳලා අගටම ආයිත් ලිව්වා. ඊළඟ මාසෙ පුරාම මං කරපු එකම කාර්යය වුණේ නවකතාව ලියන එකයි. 2007 ජනවාරි මාසෙ වෙනකොට නවකතාව ලියලා ඉවරකරන්න හැකියාව ලැබුණා.

Q‘ද වයිට් ටයිගර්’ කෘතියෙහි එන ‘බාල්රාම් හල්වායි’ කියන චරිතය ඔබ ගොඩනැගුවෙ යම්කිසි පුද්ගලයෙක්ගෙ ආභාසය සහිතවද?

A.බාල්රාම් හල්වායි කියන්නෙ එක චරිතයක් නෙවෙයි චරිත ගණනාවක්. මම එහෙම කියන්නෙ ‘බාල්රාම් හල්වායි’ චරිතය නිරමාණය කරන්න විවිධ පුද්ගලයන්ගෙ ලක්‍ෂණ උපයෝගී වුණ නිසා. මම ඉන්දියාව පුරා සිදුකළ සංචාරවලදී දැකපු බොහෝ දෙනෙක්ගෙ ලක්‍ෂණ ඒ චරිතය තුළට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම මම දින ගණන් රස්තියාදු වෙමින් මට අවශ්‍ය අත්දැකීම් එකතු කරගන්න කටයුතු කළා. දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, කම්කරුවන්ගේ නිවාස සහ මුඩුක්කුවල මම බොහෝ කාලයක් ගතකළා. ඒවා තමයි පසුකාලීනව සියලූම නවකතාවලට පාදක වන්නේ. එමෙන්ම මා වටා සිටින පුද්ගලයන් සමග බොහෝ දෑ කතාකිරීමට මම කටයුතු කරනවා. ඉන්දියාවේ මධ්‍යම පාන්තික ජනතාව තුළ කුමක් හෝ දෙයක් නිතරම සමාජගත කරන්නයි බලාගෙන ඉන්නේ. ඔවුන්ට සෑමවිටම කියන්න කතාවක් තියෙනවා. ඉතින් මම හැම වෙලාවෙම ඔවුන් සමග සහ සම්බන්ධ වෙන්නයි කල්පනා කරන්නෙ. බාල්රාම් පසුකාලීනව කතාකරන්න යන්නෙ ඔහුට ඇසුණ දේවල්.

Q ඔබේ මේ කතාව තුළ බොහෝ කරුණු ඉතා විස්තරාත්මකව දක්වනවා. විශේෂයෙන් ඉන්දියාවේ පොලීසිය තුළ පවතින ¥ෂණය පිළිබඳ, දේශපාලන ක‍්‍රමවේදයේ අයථා කි‍්‍රයාකාරීත්වය පිළිබඳ, දිල්ලියේ සේවකයන්ගේ පැවැත්මේ අර්බුද පිළිබඳ, බැංග්ලෝරයේ ව්‍යාපාරිකයන් පිළිබඳ, මේ සියල්ල රචනා කරන්න මොන ආකාරයේ සමීක්‍ෂණයක්ද සිදුකළේ?

