Saturday, October 19, 2013

ආදරය බෙදා ගන්න ජීවිතයම වී (Love story by Kasun Samarakoon)

ආදරය බෙදා ගන්න ජීවිතයම වී

හෙමින් හෙමින් වැටුණු වැහි බිංදු පොළොව සිපගන්නට පටන් ගත්තා. වැස්සත් එක්කම පිනිමල් අතුරුදන් වෙනකොට ඒ හිරිපොද අස්සෙන් දෙන්නෙක් නුවර වැව රවුම අද්දරින් ඇවිද යන්නට වුණා. ඒ දෙන්නා කිටි කිටියෙ බදාගෙන හිටියෙ. රෝස පාට මල් වැටුණු ලස්සන පොඩි කුඬේ අස්සේ දෙන්නටම වැස්සෙන් බේරෙන්න ඉඩක් තිබුණෙ නැහැ. ඒත් එකිනෙකාගේ හදවතින් පිටවෙන හුස්ම පොදේ උණුසුමත් දැනෙන තරමට ළංවෙලා හිටපු ඒ දෙන්නට වැස්ස ගැන වගක්වත් තිබුණේ නැහැ. වචනෙන් කියන්න බැරි මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක් මේ දෙන්නගේ ඇස්වල තිබුණා. ඔවුනොවුන් දකින හැම මොහොතෙම ලොකු වෙන කළු ඉංගිරියාව හැම වෙලාවෙම හැංගෙන්නයි උත්සහ කළේ. දෙදෙනාටම තිබුණේ එකම සිතුවිල්ලක් විතරයි. ඒ මේ ආදරණීය උණුසුමේ තවත් මොහොතක්.... තවත් මොහොතක්... රැුඳිලා ඉන්න. නෙත් කෙවිණිවලට ක`දුළු බිංදු පිරෙන්න ළං වෙනකොට තෙත් වෙලා තිබ්බ බංකුවක් උඩ දෙන්නම වාඩිවුණේ පුරුද්දට වගේ. ඉස්සරහින් දළදා මාලිගාව පේනවා. ඉර බැහැලා නොගියත් වැහි කෝඬේ හින්දා වටපිටාව අඳුරු වෙලා. දළදා මාලිගාවේ ලයිට් එක දෙක පත්තු වෙනවා. ඒවා පෙනෙන්නෙ වැහි පොද අස්සෙන් බොඳ වෙලා. රශ්මි, නිහාල්ගෙ අත හෙමිහිට අල්ල ගත්තා. ඇගේ අත ටික ටික නිහාල්ගෙ අතටම ගුලිවෙලා ඔහුටම සන්තක වුණා. නිහාල් අනෙක් අත රශ්මිගේ ඇඟ වටේට දැම්මා. ඇගේ උණුසුම තව තවත් ඔහුව ජීවත් කරවන්න සමත් වුණා. හුළඟත් එක්ක අකීකරු වුණු රශ්මිගේ කොණ්ඩෙන් හමපු සමන්පිච්ච සුවඳත් එක්ක ඔහු ජීවත් වෙන්න පටන්ගෙන දැන් ගොඩක් කල් වෙනවා. ඔහු තවත් ළං වෙලා රශ්මිගේ නළල මත තොල් තිබ්බා. නිහාල් රශ්මිගේ නළලත සිපගන්න කොට ඔහුටම නොදැනී ඇසිපිය පියවුණා. අතීතය සිනමාපටයක් වගේ මතක ගබඩාවෙන් එළියට පැනලා දුවන්න ගත්තෙ ඒ වෙලාවෙයි.

අනන්තයක් වගේ දැනුණු සිපගැනීමේ කාලය ක්ෂණිකයෙන් අවසන් වුණා. වාවගන්න බැරි දුකකුත් හදවතේ ඉතිරිවෙලා. වෙනදා වගේම වාහන, මිනිස්සු වේගයෙන් එහෙ මෙහෙ යනවා. ඒ අස්සෙ රශ්මිගේ ඇස්වලින් වැටුණු උණුසුම් කඳුළු බිංදුවක් දෙකොපුල් දිගේ පහළට ගලාගෙන යන්න වුණා. නිහාල් ඒක දැක්කත් ඔහු අහක බලාගත්තා. ඒ ඔහුගේ නෙත් අගට ආව කඳුළු රශ්මිටත් හොරාවට පිහිදා ගන්න.

‘නෝනටයි මහත්තයටයි, වාසනාවන්ත ජීවිතයකට පාර හදාගන්න, අද අදින ස්වීප් එක්ක ගන්න. වාසනාව කොයි වේලෙ කොහොම කැරකෙයිද කියලා කවුද දන්නෙ මහත්තයා’ ලොතරැුයි වෙළෙන්දා එහෙම කියනකොට රශ්මි බයෙන් වගේ නිහාල්ගෙ අත තවත් තදින් අල්ල ගත්තා. නිහාල් ටිකට් එකක් ගත්තට පස්සෙ වෙළෙන්දා යන්න ගියා.

‘අපිට නැත්තෙම වාසනාව තමයි’ නිහාල් යටිතොල විකාගන්න ගමන් කිව්වා. රශ්මි අතකින් නිහාල්ගෙ කට වැහුවා.

‘හැමදාම මම යන්න කලින් ඔයා මගේ නළල ඉඹින කොට ඔයා දන්නෙත් නැතිව ඇස්වලට කඳුළු පිරෙනවා. මට එතකොට යන්න හිතෙන්නෙ නැහැ, ඔයා හැමදාම අහනවා ඇයි එක සැරේම කලබලෙන් දුවන්නෙ කියලා. ඒ හැමදාම මාව දාලා ‘ආදරෙයි, කියලා මූණ ඉම්බට පස්සෙ මට ‘ගුඞ් නයිට්’ කියන්නවත් ශක්තියක් නැති වෙනවා. මගේ ආත්මෙම ඔයාගේ පාමුල තියලා දුවන කොට ඒ යන්නෙ මම නෙවෙයි මළ කඳක්’ රශ්මි අනික් අතින් එයාගෙ කඳුළු පිහදාගෙන කතා කරද්දී නිහාල්ට දැනුණෙ ඇය තමන්ට ගව් ගණනක් දුර ඉඳන් කතා කරනවා වගේ.

‘ඔයා අඬනවා දකින්න මං ආස නැහැ, ඒ වගේම මගේ කඳුළු ඔයා දකිනවටත් මම ආස නැහැ’

රශ්මි හෙමිහිට නිහාල්ගෙ දෑස් මත තිබ්බ අත ඔහුගේ මුව අසලට ළං කළා. නිහාල් බොඳවුණ දෑසින් රශ්මිගෙ අත අරන් ඉම්බා. ආත්මයම ගහගෙන යන තරම් හයියෙන් නුවර වැවේ ඉඳන් හුළඟක් ආවා. ඒ හුළඟත් එක්කම රශ්මි දිග සුසුමක් පිට කළා. ඊට පස්සෙ ඉතාමත් හෙමින් තම හෑන්ඞ් බෑග් එකෙන් මුද්දක් එළියට ගත්තා. මුද්ද එළියට ගනිද්දිම නිහාල් කැකෑරෙන වේදනාවෙන් අහක බලා ගත්තා. රශ්මි වැරැුද්දක් කරනවා වගේ හොරෙන් ඇගේ වමතේ වෙදැඟිල්ලට මුද්ද දා ගත්තා.

‘මේක ආදරේ නෙවෙයිද?’ නිහාල් ඇහුවේ අපහසුවෙන්.

‘ඔයා මොනවද මේ කියන්නෙ, ඔයා තමයි මගේ ජීවිතේ මට ලැබුණ හොඳම දේ. ඒත් මම පරවුණ මලක්, අපේ දෛවය මේකයි, කවදාවත් අපි හැබෑවට ආදරේ කරන කෙනා අපට නීත්‍යනුකූලව ලැබෙන්නෙ නැහැ’

‘එතකොට මම කවුද?’

රශ්මි තමන්ගෙ දෑතම නිහාල්ගෙ දෙකම්මුල්වලට තියලා තද කෙරුවා. නිහාල්ගෙ දෑස් දිහා බලාගෙන කතා කරන්න තම අන්තිම ආත්ම ශක්තියත් යොදා ගන්න තරම් පහළට වැටෙන්න රශ්මිට සිද්ධ වුණා. ඇගේ හිත එහෙ මෙහෙ දුවනවා. ඒත් නිහාල්ගෙ ඇස් දැක්කහම ඔක්කොම නතර වෙනවා. රශ්මි හැඬුමකට ආසන්න ස්වරයකින් කතා කරන්න වුණා.

‘ඔයා මේ කිසිදේකට වැරැුදි නැහැ, අපි හිතන්නෙ නැති වෙලාවට අපිට සමහර දේවල් කරන්න වෙනවා. මම බැන්දා. ඒ ඔයා හම්බ වෙන්නත් අවුරුදු ගාණකට කලින්.. ඒත් ඒ ආදරයට නෙවෙයි අනාරක්ෂිත බව නැති කරගන්න. ඊට පස්සෙ ඔයා මුණගැහුණා. හොඳ යාළුවෙක් විදිහට, මං ආසම කරන ගතිගුණ එක්ක, මට හොඳ සහෝදරයෙක් වුණා. කවදාවත් ආදරේ නොකරපු මට ඔයා පෙම්වතෙක් වුණා, ඔයාව නැති කරගන්න බැරි හින්දා බොරු කිව්වා, බැඳපු ගෑනියෙක් එක්ක කොල්ලෙක් යාළුවෙන්නෙ සෙක්ස් කරන්න. ඒත් අවුරුද්දක එෆයාර් එකකදී අපි කරපු නැති එකම දේ ඒකයි. ඒකට හේතුව ඔයාගේ විනය. ඔයාට තව තවත් බැඳෙන්න එක හේතුවක්. දැන් අපිට සමුගන්න වෙලා. මට යන්න දෙන්න.., ඔයා ඔයාගේ ලෝකෙටත් මං මට නියම වුණ ලෝකෙටත්’

⋆ ⋆ ⋆
නිහාල් සහ රශ්මි නුවර වැව් රවුමේදී එකිනෙකාගෙන් වෙන් වෙන්නේ ‘අසම්මත’ කියන සම්ප‍්‍රදාය ආරක්ෂා කරගෙනයි. අපේ ජීවිත තුළදී මෙවන් ‘අසම්මත ’ යැයි හඳුන්වන රොමෑන්ටික් ආදරයන්  ඕනෑ තරම්. එවන් අසම්මත පේ‍්‍රමයන්හි ඉදිරියේදීත් මුණගැහෙනවා මෙම ඉඩකඩින්.

