Thursday, November 28, 2013

සුදු අලියා - (කෙටි කතාව) - White Elephant Short story

සුදු අලියා - (කෙටි කතාව)


                        ඉරිදාවක් වූ එදින රාත‍්‍රී පුවත් ස`දහා පුවත් එකතු කරමින් සිටි ප‍්‍රවෘත්ති කළමනාකාරවරයා වෙත ඇමැතුමක් ආවේය. ඉන් කියැවුණේ කතා කරන සුදු අලියෙක් තමන්ට සහන සලසා දෙන ලෙස මාධ්‍ය ඔස්සේ රජය වෙත ඉල්ලීමක් කිරීමට යන බවයි. එම දුරකථන පණිවුඩය පැමිණියේ හද්දා, පිටිසර ගිරා`දුරුකෝට්ටෙනි. ගිරා`දුරුකෝට්ටේ ප‍්‍රාදේශීය පුවත් වාර්තාකරු වෙත සුදු අලියාගේ ලේකම්වරයා කතා කර තිබුණ අතර ඔහු ”සුදු අලියාගේ” මාධ්‍ය සාකච්ඡුාවක් පිළිබ`ද යම් සටහනක් තබා තිබුණි. පුවත ඇසීමත් සම`ග පස්වනක් ප‍්‍රීතියට පත් වූ ගිරා ටී.වී. හි ප‍්‍රවෘත්ති කළමනාකරු තම යටහත් භාවය පළ කරමින් නාලිකාවේ ලොක්කාට ඇමැතීය. ඒ වන විටත් ගිරා`දුරුකෝට්ටේ දී සුදු අලියාගේ මාධ්‍ය සාකඡුාවට අවශ්‍ය දෑ සිදු කරමින් පැවැතුණි.
තම වයෝවෘද්ධ ඇෙ`ග් රැුළි මිරිකා පිරිමැද තිරිහන් වීමට සම්බාහනායතනයකට ගොස් සිටි ගිරා ටී.වී. නාලිකා ප‍්‍රධානියා වෙත ජංගම දුරකථනය රැුගෙන ආවේ යට ඇ`දුම් තරමට කෙටි සුදු ස්කර්ටයකින් හා බ්ලවුසයකින් සැරැුසී සිටි තරුණියකි. ඇගේ උස් වූ ලැම පාද තාලයට ඉහළ යන අන්දම ගිරා ටී.වී. ලොක්කා බලා සිටිද්දී තරුණිය ජංගම දුරකථනය ඔහු වෙත දිගු කළේය.

"සර් මං දොන් ගයි.” ප‍්‍රවෘත්ති කළමනාකාරතුමාගේ හ`ඩ බෙහෙවින් යටහත් පහත් විය. ”සුදු අලියෙක් මාධ්‍ය සාකච්ඡුාවක් තියන්න යනවලූ. ඌට තියෙන ගැටලූ ගැන "අම්මපා” ලොක්කා සම්බාහන ඇෙ`දන් නැ`ගිට්ටේ උතුරා යන ප‍්‍රීතියෙනි. ලිහිල් ව ඔහුගේ ඉණේ රැු`දී තිබුණු කෙටි තුවාය බිම ඇද වැටුණි. තරුණිය ලොක්කාගේ තුවාය යළිත් බැ`දීමට උත්සහ කරද්දී ලොක්කා ඇයගේ පශ්චාත් භාගයට තට්ටුවක් දැමීය.

"ඕයි දොන් ගයි....  ඕකව උස්සනවා” ලොක්කා වේගවත්ව පැවැසීය.
"සර්....?” දොන් ගයි බය පක්ෂපාතීව එකත්පස්ව ඇසීය.
”මං තමුසෙට කියන්නේ ඔය සුදු අලියව උස්සනවා දැන්මම ඌව ගේනවා අපේ චැනල් එකට... උගේ ප‍්‍රශ්නෙට පිළිතුරු අපිම දෙනවා කියනවා.”
"ඒත් සර් ඌ සුදු අලියෙක්නේ ගේන්නේ කොහොමද?”    
"අයිසෙ අලියෙක් කිව්වට කොච්චරද දන්නේ නැහැනේ. පුළුවන්නම් ස්ටුඩියෝ එකට ගේනවා, නැත්තං ස්ටුඩියෝ එක අලියා ළ`ගට ගෙනියනවා”

ලොක්කා දුරකථනය විසන්ධි කළේ ය. ඔහු යළිත් මසාජ් ඇ`ද මත අඩ නිරුවතින් හාන්සි විය.දොන් ගයි ප‍්‍රාදේශීය වාර්තාකරුට කතා කළේය. ඒ සුදු අලියාගේ ප‍්‍රමාණය දැන ගැනීමටය. නමුත් ඒ පිළිබ`ද කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය. දොන් ගයි අනතුරුව සුදු අලියාගේ ලේකම් යැයි කියා ගන්නා පුද්ගයාට කතා කළේය. ඔහු සම`ග එක`ගතාවකට පැමිණීමට බොහෝ වේලාවක් තර්ක විතර්ක ඇති විය.

"මහත්තයලා ඔච්චර කියනවානම්, මාසෙකට ලක්ෂ දහය ගානේ මාස හයක්  ඕනේ, හැමදාම ඉන්ටර්වීව් එකක්  ඕනේ. මාස හයක් යනකං හැමදාම. මොකද කියන්නේ?”
"එහෙම බැහැ” දොන් ගයි ස්ථීරව පැවැසීමට උත්සහ කළේය.
"බැරිනම් මහත්තයා කුද ගහගන්න, අපි ප්‍රෙස් එක තව පැය දෙකකින් තියෙනවා.” ඉන්පසු දොන් ගයිගේ තරු විසිවුණු මොළයට සවණතින් ඇතුළු වූයේ දිගු බීජ හ`ඩකි. දොන් ගයි තමාගේ දෙවැනියාව ඔහුගේ අලංකෘත වීදුරු ආවරණික කාමරය වෙත කැ`දවීය. ඒ උද්ගතව ඇති තත්ත්වය පිළිබ`ද කතා කිරීමටය.