A.මගේ නවකතාව යථාර්ථවාදී දෙයක් හැටියට මං සලකන්නේ නැහැ. එය ප‍්‍රබන්ධයක්. ප‍්‍රබන්ධයක් තුළදී හමුවන චරිත ඇත්ත නෙවෙයි. නමුත් ඒ තුළ ඉන්දීය සමාජයේ යථාර්ථය මනාව පිළිබිඹු කරනවා. මෙම නවකතාවේ බාල්රාම්ගේ තාත්තා මියයන්නෙ ක්ෂය රෝගයෙන්. මෙලෙස මෙම රෝගයෙන් දහස් ගණනක් ඉන්දියානුවන් දිනපතා මියයනවා. මෙලෙස මියයන බොහෝ ඉන්දියානුවන් අන්ත අසරණ දුප්පත් පිරිසක්. බාල්රාම්ගේ පියා රික්ෂෝ රථයක් පදවන කෙනෙක්. ඉතින් ඔහු නිරතුරුවම බාහිර පරිසරය හා ගැටෙනවා. මේ හේතුවෙන් ක්ෂය රෝගය උත්සන්නවී මියයාමට ඇති ඉඩකඩ ඉහළයි. මට කියන්න අවශ්‍ය වුණේ මෙලෙස මියයන්නන් බොහොමයක් දුප්පත් ඉන්දියානුවන් බව කීමටයි. මෙම නවකතාවේ එන රජයේ ආයතන, රජයේ රෝහල්, මත්පැන් අලෙවිකරනා ස්ථාන, ගණිකා නිවාස ආදී සියල්ල මම ඉන්දියාව තුළ කරන ලද සංචාරවලදී ඇස් දෙකෙන්ම දැකපු ඒවා.

Q. ඔබ නවකතාව තුළදී හරි අපූරු කාරණයක් මතුකරනවා. ඒ තමයි ඉන්දියාව තුළ පවතින කුල ක‍්‍රමය ඉවත්වී මේ වනවිට දුප්පත් සහ පොහොසත් භේදය හටගෙන තිබෙන බව. එහිදී ඔබ ‘විශාල බඩවල් සහ කුඩා බඩවල්’ කියන අන්වර්ථ වචන භාවිත කරනවා?

A.පසුගිය වසර පනහක කාලයේදී ඉන්දියාව විශාල වෙනසකට භාජනය වෙලා තියෙනවා. බොහෝ දේවල් වෙනස් වෙලා තියෙන්නෙ වඩාත් සුබදායී ආකාරයටයි. ඔබ පැවසුවා වගේ මේ වනවිට පැවති සාම්ප‍්‍රදායික කුලධූරාවලිය ඉවත්ව තිබෙනවා. ඒ වෙනුවට තම දැනුම හා කුසලතා මත සමාජයේ ඉදිරියට පැමිණි පිරිස් ස්ථාවරභාවයට පත්වෙලා. අද වනවිට මෙම ඉදිරියට පැමිණි පිරිස සහ එම ස්ථානයට පැමිණීමට නොහැකි වූ පිරිස් අතර පරතරයක් නිර්මාණයවී තිබෙනවා. ඒ වගේම පැරණි සාධු සම්මත යැයි සැලකුණු සමාජ ක‍්‍රමය බිඳවැටීමත් සමග සමහර පිරිස් වෙත යම් අනාරක්‍ෂිත සහ අස්ථාවරභාවයක් ඇතිව තිබෙනවා. මෙතැනදී වඩාත් අර්බුදයට ලක්වී තිබෙන්නේ බහුතර ඉන්දීය දුප්පත් ජනතාවයි. ඔවුන්ට සිතාගන්න බැහැ තම සංස්කෘතිය සමග ඉදිරියට යනවාද, එසේ නොමැතිනම් පැරණි සංස්කෘතියේම සිටිනවාද කියා. හැබැයි මම හැමදාම හිතන දෙයක් තමයි මෙම නවකතාව කියවන්න  ඕන කෙනෙක් පෙළඹෙන්නෙ කතාව තුළ ඇති ආශ්වාදජනක බව නිසයි. මොකද  ඕනෑම කෙනෙක්ව ඇදබැඳ තබාගන්න එකක් තමයි ඒකෙන් සිදුවෙන්නෙ. මම වුණත් නවකතාවක් හෝ  ඕනෑම කෘතියක් කියවන්නෙ කියවීමට අත්‍යවශ්‍ය නිසා නොවෙයි. ඒ තුළ රසවත් කරුණු ඇතුළත්වන නිසා. මම මේ කතාව තුළ ඇත්තටම ඉන්දියාව කියන දේ ලිව්වා. ඒකයි මේ තරම්ම රසවත් වෙන්න හේතු වුණේ.