එන්න
අප හා
දෝතින්.
වට්ටියක් ගෙන
සිසිලස සමග
ආදරය බෙදා ගන්න
ජීවිතයම වී

Friday, October 18, 2013

ලක්ෂිත ප‍්‍රසාද් වීරසේන(Lakshitha Prasad Weerasena) interview

අපේ කණ්ඩායමේ එක්කෙනෙක්වත්  සිනමාපටයක් කිරීමට  මුහුකුරා ගිය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ - ලක්ෂිත ප‍්‍රසාද් වීරසේන(Lakshitha Prasad Weerasena) 


ලක්ෂිත ප‍්‍රසාද් වීරසේන යනු කෙටි සිනමාපට ක්ෂේත‍්‍රයේ වර්ෂ ගණනාවක සිට නමක් රඳවමින් සිටිනා දක්ෂ තරුණ නිර්මාණකරුවෙකි. ලක්ෂිත 2012 වර්ෂයේ තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ ශ‍්‍රී ලංකා තරුණ සිනමා අස්වැන්න කෙටි චිත‍්‍රපට තරගයේ දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය. ඒ ඔහු නිර්මාණය කළ ‘සුරේෂ්’ (2011) කෙටි චිත‍්‍රපටයටය. ‘සුරේෂ්’ කෙටි චිත‍්‍රපටය 2011 කොළඹ ජාත්‍යන්තර කෙටි චිත‍්‍රපට උළෙලේ ජූරියේ විශේෂ සම්මානයට පාත‍්‍ර විය. ‘ඇජෙන්ඩා 14’  සිනමා සම්මාන උළෙලේ අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි තරුණ සිනමාවේදියාට හිමි සම්මානය ලක්ෂිත දිනාන්නේ I Love Her/Him කෙටි චිත‍්‍රපටය වෙනුවෙනි. අනතුරුව ඔහු 2012 යුනිවොටෙක්  කෙටි චිත‍්‍රපට සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාට සහ හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේය.මේ වනවිට කෙටි චිත‍්‍රපට හතක් අධ්‍යක්ෂණය කර ඇති ලක්ෂිත ගීත රූප රචනා විශාල සංඛ්‍යාවක්ද අධ්‍යක්ෂණය කර ඇත.
  
Q.කවිය, ගීතය, නවකතාව ආදී ප‍්‍රකාශන මාධ්‍ය රැුසක් තිබියදී ඔබ කෙටි චිත‍්‍රපටය තෝරාගන්නවා. මීට හේතුව කුමක්ද?
A.ලංකාවේ කෙනෙක් කෙටි චිත‍්‍රපටයක් කරන්න පෙළඹෙන්නෙ මොන කාරණා හේතු කරගෙනද කියලා අපි පළමුව සිතිය යුතු වනවා. මොකද වෙනත් මාධ්‍ය  ඕනෑ තරම් තිබෙනවා තමන්ගේ ප‍්‍රකාශය ඉදිරිපත් කරන්න. බොහෝ පිරිසක් කෙටි චිත‍්‍රපට කරන්නෙ මෙම ක්ෂේත‍්‍රයට පැමිණීමේ බලාපොරොත්තුවෙන්. ඒ හරහා දිගු සිනමාවට පිවිසෙන්නෙ කොහොමද කියන සිහිනය දකිනවා. මම ඉන්නෙ ඒ වගේ මතයක නෙවෙයි. කෙටි චිත‍්‍රපටකරුවෙක්ව ලංකාව තුළදී ගණන් ගන්නෙ නැති මට්ටමක තියෙන්නෙ. හැබැයි ගෝලීය වශයෙන් කෙටි චිත‍්‍රපටකරුවෙක් යනු සැබෑම නිර්මාණකරුවෙක් වනවා. හැබැයි අපි ඉන්න තත්ත්වයත් එක්ක ඒ මහා සංස්කෘතිය ග‍්‍රහණය කරගන්නට නොහැකි වෙයි. මට තවම ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබිලා නැහැ. නමුත් ජාත්‍යන්තර වශයෙන් ඇගැයීම හරහා හෝ පිළිගැනීම හරහා කෙටි චිත‍්‍රපටකරුවෙක්ව නිශ්චිත ස්ථානයක ස්ථානගත වනවා. කෙටි චිත‍්‍රපටකරණය හරහා ලැබෙන අත්දැකීම් දිගු සිනමා නිර්මාණයකට පාදක වෙන්න පුළුවන්. නමුත් එය අත්‍යවශ්‍යතාවක් නොවෙයි.


Q.නමුත් අපි දන්නවා කාලයකට පෙර සිනමාවට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පැමිණීමේදී කෙටි චිත‍්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කර තිබීම මූලික සුදුසුකමක් වුණා?

A.ඒක මටත් ගැටලූවක්. මොකද කෙටි චිත‍්‍රපට කරලා මට පැවැත්මක් ඇති වෙලා නැහැ. ශ‍්‍රී ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගයේදී තිබුණා කෙටි චිත‍්‍රපට දෙකක් නිර්මාණය කළොත් දිගු චිත‍්‍රපටයක් සඳහා අවස්ථාව ලැබෙනවා. එම කෙටි චිත‍්‍රපට කරන්නත්  ඕනෙ ‘සිනෙ’ මාධ්‍යයෙන්. දැන් ඒ තත්ත්වයන් නැහැ. ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මෙම ක්ෂේත‍්‍රයට පැමිණෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා තියෙනවා. හැබැයි මෙරට පවතින පහසුකම් සමග එම තත්ත්වය ඇහිරී තිබෙනවා. මොකද ඩිජිටල් සිනමාවට ලංකාව තුළ තැනක් ලැබී නැහැ.


Q.අපි දකිනවා බොහෝ රූප මාධ්‍යයෙන් නිර්මාණ කරගන්න නිර්මාණකරුවන් තම නිර්මාණ තුළම වඳ භාවයට පත් වෙනවා. ඔබ මොන වගේ ක‍්‍රියා මාර්ගද ගන්නෙ මෙම අසාර්ථක වීමෙන් ගැලවීමට?

A.මම කෙටි චිත‍්‍රපටයක් කරද්දී වැඩිපුරම සැලකිලිමත් වෙන්නෙ තිර රචනයටයි. තිර රචනාවේදී අවස්ථා, සිද්ධි, දෙබස් කුමනාකාරයෙන් තිබෙනවාද, ඒවායේ උචිත අනුචිත බව කොහොමද කියන කාරණා විශේෂයෙන් සැලකිලිමත් වනවා. අනෙක් කාරණය තමයි මගේ ප‍්‍රස්තූතවලට කතා නිර්මාණය වන්නේ අත්දැකීම් ආශ‍්‍රයෙන්. කෙටි-වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය කරනවා නම් ඒ සඳහා දිගු කාල පරාසයක් ගන්නවා අධ්‍යයනය කරන්න. දිගු සමීක්ෂණයක් කරනවා අදාළ ප‍්‍රස්තූතය පිළිබඳ. ඇතැම් කෙටි චිත‍්‍රපට රචනා කිරීමට මාස හයක් වැනි දිගු කාලයක් ගතවනවා. එය ඉතා වෙහෙසකර කටයුත්තක්. නමුත් සෑම දෙයක්ම පරිපූර්ණ නොවුණහොත් තිර රචනාවේ අඩුපාඩු මතුවෙනවා. අත්දැකීමක් ආශ‍්‍රයෙන් කෙටි චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමේදී ඇතැම් අවස්ථාවල අදාළ සිද්ධියට හෝ අවස්ථාවට සම්බන්ධ වූ පුද්ගලයන් හමුවෙලා ඔවුන්ගේ අත්දැකීම් උකහා ගන්න උත්සහ කරනවා. ලංකාව ඇතුළෙ තිර පිටපත් පිළිබඳ ප‍්‍රශ්නයක් පවතිනවා. ඒ තුළ හොඳ තිරපිටපත් නැති තරම්. මොකද හොඳ තිරපිටපතකට අත්දැකීම් විතරක් මදි. ඒ සඳහා විශාල අධ්‍යයනයක් සිදුකළ යුතු වෙනවා.ඕකට හොඳ උදාහරණයක් මං කියන්නම්. බොලිවුඞ් අධ්‍යක්ෂ අනුරග් කාශ්‍යප් ලංකාවට ආපු වෙලාවේ අපි සමග මෙහෙම කිව්වා. ‘කෙනෙක්ට තම මනස ඒකාග‍්‍රතාවකින් ලියන්න පුළුවන් නම් ඒක තමයි තිරපිටපත’ කියලා. ඔහු තව දෙයක් කිව්වා ‘සිනමා පාසල් හරහා කරන්නෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පීඩනය වැඩි කිරීමක්’ කියලා. ඔහුගේ මතය තිබුණේ සිනමා පාසලක් අවශ්‍ය නැහැ ඒ වෙනුවට ස්වයං අධ්‍යයනයකින් සිනමාව හදාරන්න සහ එවිට සිනමාව කරන්න පුළුවන් කියලා. ඔහු කියනවා ඔහු තිර පිටපතක් රචනා කරලා ඒක හොඳ නැහැ කියලා හිතුණොත් වීසි කරනවා කියලා. අපේ රටේ වෙන්නෙ හැදෑරීමකට වඩා උඩින් අහුලාගත්ත දේවලින් තිර පිටපත් රචනා කිරීම. ඒක අපිට පැහැදිලිව දකින්න පුළුවන් මෙරට සිනමා කර්මාන්තය දිහා බලපුවාම. ලංකාවේ හොඳ මට්ටමේ පවතින්නෙ කොයි තරම් සීමිත සිනමාපට සංඛ්‍යාවක්ද.