"අපිට මරු චාන්ස් එක ලොක්කා” දෙවැනියාගේ දෑස දීප්තියෙන් බැබැළීය. දොන් ගයි දෙවරක් නොසිතා යළිත් ලොක්කා ඇමැතීය

ලොක්කා සම්බාහනයෙන් අනතුරුව සැප පුටුවක හි`ද ගෙන කාටූනයක් බලමින් සිටියේ ය. ඔහු අසල තරුණියක් මුකුළුවෙමින් සිටියා ය. ඒ ඊළ`ග ජාතික මට්ටමේ සම්මාන උළෙලේ හො`දම නිවේදිකාවට සිටිනා තරුණියයි. නමුත් ඈ මේ වන තෙක් එකදු වැඩසටහනක් හෝ නිවේදනය කර තිබුණේ නැත. ඇයට තිබුණු එකම වැඬේ වූයේ ලොක්කාගේ නෝනාට වඩා හො`දට ලොක්කාව බලා ගැනීමයි. "ඇයි අයිසෙ” ලොක්කා අකැමැත්තෙන් දුරකථනයට පිළිතුරු දුනි. දොන් ගයි සුදු අලියාගේ ඉල්ලීම් ඉදිරිපත් කළේය.

"ඕකා දේශපාලකයක් ද ඔච්චර ඉල්ලීම් කරන්නේ?” ලොක්කා කෝපයෙනුත් ප‍්‍රහර්ෂයකිනුත් ඇසීය.
"ඉක්මනට අපේ ට‍්‍රක් දෙකක් යවනවා කැමරා දෙකක් එක්ක, තමුසෙගේ හො`දම මිනිහෙක් යවනවා. මේක බ්‍රේකින් නිව්ස් එකක් ගහනවා. ආ මිස් අචිරවතී එයි. එයාව දානවා එනවුන්ස් කරන්න.” ලොක්කා තම අභියසට වී තොදොල් වෙමින් සිටි අචිරවතී දෙස බලා සිනාසුණේය.

"අන්න යන්න සුදු අලියෙක් ඉල්ලීම් දිනාගන්න මාධ්‍යයට අදහස් දක්වනවා. ඔයාට ලකුණු ගොඩාක් දාගන්න පුළුවන්, කිසිම ප‍්‍රශ්නයක් එතකොට එන්නේ නැහැ ඔයා කොහොමද හො`දම නිවේදිකාව වුණේ කියලා” ලොක්කගේ හ`ඩින් අචිරවතීව නැ`ගිට්ටුණාය. ඇය වහා තනපටට ඉහළින් බ්ලව්සයත් යට සායට උඩින් සායත් ඇ`ද ගත්තාය.

"චික්..... අපරාදේ අපේ දවස” ලොක්කා අචිරවතීගේ තුරුණු තොල් මත සිගරට් බී අවපැහැ ගැන්වුණු තම දෙතොල් තබා සිප ගත්තේ ය. අචිරවතී සිප ගැනීම අවසන් වන තෙක් හුස්ම ගත්තේ අපහසුවෙනි.

සුදු අලියා රැුගෙන ඒමට පිටත් වූ ගිරා ටී.වී. කණ්ඩායම පැය කිහිපයකින් ගිරා`දුරුකෝට්ටේ වෙත ළ`ගා විය. ට‍්‍රක් දෙකක්, වෑන් රියක් සහ මෝටර් රථයක් ගිරා ටී.වී. කණ්ඩායමේ ගමන් පහසුව සැලැස්වූයේ ය. ගිරා ටී.වී. ප‍්‍රවෘත්ති අංශය වෙනුවෙන් සිද්ධිසේන නිෂ්පාදකවරයෙක්  ලෙස සහභාගි විය. සියලූම සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ සිද්ධිසේනයි. සිද්ධිසේන සිටියේ චකිතයෙනි. ඒ සුදු අලියා හමුවනවාට නොව බ්‍රේකින් නිව්ස් එක ගැසිය යුතු බැවිනි. අචිරවතී ඒ අතර මේක් අප් දමා ගෙන ගිරා ටී.වී. ලකුණ රැුගත් මයික‍්‍රෆෝනයක් අතට ගෙන පුරුදු වෙමින් සිටියා ය. තවමත් ඇගේ දෙතොල්වල සිගරට් රසක් විය. පිරිස කැමරා ආම්පන්න සකසා ගැනීමට යුහුසුලූ වූහ. ආලෝකකරණය ස`දහා රැුගෙන ආ විදුලි පහන් වෙනදාට වඩා ඈතින් තැබීමට කැමරා සහයකයා කටයුතු කළේ ය. ඒ ඔවුන් සම්මුඛ සාකච්ඡුාව ලබා ගන්නේ අලියකුගෙන් බැවිනි.

"මට සුදු අලියා එක්ක කතා කරන්න  ඕනේ” සිද්ධිසේන සුදු අලියාගේ ලේකම්ට පැවැසීය. ලේකම් සිද්ධිසේනව ඇදගෙන කුඩා වන ලැහැබක් ඇතුළට රිංගුවේය. ටික දුරක් යන විට වන මැද නිවසක් විය. එය පැදුරු සෙවිලි කර හුණු පිරියම් කොට තිබූ එකකි. එහි සාමාන්‍ය දොරකට වඩා විශාල ඇතුළුවීමේ දොරක් විය. නිවසද සාමාන්‍ය නිවෙස් මෙන් දෙගුණයක් පමණ උසින් යුක්ත විය. ලේකම් පළමුව නිවසට ඇතුළු වූයේ සිද්ධිසේනට විනාඩියක් පිටත රැු`දී සිටින ලෙස පවසමිනි. අනතුරුව ලේකම් පැමිණ සිද්ධිසේන ඇතුළට කැ`දවාගෙන ගියේය. සුදු අලියා කකුලක් පිට කකුලක් දමාගෙන හාන්සි වී සිටියේ ය. ඌ උගේ හො`ඩවැලෙන් තල් දණ්ඩක් ගෙන එය හපමින් සිටියේ ය. අනෙක් අලීන්ට වඩා සුදු අලියා වෙනස් ම විය. සුදුම සුදු විය.

           සිද්ධිසේන අලියා දෙස ටික වේලාවක් බලා සිටියේ ය. ඔහුට සුදු අලියාව අතගෑමට ආසා විය. නිලීන ජානයක් නිසා සිදුවූවක් යැයි සිද්ධිසේනගේ ඔළුවට පැමිණි පළමු අදහස විය. සුදු අලියා සිද්ධිසේනව දැක්කේ තත්පර ගණනක ප‍්‍රමාදයකිනි. ඌ වැතිර සිටි පිදුරු ගොඬේ හරිබරි ගැසී වාඩි වූයේ මාධ්‍යවේදියාට ගරු කටයුතු හැ`ගීමක් ඉතිරි කරමිනි.

"මේ ඉන්නේ සිද්ධිසේන” සුදු අලියාගේ ලේකම් පැවැසීය.
"ආ මහත්තයලා කොළඹ ඉ`දන්මද ආවේ?” සුදු අලියා ඇසීය. එම හ`ඩ ගැඹුරුය. නමුත් අලියාගේ වයස අනුව එම හ`ඩ තුළ බයාදු ගතියකුත් එකවරම ගැබ්ව තිබුණි.
"ඔ...ඔ....ඔව්” ජීවිතේ ප‍්‍රථම වරට කතා කරන අලියෙක්  ඉදිරිපිටට පැමිණ සිටිත් දී සිද්ධිසේනගේ මුව ගොත ගැසුණි.