Q. ඔබට ජනමාධ්‍යවේදියෙක් වශයෙන් ලැබුණු අත්දැකීම් නවකතාව රචනයේදී සුළුවෙන් හෝ උපකාර වුණේ නැද්ද?

A.මම ව්‍යාපාරික ජනමාධ්‍යවේදියෙක් වශයෙන් ලියන ලද සියල්ල වැඩකට නැති බේගල් වශයෙන් අද දකින්නෙ. මම වෘත්තීය වශයෙන් ජනමාධ්‍යවේදියෙක් වුණත්, ව්‍යාපාර හෝ ඒ හා සම්බන්ධ කාරණා සාහිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. ඔබට ඉන්දියාවේදී සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට අවශ්‍ය කරුණු ඇතුළත් කෘති රැුසක් මිලදී ගන්න පුළුවන්. නමුත් ඒවා කියවීම තුළින් සිදුවන එකම දේ වන්නේ ඔබම අතෘප්තියට පත්වීමයි. මෙම පොත් මගේ නවකතාවේ චරිතය වගෙයි. මම එහෙම කියන්නේ ඇත්ත ජීවිතය පොත් තුළ අන්තර්ගත කරුණුවලට වඩා හාත්පසින්ම වෙනස්. ඔබට කෘතියක් තුළින් මෙහෙම කරන්න, මෙහෙම කරන්න එපා කියලා උපදෙස් දෙන්න පුළුවන්. නමුත් හැබෑ ජීවිතයේදී එම කරුණු කොයිතරම් ආදේශ කරන්න හැදුවත් ඔබ අසාර්ථක වෙනවා. ඊට හේතුව වන්නේ යථාර්ථය අපි හිතන තරම් සුන්දර නැතිවීම. ඉන්දියාව තුළ මේ වනවිට කෝටිපතියන්
රැසක් ඉන්නවා. ඔවුන් විශාල වෙහෙස මහන්සියක්, උත්සහයක් සමගයි ඉහළට පැමිණිලා තියෙන්නෙ. නමුත් බොහෝ ඉන්දියානුවො උත්සහ කරන්නෙ එක රැයෙන් කෝටිපතියෙක් වෙන්න.

Q. ඔබේ නවකතාව පිළිබඳ ඉන්දීය සමාජයේ ධනාත්මක පිළිගැනීමක් ලැබුණාද? අන්නා හසාරේ ගෙන ගියේ ඔබේ නවකතාව තුළ පවතිනවා සේම පවතින, සමාජ, දේශපාලනයට එරෙහිව අරගලයක්. ඔබේ කෘතිවලට මෙම සමාජ සංශෝධන ක‍්‍රියාවලියේ යෙදුණා කියලා පැසසුම් ලැබුණාද?

A.ඇත්තෙන්ම නැහැ. අන්නා හසාරේගේ ක‍්‍රියාවලිය අපිට ලඝුකරන්න බැහැ. මොකද ඒක කෘතියක පවතින කල්පිතයන් සමග මුසුවුණ කාරණයක් නෙවෙයි. ඔහු කළේ දේශපාලනයට අභියෝග කිරීමයි. මගේ අරමුණ සමාජ සංශෝධනයට අදාළ කාරණා රචනා කිරීම නෙවෙයි.මට අවශ්‍ය වුණේ අදාළ කාරණා පමණක් රචනා කිරීමයි. ඒකෙදී හැකිතාක් දුරට සාහිත්‍යමය කරුණු ගෙනහැර දක්වන්න මට අවශ්‍ය වුණා. නමුත් හැමවිටම මගේ අරමුණ ප‍්‍රත්‍යක්‍ෂකොට දක්වන්න වුවමනා වුණා. ¥ෂණයට එරෙහිව ක‍්‍රියාකරන  ඕනෑම කෙනෙක් පිළිබඳ මට තියෙන්නෙ සුබවාදී හැඟීමක්. නමුත් ඒකෙන් දේශපාලන මතවාදය එළියට ගන්න මම උත්සහ කරන්නේ නැහැ. සාහිත්‍යවේදියෙක් වශයෙන් මගේ අරමුණ වන්නේ සමාජ, දේශපාලන කාරණා යම් නාට්‍යානුසාරී ක‍්‍රමවේදයක් ඔස්සේ රචනා කිරීමටයි. හැබැයි කොයිම මොහොතකදී වත් සිදුවන්නේ කුමක්ද? එය සිදුවීමට බලපාන හේතුව කුමක්ද යන්න පැහැදලි කරන්නේ නැහැ.