Q.අපේ සිනමාව තුළ විශිෂ්ට අධ්‍යක්ෂවරුන් බිහි වී තිබෙනවා. තරුණ සිනමාකරුවන්ට ඔවුන්ගෙන් ලැබෙන උපකාර ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

A.මේ ක්ෂේත‍්‍රය තුළ විශාල ගැටලූ තියෙනවා. විශේෂයෙන් මානුෂීය සබඳතා තුළ. උදාහරණයක් විදිහට අලූතින් බිහිවන සිනමාකරුවන් කීයෙන් කීදෙනාටද ක්ෂේත‍්‍රයේ පරණ අයගෙන් උදව් ලැබෙන්නෙ. ප‍්‍රවීණ යැයි කියා ගන්නා අයගෙන් බොහෝ දෙනෙක් ආත්මාර්ථකාමියි. මං අහන්නෙ දක්ෂ තරුණ නිර්මාණවේදීන්ගේ තිරපිටපතක් හෝ තේමාවක් අරන් සිනමාපටයක් කරන්න උදව්වක් කරන්න බැරිද? ඒකෙදී කරන පුද්ගලයා වැදගත් නැහැ. මං කියන්නෙ එහෙම කරලා අපිට ජාත්‍යන්තර සිනමා උළෙලවලට සිනමාපට යවන්න පුළුවන්. මං කියන්නෙ නැහැ ඒවයින් ජයග‍්‍රහණ කරන්නම  ඕනෙ කියලා. නමුත් ඒ හරහා තරුණ නිර්මාණ ශිල්පීන්ට අවස්ථාවක් උදාවෙනවා. සමහර වෙලාවට අපි රචනා කරන තිරපිටපත සාකච්ඡුා කරගන්න ප‍්‍රවීණයකුගෙන් වෙලාව වෙන් කර ගන්න පවා අපහසු වෙලා තියෙනවා. සමහර වෙලාවට එහෙම සාකච්ඡුා කෙරුවට පස්සෙ අලූතෙන් කෙටි චිත‍්‍රපටකරුවෙක් වශයෙන් එන්න ඉන්න කෙනා එය අතහැර දානවා. මේ තත්ත්වය හරිම කනගාටුදායකයි.

Q.ඔබ කිව්වා සිනමා පාසලකින් සිදුවන විශාල කාර්යයක් නැහැ කියලා.සිනමාව පිළිබඳ ඇකඩමියාවක හිටපු ඔබ එහෙම චෝදනා කරන්නෙ ඇයි? මොකක්ද මෙතන තියෙන අඩුපාඩුව?

A.සිනමාව කියන්නෙම තනිවම ඉගෙනගත යුතු දෙයක්. මම ‘ඩිජිටල් මීඩියා ඇකඩමි’ එකේ පළමු කාණ්ඩයේ හදාරපු කෙනෙක්. ඇත්තටම අපේ කණ්ඩායමේ එක්කෙනෙක්වත් දිගු සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට තරම් මුහුකුරා ගිය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි ඔය තත්ත්වයෙන් මිදෙන පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන්ටත් තම හැකියාව ප‍්‍රදර්ශනය කරන්න අවස්ථාවක් නැහැ. මොකද ඔවුන්ගේ නිර්මාණ සඳහා මුදල් යොදවන්න කෙනෙක් නැහැ. මට ලක්ෂ 10ක් දෙනවා නම් දිගු-සිනමාපටයක් කරන්න සූදානම්. ඇත්තටම ලක්ෂ 10ක් කියන්නෙ ‘නෝ බජට්’ ෆිල්ම් එකක්.

Q.ඔබගේ සිනමා නිර්මාණ සඳහා කුමන නිර්මාණ ශිල්පීන්ගේ බලපෑමක් සිදුව තිබෙනවාද?

A.මගේ නිර්මාණවලට බලපෑ අධ්‍යක්ෂවරු ගණනාවක් සිටිනවා. අනුරග් කාශ්‍යප් එක්කෙනෙක්. කොරියානු අධ්‍යක්ෂ කිම්-කී-දුක් තවත් කෙනෙක්. ඒ වගේම කාලොස් රෙගොඩාස්ගේ සිනමා ශෛල්‍යය බොහෝ ප‍්‍රිය කරනවා. ලංකාවේ නම් අශෝක හඳගමගෙ සිනමා නිර්මාණවලට විශාල කැමැත්තක් දක්වනවා. හැබැයි මම අනුකරණය කරන්නේ නැහැ. ඔහුන්ගේ නිර්මාණ මගේ නිර්මාණ සඳහා බලපා තියෙන්න පුළුවන්. ඒ වෙන්නෙ අනුගමනය කිරීම හරහායි. මොකද මේ එක් එක් සිනමාකරුවන්ට ඔවුන්ටම ආවේණික සිනමා රීතීන් පවතිනවා. මම අනුරග් කාශ්‍යප්ට කැමැති වෙන්නෙ ඔහු යථාර්ථය ඒ ආකාරයෙන්ම තිරයට ගේන්න සමත් වෙනවා. අනුරාග් කාශ්‍යප් විශාල වශයෙන් කැමරා තාක්ෂණය හෝ වෙනත් තාක්ෂණයන් භාවිත කරන්නේ නැහැ. නමුත් ඔහුගේ ප‍්‍රකාශනය ප‍්‍රබලයි. ‘කිම්-කී-දුක්’ගෙ සිනමාපටවල ඔහු කතන්දරය ගලපා ඇති ආකාරය විශිෂ්ටයි. මොකද ඔහුගේ තියෙන්නෙ ළයාන්විත රිද්මයක්. අශෝක හඳගම ගත්තොත් ඔහුගේ දෙබස් රචනය ඉතා ප‍්‍රබලයි.

Q.ඉහත සඳහන් කළ විදේශීය අධ්‍යක්ෂවරු තමන්ගේ පේ‍්‍රක්ෂකාගාරය ගැන හොඳින් දැන හිටියා. ලංකාව තුළ මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

A.අපේ බොහෝ නිර්මාණකරුවෝ හඳුනන්නේ නැහැ ලංකාවට ගැළපෙන්නෙ කුමනාකාර නිර්මාණද කියලා. මම දැකපු ලංකාවට ගැළපෙන සිනමා නිර්මාණ දෙකක් තියෙනවා. ඒ උභර්තො පැසලොනි කරපු ‘මචං’ චිත‍්‍රපටයත්, බුඩි කීර්තිසේන කරපු ‘මිල්ලෙ සොයා’ චිත‍්‍රපටයත් ‘මචං’ සියයට සියයක් ලංකාවේ සිනමාපටයක් නෙවෙයි. එය අධ්‍යක්ෂණය කරන්නෙ ඉතාලි ජාතිකයෙක්. හැබැයි ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු ‘ඉර මැදියම’ චිත‍්‍රපටයත් ලාංකේය සමාජයට ආමන්ත‍්‍රණය කරන්න උත්සහයක් අරන් තියෙනවා.

Q.මේ වනවිට කෙටි චිත‍්‍රපටකරුවන් 2000ක් පමණ ලංකාව පුරා විසිර සිටිනවා. නමුත් ඉන් බහුතරයකට සිනමාත්මක යොමුව පිළිබඳ ගැටලූ පවතිනවා. හොඳ නිර්මාණ බිහිවෙනවාට වඩා කුමක් හෝ දෙයක් කිරීම රටාවක් බවට පත්වෙලා තියෙන්නෙ. ඔබට සමගාමීව ඉන්න බොහෝ නිර්මාණකරුවන්ට මෙය සිදුවෙලා තියෙනවද?