"මහත්තයා බෙලිමල් එකක් බොමු. හකරු කෑල්ලක් එක්ක” සුදු අලියා එසේ පවසද්දී ලේකම්වරයා අසල තිබූ පොල්කට්ටකින් වසා තිබූ කළයකින් බෙලිමල් වතුර පොල්කට්ටට දැමීය. අනතුරුව එය පිළිගැන්වූවේ හකුරු කෑල්ලක් ද සම`ගිනි. සිද්ධිසේන තවමත් අන්ද මන්දව සුදු අලියාගේ රුව ඉහළ සිට පහළට නරඹයි. සුදු අලියාට අපහසුතාවක් දැනුණි. 

"මහත්තයා මං දිහා බල බලා මොනවද කල්පනා කරන්නේ?”
සුදු අලියා ඇසීය.
"ඇයි ඔයා කැලෙන් එළියට ආවේ?” සිද්ධිසේන ඇසීය.
"ඇයි මහත්තයෝ?” අපි කතා කළාම නරක ද?  අපි කැලෙන් එළියට ආවහම නරකද? "
"නැහැ, මං ඇහුවේ හරි ඔයා නියෝජනය කරන්නේ කාවද?”
"මහත්තයා මං මොකට ද කාවවත් නියෝජනය කරන්නේ. මට හො`දට ඇවිදින්න, කන්න, බොන්න, නටන්න පුළුවන්නම්” ”නටන්න?” සිද්ධිසේන හුස්ම හිරකරගනිමින් ඇසීය.
”ඔව් නටලා පෙන්නන්නද?” සුදු අලියා එකවරම නැ`ගිට්ටේය.

       ඉන්පසු ඉදිරියට පැන පසු ගාත‍්‍රාවලින් සිටගෙන තාලයකට ඉදිරි ගාත‍්‍රා චලනය කරන්නට විය. ඌම උගේ හො`ඩින් තාලයකට කුංච නාද කරමින් ද තාලයකට විසිල් ගසමින්ද වේගවත් නැටුමක් ඉදිරිපත් කළේය. නැටුම අවසන් කළ සුදු අලියා හතිලමින් වාඩි විය.

"මහත්තයා කොහොමද මගේ නැටුම?”
"හො....හො`දයි.....”
"මහත්තයට කියන්න මේ මගේ ලේකම්තුමා මට ගෙනත් දුන්නා මයිකල් ජැක්සන්ගේ ඞී.වී.ඞී. එකක්,
ඒකෙන් තමයි නටන්න ඉගෙනගත්තේ?”
"ම් ..... අපි ඉන්ටර්වීව් එකට යමුද?”
සිද්ධිසේන සුදු අලියාගෙන් ඇසීය.
"යමු, ලේකම්තුමා කෝ මගේ සංග්ලාස් දෙක”

සුදු අලියා වෙත ලේකම්වරයා ඌට සරිලන ප‍්‍රමාණයේ විශාල කළු උපැස් යුවළක් ගෙනාවේය. එය පැළ`දගත් සුදු අලියා අසල තිබූ රෙදි වැලෙන් ඇ`ද රෙද්දක් තරම් දිගු වූ සාටකයක් ගෙන ගෙල වටා දමා ගත්තේය. අනතුරුව පසෙක බිත්තියට හේත්තු කර තිබූ මෝල් ගහක් තරම් උස යෂ්ටියක් දකුණතට ගත්තේ ය.

"යමු” සුදු අලියා සිද්ධිසේන වෙත හැරී පැවැසීය. සිද්ධිසේනත් සුදු අලියාත් රූපවාහිනි නිෂ්පාදක කණ්ඩායම සිටි ස්ථානයට පැමිණෙන විට විශාල පිරිසක් එතැන රැුස්ව සිටියහ. බොහෝ දෙනෙක් අවට ගම්වාසීහු වූහ. ඔවුහු සුදු අලියා වෙත ජයග‍්‍රාහී ලෙස අතවැනීය. සුදු අලියා ද දේශපාලකයකු මෙන් රැුස්ව සිටි ජනතාව වෙත දෑත දිගු කර සිය කෘතඥතාව පළ කළේ ය. ඒ අතර දුවගෙන ආ ගැහැනියක් තම අත සිටි දරුවා සුදු අලියා වෙත දිගු කළේ උගේ ආශිර්වාදය ලබා ගැනීමටය.

                 සිද්ධිසේන මේ සිදුවන සියල්ල රූගත කරනා ලෙස කැමරාකරුවන්ට උපදෙස් දුනි. කැමරා තුනකින් සුදු අලියාගේ ඉරියව් සියල්ල පටිගත කිරීමට ගිරා ටී.වී. රූපවාහිනි කණ්ඩායම යුහුසුලූ විය. සුදු අලියා තම ලේකම්වරයාට යමක් පැවැසුවේ ඒ අතරය. ඔහු දිවැවිත් විශාල කෑනයක යම් දියර වර්ගයක් සුදු අලියා වෙත පිරිනැමීය. සුදු අලියා එම කෑනයේ තිබූ පානය එක උගුරට ඉවර කළේය.

"ඒ තමයි කිතුල් ජූස්, ශක්තිය එන්න” සුදු අලියා තමන්  දෙස අන්දමන්ද ව බලා සිටි සිද්ධිසේන දෙස බලා පැවැසීය. සිද්ධිසේන අචිරවතීව සුදු අලියා වෙත හ`දුන්වා දුන්නේ මේ අතරය. සුදු අලියා අචිරවතීට අතට අත දුන්නේ ඇගේ අතේ යන්තම් තම ඉදිරි දකුණු පාදය ගෑවෙන ගානටය. අචිරවතී ස්වකීය කාන්තා ලාලිත්‍යය ඉන සිට දෙපතුල් දක්වා කාන්දු කරමින් ඇඹරුණාය.
"ආ මේ වාත ෂෝ එක කරන අක්කනේ” සුදු අලියා අචිරවතීගේ මුහුණ දෙස බලා පැවැසීය. ඇගේ මුහුණ ආලෝකවත් විය.

”හානේ..... ඔයත් බලනවද ඒක” ඇය කටේ ඇ`ගිල්ලකුත් ගසාගෙන ඇඹරෙමින් ඇසුවාය.

”ඔව්” සුදු අලියා සිනාසෙමින් කීය.