Friday, March 1, 2013

85 වැනි ඔස්කාර් රාත‍්‍රිය

                    ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඩොල්වී ශාලාව පසුගිය ඉරිදා සුපිරු තරුවලින් පිරීගියේ ලෝක සිනමා වංශකතාවේ තරු රැසක් පායා තිබුණු නිසයි. මේ තරු පෑයුවේ අන් කාරණයක් නිසා නොව 85 වැනි ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේ ප‍්‍රහර්ෂය විඳගනු පිණිසයි.අසූපස්වන ඔස්කාර් සම්මාන උළෙලේදී බොහෝ දෙනාගේ විමතියට පත්වන කරුණු කාරණාත් සිදුවුණා. මිචෙල් ඔබාමා සහ සුපිරි නළු ජැක් නිකොල්සන් ධවල මන්දිරයේ සිට හොඳම සිනමාපටය සඳහා හිමි නාමලේඛනය ඉදිරිපත් කිරීම වගේම බෙන් ඇෆ්ලෙක් සමනිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ ‘ආර්ගෝ’ සිනමාපටය හොඳම සිනමාපටයට නිර්දේශ වුණත් හොඳම අධ්‍යක්ෂණයට නාමයෝජනා නොවීම ඒ අතරින් සුවිශේෂී වුණා.
  අසූ පස්වන ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙල මෙහෙයවීමේ ගෞරවනීය අවස්ථාව හිමිව තිබුණේ ‘මැක් ෆර්ලේන්’  හටයි. ඔහු කුල්මත් කරමින් තම මෙහෙයවීම ඉතා කදිමව ඉටු කළා.මෙවර වැඩි ගෞරවයක් දිනාගැනීමට සමත් වූ සිනමාපට තුනක් වූවා. ඒවා නම් ‘ඈන්ග් ලී’  අධ්‍යක්ෂණය කළ ‘ලයිෆ් ඔෆ් පයි’  බෙන් ඇස්ලෙක් අධ්‍යක්ෂණය කළ ‘ආර්ගෝ’ සහ ‘ලා මිසරාබ්ලේ’ සිනමා කෘතිනුයි. ‘ලයිෆ් ඔෆ් පයි’ සිනමා කෘතිය වෙනුවෙන් ඈන්ග් ලී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණා. ඊට අමතරව හොඳම කැමරාකරණයට සහ හොඳම සංගීතයට හිමි සම්මානද මෙම සිනමාපටය දිනාගත්තා. උළෙලේ වැඩිම සම්මාන ගණනක් වූ හතරක් දිනාගැනීමට සමත්වූයේ ‘ලයිෆ් ඔෆ් පයි’ සිනමාපටයයි. ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේ වැඩිම ගෞරවය හිමි හොඳම සිනමාපටයට හිමි සම්මානය ‘ආර්ගෝ’ දිනාගත්තා. ආර්ගෝ නිෂ්පාදනය කළ ‘වෙන් ඇෆ්ලෙක්, ජෙර්ස් ක්ලූනි සහ ග‍්‍රාන්ට් හෙස්ලොච් තම සම්මානය ගැනීමට ඔස්කාර් වේදිකාවට ආවා. මෙහිදී වෙන් ඇෆ්ලෙක් තම ජීවිතයේ නැගීම් සහ බැසීම් පිළිබඳ හැඟීම්බර වුණා. 