A.මේ ක්ෂේත‍්‍රයේ තියෙන දෙයක් තමයි තමන්ව ‘මාකට්’ කරගන්නෙ කොහෙමද කියන එක. මොකද ක්ෂේත‍්‍රයේ පවතින තරගකාරී බවත් එක්ක බොහෝ දෙනෙක් බොහෝ වැඩ කරමින් ඉස්මතුවීමට උත්සහ කරනවා. මේ නිසා හැම කෙනාම මාකට් වෙන්න බලාගෙන නිර්මාණ කරන්න උත්සහ කරනවා. ඒ නිසා තවත් කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්ද කියලා මට ගැටලූවක් තියෙනවා. හැබැයි ‘මාකට්’ වෙන්න කැමැති නැති කෙනා මේ තරගයට ඇතුළු වෙන්නෙ නැහැ. අපි ප‍්‍රකාශනයක් කරන්නෙ ඇයි? ඒක කරන්නෙ කොහොමද? අපි ඒ දේ කරන්නෙ එම ප‍්‍රකාශනය එළියට දාන්නම අවශ්‍යතාවක් අප තුළ නලියන නිසා. ප‍්‍රකාශනයට තමන් කොයි තරම් කැප වෙනවද කියන කාරණය තමයි නිර්මාණයක හොඳ නරක තීරණය වන්නෙ. හැබැයි අද වනවිට කවුරුන් හෝ කුමන ආකාරයේ නිර්මාණයක් කළත් එය ජනතාව පිළිගන්නවද, නැද්ද යන කාරණය කල්පනා කරලා බලන්න  ඕනෙ. තමන් දන්න දෙය තමන්ට දැනෙන දෙය සාර්ථකව ප‍්‍රකාශ කරන්න හැකි වෙන්න  ඕනෙ. මං පිළිගන්න දෙයක් තියෙනවා, ඒ තමයි මට වඩා දක්ෂ පිරිසක් නිර්මාණකරණයේ නිරත වෙනවා. මගේ වාසනාවට හෝ කිසියම් ගුණාත්මක භාවයකට මට සම්මාන ලැබිලා තියෙනවා. කෙටි චිත‍්‍රපටකරණයම සාමූහික ක‍්‍රියාදාමයක්. ඒ නිසා එකිනෙකා අතර සහයෝගිතාව අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ලංකාවේ අපි කරන්නෙ ළිඳක් ඇතුළෙ ඉඳලා ගෙම්බො ටිකක් එකතුවෙලා ළිං කටින් එළියට පනින්න බලනවා වගේ කාරණයක්. ළිඳෙන් උඩට පනින එක තීරණය වන්නෙ සහයෝග ය මත.

Tuesday, October 15, 2013

සමනල සන්ද්වනිය - Samanala Sandhawaniya

"පමාවී ඇවිත් උයනේ පිපෙන මල් නෙලාගනු බෑ"- සමනල සන්ද්වනිය


                            සමනල සන්ද්වනිය බලන්න යන්න වෙලාවක් හොයා ගත්තෙ බොහොම අමාරුවෙන්. කොහොමහරි මේක බලන්නම කියලා වතිලා මට කිව්වා.ඒක බලලා කතා කරමු  කිියලා.කොහොමහරි අද හවස(10/14) නුගේගොඩට ගියෙ සමනල සන්ද්වනිය බලන්නම කියලා හිතා ගෙන. වෙලාව ටිකක් වෑඩි නිසා මන් ගියා සරසවියට. ඒකෙ පොත් අස්සෙ තිබිලා සනස්ගල ලියපු ”කව්බෝය් ෆිල්ම් ස්ක‍්‍රිප්ට්” පොත අහම්බෙන් ඈස ගෑටුනා. ඒ පොතේ හරි අපූරු විස්තරයක් තියනව ”ඩාන්සින් ස්ටාර්” චිත‍්‍රපටිය ගෑන.ඒකෙ තිර රචනාව වෙනස් කලේ කොහොමද කියල හරි අපූරුවට ලියල තියනව.ඒ චරිත ගොඩක් මන් දන්න අය. ඒ හින්දම ඒකෙ පිටු ගොඩක් කෙටි වෙලවකින් කියෙව්වා. ඒකෙ තියනව හෑබෑම කලා කරුවෙක්ට තමන්ගෙ නිර්මාන වන්චා කරලා ඒවා වෙනස් කරලා බාල කරනකොට දෑනෙන හෑගීම ඒකෙ හොදට කියලා තිබ්බා.

                       ඒක කියවල චිත‍්‍රපටිය බලන්න වාඩි උනාම ලෝක දෙකක හිර උනා වගේ. කොහොම උනත් කතනයක් එක්ක ආරම්බ කරන චිත‍්‍රපටියක යම් දෙයක් කියන්න හදනව කියන කාරනේ මතු වෙනවා.කෝච්චියක් ඉස්සරහට යන දර්සනයකින් තමය් මේක පටන් ගන්නෙ. ඊට පස්සෙ සින්දුව එක්ක කතාවට එනවා.කතාව මන් කියන්න යන්නෙ නෑහෑ. මේ ෆිල්ම් එක තුල තියන ලොකුම අඩුව වෙන්නෙ කතාවට සිනමාත්මකව සාදාරනයක් ඉෂ්ට නොවීම.විසේසයෙන්ම සන්වේදි වෙන්න ඔනි අවස්තා වලදි කෑමරා බාවිතය අතින් බොහොම පහල මට්ටමකට වෑටෙනවා.සින්දු තුන සිනමා ගත කරලා තියෙන්නෙ රූපවහිනි නලිකාවක සන්ගීත වෑඩසටහනක් කරනව වගේ. මෙගා නාට්ය වලට ගෑලපෙන රූප රාමු මතු වෙලා පේන්නෙ. අනික සන්වේදි අවස්තාවල පිටපත ඉල්ලනව ට‍්‍රෑක් ෂොට් නමුත් ඒක ලබා දීලා නෑ. ඒක මේ හොද කතාව දුර්වල කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම සන්ගීතය බාවිතා කිරීමේදී අවෂ්යම තෑන් කිහිපයකට සන්ගීතය යොදාගෙන නෑ.
      
                                  විශේෂයෙන් යම් කිසි සිද්ධිදාමයක උච්චස්ථානයකට එනකොට ඒක සිනමා කැමරාව හරහා පේ‍්‍රක්ෂකයාට ලබාදෙන්නෙ කොහොමද කියන කාරණාවේදී ජයන්ත පරදිනවා. මොකද ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ හොඳ කතා ගේන කෙනෙක්. නමුත් ඒවා සිනමා භාවිතාව ඇතුළෙදී අවුලක් බවට පත්වෙනවා. අපි මේක දකිනවා ඔහුගේ ‘අග්නිදාහය’ සිනමාපටයෙදීත්, ජයන්ත ගොඩක් දේවල් දකින්න උත්සහ කරන්නෙ අති සමීපරූප, සමීප රූප සහ මධ්‍යම රූප හරහායි. ඒක සාධාරණී කරනය කරන්න පුළුවන් එකම විදිහ මේක සියලූම විද්‍යුත් මාධ්‍ය වෙත කරපු දෙයක් කියලා අත පිහදාගන්න එක. නමුත්  එහෙම කරන්නෙ කොහොමද හොඳ ප්ලොට් එකක් නරක විදිහට තිරයට ආවහම පේ‍්‍රක්ෂකයෙක් විදිහට පුදුම තරහක් දැනෙන්නෙ අධ්‍යක්ෂවරයා එක්ක.  මේ  චිත‍්‍රපටයෙ සින්දු තුනක් තියෙනවා. හැබැයි අර ‘කව්බෝයි’ ස්ක‍්‍රිප්ට් එකේ සන්සස්ගල ලියලා තියෙනවා වගේ සින්දු හයක් එක්ක චිත‍්‍රපටයක් කරන්න සුසාර දිනාල්ට අවශ්‍ය වුණාට ඒ මට්ටමට ජයන්ත වැටිලා නැහැ. නමුත් ජයන්තට තිබුණා මීට වඩා හොඳ දෙයක් කරන්න. උදාහරණයක් විදිහට අපි සින්දු තුන ෂූට් කරලා තියෙන විදිහ ගත්තොත් ඒවා කට් වෙන්නෙ බොහොම කෙටි පරාසයක. සංගීතය තුළින් ධ්වනිතවන  ආතතිය රූප රාමුවෙන් වියැකී යනවා. එතකොට මේ පරස්පරතාවය කොහොමද විසඳෙන්නෙ. චිත‍්‍රපටය ආලෝකකරනයෙන්, ඇඳුම් නිර්මාණයෙන් රංගනයෙන් මේ ගතිය මඟහැර ගන්න හැඳුවත් ඒ හිරවීම දරාගන්න අමාරුයි

              මේක ‘කන්ටි‍්‍රලව්’ (Country Love) එකක් එහෙම නැතිනම් හඹාගෙන යන ආදරයක් තියෙන එකක්. හරියට ඔයැ ඍැ්ාැර වගේ ඒ තත්ත්වය තිබියදීත් මේකෙන් මතුවෙන්නෙ මෙගා නාට්‍යයක ලක්ෂණ. ඒක ජයන්ත චන්ද්‍රසිරි දිගුකාලීනව ටෙලිනාට්‍යවලට හිරවීම සමග සිදුවූ දෙයක්  වෙන්න පුළුවන්. මොකද චිත‍්‍රපටයෙ ප‍්‍රමුඛ  එහෙම නැත්නම් ‘කී’ (Key) සීන් එක තමයි ගායකයා (වගීෂ) මහලූ කාන්තාවට (පුණ්‍යා) ලියුම දෙන අවස්ථා ඒක ‘මාර’ දෙයක් වෙයි කියලා පුල පුලා බලා හිටියෙ. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ගඟට ඉණි කැපුවා වගේ දෙයක් වෙලා තිබ්බෙ. සංගීතමය චිත‍්‍රපටයක. සංගීතය අතහැරීම හරියට වදපු දරුවා පොළව ගැහුවා වගේ. ඒ සීන් එක ඉවරවෙන කොට ජයන්ත චන්ද්‍රසිරි එක්ක තිබ්බ මානුෂීය සම්බන්ධය අවාසන් වෙලා. ඒ වගේමයි අන්තිම සීන් එකත්. ඒ සීන් දෙක ඉල්ලන ආතතිය කැමරාවෙන් අපිට පේන්නෙ නැහැ.
                                            කොහොම වුණත් මේ චිත‍්‍රපටයෙදී Score කරන පිරිසක් ඉන්නවා. ඒ අතරින් අමිල තේනුවර විශේෂයි. අමිලගෙ හෝඩිපොතේ මනමාලි’ ‘අත් අකුරු මල්වඩම’ කියෙව්වට පස්සෙ අමිලට කලියන්නම් බැරි බව මට තේරුණා. නමුත් ඔහු ප‍්‍රශස්ත වශයෙන් ගීත රචකයෙක් විදිහට මතු වෙනවා. ඒ වගේමයි ජයන්ත ලියපු ‘මගේ සිහින මැදුරේ’ ගීතයේ එන