                  මේ අතර ප‍්‍රධාන පාලක මැදිරිය ඇමැතූ සිද්ධිසේන සජීවීව සුදු අලියාගේ සම්මුඛ සාකච්ඡුාව විකාශණය කිරීමට පියවර ගැනීමට කටයුතු සැලැස්වීය. සුදු අලියා වෙනුවෙන් විශේෂයෙන් සැකසූ මෙට්ට යෙ¥ අසුනක් සූදානම් කර තිබුණි. ඌ එහි හරිබරි ගැසී වාඩි විය. අචිරවතී සුදු අලියා ඉදිරිපිට උස් අසුනක වාඩි වී සිටියාය. ඇගේ මුහුණ අවසාන මොහොතේදීත් අංග රචන ශිල්පියා විසින් හැඩ ගන්වන ලදී. දිනයේ සවස් භාගය නිසා කැමරා සහයකයා ආලෝකය වැඩි විදුලි පහන් භාවිත කළේය.

"හරි අපි පටන් ගන්නයි යන්නේ” සිද්ධිසේන රූපවාහිනි කණ්ඩායම වෙත දැනුම් දුන්නේය. ගිරා ටී.වී. ප‍්‍රවෘත්ති කළමනාකාර දොන් ගයි තම කාර්යාලයේ රූපවාහිනිය ඉදිරිපිටට වී නියපොතු කමින් තිරය දෙස බලා සිටියේ ය.
විශේෂ ප‍්‍රවෘත්ති යන සිරස්තලය රූපවාහිනියේ දිස් විය. ඒ සම`ග අචිරවතී සමීප දසුනකට රූපය මාරු විය. අචිරවතී කැමරාවක් දෙස බලා හ`ඩ අවදි කළාය.

"ඇත්තටම අපි ඉන්නේ මේ මනරම් වට පිටාවේ වෙල්යායක් මැද්දේ”
"අචී, ඕව  ඕනේ නෑ ආපු දේ කියන්න” සිද්ධිසේන ශබ්ද සංඥා සම්පේ‍්‍රෂණය හරහා කෑ ගැසීය. අචිරවතීගේ කතා කරන රිද්මය වෙනස් විය. දොන් ගයි රතු පැහැ ගැන් වූ මුහුණෙන් තිරය දෙස බලා සිටියේය. ගිරා ටී.වී. ලොක්කා තම බිරි`ද අසල සෝපාවේ වාඩි වී පුළුල් තිර රූපවාහිනිය දෙස නෙත් යොමා සිටියේ බියර් බෝතලයක් තොල ගාමිනි. අචිරවතී දිගටම කතා කරගෙන යන්නට වුවාය. 

"ඉතිහාසයේ ප‍්‍රථම වරට අලියෙක් අප සම`ග කතා කරන්න ඉන්නවා. මේක ඓතිහාසික අවස්ථාවක්. ලෝකයේ ප‍්‍රථම වරට ඔව්, මේ නිකම්ම අලියෙක් නොවෙයි සුදුම සුදු සුදුම සුදු ආසියානු අලියෙක්. අපි කිව්වොත් පොෂ් අලියෙක් කියලා හරියට රැුප් කරන පොෂ් බයියලා වගේ, අලියෙක් මෙන්න පිළිගන්න ජාතියේ සුදු අලියා”

           කැමරාව එකවරම සුදු අලියා වෙත එල්ල විය. සුදු අලියා ඉ`දගෙන සිටි ඉරියව්ව වෙනස් කර ඉදිරියට නැ`ගිට කැමරාව වෙත ආචාර කළේය. වටව සිටි ගම්මු අත්පොළසන් දුන්හ. ගිරා ටී.වී. ලොක්කාට කටට දමාගත් බියර් උගුර ආපහු දැමීමට සිදු විය.

"මේ තමයි අනාගතේ” ඔහු සිය බිරි`ද වෙත පැන ඇගේ මුහුණ ඉම්බේය.
"කෙහෙල්මල” ලොක්කාගේ බිරි`ද ඔහුව තල්ලූ කළේය.”
"ඉතිං ඔබ ඇයි මෙහෙම මාධ්‍යයක් වෙත එන්න හිතුවේ?” අචිරවතී ඇසුවාය.
"හැමදාම එකම විදිහට ඉන්න  ඕන නැහැනේ. මිනිස්සු අපිට අභියෝග කරනවා නම් අපිත් මිනිසුන්ට අභියෝග කරන්න  ඕනනේ” සුදු අලියා පැවැසීය.
"මොන වගේ අභියෝගය ද?” අචිරවතී ඇසුවාය.
"මං කියන්නේ කන බොන විදිහ. ඉන්න විදිහ වගේ”
"ඔය කියන්නේ අලි මිනිස් ප‍්‍රශ්නෙ ගැනද?”
"අපෝ නැහැ” සුදු අලියා අව් කණ්ණාඩිය ගැලවීය.
"මං අලි මිනිස් ගැටුම ගැන කතා කරන්න නොවෙයි ආවේ. මං ආවේ අපේ ජීවිත ගැන කතා කරන්න. ඇයි අපිට බැරි සම සමව ඉන්න.”
"කොහොමද ඔහොම හො`දට කතා කරන්න ඉගෙන ගත්තේ”
"අපෝ සුළු දෙයක්. මොළේ තියෙන  ඕන සතකුට ටී.වී. එකේ අක්කලා දිහා බලන් හිටියම කතා කරන්න ඉගෙන ගන්න එක ලොකු දෙයක් නොවෙයි.”
"එතකොට ඔබේ අරමුණ”
"මං ඉන්නේ මං වෙනුවෙන් එච්චරයි....”

               එතෙක් මෙතෙක් තිබූ සියලූම රූපවාහිනි වාර්තා බි`ද දමමින් අති විශාල පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සුදු අලියා පිළිබ`ද විශේෂ පුවත සමත් විය. ඒ සම`ගම ගිරා ටී.වී. ලොක්කා වෙත රටේ ප‍්‍රධාන පුරවැසියාගේ සිට මුල්‍ය ආයතන, වෙළෙ`ද දැන්වීම් නිර්මාණ සමාගම් ආදී බොහෝ පුද්ගලයන් සහ සංවිධානවලින් දුරකථන ඇමැතුම් ගලා එන්නට විය.

"අනාගතේ සුදු අලියා තමයි” ලොක්කා දීප්තිමත් දෑසින් තමාටම පවසා ගත්තේය.

