Wednesday, December 28, 2011

නත්තල තරමට හිතයි ජීවිතය


හීතල කොහෙටත් එක වගේ දැනෙන් ගන්නව උ`දුවප් මාසේ. උ`දුවප් කියන්නේ ජේසුතුමාගේ මාසේ. හරිම ලස්සනට පරිසරය වෙනස් වෙනවා. මොකද උදේට හීතල වැඩි වෙනවා. ඒක නුවරඑළියටත් එකයි කොළඹටත් එකයි. උදේට ඇහැරුණහම ඇ`ගට දැනෙන හීතල ආතල් එකක් නෙවෙයි. ඒක දැනීමක්. මේ කාලෙට මං ඉන්න ආසම තැන නුවරඑළියේ ගල් පල්ලියේ. ගල් පල්ලියෙ තියෙන පරණ සොහොන් කොත් කතා ගොඩක් අපිට කියනවා. ඒකේ තියෙන ලොකු ලස්සන සූර ¥තියන්ගේ පිළිමවලට මං ගොඩක් ආසයි. මොකද ඒවා යට සැතපෙන මිනිස්සුන්ට ආදරය ඒ පිළිම තුළින්  ආදරය කාන්දු වෙනවා වගේ. මොකද ජීවත් වෙන මළ මිනීවලට වඩා මැරුණ මිනිස්සු උඩ ජීවත් වෙන සුර¥තියන් අන්නතයටම පාර පෙන්වනවා. මම පල්ලියේ කොණක ඉ`දගෙන බලං ඉන්නවා. ඒක පොඩි එකක්. හැබැයි ලොකු සතටක් දැනෙනවා. තනි වුණහම දැනෙන හැ`ගීම කිහිපයක් තියෙනවා. ගොඩාක් අය තනිවෙන්න අකමැති කාලකණ්ණි හැ`ගීමක් දැනෙනවා කියලා.
නත්තල් කැරොල් අතරේ හිත තනි වෙන්න ගන්නවා. මං මතක අතරින් දිව්වා ගාලූ මුවදොරට. මගේ ආදරණීය පෙම්වතිය සම`ග හීතල වැස්සේ අයිස්ක‍්‍රීම් එකක් කකා ඇවිදන් ගියා නත්තල් හීතලේම. ඇත්තටම ඒ ආදරය බෙදන්න පුළුවන් වුණානනම් මට වගේම අනෙක් අයටත් ලෝකේ තවත් ලස්සන වෙයි. එතකොට පායපු තරුව ගහන්න වුවමනා වෙන එකක් නැහැ. මොකද අපේ ජීවිත තුළින්ම හරි පාර අපට පෙන්නන්න පටන් ගන්න නිසා. එතකොට අපිට ම`ග පෙන්වන තරුව අපේ හදවතේම පායාවි. අලූත් පරණ බේදයකින් තොරව මිනිස්සුන්ට ආදරය කරන්න පටන් ගනීවි. එතකොට මට පේන මාව වෙනස් විදිහට දකින්න ලැබෙයි. පණ්ඩිත වාක්‍යයන්ගෙනුත් එකෙක්ගේ කකුලෙන් අදින අනෙකා වීමෙනුත් තොරව අපි අපිව හොයා ගෙන යන්න සුන්දර හීතල නත්තලක් වේවි.