‘පමාවී ඇවිත් උයනේ
පිපෙන මල් නෙලාගනු බෑ
සිහින පද ගැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ’   
     කියන පදමාලාවෙන් චිත‍්‍රපටයෙ මුළු කතාංගයම හකුලා කියනවා.  ඒ වගේම පුබුදු චතුරංග රංගනය ප‍්‍රශස්ත මට්ටමක තිබුණා. ඔහු සහාය චරිතයක් නිරූපණය කළාට කැපී පෙනෙනම චරිත නිරූපණයක් පුබුදුගෙන් මතුවෙන්නෙ. කතාව පුරාම සංගීතය හුයක් ලෙස ගියත් එහි අත්‍යවශ්‍ය අවස්ථෘවලට සංගීතය දාලම නැහැ. හරියට වගීෂ ඉස්කෝලෙ යන කාලෙ කෝච්චි පාර දිගේ ගමන් කරන අවස්ථාවේදී වගේ.
                                ‘සමනල සංධවනිය’ හරියට  ඉබාගාතෙ යන සංගීත කාර්යයෙක් වගේ. ඒක ඇතුළෙ හැබෑම කතාව ඒකයි චිත‍්‍රපටය පුරාම සයිකෝසීය ගැටලූවකට පේ‍්‍රමය හොයන තරුණයෙක්ගෙ කතාන්දරය චිත‍්‍රපටයෙ බාහිර කතන්දරය වෙලා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ. ජයන්තට The Road Home , Malena, The Note Book, The Reader වගේ සිනමාපටවලින් තවත් ඉගෙනගන්න තිබ්බා කියලා. ෂෙලීගෙ වාක්‍යයක් වටා සිනමාව ගියාට ඒ තුළ ආදරය සේදිලා ගිහිං.

                      ඒ වගේමයි රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය. ඒ සංස්කරණය තුළ සංස්කරණය නොවූ ගතියක් දකින්නට තියෙන්නෙ. රවීන්ද්‍ර ගුරුගේට කියන්න  ඕනෙ තාමත් අපේ රසිකයො මෝඩ නැහැ කියලා.  මේ ඔක්කොම අස්සෙ අභවය කතාවකට සංගීතමය ආශ්වාදයක් ලැබිලා. අපේ විඳීම අස්සෙ ඇති පශ්චාත් විඳවීම දැනෙනවා. මේක මට දැනෙන චිත‍්‍රපටයක්. මොකද මගේ ජීවිතෙත්  මගේ නිර්මාණ තුළත් අත්හැරගියපු ආදරයන්ගෙන් පෝෂණය වෙනවා. ඒ පෝෂණය තමයි  ගොඩක්වෙලාවට ගොඩක් අය සාහිත්‍යයට ගේන්නෙ. ඉතින් ශීතල පැත්තක උණුසුම් තරුණ හදවතක බලාපොරොත්තු සහගත ආදරය සහ ඒ ආදරයම තමාගේ ‘දෙය’ සහ ‘අනෙකා’ බවට අවසානයේදී පත්වීම කතාන්දරයක් ලෙස හොඳයි. නමුත් සිනමාත්මකව ඒක ගැටලූවක්. මව අහිමි දරුවෙක් වැඩහිටි ගැහැනියකට පෙම් කිරීම. ඊඩිපස් සංකීර්ණයම නිර්මාණයක්. මොකද ඇය සර්ව ශුභවාදී නිකළැල් චරිතයක් (යථයෙන් පිට) එවන් චරිතයකට ආදරය කරන්න පිරිමි සයිකෝසියාව කැමැතියි. නොඉඳුල් බවට කැමැතියි. නමුත් ඒ නොඉදුල් බව ඉඳුල් බව වෙලාවෙ. ආත්මීය කඩාවැටීම තමයි වගීෂ අන්තිමට කියන්නෙ ‘මං ලියුම දුන්නෙ ආපහු මගේ ජීවිතේ ගන්න‘ කියලා. ඒක තමයි සැබෑ සත්‍ය. මං කැමැතියි චිත‍්‍රපටයෙ අවසන් රූප රාමුවට. වගීෂගේ (Country Love) එක හුදු චරිතයක් වෙලා තනිව ඉන්නවා. ඒ තුළ ගීතය ඉතා හොඳින් ඇහෙනවා. නමුත් රූප  රාමුව නිශ්චල (Still)  කරලා ඒකෙ තදාත්මීය සට්ටනය නැතිකරනවා. කොහොම වුණත් අවසානයේ මටත්
‘මට මගේ නොවන ආදරයක් තිබුණා’       කියලා අවසානයේ මතක්  වුණා.

Friday, October 11, 2013

අශෝක හඳගම (Ashoka Hadagama) interview

 ජීවිතේ පරිණත වෙනකොට මීට වඩා ගැඹුරින් දකින්න පුරුදු වෙනවා-
අශෝක හඳගම  (Ashoka Hadagama)

අශෝක හඳගම යනු මෙරට සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙක් පමණක්ම නොවෙයි. ඔහු කලා ලෝකයට එක්වන්නේ කවියෙක් වශයෙනි. අසූව දශකයේ අග තම කවිකමින් මනාව ප‍්‍රයෝජනයට ගත් හඳගම තම ආත්මීය ප‍්‍රකාශනයන් ඒ හරහා පිටතට දැමීය. අනතුරුව ඔහු සිය ප‍්‍රකාශන මාධ්‍ය වශයෙන් වේදිකාව තෝරාගන්නේය. ‘භූමිකා’, ‘හෙණ’, ‘මාඝාත’ වැනි සමාජ සංසිද්ධීන් රූපණය කරනා වේදිකා නාට්‍ය රැසක් ඔහු නිෂ්පාදනය කරයි. අනතුරුව 1992 වර්ෂයේදී ‘දුන්හිඳ අද්දර’ ටෙලිවෘතාන්තය හරහා ඔහු පුංචි තිරයට පැමිණෙයි. ‘දුන්හිඳ අද්දර’, ‘දියකැටපහන’, ‘සින්තටික් සිහිනය’, ‘මේ පාරෙන් යන්න’, ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන හඬ’ යන ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කරන්නේය. අශෝක හඳගමගේ සිනමා දිවිය ඇරඹෙන්නේ, 1996 ‘චන්ද කින්නරී’ හරහාය. අනතුරුව ‘සඳ දඩයම’ (1996), ‘මේ මගේ සඳයි’ (2000), ‘තනි තටුවෙන් පියාඹන්න’ (2002) ‘අක්ෂරය’(2005) ‘වි¥’ (2010) සහ ‘ඉනි අවන්’ (2012) නිර්මාණය කරන්නේ ‘හඳගම’ සිය අනන්‍යතාව තහවුරු කරගනිමිනි. ඔහුගේ මෙම සිනමාපට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගැයීමට භාජනය විය.හඳගමගේ නවතම නිර්මාණය වන ‘ඉනි අවන්’ දමිළ මාධ්‍ය සිනමාපටයක් වෙයි. එය මෙවර ‘දෙරණ ලක්ස්’ සිනමා සම්මාන උළෙලේ ඇගැයීමට භාජනය විය. සම්මානලාභී අධ්‍යක්ෂ අශෝක හඳගමයන් හතර වැනි හරස්වීදියට මෙසේ එක්විය.

Q.අද ඔබව සිනමාකරුවෙක් වශයෙන් බොහෝදෙනා හඳුනාගත්තත් ඔබ දශක දෙකහමාරකට පමණ පෙර බොහෝ අය දැන සිටියේ කවියෙක් වශයෙන්. සිනමාකරුවෙක් වීමේ ගමනේදී කවියා මරණයට පත්වුණාද?

A.ඒක මං මෙහෙම විග‍්‍රහ කරන්නම්. කවිය කියන දෙය තාම මගේ හිතේ පවතිනවා. එය නැතිවෙලා ගිහිං නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මං කරන චිත‍්‍රපටයක ගීතයක් තිබෙනවා නම් එහෙමත් නැත්නම් මම රචනා කරනා කෙටිකතාවකට කවියක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක කවියක් ලියනවා. නමුත් ඉස්සර වගේ කවියක් ලියනවා කියලා හිතාගෙන කවි ලියන්නෙ නැහැ. කෙටිකතාවක් වුණත් ලියැවෙන්නෙ එහෙමයි. මේ ළඟදී ‘ෂැන් විලාගේ සිහිනය’ වගේ එකක් ලියැවුණෙත් එහෙම අදහසක් මතුවෙලා තමයි. කවිකම මගේ හිතේ පවතිනවා. ඒවා මතුවන්නෙ මොකක් හරි නිර්මාණයක් සමගයි. මගේ වැඩි කාලයක් ගත වෙන්නෙ රාජකාරී ජීවිතයේ. ඊට අමතරව මම පවතින්න අවශ්‍ය නිසා ඊළඟ නිර්මාණය පිළිබඳ සිත යොමු කරනකොට සිනමා කෘතියක් සමගයි ගැටෙන්නෙ. සමහරවිට ජීවිතේ තව කාලෙක මීට වඩා විවේකයක් හමුවන කාලයක කවිය පිළිබඳ සිත යොමු කරන්න පුළුවන් වෙයි. වේදිකා නාට්‍යයක් නම් මම කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකට රංගන ශිල්පීන් පිළිබඳ ගැටලූවක් පවතින්නෙ. එම ගැටලූව විසඳගත්තම වේදිකා නාට්‍ය රංගගත කරන්න පුළුවන්.