සුදු අලියා වෙනුවෙන් කොළඹ ජනාකීර්ණ  ප‍්‍රදේශයක ඉඩ පහසුකම් සහිත තෙමහල් නිවසක් දෙමහල් නිවසක් ලෙස සැකැසීමට ගිරා ටී.වී. ලොක්කාත් දේපල වෙළෙ`ද සමාගමකුත් සමත් විය. නිවසට අවශ්‍ය බඩු මුට්ටු වෙනමම සකස් කරන ලදී. සුදු අලියාගේ උසට, මහතට, බරට සරිලන පරිදි ඒවා නිර්මාණය විය. විශාල රූපවාහිනියක් අති විශාල තිරයක් සහිත පරිගණකයක්, පුළුල් තිරයකින් යුත් සිනමා දර්ශන කට්ටලයක්, විශාල ශීතකරණයක් සහ මුළු නිවසටම වායු සමීකරණ ලබා දීමට තවත් ඉලෙක්ට්‍රොනික් උපාංග බෙදා හරින
සමාගමක් ඉදිරිපත් විය. ඒ ස`දහා සුදු අලියාට කරන්නට සිදු වුණේ දින භාගයක් වැය කොට තත්පර තිහක වෙළෙ`ද දැන්වීමකට පෙනී සිටීමටය.
ගිරා ටී.වී. ලොක්කාගේ සංකල්පයක් අනුව සුදු අලියා යොදාගෙන නවතම ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ආරම්භ කරන ලදී. මුලදී ඒ පිළිබ`ද සදාචාරවාදීන්ගෙන් විවිධ චෝදනා එල්ල විය. සත්වවේදීහු "සුදු අලියාට හිංසා නොකරනු” යන තේමාව යටතේ විවිධ උද්ඝෝෂණ සංවිධානය කළහ.
                  පත්තරවලට ලිපි ලියූහ. ගිරා ටී.වී. එක සම`ග දැඩි තර`ගකාරිත්වයෙන් තිබූ රූපවාහිනි නාලිකාවලට ගොස් ගිරා ටී.වී. එක විවේචනය කළෝය.නමුත් ඒ කිසිවක් වැඩක් වූයේ නැත. සුදු අලියා ගිරා ටී.වී. ලොක්කාගේ සටකපට නුවණට අනුව මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වීය. එහි දී සුදු අලියා පැවැසුවේ තමා සිය කැමැත්තෙන් රූපවාහිනි වැඩසටහන් ස`දහා සහභාගි වන බවයි. සත්වවේදීන් තම සටන අතහැරියේ නැත. සුදු අලියා අති දුර්ලභ සතකු ලෙස වහාම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණ පැවැත්වූහ. ගිරා ටී.වී. ලොක්කා තම ධනය, බලය භාවිත කරමින් ප‍්‍රථම වරට සත්වයකුට හැ`දුනුම්පතක් මුද්‍රණය කළේය. ඒ සම`ගම ජාතික පුරවැසියෙක් ලෙස සුදු අලියා හැ`දින්වීය. සුදු අලියාට හැ`දුනුම් පත ලබා දීමට මැති ඇමැතිවරු රැුසක් සහභාගි වූහ. පරිසරවේදීන්ගේ හ`ඩ යටපත් විය.
දිනෙන් දින සුදු අලියාගේ ජනප‍්‍රියත්වය වැඩි විය. ඌට වෙළෙ`ද දැන්වීම්, චිත‍්‍රපට, රූපවාහිනි, මාලා නාටකවල ර`ගපෑමට ආරාධනා ගලා එන්නට විය. සුදු අලියා කිසිවක් ප‍්‍රතික්ෂේප කළේ නැත. රජය අති සුවිශේෂී අන්දමින් සුදු අලියා සම්බන්ධ සංවේදීව කටයුතු කළේය. සුදු අලියාගේ ගිණුම් බදුවලින් නිදහස් කළේය. ජාතික මෙන්ම ජාත්‍යන්තර උත්සවවලට ඉතාම වැදගත් පුද්ගලයන් සම`ග රැු`දීමට වෙනම අවසර පතක් නිකුත් කළේය. රාජ්‍ය නායකයන් රට තුළ සංචාරය කිරීමේ දී සුදු අලියා සෑම තැනම දක්නට ලැබුණි. අවසානයේ ජාතියේ දෙවැනි සංකේතය බවට සුදු අලියා පත් විය.

                     ගිරා ටී.වී. ලොක්කගේ සාක්කු මුදල්වලින් යහමින් පිරී ගියේය. ජීවිත කාලයේ ම ඉපැයූ මුදල්වලට වඩා ප‍්‍රමාණයක් සුදු අලියා පැමිණීමත් සම`ග ඔහුට ලැබුණේය. මේ නිසා සුදු අලියා වෙනුවෙන්ම වෙනමම තැනූ හැමර් රියක් ලොක්කා ගෙන්වීය. මේ රියේ නැ`ගී සුදු අලියා ගමන් කරද්දී උගේ පේ‍්‍රක්ෂකයෝ ඌ වටා දිව ආහ. රසිකාවියෝ ම`ග නතරව තම සායවල් මදක් පහත් කර නිතඹේ සමරු සටහන් ලියා ගත්හ. අලියා පරිණාමීය අවස්ථාවේ සුවිශේෂී සත්වයකු ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරයකු පැවසීමත් සම`ගම සුදු අලියාගේ පෙළපත සෙවීමට වෙනමම කමිටුවක් පත් කරන ලදී.
                  
            මේ අතර වාරයේ දී සුදු අලියාගේ ජාන පරීක්ෂා කළ යුතු බව පරිසරවේදියෙක් පැවැසීය. ඔහුට සහය දෙමින් විකල්ප මාධ්‍යවේදියකු විකල්ප පුවත් පතකට පිටු 18ක ලිපියක් සපයමින් කියා සිටියේ ”සුදු අලියා” ජාතික ආර්ථිකය විනාශ කිරීමට අන්තර්ජාතික බලවේග එවූ ඉත්තෙක් බවයි. නමුත් ගිරා ටී.වී. මාධ්‍යවේදීන් එම මාධ්‍ය වේදියාගේ පෞද්ගලික සදාචාරය අරබයා ඇරඹි මෙහෙයුමත් සම`ග ඔහු සිය ප‍්‍රකාශය යටපත් කර ගත්තේය.
සුදු අලියා හදිසියේම ලෙඩ විණි. උගේ පාද පණ නැතිව ගිය අතර වෛද්‍යවරුන් එය ආතරයිටිස් රෝගයට සමාන රෝගයක් බවත් සතර පාවලින් සිටගෙන සිටිය යුතු සතකු දෙපාවලින් වැඩිකලක් සිටගත් විට ඇති වූවක් බවත් නිර්දේශ කළේය. එම රෝගයට ප‍්‍රතිකාර කිරීමට පටන් ගැනීමත් සම`ග සුදු අලියාගේ සුදු බව ක‍්‍රමයෙන් තුරන් වන්නට පටන් ගැනුණි.