                                         ‘මම කවදාවත් හිතුවෙ නැහැ මෙතැනට ආපහු එන්න ලැබෙයි කියලා. මේ ශාලාවේ සිටින බොහෝදෙනා මට මේ ගමනේදී උදව් කළා’ බෙන් ඇෆ්ලෙක් මෙහිදී ස්ටීවන් ස්පිල්බර්ග්ටත් තම ස්තුතිය පිරිනැමුවා. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත් පසු ‘ඈනග් ලී’ සිනමාවේ දෙවියන්ට තම කෘතඥතාව පිරිනැමුවා. ඔස්කාර් ඉතිහාසයේ තම නම රනින් සටහන් කරමින් රන් ආලේපිත සම්මානය තෙවැනි වරට ලබාගැනීමට ‘ඩැනියෙල් ඬේ ලූවිස්’ සමත්වුණා.  ඔස්කාර් සම්මාන ඉතිහාසයේ තෙවරක් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් එකම නළුවා වශයෙන් ඩැනියල් ඬේ ලූවිස් හඳුන්වන්න පුළුවන්. ඔහු තම කතාවේදී මෙරිල් ස්ටී‍්‍රජව සිහිකළා. ඇය ගිය වසරේ ‘අයන් ලේඩි’ සිනමාපටයේ ‘මාග‍්‍රට් තැචර්ගේ’ චරිතය නිරූපණය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තා. ‘ඩැනියල් ඬේ ලූවිස්’ මෙවර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ලින්කන්’ සිනමාපටයේ ‘ඒබ‍්‍රහම් ලින්කන්ගේ’ චරිත නිරූපණය වෙනුවෙන්. හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් විසි දෙහැවිරිදි ‘ජෙනිෆර් ලෝරන්ස්’ වේදිකාවට නගිද්දී පය ලිස්සා වැටීමටද ගියා. ඇය ‘සිල්වර් ලයිනින්ග්ස් ප්ලේබුක්’ හි වැන්දඹුවකගේ චරිතය නිරූපණය කළා. හොඳම සහය නිළිය ලෙස ‘ලා මිසරාබ්ලේ’ හි චරිත නිරූපණය කළ ඈන් හාතවේ සම්මාන දිනාගත් අතර හොඳම සහය නළුවා ලෙස ‘ජන්ගෝ අන්චේන්ඞ්’ සිනමාපටයේ රංගනයට කි‍්‍රස්ටෝපර් වෝල්ට්ස් සම්මාන දිනාගත්තා. අතිඋත්කර්ෂවත්ව පැවති ඔස්කාර් රාත‍්‍රිය බොහෝ දෙනකුට මතකයක් පමණක් ඉතිරි කරමින් අවසන් වුණා.