Q.ඔබගේ මුල්කාලීන වේදිකා නාට්‍ය තුළ විප්ලවවාදී අන්තර්ගතයක් පැවතුණා. මාඝාත වැනි වේදිකා නාට්‍යයක් එකල සමාජය දැඩි සේ විවේචනයට ලක් කළා. නමුත් ඉන් අනතුරුව ඔබ සිනමා නිර්මාණ කිරීමේදී ෆ්‍රොයිඩියානු සහ ලැකානියානු මනෝ විශ්ලේෂණ ගෙන එනවා. මේක වෙන්නෙ කොහොමද?


A.මම නිර්මාණකරුවෙක්. නිර්මාණකරුවෙක් වශයෙන් මම කරන්නෙ නිර්මාණයක්. චිත‍්‍රපටය හෝ නාට්‍ය හෝ කෙටිකතාව හෝ කියවන ප‍්‍රවේශය තමයි වැදගත්. මනෝ විශ්ලේෂණය ඇතුළෙන් කියවනවද මාක්ස්වාදී විචාරය ඇතුළෙ කියවනවද වෙනත් මොකක්හරි පැත්තකින් ඒක විශ්ලේෂණය කරනවද කියන කාරණාව තුළ තමයි ඔබ කියන දෙය තීරණය වෙන්නෙ. මම හිත යොමුකරන්නෙ නිර්මාණය සඳහා පමණයි.  ඕන කරන එහි හැඩය වෙනස් වෙන්නෙ ලෝකය පිළිබඳ සමාජය පිළිබඳ ජීවිතය පිළිබඳ මගේ තේරුම් ගැනීම වර්ධනය වන දිශානතියත් එක්ක. ‘මාඝාත’ වගේ නාට්‍යයක් ගත්තොත් එහෙම ඒක කරනකොට අපි ආවේගශීලී තරුණයෝ. එතකොට තරුණයො වශයෙන් අපි සමාජය දකින විදිහයි දැන් අපි සමාජය දකින විදිහයි අතර පරතරයක් තියෙනවා. මට තියෙන ගැටලූව  ඕකයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයො හැටියට තරුණයො හැටියට අපේ ප‍්‍රතිචාරය අපි දැක්වුවා. නමුත් අද ඒක දක්නට ලැබෙන්නෙ නැහැ. මම අද තරුණ පරපුරෙන් අහන්නෙ අපි ඒ කාලෙ කළා වගේ ප‍්‍රතිචාරයක් දක්වන්නෙ නැත්තෙ ඇයි කියලා. තරුණ කාලෙ විතරයි විප්ලවවාදී කාරණා මතු කරන්න පුළුවන් ජවයයි, ශක්තියයි සහ නොඉවසුම් බව තියෙන්නෙ. ජීවිතේ පරිණත වෙනකොට මීට වඩා ගැඹුරින් දකින්න පුරුදු වෙනවා. ඒ පරිණාමය සිද්ධවෙන්නෙ ජීවිතෙත් එක්ක. නැතුව වෙන හේතුවක් නෙවෙයි. දෘෂ්ටිය ගත්තහම එදා හිටපු තැනයි අද ඉන්න තැනයි අතර විශාල වෙනසක් සිදුවෙලා නැහැ.

Q.ඔබේ ටෙලිනාට්‍ය සහ සිනමාවේ රූප රාමු පිළිබඳ අපි අධ්‍යයනයක නිරතවුණොත්, අපිට පේන දෙයක් තමයි මධ්‍යම රූපවලට සහ ලෝකකරණයට විශේෂ ස්ථානයක් ලබාදී තිබෙනවා. මේ හරහා කතන්දරයක් කීම පහසු වෙනවද?

A.මම ගොඩක් වෙලාවට රූපවාහිනී නිර්මාණ කරද්දී මධ්‍යම රූපයට එහා යන සමීප රූප යොදාගන්නවා. දැන් වෙනකොට විශාල ප‍්‍රක්ෂේපණ තිරය පමණක් පදනම් කරගෙන නෙවෙයි සිනමාව බිහිවෙන්නෙ. දැන් සිනමාශාලාවල ප‍්‍රදර්ශනය වන චිත‍්‍රපට අන්තර්ජාලය ඔස්සේ ඊට සමගාමීව නරඹන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනීයෙ සහ ජංගම දුරකතන හරහාද නැරඹිය හැකි වෙනවා. ඉතින් ඒකට ගැළපෙන්න රූප රචනයක් අපිට සකසා ගන්න වෙනවා. මෙම ප‍්‍රකාශය කරන්න ඒක තමයි රූප තෝරා ගනිද්දී දුර රූපයේ සිට අතිශය සමීප රූපයට එන්නෙත් නැතිව හැම මාධ්‍යයකටම ගැළපෙන රූප භාවිතාවක් යොදාගන්න හිතුවෙ.

Q.ඔබගේ නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලි වෘත්තාන්තය පශ්චාත් සුනාමි තත්ත්වයන් පිළිබඳ මනා ප‍්‍රකාශයක් වුණා. දැන් ඔබ ‘ඉනි අවන්’ නිර්මාණය කර තිබෙන්නේ පශ්චාත් යුද තත්ත්වය මාතෘකා කරගෙන මෙම ප‍්‍රස්තුතවලට බොහෝ ලාංකේය අධ්‍යක්ෂවරුන් අතගසන්නේ නැහැ?


A.ඒකට එක හේතුවක් තමයි අපි ජීවත්වෙන සමාජයේ සිදුවන පරිවර්තනය. මම ‘මේ මගේ සඳයි’ නිර්මාණය කරන කාලෙ වෙනකොට පශ්චාත් යුද තත්ත්වයක් නෙවෙයි තිබුණෙ. එතකොට ඒ කාලෙ අඩුම තරමෙ සටන් විරාමයක්වත් ඇතිවෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. හැබැයි ඊට පස්සෙ පශ්චාත් යුද වාතාවරණයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. සමකාලීන සමාජයෙන් ගැළවෙන්න බැහැ. ඉතිං සමාජය ගමන් කරන ස්ථානය අනුව තමයි නිර්මාණයේ දිශාව තීරණය වෙන්නෙ.

Q.ඉනි අවන් පිළිබඳ අපි ගත්තොත් එහි ඇතුළත් වන්නේ යුද්ධය අවසන්වී පුනරුත්ථාපනය වී නැවත තම ගමට එන හිටපු ත‍්‍රස්තවාදී තරුණයෙක් පිළිබඳයි. මේ හරහා ඔබ විශාල සමාජ, දේශපාලන විග‍්‍රහයක් සිදු කරනවා?

A.මම කිසියම් පණිවුඩයක් සමාජයට ලබාදෙනවා යන මතයේ ඉන්නෙ නැහැ. මේ තරුණයා ආපහු ගමට පැමිණෙනවා. මෙම තරුණයාගේ ආගමනය චකිතයක් වෙනවා. ඒකට හේතුව වෙන මොකවත් නෙවෙයි ගමට අනුව ඔහු මියගිය තරුණයෙක්. බිත්තියෙ තරුණයාගේ ෆොටෝ එකක් ගහලා මල්මාලයක් දාලා තියෙනවා. තරුණයා කියන්නෙ මළ මිනියක්. අවතාරයක් එනවා වගේ තමයි ගමට එන්නෙ. ඒක තමයි ඒගොල්ලන්ගෙ ඇතිවන චකිතය. ඒක තමයි ආපහු ජීවිතය පටන්ගන්නෙ. ගම කි‍්‍රයාකරන්නෙ පශ්චාත් යුද තත්ත්වයෙන් අනතුරුවයි. සමහර විචාරකයන් මගෙන් අහනවා එහෙම ප‍්‍රතික්ෂේප කිරීමක් වෙන්න පුළුවන්ද කියලා. ප‍්‍රතික්ෂේප වීමක් නෙවෙයි තියෙන්නෙ චකිතයක්. මේ චකිතය තමයි තමන් වීරත්වයෙන් සලකලා මියගියා කියලා හිතපු කෙනෙක් නැවත අලූත් තත්ත්වයක් යටතේ යථාර්ථයේදී මුණගැහෙන්න ගන්නවා. ඒ හමුවෙන කෙනා මොන වගේ කෙනෙක් වෙයිද? මොනවගේ අවකාශයකටද මේ ගමන් කරමින් තියෙයිද කියන චකිතය තමයි මේ පේ‍්‍රක්ෂකයා තුළ දනවන්න උත්සහ කළේ. එය තේරුම්
නොගන්නා කෙනා සිනමාපටය තුළ හිරවෙනවා.

Q.‘දෙරණ ලක්ස්’ සිනමා සම්මාන උළෙලේදී ප‍්‍රධාන පෙළේ සම්මාන 6ක් දිනා ගැනීමට ‘ඉනි අවන්’ සමත් වෙනවා. සම්මානයට පාත‍්‍රවීම කෙබඳුද?