                          ගිරා ටී.වී. ලොක්කා වෛද්‍යවරුන්ට උපදෙස් දුන්නේ වහාම ප‍්‍රතිකාර නතර කරන ලෙසයි. නමුත් ඒ වන විටත් තත්ත්වය දරුණු වී තිබුණි. ඒ සුදු අලියාගේ පාද බරපතළ ලෙස පණ නැති තත්ත්වයට පත්වෙමින් තිබීමයි. විදේශයන්හි වෛද්‍ය විශේෂඥවරුන් කැ`දවීමට රජය තීරණය කළේය.

"අපි දැන් මොකද කරන්නේ? ගිරා ටී.වී. ලොක්කා සුදු අලියාගේ ලේකම්වරයා හමු වී විමසීය.
"කරන්න දෙයක් නැහැ බොස්”
මගේ චැනල් එකම වැහුණා වගේ වැඩක්”
"තාම සුදු අලියා ගැන මිනිසුන්ට මතකයි”
"ඒක ටික කාලයයි තියෙන්නේ. ලබන මාසේ වෙනකොට සුදු අලියා උන්නද මළාද කියලා මතකයක් නැතිවෙයි”
"දැන් අපි මොකද කරන්නේ?” ලේකම්වරයා අසරණව ඇසීය.
"අපි දුක විකුණමු” ගිරා ටී.වී. ලොක්කා ස්ථීර හ`ඩින් පැවැසීය.
ඉන්පසු පුරා සති කිහිපයක් සුදු අලියාගේ "දුක” ගිරා ටී.වී. නාලිකාවේත් තවත් නාලිකා, පුවත්පත්  රැසකත් ප‍්‍රචාරය විය. පෙර දැක පුරුදු හුරුබුහුටි සුදු අලියා වෙනුවට මළානික රතු පැහැ ගැණුනු අලියකු දැකීමට මිනිසුන් අකැමැති විය. සුදු අලියා දුටු විගස ඔහු ළ`ගට දිව ආ පේ‍්‍රක්ෂකයන් දැන් ඌ දුටු විට වල් අලියකු දුටුවා සේ පලා යන්නට විය.

තත්ත්වය එන්න එන්නම දරුණු විය.

                සුදු අලියා තවත් එක් පරිච්ෙඡ්දයක හුදු චරිතයක් පමණක් බවට පත් වෙමින් තිබුණි. මේ නිසාම සුදු අලියා සිය අවසාන මාධ්‍ය හමුවට  සහභාගී වීමට තීරණය කළේය. මේ වන විට ප‍්‍රතිකාර නිසා සුදු අලියා රතු බවට හැරී තිබුණි. එය ප‍්‍රයෝජනයට ගත් වාමාංශික දේශපාලන පක්ෂ ”සුදු රතු වීමේ වාසනාව” යැයි ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. මෙය රජයේ ඉහළ බලධාරීන්ට හිසරදයක් විය. ජාතියේ අනන්‍යතාව රජයට එරෙහිවම වාමාංශික දේශපාලන පක්ෂ භාවිත කිරීම රජය දුර්මුඛ වීමට කාරණයක් බව මැති ඇමැතිවරු ගිරා ටී.වී. ලොක්කාට මැසිවිලි නැ`ගුහ. අවසානයේ ගිරා ටී.වී. ලොක්කා තීරණය කළේ සුදු-අලියා නැවැතත් ගිරා`දුරුකෝට්ටේටම රැුගෙන යා යුතු බවයි. ඒ වෙනුවෙන් ගිරා`දුරුකෝ්ට්ටේ වෙනමම නිවසක් ඉදිකිරීමට සිදු විය. සුදු අලියා සම`ග පැවැති ගිවිසුම අනුව තවත් වසර තුනකට අධික කාලයක් මසකට ලක්ෂ 10 බැගින් ඌට ගෙවිය යුතු විය.

                    සුදු අලියාගේ අවසන් මාධ්‍ය හමුව ස`දහා විශාල මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ. අසනීප තත්ත්වය නිසා උගේ ඇෙ`ගන් අප‍්‍රසන්න දුග`දක් වහනය විය. එය ම`ග හරවා ගැනීමට වෙනමම දෙදෙනක් එයාර් ප්‍රෙෂ්නර් ඉසිමින් සිටියහ. සුදු අලියා සම`ග ඔහුගේ ලේකම්වරයාත් ගිරා ටී.වී. ලොක්කාත් අසුන් ගත්හ. සුදු අලියා අසරණව ඉදිරියට නැවී වචන කිහිපයක් කො`දුළේය.

"මට සමාවෙන්න පරක්කු වුණාට. මටත් ඉන්න තිබ්බේ අපේ අය වගේ කැලේට වෙලා. දැනුයි මට තේරෙන්නේ”

          උගේ හ`ඩ බෙහෙවින් දුර්වල විය. අනතුරුව මාධ්‍යවේදීහු විවිධ ප‍්‍රශ්න ඇසූහ. ඒ එකකටවත් පිළිතුරු දීමට සුදු අලියාට නොහැකි විය. අවසානයේ දී සියලූ මාධ්‍යවේදීන්ට අතවනා සුදු අලියා පිටව ගියේය.

                   සති කිහිපයකට පසු ගිරා`දුරුකෝට්ටේ වන ලැහැබක් අසල දී සුදු අලියාගේ ප‍්‍රාණ නිරුද්ධ සිරුර හමු විය. උගේ හිසට වෙඩි පහර දෙකක් තබා තිබිණි. වෙඩි තැබූ ගැමියා පැවැසුවේ වල් අලියකු යැයි සිතා ඈත සිට වෙඩි තැබූ බවයි. එවේලේ ගැමියා බීමතින් තම පැල දෙසට යමින් සිට ඇති අතර සුදු අලියා ලන්ද මැදින් වේගයෙන් ඉදිරියට එද්දී ගැමියා දැක තිබේ. පසුව වන ජීවි නිලධාරීන් අනාවරණය කරගත් පරිදි සුදු අලියා වනයට ගොස් ඇත්තේ තම රැුලේ උන් සම`ග කතා බහේ යෙදීමටය. නමුත් ඌ මිනිස් වාසය සම`ග විකෘති ස්වරූපයක් දැරීම නිසා රැුල විසින් සුදු අලියාට පන්න පන්නා පහර දී තිබේ. සුදු අලියා අලි ?නෙන් බේරී ගම්මානය වෙත පැමිණෙද්දී ගැමියා දැක තිබේ.
සුදු අලියාගේ දේහය ගිරා`දුරුකෝට්ටේ පොදු සුසාන භූමියක දී ආදාහනය කරන ලදී. එම අවස්ථාවට රජයේ සියලූ මැති ඇමැතිවරුන් පැමිණි අතර, ඔවුහු පැය ගණන් ගුණ වැනුම් දෙසුම් ද කළහ. ගිරා ටී.වී. ලොක්කාද පැමිණියේ සුදු අලියාගේ ලේකම්වරයා සම`ගය. සුදු අලියාගේ ආදාහන කටයුතු සිදුවෙද්දී ලේකම්වරයා ගිරා ටී.වී. ලොක්කාගේ කනටකර රහසක් කීය.