‘විශ්වරූපම්’ දැන් හරිද?                                            

                                       ‘විශ්වරූපම්’  සිනමාපටය පිළිබඳ අපි මුලින්ම ඔබ දැනුවත් කළේ සිනමාපටයේ පූර්ව ප‍්‍රචාර කටයුතු ආරම්භ වෙද්දීමයි. සිනමාපටය තිරගත වීමටත් කලින් විශ්වරූපම් ලොව පුරා පුවත් මවන සිනමාපටයක් බවට පත්වුණා. විශේෂයෙන්ම මේ සිනමා කෘතියේ ඇතුළත් දර්ශන 15ක් ඉවත් කරගන්නා ලෙසට මුස්ලිම් සංවිධාන රැසකින් මතු වූ විරෝධතා නිසා චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ කමල හසන්ට පවා දැඩි අසීරුතාවකට පත්වීමට සිදුවුණා. කමල හසන් කියන්නේ කවුද කියලා අපේ රටේ කොලිවුඞ් සිනමා රසිකයන්ට අමුතුවෙන් කිවයුතු නැහැ.
ඔහු ‘විශ්වරූපම්’ සිනමාපටයට කලින් අධ්‍යක්‍ෂණය කළ ‘මන් මදන් අම්බු’  ලොව පුරා සාර්ථකව තිරගත වුණා. මේ නිසා නැවත වරක් ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණයක් සමග පේ‍්‍රක්‍ෂකයන් හමුවට පැමිණීමට කමල හසන් පියවර ගත්තත් ‘විශ්වරූපම්’ තිරගත කිරීමටත් පෙර ඉන්දීය මුස්ලිම් සංවිධාන එහි ඇතැම් දර්ශන පිළිබඳ සිය විරෝධතා ගොනුකරමින් නඩු මඟට පිවිසියා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ‘විශ්වරූපම්’ සිනමාපටය දමිළ ජනතාව වැඩි වශයෙන් සිටිනා තමිල්නාඩු ප‍්‍රාන්තයේවත් ‘විශ්වරූපම්’ ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි වීමයි. කොහොම වුණත් දර්ශන පහක් හඬ නැති කරමින් ඒ කියන්නේ මුස්ලිම් සංවිධානවල ඉල්ලීම්වලින් කොටසක් ලබාදෙමින් ‘විශ්වරූපම්’ ප‍්‍රදර්ශනය කිරීම ඇරඹුණත් මේ හේතුවෙන් කමල හසන් හට ඉන්දීය රුපියල් කෝටි 30-60 අතර මුදලක් අහිමි වනු ඇති බවට විචාරකයන් පෙන්වා දෙනවා.
 අනෙක් පසින් ‘විශ්වරූපම්’ ලංකාවේ සහ මැලේසියාවේ ප‍්‍රදර්ශනය තහනම් කිරීමට පියවර ගත්තේ මුස්ලිම් ජාතිකයන්ගේ ගැටලූව නිසාමයි. නමුත් ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලයේ අධීක්‍ෂණයෙන් සහ සංස්කෘතික අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මුස්ලිම් ජාතිකයන්ට අපහාස වන දර්ශන ඉවත් කිරීමෙන් අනතුරුව ‘විශ්වරූපම්’ මෙරට ප‍්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒත් සමග ලංකා ‘උලමා’ සංවිධානය පවසන්නේ මෙය ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීමත් සමග ජාතීන් අතර අසමගිය නිර්මාණය විය හැකි බවයි.
කෙසේ හෝ වේවා මේ වනවිට මෙම මතභේදතා මධ්‍යයේ ‘විශ්වරූපම්’ වෙත ඉහළම ප‍්‍රසිද්ධියක් ලැබී තිබෙනවා. එය එහි අධ්‍යක්‍ෂ, තිර රචක සහ සමනිෂ්පාදක කමල හසන්ගේ සතුටට කාරණයක් වෙනවාට සැක නැහැ. විශ්වරූපම්හි කමල හසන්ට අමතරව පූජා කුමාරි, රාහුල් බෝන්, ඇන්ඩෙ‍්‍රයා ජෙරමියා සහ ජගිනීස් අහිලම්ට් රඟපානවා.
විශ්වරූපම් සිනමාපටය හරහා නැගෙන කලාව-කලාව උදෙසාද එසේත් නැත්නම් මිනිසා උදෙසාද කියන ගැටලූව මේ මොහොත වෙද්දීත් පැන නැගී අවසන්. මොකද ආගම්වාදී අන්තගාමී නොවී මැදිහත් සිතින් කලා කෘතියක් නිපදවීමට මෙන්ම රසවිඳීමටද අවකාශයක් අප සෑම දෙනාටම තිබෙනවා. හොලිවුඞ් සිනමාපටයක මුස්ලිම් ආගමට අගරු වන දෑ පවතිද්දී ඒවා නරඹන මුස්ලිම් සංවිධාන දමිළ සිනමාපටවලට පමණක් කෑගසන්නේ ඇයිද යන්නත් සොයා බැලිය යුතු වෙනවා.