A.සම්මාන ලැබීම විශේෂ ආස්වාදයක් ලැබෙනවා නම් ඊට හේතු වන්නේ මෙම චිත‍්‍රපටයට සම්බන්ධ වන ශිල්පීන්ට සම්මාන ලැබීම. එය ඉතා වැදගත් අවස්ථාවක්. අපේ සිනමාව ඇතුළෙ යම් කිසි දවසක දමිළ මාධ්‍යයෙන් නිර්මාණය කළ සිනමාපටයකට සම්මාන ලැබී නැහැ. ඉතින් ඒක කිසියම් විදිහක බලාපොරොත්තුවක් රඳවයි සිනමාව කරන්න බලාගෙන ඉන්න දෙමළ තරුණ තරුණියන්ට. ඉනි අවන් ජාත්‍යන්තර සම්මාන උළෙලෙවල් රැසක් නියෝජනය කළා. ප‍්‍රථම වරට තිරගත කෙරුණේ ප‍්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ. අනතුරුව ටොරොන්ටෝ, ටෝකියෝ, ඩුබායි, කොරියා යන රටවල් ගණනාවක සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරනවා. තාමත් ප‍්‍රංශයේ චිත‍්‍රපට උළෙලවල ‘ඉනි අවන්’ නියෝජනය කරනවා. මේ වනවිට ලෝක සිනමාව සෙලියුලොයිඞ් පටලයෙන් ඉවත්වී ඩිජිටල් තාක්ෂණය දක්වා ගමන් කර තිබෙනවා. අපිට ඩිජිටල් තාක්ෂණය පැමිණියත් ඩිජිටල් තාක්ෂණයෙන් සිනමාපට තිරගත කිරීමට නොහැකි වී තිබෙනවා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඩිජිටල් තාක්ෂණය සුලබ කරලා තියෙනවා. ඩිජිටල් තාක්ෂණයේ ප‍්‍රභේද තියෙනවා. නමුත් ඞී.වී. කැම් (DV-Cam) එකකින් සිනමාව කරන කෙනාටත් චිත‍්‍රපට කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ හින්දා මේක විශාල අවස්ථාවක්. අපි සිනමාපට කරන්න පටන්ගන්නා අවධියේ සෙලියුලොයිඞ් පටය හැරෙන්න වෙන දෙයක් තිබුණේ නැහැ. අද ජංගම දුරකතනයෙන් පවා නිර්මාණ කරන්න පුළුවන්. නමුත් එලෙස ඩිජිටල් තාක්ෂණයෙන් සිදු කරනා නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීමේ ක‍්‍රමවේදයක් නැහැ. අපේ සිනමාවේ ක‍්‍රමික වර්ධනයක්

Wednesday, October 9, 2013

Interview (Saumya Sadaruwan Liyanage)

 ‘රස්තියාදුකාර සමනලයෙක්’ -

සෞම්ය සදරුවන් ලියනගේ (Saumya Sadaruwan Liyanage)


ඔහු පැහැදිලිවම ‘රස්තියාදුකාර සමනලයෙක්’ ඊට වඩා අමුතුවෙන් දෙයක් කියන්න  ඕනෑ නැහැ. හැම තැනකින්ම ආදරය, ජීවිතය, සුන්දරත්වය හොයන්න ඔහුට  ඕන වෙනවා. ඒ සුන්දරත්වය ඔහුව හමුවන හැම වෙලාවෙම මට දැනෙන්නේ මං ඔහුට වඩා රොමෑන්ටික් නිසා (සාහිත්‍යකරණයේදී) වෙන්න ඇති. සෞම්‍යයට දැනෙන්නේ මිනිසුන්ගේ දහඩිය, මහන්සිය, දුක, වේදනාව. ඒක කවියකුට අත්‍යවශ්‍ය දෙයක්. මට ඒ සියල්ල දැනුණත් මං කැමැති ෆැන්ටසියක ජීවත් වෙන්න. මේ පරස්පරයතාවයන්ව අපිව ළං කළා කිව්වොත් නිවැරැදියි. ‘හැටේ වත්ත මග්දලේනා’ගෙන් පස්සෙ අපි හම්බ වුණා. පෙර පුැරදු මිතුරුකමින් ඒ අස්සෙදි ඇති වුණ සංවාදේ බ්ලොග් එකට දාන්න හිතුණා.

කවි පොතක් ලිව්වම දැන් උඹ පොරක් කියලද හිතන්නෙ. අනික් වුන් නම් හොඳට අඳිනවා පොතක් ගැහුවම. උඹත් ඇන්දද?

කවියෙක් විදියට මට මුකුත් දැනෙන්නෙ නෑ මචං... මොකද කවියෙක් කියන එක ඇඟට ගන්න වෙනවා එහෙම දැනෙන්න නම්.. හැබැයි එහෙම වුණාම ඉස්සෙල්ලම මගහැරෙන්නෙ කවිය. ඒ නිසා කවියෙක් විදියට හිතුවොත් වැඩේ අවුල්. අනික පොඩි කාලෙ ඉඳලම මගේ හීනෙ තිබුණෙ වෙන දෙයක්. කවි පොතක් කියන්නෙ මචං ඒ ට්‍රැක් එක ඇතුළෙ හැතැම්ම කණුවක් හරි ඒ වගේ මං සලකුණක් විතරයි. එතනින් එහා මහා ලොකු කවියෙක් වෙන්න ඕන කියන හැඟීමක් නෑ.

උඹ කවි ලියන්නෙ ඇයි?

ඒවා කවිද, නැත්නම් වෙන මොනවා හරිද කියන එක මට අදාල වෙන්නෙ නෑ...ඒක තීරණය කරන්න පුලුවන් ඒක කියවන කෙනාටග ඒ කියවන කෙනාගෙ කැමැත්ත අනුව ඒව කවි හරි කවි නොවෙන දෙයක් හරි වෙන්න පුලුවනි.ඒ සම්බන්ධව මේ පොතටත් අදාල සමහර අත්දැකීම් උඹත් දන්නවා. සමහරවිට මම ලියපු ඒව කවි වගේ වෙන්න ඇතිග ඒ නිසානෙ උඹ මගෙන් අහන්නෙ .කවි. ලියන්නෙ ඇයි කියලාග ඒත් මට වැදගත් වෙන්නෙ මට කියන්න ඕන වුණු දේ මිසක් ඒක කියන්න පාවිච්චි කරන මාධ්‍යය නෙමෙයි. සමහර වෙලාවට ඒක කවිය වෙන්න පුලුවනිග කෙටි චිත්‍රපටියක් හරි වෙන මොකක් හරි වෙන්නත් පුලුවනි. ඒත් වැඩේ කරල ඉවර වෙනකල් මට අදාල වෙන්නෙ ඒ වැඩේ මිසක්ල ඒක කරන මාධ්‍යය නෙමෙයි
 


අපි දෙන්නමහ ටිකක් බරපතළ විදියට සාකච්ඡුාව කරගෙන ගියා. මං දන්න හොඳ ෆේස් බුක් කවියෝ කවිකම් අත හැරලා. ඒත් ෆේස්බුක් කවි කල්ට් එකක් තියෙනවා. උඹත් ඒ අතරින් මතු වෙනවා.



ඒකටත් දෙන්න තියෙන උත්තරේ කලින් උත්තරේටම සමානයි මචංගග මට අදාල නැහැ මම .පොරක්ද? නැද්ද කියන කාරණේග මම පොරක් ද නැද්ද කියන එක මම විසින්ම තීරණය කරන එක හරි කියා ගන්න එක හරි ඒ තරම් සදාචාරාත්මක නෑ. ඒකට මට අයිතියකුත් නෑ. හැබැයි උඹ මුලින් කිව්ව දේ ගැන මම එකඟයිග ෆේස්බුක් එක සහ පොදුවෙ අන්තර්ජාලය ඇතුළෙ වෙනම ප්‍රවණතාවයක් හැදිල තියෙනව කවි වලට සහ තවත් ප්‍රකාශන මාධ්‍යයන්ට....සමහර වෙලාවට මාධ්‍යය හරියට අවබෝධ කර නොගෙන ඒ සමහර ප්‍රකාශන කියවන්න ගිහින් හෙන දැවැන්ත පොරවල් පවා ඇනගන්න වෙලාවල් අපි දකිනවා. ඒ තරමටම ඉක්මණකින් වෙනමම මාධ්‍යයක් විදියට මේක ජනප්‍රිය වුණාග මම පුද්ගලිකව ඒකෙ හොඳ දකින්නෙක්ග උඹ කියන විදියට ෆේස්බුක් එක ඇතුළෙ මතුවුණු කෙනෙක් නම්ල මං සතුටුයි ඒ පරම්පරාව නියෝජනය කරන එකෙක් වීම ගැන. ඒත් මම ලියපු ගොඩක් දේවල් අන්තර්ජාලයට වැඩිය මුද්‍රිත මාධ්‍යයකට ගැලපෙනවා කියල හිතුණු නිසා මං පොතක් කළා.

අර ‘සමනළ කවි’ මියුසික් වීඩියෝ එකයි. ‘හැටේ වත්තෙ මග්දලේනයි’ සමාජයෙ පරස්පර විරෝධී තැන්වල තියෙන්නෙ. කොහොමද මේ දෙක බැලන්ස් කරන්නෙ?

ඔව්... .කොන්දේසි සහිතව. උඹ කියන කාරණේ මටත් පිළිගන්න වෙනවා. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනව එක එක විදියෙ හේතු නිසා අපිට අවශ්‍ය දේම විතරක් නොකර තවත් දේවල් කරන්න. සමහර මියුසික් වීඩියෝ ඇතුළෙ ඔය කියපු සමනල - දේදුණු දැක්ම එක්ක වැඩකරන්න සිද්ධ වුණාග ඒ සීමා වීම හරි වෙහෙසකර එකක් වුණත් ඒ බැලන්ස් කරගැනීම සමහර වෙලාවට අපිට කරන්න සිද්ධ වෙනවා. හැබැයි සමහර වෙලාවට මම ට්‍රයි කළා ඒ සීමාවල් ඇතුළෙ හරි මට කියාගන්න ඕන වුණු දේ කියල දාන්නග ගොඩක් වෙලාවට මියුසික් වීඩියෝ එකක් කියන්නෙ සාමූහික නිර්මාණයක් නිසා අපේ තනි ප්‍රකාශන මාධ්‍යයක් විදියට විතරක් පාවිච්චි කරන්න අමාරුයි නෙ. ඉතිං ඒ සීමාවල් ඇතුළෙ ඉඳගෙනයි අපට අපේ දායකත්වය ඒකට දෙන්න වෙන්නෙ .සමනල් කවි. වගේ වීඩියෝ එකකදි හැබැයි මම ඒ සමනල දැක්ම ඇතුළෙ .ටිකක්. නිදහසේ මගේ ප්‍රකාශනය කළා .කොයි තරම් ලෝ බජට් වුණත් මං ඒ වැඩේ කළේ හෙන ආසාවකින්... මුල්ම දවස්වල කරපු කෙටි චිත්‍රපටි වලත් සමහර තැන්වලදි මගේ අතින් ඒක වෙලා තිබුණාග ඒත් ඒක හිතෙන්නෙ දැන් ඒ නිර්මාණ දිහා බලද්දි. කොහොම වුණත් කෙටි චිත්‍රපටි සහ මියුසික් වීඩියෝ ගොඩක් අඩු ප්‍රමාණයක් මම කරල තියෙන්නෙග ඒ නිසා උඹ තවත් කාලෙකදි මේ ප්‍රශ්නෙ මගෙන් ඇහුවොත් සමහරවිට මට දෙන්න වෙන උත්තරයක් තියෙයි
.