"සර් මෙහෙ ඉන්නවා නයි ඇ`ගක් තියෙන ළමයෙක්. අපිට මාර්කට් කරන්න පුළුවන් හො`දට....”  

Wednesday, November 6, 2013

නිර්මාණකරුවන් ‘පොර’ වී ආදරය ‘අන්ධ’ වීම

නිර්මාණකරුවන්පොරවී ආදරය ‘අන්ධ’ වීම


ආදරය ගැන ගොඩාක් දෙනෙක් ගොඩක් කතා කරන කාලයක් තමයි මේක. ඒක විවිධ ආදරයේ වර්ගීකරණයන් තියෙනවා. මං සමනළ සංද්වනිය’ ගැන ලිව්වෙ චිත‍්‍රපටය බලලා.  එහි නිර්මාපකයාගේ සිනමා සංවේදීතාවය සහ සමාජ සංවේදීතාව අපි වෙනමම කතා කළ යුතු  වනවා. එය මම යළි යළිත් පවසන්නට නොයන්නේ පෞද්ගලිකව අධ්‍යක්ෂවරයාට පහර ගැසීමක් යැයි ඔබ සිතනු නිසාය. නමුත් මට ඔහු සමග කිසිදු ආරෝවක් නැහැ. නිර්මාණය පිළිබඳ  ගැටලූවක් පමණයි මට ඇත්තේ. තම නිර්මාණ පිළිබඳ  ඕනෑම නිර්මාපකයෙක් අතිශයෙන් සතුටට පත්වනවා නම් ඔහු හෝ ඇය නිර්මාණකරණයේ යෙදිය යුතු නැහැ. මොකද නිර්මාණකරුවා/සාහිත්‍යකරුවා කියන්නෙ නිරතුරුව සුපෝෂණය වන කෙනෙක් නිසා. සාහිත්‍ය කියන වචනයේ වාග් අර්ථය වන්නේ ‘සහිත බව’ කියන දේ. ඉතින් මේ ‘සහිත බව’ කොහෙන්ද එන්නෙ? මේ ලිපියේ ප‍්‍රධාන කාරණා දෙකක් කියන්න මම උත්සහ කරනවා.

1. වර්තමාන නිර්මාණකරුවා (කවුද?)

2. ආදරය වස්තු විෂය වූ විට කුමක් වෙයිද?


වර්තමාන නිර්මාණකරුවා කියන කාරණය හරිම ඛේදවාචකයක් බවට පත්වෙනවා. විශේෂයෙන් පොතක් පතක් කියවන්නෙ නැතිව, හොඳ චිත‍්‍රපටයක් බලන්න නැතිව හොඳ අත්දැකීමක් නැතිව නිර්මාණකරුවන් වෙන්න හදනකොට හරිම අවුලක් දැනෙන්නෙ. ඒ අවුල වැඩියෙන් දැනෙන්න ගන්නවා බොරු වීරයෝ බිහි වෙනකොට. අපේ තරුණ නිර්මාණකරුවන් හිතන්නෙ නැති දෙයක් තියෙනවා ඒ ඔවුන්ගේ හිස් හිස් ගෙඩිවලට පමණක් ඉදිරියට යන්න බෑ කියන කාරණය. මේ කාරණය මෑතක බිහි වූ කවියෝ,කෙටිකතාකරුවන්, නවකතාකරුවන්, සිනමාවට අතගසා ඇති අය අතර බහුලව දක්නට ලැබෙනවා. මොකද ඔවුන් බොහෝ දෙනෙක්  ඕනෑම දෙයක් කරලා හිතනවා මේක තමයි හොඳම දේ කියලා. උදාහරණයක් විදහට මේ ළඟකදී කවි ලියන තරුණ නිර්මාණකරුවෙක් අහනවා කවුද දයාසේන ගුණසිංහ කියලා? පිස්සු වැටුණු උදෑසන ලියපු මහාචාර්ය විමල් දිසානායක ජීවත් වෙනවද?’ අහනවා. මට පොළොව පළාගෙන යන්න හිතුණා. කවි ලියන්න කලින් අඩුම ගාණේ කවියක් කියලවත් තියෙනවද කියලා අහන්න හිතුණා. කවි කියන්නෙ නිසදැස් හා නිදහස් ආර පමණක් කියන කාරණයටත් දැන් අලූත් කවියෝ ඇවිත්. ඒ සඳහා උඩගෙඩි දෙන ප‍්‍රවීණයි කියා ගන්නා නමුත් හරියට කවිපද බැදගන්න බැරි අයත් පුදුම රුකුලක් ලබා දෙන්නෙ. එහෙම වුණාම මේක ‘පට්ට ආතල්’ ගන්න ‘ආතල් දෙන’ සාහිත්‍ය ක‍්‍රියාවලියක් බවට පත් වෙනවා. මගේ හොඳ යාළුවෙක් ඉන්නවා දක්ෂ කවියෙක් ඔහු කාව්‍ය ඉතිහාසය කවි බස හොඳට දන්නවා. නමුත් ඔහු තවදුරටත් හොය හොයා යන්න උත්සහ කරන්නෙ නැහැ. එතැනින් ඔහුගේ ගමන අවසන් විය හැකියි. ඒ බව ඔහුට කිව්වොත් කියන පුද්ගලයා අනෙකා කරගන්නවා. මේ ආතල් සමාජේ ඉන්නෙ විකාරරූපි සාහිත්‍යකරුවෝ මම විෂුවල් මීඩියා ගැන කතා කරන්න බොහොම අකැමැතියි.

ඒකට හේතුව අඩුම ගාණේ අධ්‍යකෂවරයෙක්ගේ නමක්වත් දන්නෙ නැති පිරිසක් මේ ක්ෂේත‍්‍රයට පිවිස සිටීමයි. කිසිම යාවත්කාලීන වීමකින් තොරව ඔහේ මොනවදෝ කරනවා. තමන් කරන්නෙ මොනවද කියලවත් ඔවුන්ට වැටහීමක් නැහැ. සතියකට සැරයක් දෙකක් කවුරු හරි අලූත් කෙනෙක් කෙටි චිත‍්‍රපටයක් හෝ කුමක් හේ විෂුවල් මීඩියා පොඩක්ෂන් එක්ක පෙන්නලා අහනවා මේ ගැන හිතන්නෙ මොකක්ද කියලා. මේ අතර හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. ඉදිරියක් තියෙන අය හරියට ලක්ෂිත ප‍්‍රසාද්, නිපුනිකා ප‍්‍රනාන්දු, සම්පත් කඹුරුගමුව, සෞම්‍ය සඳරුවන් ලියනගේ, නිරෝෂන් දිද්දෙනිගමගේ වැනි අපේ පරම්පරාවේ අනාගත බලාපොරොත්තු තබාගත හැකි අධ්‍යක්ෂවරුන්. නමුත් අනෙක් අය කුමක් හෝ කරලා ‘හොඳයි’ කියලා අහගන්න හදනවා. ඒක පශ්චාත් නූතන තත්ත්වයකටත් වඩා ගෝත‍්‍රිකවාදී බවක්.

ආචාර්ය තිස්ස අබේසේකරයන් සිනමාව ගැන මෙහෙම කිව්වා. ‘සිනමාව කියන්නෙ සියලූ සාහිත්‍යාංග ඇතුළත් සංක්ලේෂී කලාවක්’ කියලා.

   ඉතින් අධ්‍යක්ෂවරු ඉන්න හාදයෝ චිත‍්‍රපටයක් බලන්නෙවත් නැතිව පොතක්පතක් කියවයි කියලා හිතන්නවත් බැහැ.
                                 ඔස්කාර් සම්මානලාභී නළුවෙක් වූ වෝල්ටර් මැත්තාහ් (Walter Matthau) අධ්‍යක්ෂවරුන් පිළිබඳ මෙසේ පවසනවා. ‘සමහර අධ්‍යක්ෂවරු කැමරාව ගැන දන්නවා. නමුත් මනුෂ්‍යත්වය දන්නේ නැහැ. සමහරු මනුෂ්‍යත්වය ගැන දන්නවා නමුත් කැමරාව ගැන දන්නෙ නැහැ’

  
අපේ ගොඩක් දෙනෙක් කැමරාව ගැනවත් මනුෂ්‍යත්වය ගැනවත් දන්නෙ නැහැ. ඉතින් කොහොමද අධ්‍යක්ෂවරු වෙන්නෙ? අධ්‍යක්ෂවරයා කියන්නෙ නැවක කපිතාන් කෙනෙක් වගේ වගකීම සහ විනය කියන දෙකම තියෙන්න  ඕනෙ. ඒ දෙකම නැතිව ඉන්න පිරිසක් නිර්මාණකරණයේ යෙදෙනවා කියන්නෙ වඳුරන්ට දැලි පිහි අහුවුණා වගේ වැඩක්.

දෙවැනි කාරණය තමයි ‘ආදරය’ වස්තු විෂයන් වූ විට නිර්මාණය කුමක් වෙයිද යන්න. මේක අපේ රටේ හරියට අනාගන්නා මාතෘකාවක්. මොකද ආදර කතා පිළිබඳ අපි  ඕනෑ තරම් නිර්මාණ තුළින් දැකලා තියෙනවා. නමුත් ඉන් කීයෙන් කීයද අපේ මතකයේ රැුඳිලා තියෙන්නෙ. අනූව දශකයේදී තරගත වූ ටෙලිනාට්‍යයක් වන ‘රතු රෝස’ තවමත් අපේ හිත්වල රැුඳිලා තියෙනවා. ඊට පස්සෙ ආදරය පිළිබඳ කතා කරන හිතට වදින ටෙලිනාට්‍යයක් අපිට ලැබිලා නැහැ. චිත‍්‍රපට පිළිබඳ තියෙන්නෙත් ඔය වගේම තත්ත්වයක්. අපි පාරම්බෑවට අඩුම තරමේ හින්දි සිනමාපටයක ළඟින්වත් යන තරමේ ආදර කතාවක් ගොඩනගන්න අපිට හැකි වෙලා තියෙනවද? තවමත් අපි බඩගාගෙන යන ගමනක් තියෙන්නෙ. ඉදිරියේදී හෝ එවැනි නිර්මාණ බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
                              
                                  යෂ් චොප්රා කියන්නෙ හින්දි සිනමාවේ හිටපු විශිෂ්ඨතම ප්‍රේම කතා තිරයට ගෙනාපු නිර්මාණකරුවායි. ඔහුගේ පේ‍්‍රම කතා පේ‍්‍රක්ෂක, විචාරක සම්මානයට පාත‍්‍ර වුණා. ඔහුගේ නිර්මාණ ගැන අහපු වෙලාවක ඔහු දුන්නෙ මෙහෙම උත්තරයක්. ‘මම ආදරය ගැන චිත‍්‍රපට කරන්නෙ නැහැ. මම කරන්නෙ මානව සබඳතා ගැන චිත‍්‍රපට’.
                                   
                                              ඇත්තටම අපිට අමතක වෙලා තියෙන්නෙත් ඔය කාරණාවම තමයි. අපි ආදරය කරන්න දන්නෙ නැති ජාතියක්. නැත්නම් ආදර තිරයට ගේන්න බැරිකමක් නැහැ. සැබෑවටම සමාජයට පුද්ගලයන්ට ආදරය කරන මිනිසුන් අතින් නිර්මාණ බිහිවෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. මොකද අපි වගේ රටකට එවන් නිර්මාණ වැඩි වැඩියෙන් අවශ්‍යයි. තරුණ නිර්මාණකරුවන් හෝ මේ පිළිබඳ හොඳ කියවීමකින් පසුව නිර්මාණ බිහිකරනවා නම් වඩා සාර්ථක කලාවක් අපිට දැකගත හැකි වෙයි.

                    එහෙම නැතිව යුරෝපයේ හෝ දකුණු ඇමෙරිකාවේ හෝ ආසියාවේ කොණක ‘සම්භාව්‍ය’ යැයි කියාගන්නා සිනමාවක් වෙනුවෙන් ජීවිතය පුද කරනවා දැයි සිතා බැලිය යුතු වෙනවා. කොටින්ම අපි මේ භූවිෂමතාවය හඳුනාගත යුතු වනවා. ඒ භූවිෂමතාවය තුළ අපිට බොහෝ දේවල් තේරුම් ගන්න අවකාශය සලසනවා. විශේෂයෙන් මේ ඝර්ම කලාපීය රටේ හදවත් ගැහෙනා හඬ අප ඉගෙන ගත යුතු වෙනවා. එසේ නොවුණහොත් වල් බිහි වූ ‘ආදරයන්’ ගැන කුණුහරුප නිර්මාණ කරනා තවත් පිරිසක් අනාගතයේ එකතු වේවි.