කවියෙක් කියන්නෙ හැම වෙලාවෙනම හැදෑරීමක ඉන්න  ඕන කෙනෙක්. උඹත් කියවීමක ඉන්නවාද?

ඔව් මචං... ඒක ඇත්ත. ඒත් ඒ හැදෑරීම පොත්පත්වලට හරිල තියරි වලට හරි සීමාවෙච්ච ශාස්ත්‍රීය හැදෑරීමක් විතරක් වුණොත් වැඩේ අවුල්. හැම තිස්සෙම අපි ජීවත්වෙනල හුස්මගන්න සමාජය ගැන අවබෝධයකින් ඉන්න ඕනෙ.කරන නිර්මාණවලට වස්තු විෂය වෙන දේවල් ගැන තියෙන්න ඕන ඒ අවබෝධය නැතුව ගිය දවසට ඒ නිර්මාණ කරන කෙනා ඉවර වෙන්න පටන් ගන්නවා. එහෙම වෙච්ච දැවැන්ත චරිතත් අපි දැකල තියෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමුන් ජීවත්වෙනල ගැටෙනල නිර්මාණවලට වස්තුබීජ සපයන පසුබිම ගැන සවිඥානික වෙන්න ඕනෙග ඒ අතරෙ තමුන්ගෙ මාධ්‍යයටඅදාලව ශාස්ත්‍රීය හැදෑරීමකුත් කෙරෙනව නම් ඒක වැදගත්. ඒ වගේම ඒ සම්බන්ධ වෙනත් නිර්මාණ ගැනත් හොඳ කියවීමක් තියෙන්න ඕනෙ ඒත් කිසිම අධ්‍යයනයක් සහතිකයකට විතරක් සීමා නොවිය යුතුයි කියලයි මට හිතෙන්නෙ. මොකද සමහර උපාධිධාරීන් හරි මොකක් හරි අධ්‍යාපන ආයතනයකින් පිටවෙන අය හරි එක්ක වැඩ කරද්දි මට පුද්ගලිකව හිතෙනවාල මේකද හැදෑරීම කියලා. ඉතිං ඒ නිසා හැදෑරීම ප්‍රායෝගික වෙන්න ඕනෙ. හැම තත්පරයක් පාසාම ඒ හැදෑරීම අලුත් කරන්න පුලුවන් නම් ඒක වැදගත්ග.පුද්ගලිකවල මමත් නිතරම උත්සාහ කරනවා ඒ හැදෑරීම ඇතුළෙ ඉන්න.

Saturday, October 5, 2013

- " හෑටේ වත්තේ මග්දලේනා" - සෞම්ය සදරුවන් ලියනගේ (Saumya Sadaruwan Liyanage)


'සද නිවා නුබ ඈවිත් මා ලගින් 

ඈලවෙන්න '

- " හෑටේ වත්තේ මග්දලේනා" - සෞම්ය සදරුවන් ලියනගේ (Saumya Sadaruwan Liyanage)


පොත පිට වෙලා දෑන් සතියකටත් වෑඩිය්. ඒත් වෙලාවක් ආවෙ නෑ කියවන්න. මේක කියවන්නම ඔනි කියල හිතුවෙ සෞම්ය අපේ කාලෙ එකෙක් නිසා. සෞම්යටත් මටත් අව් රුදු දෙකක විතර ඉතිහාසයක් තියනව.අපි අදුර ගන්නෙ Fඹ් එක හරහා. ඒක යලුකමක් බවට ඉක්මනටම පත් වෙන්නෙ අපි එකම විෂයන් පිලිබද කතා බහ කරන්න ගන්න නිසා. කොහොම හරි අපි එකතු වෙලා කවි වලට අමතරව කෙටි චිත්‍ර පටියක් කරනවා. ඔය අස්සෙදි තමය් සෞම්ය කියන්නෙ කවි පොතක් ලියනව කියල. ඒක දෑන් ජනගත කරලා ඉවරය්. ඒ කියන්නෙ කවි පොතේ අය්තිය ජනතාවට. ඒ කියන්නෙ අපිට.

"කවිය නිසෑකවම හර්දය සන්වාදයක් බව තෙරුම් ගත යුතුය. කවිය ආමන්ත්‍රනය කරන්නේ මිනිස් හදවතටයි." - සමන්ත හේරත් - ගෑහෑනු සිරුර සයුරක් සේ.

සෞම්යගෙ පොත පිටු 80කින් සමන්විතය්.කවි 47ක් තියනවා. කවියෙක් වගේම පිටු සෑකසුම් කරුවෙක් වෙන සෞම්ය අපිට "මොඩර්න්" පොත් සෑකෑස්මක් දීලා තියනව.සෞම්යගෙ රස්තියදු ගහපු ඔලුවෙ තිබ්බ රූපයක් අපිට පොතේ පිට කවරෙ දෑක්කහම පේනව. ඒක මාර්කටින් වෑඩක් උනාට මේ පොත අස්සෙදි ඒක හරියනව.

සෞම්යගෙ කවි වලට විවිද දේවල් විෂය වෙලා තියනව. ආදරය,ජාතිවාදය, දුප්පත්කම,වත්මන් සමාජ රටාව ඉන් කිහිපයක්.නමුත් එකක් කියන්න ඔනි සෞම්ය කවී වලට මාර්තුකා තෝරද්දි කලබල වෙලා අනාගෙන තියනව.මොකද සමහර කවි වලට දාල තියන නම් ගෑලපෙන්නෙ නෑ.

සෞම්යගෙ පොතේ පස් වෙනි කවිය ලන්ගමේ ප්‍රේමයක් පිලිබද තියෙන්නෙ.ඒක ඉවර කරන්නෙ මෙහෙමයි.

"ප්‍රේම සක්මන නිමයි
ඉතින් බෑස යා යුතුයි
මේ අපට අප අහිමි ගමනකී..." යනුවෙන්. මේ කියන්නෙ සාමාන්ය පෙම් පුවතක් පිලිබද නොවේ. මෙවන් පෙම් පුවත් අපි ඔනෑ තරම් බස් වලදි කෝච්චි වලදි අහල තියනව.නමුත් සෞම්ය මේ පරන කතාව අලුත් විදියකින් ගේනව.

පොතේ එන "ආරධනා" කවියෙ මහගම සෙකරගෙ ලක්ෂන අපිට පේනව. නමුත් සෙකරගෙන් මිදිලා සෞම්ය තමන්ගෙ අනන්යතාවය තියගන්න ඒක අස්සෙත් උත්සාහ කරනව.
මගෙ හිත ගත්ත කවියක් තමය් "සිවා, මේ කව නුබටය..." . සිවා කිව්වම මගෙ මතකෙට ආවෙ මහරගම තෝසෙ කඩේ රස්සාව කරපු සිවා.දෑන් ඒ සිවා රට ඉන්නෙ. ඒ සිවාත් සෞම්යගෙ සිවා වගෙම මානුෂියය්. අපිත් එක්ක බොහොම හිතවත් හරියට සහෝදරයෙක් වගේ.නමුත් සමහර සින්හල මගෙ යලුවන්ට සිවාව පෙනුනෙ කොටියෙක් වගේ. ඒ අපේ ජතියෙ ප්‍රස්නයක්.මේ කවියෙ මෙහෙම එනවා.


"මිනිස්ස්සුනේ අපි ඔක්කොම ...?
කියු සුන්දර පපුවක්..! "

ඈත්තටම අපි මහ ජාතිය විදියට හිටියට සුලු ජතිය ඉස්සරහ පුප්පනව. ඒක සෞම්ය කවි ගනනවකින් කියනවා.
ඒ වගේම අපේ සමාජෙ තියන පීඩනය කොය් මොහොතෙ හෝ පුපුරා යන බවට ඔහු අනතුරු අගවනව. "රුහිරු ඈවිලිය හෑකිය.." කවිය සෞම්ය අවසන් කරන්නෙ මෙහෙම.

"ප්‍රවේසම් විය යුතුය
රුහිරු වුව,
දිනෙක ඈවිලිය හෑකිය..."

එමෙන්ම මන් වඩාත් ආසා කල සෞම්යගෙ කවිය වන්නේ "සුලන් පෙම්වතාගේ නොපල පෙම". ඒක හරි සුන්දර කවියක්. හබාගෙන යන අදරයක් එහෙම නෑත්නම් "" මේකෙ තියනව. ඒක හරි අපුරුය්.

කොහොම උනත සෞම්යගෙ කවිපොත ඒක හුස්මට කියවගෙන යන්න පුලුවන්.ඒක සෞම්යගෙ සුන්දර හිනාව වගේම සුන්දරය්.